Sunday, June 9, 2019

පැන්සලේ කථාව


images (2).jpg


පැන්සල් නිපදවන්නෙක් තමාගේ පැන්සලට කථා කරයි. මම නුඹව අලූත් ලොවකට යැවීමට පෙර නුඹට දීමට ඔවදන් 5ක් ත්බේ. ඒවා පිළිපැදීම තුළින් නුඹට ලොව උසස්ම පැන්සල විය හැකි බව මතක තබා ගන්න.
එක

නුඹට ඉතා විශිෂ්ඨ දේ කළ හැකිය. නමුත් ඒ නුඹ අතැති පුද්ගලයාට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩ ලබා දෙන්නේ නම් පමණි.
දෙක

නුඹට විටින් විට ඉතා වේදනාකාරී උල් කිරීමකට ලක් වීමට සිදු වේ. නමුත් මතක තබා ගන්න. ලොව හොදම පැන්සල වන්නට නම් නුඹ එයට මුහුණ දිය යුතුමය
තුන
නුඹට නුඹගෙන් සිදුවන සෑම වරදක්ම නිවරදි කර ගැනීමට හැකියාව තිබිය යුතුය.
හතර

නුඹගේ වටිනාම කොටස අභ්‍යන්තරය බව මතක තබා ගන්න.
පහ

තත්වය කුමක් වුවද නුඹ දිගටම ලිවිය යුතුයි. ඉතාම අමාරු අවස්ථාවක වුවද  නුඹ ඉතා පැහැදිලිව මෙන්ම පිරිසිදුව ලිවිය යුතුය.

පැන්සල සතු කාර්යභාර්ය හොදින් තේරුම් ගත් පසු අනෙකුත් පැන්සල් මෙන්ම එයද වෙළද පොළට යැවීය.

පැන්සල වෙනුවට ඔබව ආදේශ කරන්න. එම ඔවදන් නිරන්තරව සිහි කරන්න. පිළිපදින්න. ඔබත් සාර්ථක පුද්ගලයෙකු වීම නොඅනුමානය.

එක
නුඹට ඉතා විශිෂ්ට දේ කළ හැකිය. නමුත් ඒ නුඹ ස්වභාවධර්මයට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩ ලබා දුනහොත් පමණි.
දෙක

ඹබට ඉතා වේදනාකාරී අවස්ථාවන්ට ගැටලූවලට මුහුණ දීමට සිදු වනු ඇත. නමුත් නුඹට ලොව විශිෂ්ටයෙක් අතරට යාමට නම් ඹබට ලැබෙන සියලූ ප‍්‍රශ්න හා අභියෝග ශමුවේ සාර්ථකව මුහුණ දිය යුතුය.
තුන

නුධට නුඹ අතින් සිදු වන සියලූ අත්වැරදීම් නිවරදි කරගත යුතුය. නුඹට එම සෑම අවස්ථාවක දීම ජීවත් වීමට අවශ්‍යකරන පන්නරය ලැබිය හැකිය.
හතර

අන් සියලූ දේට වඩා වැදගත් වන්නේ නුඹගේ අභ්‍යන්තරය කෙසේද යන්නයි.
පහ

නුඹ වැඩ කරන තත්වය කුමක් වුවද සිටින තත්වය කුමක් වුවද නුඹ ගැන කථා කිරීමට යමක් ඉතිරිකර
ඹබව නිර්මාණය කොට ඇත්තේ විශිෂ්ඨයෙකු වීමටය.

අප සියලූ දෙනා පැන්සල් වැනිය. ස්වභාවධර්මයා විසින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කර ඇත.ඒ පිළිබඳ අප අපගේ ජීවිතය කෘතඥ වෙමින් අප අපගේ ජීවිතය මනාව සකසාගත යුතුය.


උපුටා ගැනීමකි

No comments:

Post a Comment

ආවර්ජනා