
එක් තාවකාලික නවාතැන් පොළක
සෙනෙහසින් මුණුගැසුණු අපි
හුස්මකින් බැල්මකින්
හදුනාගන්න පුළුවන් තරමට ළංවෙලා
මේ විදියට වෙන් වෙලා යද්දි අපිට දුක හිතෙනවා.
ඒත් ඇස්වල කදුළු ඉවර වෙද්දි හැඩුවත්
ගෙවි ගිය කාලය ලිහී ගිය බැදීම්
ආයෙ අපට ලැබෙන්නෙ නෑ
ඒ මේ ජීවිතේ හැටි.
පෙර සංසාරයේ හුරු පුරුදු විදියට
මෙලෙස බැදුණු අපි
කදුල සිනහව එකට බෙදා ගත්ත හැටි
අමතක නැතුව ඇති.
ජීවිතේ වැරදුණු තැන්
වරදින තැන් කියල දෙන්න
මේ අතර ගොඩක් අය උත්සහ කළා
සමහරදාට ආදරෙන්....සමහරදාට සැරෙන්...
එත් මේ සමුගැනීම
බැදීම් කියනන්නෙ දුකක් කියල
හැමදාම කිය කිය විහිලූ කරපු මටත්
දරා ගන්න අමාරුයි....
ඒ ඔයාලා මගේ ජීවිතේ කොටසක් වෙලා
ඉදපු නිසා වෙන්න ඇති....
මේ පුංචි රටේ කොතනක හරි
හමුවේවි ආයෙමත්...
ඒ දවසට ඔයාලගේ හිනා පිරුණු මුණු දකින්න
පුළුවන් වෙයි කියල
මට ඉර හද වගේ විශ්වාසයි.
ගීතිකා කෝණාර
nuba tharam mata mithu dama kiyadun mithurek netha me lowe...hemadamath adarei nelum
ReplyDeletenuba tharam mata mithu dama kiyadun mithurek netha me lowe...hemadamath adarei nelum
ReplyDelete