හැඳින්වීම
වාණිජකරණය යන්න දිනෙන් දින නැවුම් වන්නකි. එහිදී වෙළද දැන්වීම් යනු අදට වඩා හෙට ලෝකයට නිරන්තරයෙන්ම අත්‍යවශ්‍ය වන්නා වු සාධකයක් ලෙස පෙන්වා දිය හැක. වෙළද දැන්වීම්වලින් තොරව කිසිදු වෙළද ආයතනයකට නැගි සිටිය නොහැක. වෙළද දැන්වීමක මුලික අරමුණ පාරිභෝගිකයා භාණ්ඩ හෝ සේවාව කෙරෙහි කෙසේ හෝ පොළඹවා ගැනීමයි. පොළඹවා ගැනි්මට නම් ප‍්‍රබල නිර්මාණාත්මක ලක්ෂණ එහි අන්තර්ගත විය යුතුය. එහිදී වෙළද දැන්වීමක භාෂා භාවිතය, රූප සංඥා සංකේත භාවිතය, වර්ණ භාවිතය, ශබ්ද භාවිතය, ආදිය ප‍්‍රබල දායකත්වයක් සපයයි. මේ සෑම දෙයකින්ම සිදු කරනුයේ පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමය. මෙලෙස පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම සඳහා ඉහත නිර්මාණ ප‍්‍රයෝග ප‍්‍රබල බලපෑමක් වන ආකාරය මෙහිදී අධ්‍යයනය කරන ලදි.
වෙළද දැනවීම්හි සංඥාර්ථවේදී භාවිතය පිළිබඳව මෙම අධ්‍යනය සිදු කරන ලදි. මෙහි දී 2016 වර්ෂයේදී හොදම නිර්මාණශීලිී භාවිතය වෙනුවෙන් SLIM ( Sri Lanka Instirtute of Marketing )සම්මානයට පාත‍්‍ර වු රූපවාහිනී වෙළද දැන්වීම් දෙකක් සහ මව්බිම පුවත්පතේ පල වු පුවත්පත් වෙළද දැන්විමකට විශේෂිතව මෙම අධ්‍යයනය සිදු කරන ලදි. එනම් මැජික් මැංගෝ ආයතනයෙන් (Magic Mango Advertising agency ) සිදු කළ එලිෆන්ට් හවුස් අයිස්ක‍්‍රීම් දැන්වීමත් , මුලැන්ලෝ අයතනයේ(Mullenlowe advertising agency ) මාමයිට් වෙළද දැන්වීමත් යන රූපවාහිනී වෙළද දැන්වීම් දෙකත් , විෂන් කෙයා හියරිං සොලූෂන් ආයතනයේ (Vision Care Hearing Solutions )ශ‍්‍රවණ උපකරණ පිළිබඳ පුවත්පත් වෙළද දැන්වීමත් යන දැන්වීම් තුනට විශේෂිතවය.
දැන්වීම්කරණය යනු
ADVERT+IRE යන ලතින් වචනයෙන් ඉග‍්‍රීසිට එකතු වන ්ාඩැරඑසිසබට යන්නෙහි තේරුම ප‍්‍රසිද්ධියේ දැනුම්දීම හෙවත් ප‍්‍රසිද්ධ කිරීම යන්නයි. ඒ අනුව දැන්වීම්කරණය යනු මිනිසාගේ අවදානය කිසියම් සන්දේශයක් මගින් නිශ්චිත තොරතුරක් වෙත යොමු කිරිමේ ක‍්‍රියාවලියයි.
"කිසියම් හදුනාගත් අනුග‍්‍රාහකයෙකු මගන් ගෙවිමක් තුළින් සිදු කරනු ලබන අදහසක් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ පුද්ගල නොවන ඉදිරිපත් කිරීමකි."
(ඇමරිකානු වෙළද සංවිධානය)
මේ අනුව දැන්වීම්කරණය ගෙවීමක් පදනම් කරගෙන සිදු කරන්නක් සේම එය බොහෝ විට සිදු කරනුයේ ප‍්‍රචාරය අපේක්ෂා කරන්නා වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයා විසිනි. දැන්වීම්කරණය එක් අතකින් විවිධ භාණ්ඩ සේවා සහ දහස් පිළිබඳ තොරතුරු සම්පාදනය සිදු කරනු ලබයි. දැන්වීම්කරණය නිශ්චිත ග‍්‍රාහක වපසරියක් ඉලක්ක කර ගෙන ක‍්‍රියත්මක වන්නකි.
"දැන්වීම්කරණය යනු නිෂ්පාදන කර්මාන්ත ශීඝ‍්‍රයෙන් ඉදිරියට තල්ලූ කරන එකම බලවේගයයි. කිසිවෙකුට දැන්වීමකින් තොරව මුදල් ඉපයිය නොහැක."
(ඉංග‍්‍රීසි ජාතික තෝමස් මැකොලේ*
විශාල වශයෙන් ව්‍යාපාරය රදා පවතින්නේ දැන්වීම් මතය. එමෙන්ම දැන්වීම් විශාල වශයෙන් සිය වාහකය ලෙස යොදා ගනු ලබන්නේ ජනමාධ්‍යන්ය. දැන්වීම් වලින් තොර ජනමාධ්‍යක් පිිළිබඳ සිතීම පවා අපහසු වී තිබේ. දැන්වීම් සහ ජනමාධ්‍ය යනු දෙඅංශය එක්ව වැඞී ඇති අතර එකිනෙකා මත යැපෙමින් සිටී.
"දැන්වීම් මගින් නිෂ්පාදකයන් පිළිබඳ දැනුම්දීම, සැළකිරීම, ප‍්‍රසිද්ධ කිරීම සිදු කරනු ලැබේ."
(Nicosia ( 1974 Upsa Ahwwhn 2004)
යම් භාණ්ඩ හෝ සේවා හදුන්වාදීම මගින් අදාළ භාණ්ඩ හෝ සේවා ආයතනයේ නාම ප‍්‍රතිරූපය ගොඩනැගීමද අපේක්ෂිතය. දැන්වීමක මුලිකම පරමාර්ථය වන්නේ මෙකී නිෂ්පාදන සේවා ආයතනයේ නාම ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමයි. එය මතකයේ රැුදවීමට අදාළ දැන්වීම් නිරතුරුවම ක‍්‍රියාකළ යුතුය.
"දැන්වීම්වල දෘෂ්ටිය වැජඹීමයි. අලෙවිකරණය උදෙසා සහය වෙමින් වැජඹීමයි."
( Whirt – 2000)
මහජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් දැන්වීම් ඔස්සේ නිරන්තරයෙන් ප‍්‍රචාරණය කරනු ලැබේ. සමාජයේදී නොයෙකුත් භූමිකා ඔස්සේ මෙකී දැන්වීම් අප හමුවට එයි. ඇතැම් දැන්වීම් ඇතැම් අවස්ථාවල සමාජ ශෝධකයන්් ලෙස ක‍්‍රියා කරනු දැක ගත හැකිය. බැලූ බැල්මට ඇතැම් දැන්වීම්වල වෙළද අරමුණු පවා දැක ගැනීමට අසීරුය. අලෙවිකරණය යන වාණිජ ක‍්‍රියාවලිය හා කිසිදු සබඳතාවයක් නොපෙන්වා වැජඹීමට තරම් සමහර දැන්වීම් අතිශය නිර්මාණශීලි අයුරින් ඉදිරිපත් වීම දැක ගත හැකිය.
"දැන්වීමවල අර්ථය යමක් පිළිබඳව සැලකිල්ලක් නිර්මාණය කිරීමයි. එමෙන්ම යමක් දැනුම්දීම හෙවත් සැළකිරීමයි. "
( Dyer Gillian - Advertising as Comunication)
( Dyer Gillian - Advertising as Comunication)
අභිමත ඉලක්කයන් සපුරා ගැනීම උදෙසා දැන්වීම් සෑම මොහොතකම විවිධ නිර්මාණ ප‍්‍රයෝග සහිතව පාරිභෝගිකයා කරා පැමිණීම නිරන්තරයෙන් සිදු වෙයි. යමක් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කරමින් ඒ ඔස්සේ සිතන්නට පොළඹවා ඒ පිළිබඳ කුහුලක් නිරූපණය කර මිලදී ගැනීම දක්වා එකී කුහුල රැුගෙන යන්නට පාරිභෝගිකයා පෙළඹවීම දැන්වීම් මගින් නිරතුරුවම සිදු කරනු ලබන කි‍්‍රයාමාර්ගය ලෙසින් දැක්විය හැකිය. දැන්වීම් සෑම විිටම නිර්මාණය වන්නේ පුද්ගලයාගේ ආශාවන් සන්තර්පනය කළ හැකි ආකාරයකටය. අවශ්‍යතා පිළිබඳ අතෘප්තිමත් පාරිභෝගිකයාගේ මනස කරා මැනවින් ගමන් කිරීම දැන්වීමක ඒකායන පරමාර්ථයයි.
දැන්වීම්කරණයේ භූමිකාව
සමාජය තුළ දැන්වීම්කරණයට සුවිශේෂි භුමිකා කිහිපයක් ඉටු කරයි. ඒ සියළු භූමිකාවන් තුළම සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණද දැක ගත හැකිය. එය ආර්ථීක මෙන්ම සමාජීය වශයෙන් දෙවැදෑරුම් භූමිකාවක නියලෙන අයුරු වටහා ගත හැකි වේ. දැන්වීම්කරණය තුළින් ඉටු කරන කාර්ය භාර්ය මුලික වශයෙන් වර්ග 4 බෙදා දැක්විය හැකිය.
1 දැනුවත් කිරීම
2 ඒත්තු ගැන්වීම
3 තහවුරු කිරීම
4 කි‍්‍රයාත්මක කිරීම
වශයෙනි. ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සමාජ ගත කාරීම සඳහා මුලින් ඒ පිළිබඳ අවබෝධයක් අදාළ සමාජය තුළ ඇති කිරීම අවශ්‍ය වේ. නව භාණ්ඩයක් හෝ සෙවාවක් හදුන්වා දීම සඳහා දැන්වීම්කරණය යොදාගැනීමෙන් ඉටු කරනු ලබන්නේ මෙම අවශ්‍යතාවයයි.
හදුන්වා දෙනු ලැබු භාණ්ඩය හෝ සේවාව අනෙකුත් තරගකාරී නිෂ්පාදන හා සේවාවන් අතර වඩා සුවිශේෂී එකක් බව ඒත්තු ගැන්වීම සඳහා ද දැන්වීම්කරණය භාවිතා කිරීමට සිදු වේ.
සමාජය තුළ පිළිගැනීමට ලක් වූ භාණ්ඩයකක් හෝ සේවාවක් යම් කාලයක් ගත වූ පසුව ග‍්‍රාහක අවදානයෙන් මැකී යෑමට ඉඩ තිබේ. තරගකාරී වෙනත් නිෂ්පාදන අදාල භාණ්ඩය හෝ නිෂ්පාදනය අභිබවා ජනප‍්‍රිය වීම හෝ ජනප‍්‍රිය කරවීම තුළ ඇති විය හැකි අවාසිදායක තත්වය මගහැරවීම සඳහා එම දිනාගෙන ඇති තත්වය තව දුරටත් පවත්වා ගැනීම සඳහා හෙවත් තහවුරු කර ගැනීම සඳහා දිගින් දිගටම ප‍්‍රචාරණය සඳහා අවධානය යොමු කළ යුතුව තිබේ. වෙළද පොළ තුළ ප‍්‍රමුඛ ස්ථානයට පතත් භාණ්ඩ හෝ සේවාව සඳහා තව දුරටත් ප‍්‍රචාරණය යොදා ගනු ලබන්නේ ඉහත අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. තහවුරු කර ගැනීමටය. ප‍්‍රචාරණය මගින් කෙතරම් උනන්දුවක් ඇති කළද ග‍්‍රාහකතයා මිල දී ගැනීමේ තීරණය කරා කැටුව යෑම පහසු නොවේ. ඒ සඳහා ප‍්‍රචාරය වඩා සුවිශේෂී විය යුතුය. මුලින්ම භාාණ්ඩය හෝ සේවාව මිලදි ගන්නට ඒ වෙනුවෙන් අමතර සහන ලබා දෙන බව ප‍්‍රචාරණයේදී ඉස්මතු කර දක්වන්නේ මෙම අවශ්‍යතාවය හෙවත් ක‍්‍රියාත්මක කිරීමේ තීරණයට ග‍්‍රාහකයා කැදවා ගෙන යෑම සඳහාය.
දැන්වීම්කරණය භාණ්ඩ සේවා හෝ අදහස් අලෙවි කිරීම මුලික කර ගත්තකි. එහි සන්නිවේදන ක‍්‍රියාවලිය මුදල් ඉපයීම අරමුණු කර ගෙන ගොඩනැගුණකි. මේ සියළු දැන්්වීමක්ම ඉහත කී අලෙවිකරණ අපේක්ෂාව සනාථ කර දීම සඳහා කැපවෙන සහයක එහෙත් අතිශය ප‍්‍රබල ක‍්‍රියාවලියකි. ඉතා තරගකාරී භාණ්ඩ සේවා හා අදහස් අතර වඩා නිශ්චිත යමක් නිශ්චිත පාරිභෝගික පිරිසක් වෙත මනාව ආකර්ෂණය දිනා ගත හැක අයුරින් ගමන් කර වීම දැන්වීම්කරණයේ අපේක්ෂාව වේ.
දැන්වීම්කරණය පෙළඹවීමේ කලාවකි. මෙකී පෙළඹවිම අතිශයින්ම කලාත්මක භාවිතයන් මෙන්ම විද්‍යාවක් වේ. පුද්ගලයා තුළ අන්තර්තීව සිදු කරන වෙනස්කම් වඩා විද්‍යාත්මක පදනමක සිට සිදු කිරීම සඳහා මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක එලැඹීම් දැන්වීම්කරුවා භාවිත කරයි. එමෙන්ම එම අරමුණු සාර්ථක කර ගැනීම සඳහ සැලසුම් කිරීම, දෘෂ්‍යමය පරිවර්තනය කිරීම, මුද්‍රිත නිමවුම්, විශේෂ තාක්ෂණික ප‍්‍රයෝග, භාවිතය වැනි තාක්ෂණික ක‍්‍රියාවන් පිළිබඳ පරිචය දැන්වීම්කරුවාගේ සාර්ථකත්වයට හවුල් වේ.
දැන්වීම්කරණය තුළින් සමාජය වෙත ගලා යන්නේ භාණ්ඩ හෝ සේවාවන් පමණක් නොවේ. ඒ තුළින් මානව චර්යාවේ චින්තනය මෙන්ම මානව සංස්කෘතියේ වෙනසක්ස සිදු කරයි. එසේම දැන්වීම්කරණය මානව චර්යාවේ මුලික රටාවන් වෙනස් නොකළද ඒවායේ සංස්කෘතික ඇගයීම වෙනසකට ලක් කරයි.
උදා :- ශ‍්‍රී ලංකාවේ සමාජය තුල දිවා ආහාර වේල සඳහා බත් ආහාරයට ගැනීම වෙනසකට ලක් කිරීමකට දැන්වීම්කරණය සමත් නොවෙයි. එහෙත් කොකා කෝලා බෝතලයක් බොමින් බත් කෑම විලාසිතාවක් බවට පත් කර ගැනීමට දැන්වීම්කරණය සමත් වී තිබේ.
අන්තර් සංස්කෘතික බලපෑම තුළින් කිසියම් සංස්කෘතියක් තුළ ඇති මානව හැසිරීම් රටා නිශ්චිත කාලයක් තුළ වෙනස් සංස්කෘතියක් කරා ගමන් කරවීමට දැන්වීම්කරණයට හැකියාව තිබේ.
දැන්වීම්කරණය තුළින් ජීවන මට්ටම් නව පරිවර්තනයක් සිදුවන ආකාරයද විමසිය යුත්තකි. එදිනෙදා ජිවිතය තුළ පරිහරණය කරන භාණ්ඩ, නිවාස ඉදි කිරීම්, යාන වාහන, උපකරණ, ඇදුම් පැලදුම්, ආහාර, ගේ දොර , විලාසිතා යනාදියට අලූත් මානයක් ගොඩ නංවා දීම තුළ දැන්වීම්කරණය හෙවත් සමාජ වෙනසකට දායක වේ.
දැන්වීම් යන වචනය ඇසුණු විගස සිහියට නැගෙන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අළෙවි කිරීම සඳහා යොදා ගන්නා දැන්වීම්ය. එහෙත් මානව සමාජය තුළ කිසයම් ආකල්පයක් ගුණයක් හෝ චර්යාවක් ඇති කිරීම සඳහාද දැන්වීම්කරණය යොදා ගත හැක. එනම් මහජන සේවා දැන්වීම්, සමාජ අලෙවිකරණ දැන්වීම්, ලෙසින් අප විශේෂ කොට දක්වන්නේ මෙම දැන්විම් විශේෂයන්ය.
උදා :-
x ඩෙංගු මර්ධනට ප‍්‍රජා සහය බලා ගැනීම සඳහා කරනු ලබන දැන්වීම්
x කාන්තා හිංසනය සහ ළමා අපචාර පිටු දැකීම සඳහා වන දැන්වීම්
x පරිසර සුරකීම් සඳහා වන දැන්වීම්
දැන්වීම් ප‍්‍රභේද
දැන්වීමත් සතු ප‍්‍රධාන ප‍්‍රභේද කිහිපයකි.
1 වෙළද දැන්වීම්
( වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීම සඳහා පාරිභෝගිකයා අතර ප‍්‍රචාරණයක් සිදු කිරීමට යොදා ගන්නා දැන්වීම්)
2 වෙළද නොවන දැන්වීම්
(සේවා සමග රජයේ ආයතන අනුබද්ධිතව පාරිභෝගිකයන් අතර ප‍්‍රචාරණයක් ලබා ගැනීමට සිදු කරන දැන්වීම්)
3 සමාජ වගකීම් පිළිබද දැන්විම්
(සමාජ සේවයන් , සුබ සාධනමය කාර්යයන් සඳහා සිදු කරන දැන්වීම්)
වෙළද දැන්වීම් යනු
"වෙළද දැන්වීම් යනු තමන්ට අනවශ්‍ය දෙය මිලදී ගැනීම සඳහා පොළඹවන කලාවයි."
(Vil rojars)
"වෙළද දැන්වීම් යනු මහජනතාවගේ දැන්වීම් පුවරුවකි. සැලසුම් නිර්මාණය, තොරතුරු පතුරුවාලීම, ප‍්‍රසිද්ධ කිරීම, මෙන්ම අළෙවිකරණය මත වු සේවාවකි."
"වෙළද දැන්වීම් යනු මහජනතාවගේ දැන්වීම් පුවරුවකි. සැලසුම් නිර්මාණය, තොරතුරු පතුරුවාලීම, ප‍්‍රසිද්ධ කිරීම, මෙන්ම අළෙවිකරණය මත වු සේවාවකි."
(Harris and seidom 1962 pub vestrg ard
&schrder,1985)
" වෙළද දැන්වීම් සර්වාත‍්‍රිකය. එය සුළග මෙන් අපගේ දෛනික ජීවිතය වටා හඹා යයි. එය විවිධ මුහුණුවරින් පාරිභෝගිකයා පොළඹවා ගනී."
( Thally 1995 )
"වෙළද දැන්වීම්වල නිශේදනාත්මක ඝට්ටනය වීම මිනිසුන්ගේ ආකල්පවලට බලපෑම්කරමි. අධික ලෙස ඔවුන්ට අවශ්‍ය කරන දේවල් සඳහා පොළඹවනු ලැබේ. "
(Heiss 1977)
වෙළද දැන්වීම් යනු සැබවින්ම කලාවකි. මෙම මිනිසුන්ග් සිතුම් පැතුම් වෙනස් කිරීමට සමත් ප‍්‍රධාන බලවේගයකි. වර්තමානයේ කිසියම් භාණ්ඩක් නිෂ්පාදනයක් හෝ සේවාවක් මෙන්ම ඒවා නිෂ්පාදනය කරන සමාගමක පැවැත්ම තීරණය වනුයේ එම නිෂ්පාදනයන් මිලට ගනු ලබන ජනතාව මතයි. එනම් පාරිභෝගිකයා මතයි. එම නිසා ඔවුන් දිනෙන් දින වෙනස් වන මානුෂිය සිතුම් පැතුම් අලලා මෙම ප‍්‍රචාරයන් නිර්මාණය කර ගනී. වර්තමානයේ වෙළද දැන්වීම් ප‍්‍රධාන වශයෙන්
x රූපවාහිනිය
x පුවත්පත
x ගුවන්විදුලිය
x නව මාධ්‍ය
වෙළද දැන්වීමක මුලික අරමුණ පාරිභෝගිකයා පොළඹවා ගැනීමයි. වර්තමාන පාරිභෝගික සමාජය තුළ වෙළද දැන්වීම් දැඩි තරගකාරී බවකින් ක‍්‍රියාත්මක වීම දැක ගත හැකිය. පාරිභෝගිකයාගේ සියලූ අපේක්ෂාවන් අභිමත ඉලක්කයන් සිය අණකට ගෙන ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වටා ගමන් කරමින් දැන්වීම් ක‍්‍රියා කරන්නේ ඉතාමත් හුරු පුරුදු සමීපතම මිතුරෙකුගේ භූමකාවක් නිරූපණය කරමිනි. මිලදී ගැනීමක් පිිළිබඳ සිතූ සැනින් වෙළද දැන්වීම් යන්න නිරන්තරයෙන් ඒ කෙරෙහි පොළඹවන නියෝජිතයෙකු වී හමාරය.
රූපවාහිනී වෙළද දැන්වීම්
වර්තමානය වන විට වෙළද දැන්වි්ම් විවිධ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් මහනයා පෙළඹවීම උදෙසා ප‍්‍රයත්න දරයි. එහිදී මුද්‍රිත මාද්‍ය මෙන්ම විද්‍යුත්මාධ්‍ය ක‍්‍රම ඔස්සේ මෙම දැන්වීම් ප‍්‍රචාරය සිදු වේ. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරණය වන වෙළද දැන්ීම් රූපවහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය, ඔස්සේ පාරිභෝගිකයා වෙත වෙළද පණිවිඩය සන්නිවේදනය කිරීම සිදු කරයි. වර්තමානය වන විට මෙම විද්‍යුත් මාධ්‍ය වෙළද දැන්වීම් අන්තර්ජාලය හරහා ඉතා කාර්යක්ෂම මෙන්ම විසිතුරු අන්දමින් ප‍්‍රචාරණය වීම දැක ගත හැක. එම දැන්වීම් සමාජ ජාල , බ්ලොග් සහ වෙනත් ක‍්‍රමවේද ඹස්සේ නිරන්තරයෙන් වෙළද පණිවිඩ වෙළද නාම හෝ සන්නම් නාම පාරිභෝගික මතකයේ රැදවීම උදෙසා වෙහෙසෙයි.
මේ අතර රූපවාහිනී වෙළද දැන්වීමක් පාරිභෝගිකයා කෙරෙහි ශ‍්‍රව්‍ය මෙන්ම දෘෂ්‍ය පෙළඹවීම සිදු කරනු ලබන නිසි දැන්වීම් මගින් ප‍්‍රචාරය කරනු ලබන සියල්ල යථාර්තය ලෙස සිතන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි. එය සංඥාමය ක‍්‍රියාවකි. මනෝභාවයන්හි අන්තර්ගත සැගව පවතින ආශයන්වලට රූපවාහිනී වෙළද දැන්වීමකදී මැනවින් අවධි කිරීමේ හැකියාවක් පවතී. සමාජීය පුරවැසියන්ගේ වුවමනා අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ මාර්ගෝපදේශවරයෙකු බවට පත්වීමට රූපවාහිනී වෙළද දැන්වීම් ප‍්‍රබල ශක්‍යතාවයක් පෙන්නුම් කරයි.
"රූපවාහිනී වෙළද දැන්වීම්වලට හාත්පස පැතිරී තරුණ තරුණියන්ගේ මිලදී ගැනීම කෙරෙහි බලපෑම් සිදු කළ හැකිය."
(Gupta
and Devi :2008)
රූපවාහිනිී වෙළද දැන්වීම්,
x පුද්ගලයාගේ යටපත් අභිරුචීන්වලට ආමන්ත‍්‍රණය කිරීම.
x ප‍්‍රියතාවන් අවධි කිරීම
x මිත‍්‍රත්වය අවධි කිරීම
x චින්තනය වෙනස් කිරීම
x ලිංගිකත්වය අවධි කිරීම
x සංස්කෘතික පරිවර්තනය
ආදී පුද්ගලයාගේ මානසික මෙන්ම ශාරිරික ක‍්‍රියාවලීන් පාලනය කරනු ලබන බලවතෙකු බවට පත්වී ඇත. රූපවාහිනී වෙළද දැන්වීමක් නිර්මාණය කිරීමේදී මුලික වශයෙන්ම ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහිදී ඔවුන්ගේ සංස්කෘතික පරිසරය, චින්තන ක‍්‍රම, ස්ත‍්‍රී පුරුෂ බව සේම අධ්‍යාන මට්ටම, සමාජ පන්තිය ආදී සියල්ල පිළිබඳව දැනුවත් වීම එහිදී අත්‍යවශ්‍ය සාධකයකි.. ශ‍්‍රව්‍ය මෙන්ම දෘෂ්‍ය ගෝචර මාධ්‍යක් වන රූපවාහිනිය හරහා ප‍්‍ර‍්‍රචාරණය වීම එයට හේතුවයි. එමෙන්ම රූපවාහිනී වෙළද දැන්වීමේදී ඉලක්ක ගත පාරිභෝදික කණ්ඩායම උදෙසා වැඩි අවධානය යොමු කළ යුතු වන්නේ රූපවාහිනිය මගින් ප‍්‍රචාරණය කිරීමේදී අදාළ නිශ්චිත ගුවන් කාලය පිළිබඳ විමසිලිමත් වීම අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාය. රූපවාහිනී වෙළද දැන්වීමකදි සැමවිටම ඉලක්ක ගත කණ්ඩායමේ ආදායම් මට්ටම සහ ස්ත‍්‍රී පුරුෂ බව කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
රූපවාහිනී වෙළද දැන්වීමක භාෂාව භාවිතය යනු ඉතාමත් නිර්මාණශීලීව භාවිතයට ගත යුත්තක් ලෙසට හදුන්වා දිය හැකය. මෙමගින් අවධානය යොමු කරනු ලබන්නේ රූපවාහිනී වෙළද දැන්වීමක භාෂාවේ සංඥාකාරක පද්ධතිය හදනා ගැනීම කෙරෙහිය. රූපවාහිනී වෙළද දැන්වීමක පිටත රචනයේ භාෂාව කාණ්ඩ 3 ඔස්සේ හදුනාගත හැකිය. එනම්
1 පිටපත
2 සිරස්තලය
3 ගීතාත්මක වැකිය
මෙහිදි පිටත යනු වෙළද දැන්වීමේ සමස්ත භාෂාවටම අයත් වු කොටස ලෙස හදුනාගත හැකිය. ඒ ඔස්සේ අදාළ වෙළද භාණ්ඩය හෝ සේවාව පිළිබඳව ම භාෂාත්මක දැනුවත් කිරීමට අදාළ සියල්ල හදුනාගත හැක. මෙහිදි දැන්වීම් ඉදිරිපත් කරන මාදිලියට අනුව දැන්වීම කතාවක් ලෙස ඉදිරිත් කිරීම සිදුකරයි. වෙළද දැන්වීම භාෂාවේ සැකිල්ල ලෙස මෙම පිටපත හදුන්වා දිය හැකිය. පිටපත ගෙන හැර පාන කාතාව මගින් වෙළද දැන්වීම පාරිභෝගික මතකයේ රැුදවීම සිදු කරයි. එය සමස්ථ සංඥාකාරකයේ අඩිතාලමයි.
සිරස්තලය යනු වෙළද දැන්වීමක බොහෝ අවස්ථාවලදි මතකයේ වැඩි වශයෙන්ම රැුදෙන ආකර්ෂණීය කොටසයි. සමස්ථ වෙළද දැනවීමේ භාණ්ඩ හෝ සේවාව පිළිබඳව වන විස්තරය මෙම සිරස්තලය ඔස්සේ ගෙන හැර පායි.
රූපවාහිනී වෙළද දැන්වීමක ගීතාත්මක වැකියද භාවිත කළ හැකි ප‍්‍රබල උපකරණයකි. එනම් සංගීතය මුසු වු ඕනෑම ගීතාත්මක භාෂාවක් කෙරෙහි පාරිභෝගිකයා අවධානය යොමු කරන්නේ නිරායාසයෙනි. එම ගීතාත්මක වැකිය කොතරම් කාලයක් ගත වුවද සෑම දිනටම වලංගු වන ලෙසට නිර්මාණය කළ යුතුය. ගීතාත්මක වැකිය තුළින් වෙළද නාමය, ප‍්‍රතිරූපය මතකයේ තබාගැනීම උදෙසාත් සංඥර්ථ තේරුම් ගැනීම උදෙසාත් සම්මත වෙළද දැන්විම උදෙසාම සක‍්‍රීය දායකත්වයක් සපයයි.
රූපවාහිනී වෙළද දැන්වීම් පාරිභෝගිකයා කෙරෙහි අනෙක් මාධ්‍ය වෙළද දැන්වීම්වලට සාපේක්ෂව වඩා වැඩියෙන් පාරිභෝගිකයාව ආකර්ෂනය කර ගනියි. එහිදී වෙළද දැන්වීමක නිර්මාණශීලී බවද පාරිභෝගිකයා ආකර්ෂණය ලැබීම උදෙසා පාදක වෙයි. නිර්මාණශීලි රූපාහිනී වෙළද දැන්වීමක් උදෙසා භාවිත කරනු ලබන නිර්මාණ ක‍්‍රම ශිල්ප පිළිබදව අවධානය යොමු කළ යුතුය. ඒ අනුව රූපවාහිනී වෙළද දැන්වීමක් නිර්මාණය කිරිමේදි භාවිත කරන ලබන නිර්මාණ ප‍්‍රයෝග ලෙස
1 ආලා්කකරණය 6 කතා සංකල්පය
2 කැමරාකරණය 7 සංඥා සංකේත භාවිතය
2 කැමරාකරණය 7 සංඥා සංකේත භාවිතය
3 වර්ණ භාවිතය 8 රංගන ශිල්ීන්
4 පසුතල 9 භාෂාව
5 සංගීතය 10 හඩ
ආදී ප‍්‍රයෝග භාවිත කිරීම දැක ගත හැකිය. රූපවාහිනී වෙළද දැන්වීමක් නිර්මාණය කිරීමේදී මෙම නිර්මාණ ප‍්‍රයෝග සියල්ල සංකලනය කරමින් එය නිර්මාණශීලීව ඉදිරිත් කිරීම අපේක්ෂිතය.
පුවත්පත් දැන්වීම්
ප‍්‍රචාරණය මාධ්‍ය අතරින් බහුලව භාවිතා කරන්නේ පුවත්පතය. මුද්‍රිත මාධ්‍ය අතරින් ප‍්‍රමුඛත්වය ගන්නා පුවත්පත් මගින් ලිඛිත බස, රූප වරණ, යොදා පාරිභෝගික මනසට කාවදින අන්දමේ දෘෂ්‍ය දැන්වීම් ඉදිරිපත් කිරීමට පුළුවන. මුද්‍රිත මාධ්‍ය දැන්වීමක ආකෘතීන් කිහිපයකි.
1 සිරස්තලය
2 සිරස්තල - කතාව
3 සිරස්තලය - උපසිරස්තලය
4 සිරස්තලය - උප සිරස්තලය - කතාව
5 සරස්තලය - අප සිරසතලය - කතාව - සුහද පාඨය
තවද පුවත්පත් දැන්වීමක් නිර්මාණය කිරීමේදී උපයෝගී කරනු ලබන නිර්මාණ ප‍්‍රයෝග කිහිපයකි. එනම්
x මුඛ්‍ය පාඨය (ශීර්ෂ පාඨය)
x පෙළ
x පින්තුර භාවිතය
x වර්ණ භාවිතය
x දැන්වීමෙහි ප‍්‍රමාණය
මුඛ්‍ය පාඨය (ශීර්ෂ පාඨය)
දැන්විමක ප‍්‍රමුඛත්වය හිමිවන්නේ එහි මුඛ්‍ය පාඨයටයි. දැන්වීම කෙරෙහි පාඨක මනස ඇද බැද තබා ගැනීමට මුඛ්‍ය පාඨය ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. එහි දැන්විමෙන් ඉදිරිපත් කරනු ලබන සමස්ත කතා තේමාව ම අඩගු විය යුතුය. දැන්වීම වඩාත් ආකර්ෂණිය විම සදහා මුඛ්‍ය පාඨයෙන් පැවසෙන දෙය මෙන්ම ඉදිරිපත් කරන විලාසයද වැදගත් වේ. වඩාත් ලොකු සිත් ඇද ගන්නා ආකාරයේ අක්ෂරවලින් මුඛ්‍ය පාඨය ඉදිරිපත් කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙය දක්නට ලැබෙන්නේ දැන්විමක ඉහළ කොටසේය. එය වාක්‍ය ඛණ්ඩයක් හෝ තනි වචනයක් වීමට පුළුවන. දැන්වීමේ ප‍්‍රචාරණ පණිවිඩය ඇුතුළත් වන්නේ ඊට පහළිනි.
මිනිස්සු පිටපත කියවනවාට වඩා පස් ගුණයකට වැඩි වාර ප‍්‍රමාණයක් සිරස්තලය කියවති. එහි අරුත සිරස්තලය නිෂ්පාදනය විකණීිිමට හේතු කාරක වන බවයි.
x සිරස්තලයේ වෙළද නාමය ඇතුලූ කළ යුතුය
x වචන දහයකට වඩා නොවැඩි විය යුතුය
x දෙපිට කැපෙන සියුම් හාස්‍ය සේ සිරස්තල සඳහා ලිවිය යුතුය
පෙළ
දැන්විමක තොරතුරු ඇතුළත් වන්නේ පෙළ හෙවත් එහි අන්තර්ගතයේය. ශීර්ෂ පාඨයෙන් ලබා දෙන පොරොන්දුව පෙළ තුළින් ඉටු කෙරේ. පාඨකයා මුඛ්‍ය පාඨය කියවීමෙන් අනතුරුව පෙළ වෙතට අවධානය යොමු කරයි. ගුණාත්මක බව, භාවිතයෙන් ඇතිවන පහසුව, වෙනත් විශේෂ වාසි, මිල ආදී තොරතුරු, මෙහි ඇතුළත් වේ. පෙළ නොමැතිව මුඛ්‍ය පාඨය සහ පිින්තූර සහිත ව පමණක් පල කෙරෙන දැන්වීමද අද දක්නට ලැබේ.
x බරපතල නොවන සරල වචන භාවිතය
x කෙටි වාක්‍ය භාවිතය
x කටවහරේ වචන භාවිත කිරීම
x හුරු පුරුදු අකුරු රටාවකින් සිරස්තලය මුද්‍රණය කිරීම
ඉතා දිගු පිටතක හොද මුද්‍රිත පෙනුමක් ලබාදිය හැකි ක‍්‍රම කිහිපයකි.
x උප සිරස්තල කිහිපයක් යෙදීම
x පළමු ඡේදයේ වචන හැකි තරම් අඩු කතිරිම
x පිටපතේ අගල් කිහිපයක් මුද්‍රණය කිරිමෙන් පසුව අතුරු සිරස්තල යෙදිම
x පරිච්ඡේද විවිධ උපක‍්‍ර යොදා නිමහම් කිරීම
x භාෂාවේ විවිද සලකුණු නොසුරුව භාවිත කිරීම
x එකකට එකක් සම්බන්ධ කරුණු කීමට ඇති විට එය නොගැලපෙන ලෙස එය නොපටලවා අංක යොදා වෙන්වෙන්ව පල කිරීම
පින්තුර භාවිතය
වෙළද දැන්වීමක පින්තූරවලට හිමිවන්නේ විශාල බලයකි. දැන්වීම් චිත්තාකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමටත් එය පාඨක මනසේ නොමැකෙන සේ සටහන් කිරීමටත් පින්තූර ඉවහල් වේ. වචන දහයකින් කියවෙන දේ එක රූපයකින් ප‍්‍රකාශ කළ හැකිය.
x පාඨකයාගේ හැගීම් අවුස්සන සුලූ ඡුායාරූප
x සිත් ඇද ගන්නා ඡුායරූප
x දෘෂ්‍ය රූපයක් ඉදිරිපත් කරනු වෙනුවට ඡුායාරූයක් ඉදරිපත් කිරීම
x රූපවාහිනී දැන්වීම් තුළ අවධානය දිනා ගත් පුද්ගලයන්ම පුවත්පත් දැන්වීම සඳහා යොදා ගැනීම
x දෘෂ්‍ය රූපය සරල විය යුතුය. පුද්ගල සමුහ පිළිබඳ සිතා රූප තෝරා ගැනීම
x සාමාන්‍ය ජීව ප‍්‍රමාණයට වඩා විශාල කළ මනුෂ්‍ය රූප යොදා නොගැනීම
x ඓතිහාසික දේ ප‍්‍රිය කරන බැවින් එම රූප යොදා ගැනීම
x කුඩා දරුවන් ප‍්‍රියජනක සතුන් ලිංගික උත්තේජන සහිත පින්තුර යොදා ගැනීම
x වර්ණ සහිත රූප භාවිත කිරීම
වර්ණ භාවිතය
අද දැන්වීම්කරණයෙහි වර්ණ ඉතාම වැදගත් අංගයක් බවට පත්ව තිබේ. එහි ගුණාත්මක භාවය නොතකා හළ නොහැකි තරම් වැදගත්ය. විද්‍යාත්මකව හා සුවිශේෂිව වර්ණ යොදා ගැනීම අද දැන්වීම්කරණයේ අනිවාර්ය අගයක් බවට පත් වී ඇත. සමහර භාණ්ඩ වර්ගවලට වර්ණ භාවිතයේදී ඉහළ ප‍්‍රතිචාර ලැබේ. ඇදුම් පැදුම්, ස්වර්ණාභරණ, විලාසිතා, ආහාරපාන වර්ග, එවැනි ක්ෂේත‍්‍ර වේ. සම්පූර්ණ පිටුව හෝ පිටු භාගයක් වර්ණ දැන්වීම් පළ කිරිමෙන් වැඩි අවධානයක් ලබා ගැනීමේ හැකියාව ඇත.
වර්ණ තුළ එයටම සීමා වු මනොවිද්‍යා්මක කතාවක් ගැබ් වී ඇත. යම් සිසිල් බීම වර්ගයක සිසිල නිරූපණය කිරිමට පසුබිමේ නිල් වර්ණය බහුලව යෙදීමේ හැකියාව ඇත. කාමරයක උණුසුම නිරූපණය කිරීමට පසුබිම රතු වර්ණය යොදාගැනීමට හැක. එසේම භාණ්ඩයේ ඇසුරුම සඳහා යොදා ගත් වර්ණත් නිෂ්පාදන ආයතනයේ ලාංඡුනයේ වර්ණත් දැන්වීම්වලදි ප‍්‍රමුඛ ලෙස යොදා ගැනේ.
දැන්විමේ විශාලත්වය
දැන්වීම්කරණයේ පිරී යාමත් සමග වැඩි අවධානයක් දිනා ගැනීමට නම් විශාල දැන්වීම් යොදා ගැනීමට සිදුව තිබේ. ඒ සඳහා කළ යුතු වන්නේ දැන්වීම ස්ථාන ගත කිරීමේ දී කැපී පෙනෙන නිර්මාශීලීී පියවර අනුගමනය කිරීමය. පුවත්පතේ පළවන ලිපි අතර මැද දැන්වීම් ස්ථානගත කිරීම, අසාමාන්‍ය හැඩයෙන් දැන්වීම් පළ කිරීම එවැනි ක‍්‍රියාමාර්ග කිහිපයකි.
දැන්වීම් වර්ගීකරණය
දැන්වීම් පිළිබඳ සුවිශේෂිව හැදැරීම සඳහා ඒවා වර්ගීකරණයට ලක් කිරීම අවශ්‍ය වේ. ඒ එක් එක් දැන්විම් වර්ගයන්ගේ අවශ්‍යතා, අරමුණු, ග‍්‍රාකත්වය, උපායමාර්ග, මෙන්ම ක‍්‍රම සහ විධි ද එකිනෙකින් වෙනස් වේ. ඒ නිසා ඒවා විවිධානකාර පදනම් යොදා ගන වර්ගීකරණයට ලක් කරනු ලැබේ. හත පරිදි එම වර්ගීකරණය දැක්වය හැකිය.
1 ඉල්ලූමේ බලපෑම් මට්ටම අනුව 6 අරමුණු අනුව
2 ප‍්‍රචාරණ සන්දේශයේ ස්වභාවය අනුව 7 පේ‍්‍රක්ෂක ස්වභාවය අනුව
3 භූගෝලීය ආවරණය අනුව 8 නිෂ්පාදන ඒකකය අනුව
4 මාධ්‍යයේ ස්වභාවය අනුව 9 අපේක්ෂිත ප‍්‍රතිචාරය අනුව
5 පිටපත් කරන මාධ්‍ය අනුව 10 ආකර්ශනය අනුව
දෑන්වීම් වෙත ග‍්‍රාහකයාගේ ආකර්ශනය නතු කර ගැනීම සඳහා යොදා ගනු ලබන ප‍්‍රවේශයන් හෙවත් ආකර්ශයන් රැුසක් විවිධ අයුරින් සන්නිවේදන ක‍්‍රියාවලිය තුළ නාමකරණයට ලක් වි තිබේ. දැන්වීම් වර්ගීකරණය තුළ මෙකී ආකර්ෂණය අනුව කරනු ලබන වර්ගීකරණයද එක් වර්ගීකරණ ආකාරයකි. ඒ යටතේ අවධානයට ලක් වී ඇකි ආකර්ශනීය ප‍්‍රවේශයන් කිහිපයක් පහත දැක්වේ.
1 හැගුම්බරිත ආකර්ශනය 7 රාගික ආකර්ශනය
2 සුභවාදි ආකර්ශනය 8 සදාචාරමය ආකර්ශනය
3 අසුභවාදි ආකර්ශනය 9 සංගීතාත්මක ආකර්ශනය
4 භීතිමය ආකර්ශනය 10 උත්කර්ෂවත් ආකර්ශනය
5 හාස්‍යමය ආකර්ශනය 11 රූප සෝබා ආකර්ශනය
6 තාර්කික ආකර්ශනය 12 ආහාර රුචි ආකර්ශනය
එලිෆන්ට් හවුස් අතුරුපස චාරිත‍්‍රය වෙළද දැන්වීම
මෙම වෙළද දැන්වීීම මැජික් මැංගෝ ආයතනය විසින් නිර්මාණය කරන ලද දැන්වීමකි. එලිෆන්ට් හවුස් අයිස් ක‍්‍රීම් ප‍්‍රචාරණය සඳහා මෙම දන්වීම නිර්මාණය කර තිබේ. මෙම දැන්වීම අයත් වන්නේ වෙළද දැන්වීම් යටතටය. මෙය අයිස්ක‍්‍රීම් මිලදී ගැනීම සඳහා වක‍්‍රව කතාවක් ආකාරයෙන් සංස්කෘතික සිදුවීමක් අලලා නිර්මාණය කරන ලද දැන්වීකි.
කතා සංකල්පය
සිංහල හින්දු සමයේ සිදු කරනු ලබන චාරිත‍්‍ර ඇසුරු කර ගනිමින් සකස් කළ වෙළද දැන්වීමකි. සාමාන්‍ය මධ්‍ය පාංතික තරුණියක් තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කර ගෙන තිබේ. තරුණයා ඇවුරුදු චාරිත‍්‍ර පොතක් සමග අයිස්ක‍්‍රීම් කප් 1 තරුණියට ලබා දේ. ඇය එය රැුගෙන එනවිට පියාට හසු වේ. තරුණයා මුණ ගැසීමට හැකි බව අනුබව චාරිත‍්‍රයෙන් පසුව හැකි බව ලියා තිබේ. පියා මේ පිළිබඳ විමසු විට තරුණිය බොරුවක් පවසයි. ඒ මිතුරාගෙන් ලැබුණ අයිස්ක‍්‍රීම් අතුරුපස චාරිත‍්‍රය සඳහා ලැබුණ බවයි. පසුව පියා අයිස්ක‍්‍රීම් රස බව පවසයි.
රූප සංඥා සංකේත භාවිතය
වෙළද දැන්වීමේ යටි පෙළ අර්ථයන් සංඥා සහ සංකේත භාවිතයෙන් දැක්වේ. රූපයක අර්තය වටහා ගැනීම ත‍්‍රිකෝණාකාර ක‍්‍රියාවලියක් ඇසුරින් චාර්ල්ස් සැන්ඬේ පර්ෂ දක්වයි. ඒ අනුව එය ප‍්‍රතිරූපය, සංඥාව, සංඥාකාරකය යනුවෙන් වෙළද දැන්වීම තුළ හමුවෙයි.
ප‍්‍රතිරූපය සංඥාව සංඥාකාරකය
මෝටර් බයිසිකලය
ගමනාගමනය, තාරුණ්‍ය,විලාසිතාව
නිවස
ෂමාජ පංතිය, සමගිය, සහයෝගය
කාඞ්පත
සුභ පැතුම් , ආදරය, පවිත‍්‍රත්වය
කෑමමේසය
චාරිත‍්‍ර ඉටු කරන බව, ආහාර, රසකැවිලි, සමාජ පංතිය
වර්ණ සංකලනය
කොළ වර්ණය
වෙළද දැන්වීමේ කොළ වර්ණය වැඩි වශයෙන් ඉස්මතු කෙරේ. සෞම්‍ය කොළ වර්ණයකි. අලූත් අවුරුද්දට පරිසර වර්ණය සහ භාණ්ඩ නිෂ්පාදනයේ වර්ණය සමානය. අවුරුදු චාරිත‍්‍ර යන්න ඉස්මතු කර ඇති බැවින් අවුරුද්දට විශේෂ වැදගත්කමක් ලැබේ. අවුරුද්ද පරිසරයට ඍජුව සම්බන්ධ වන බැවින් පරිසරයේ මෘදු බව ඉස්මතු කරනු ලැබේ. තරුණියගේ ඇදුමේ වර්ණයද පරිසර වර්ණයට සමානය. භාණ්ඩ වර්ණයද පරිසරයේ කොළ පැහැය වේ. වෙළද දැන්වීමෙන් අවුරුදු සමය ඉස්මතු කෙරෙන බැවින් කොළ වර්ණයට විශේෂ ස්ථානයක් හිමිව තිබේ.
සුදු වර්ණය
මෙය ආහාරක් සම්බන්ධ වෙළද දැන්වීමකි. පිරිසිදු බව, ආකර්ෂණිය බව, වර්ණයෙන් ඉස්මතු කිරීම අපේක්ෂා කෙරේ. නිවස, නිවසේ තිර රෙදි, කෑම මේසයේ රෙදි කැබැල්ල, අවුරුදු කාඞ් පත, සියල්ල සුදු පැහැතිය. ආලෝකකරණයෙන්ද මෘදු සෞම්‍ය සුදු වර්ණයක්පරිසරයට ආරෝපණය කර තිබේ.
කහ වර්ණය
කහ වර්ණය ආහාර රුචිය වඩවන වර්ණයකි. අයිස්ක‍්‍රීම් ආහාරයකි. එහි වර්ණයද කහ පැහැයට හුරුය. රූප රාමුවේ පෙන්වන අයිස්ක‍්‍රීම් වර්ගය අඹ රසැතිය. ඉදුණු අඹ වල වර්ණයද කහය. තරුණියගේ මව සහ පියා ඇද සිටින ඇදුම්ද කහ වර්ණයට හුරුය.
භාෂාව
වෙළද දැන්වීම් භාෂාව සමස්ථ වෙළද දැන්වීමෙහි අර්ථය තීරණය කරයි. රූප භාෂාව වටහා ගත නොහැකි පිරිසට ආදර කතාවක් ඇසුරින් එලිෆන්ට් හවුස් අතුරුපස චාරිත‍්‍රය පිළිබඳ දැනුවත් කෙරේ. ආදර කතාවේ විකාශනයට පියා මැදිහත් වේ. ඔහුගේ ප‍්‍රශ්න විමසීම පේ‍්‍රක්ෂක කුතුහලය ඇති කිරීමට උපකාරී වේ. වෙළද දැන්වීමට ආදර කතාවක් එක් කිරීමෙන් වෙළද දැන්වීමට තාරුණ්‍ය ආරූඪ කෙරේ. තරුණයගේ නැගණියගේ සිනාව වෙළද දැන්වීමෙහි කුතුලය දැනවීමට සමත්ය. පියා සහ තරුණියගේ දෙබස් මෙන්ම නැගණියගේ සිනාවෙන් භාණ්ඩයකට පරම්පරා කිහිපයක දායකත්වය සපයා ගැනේ.
x නිහඩතාවය
සෑම අවස්ථාවකදීම සියුම් සංගීතයක් සහ කුරුළු හඩ ඇත. තරුණිය ත්‍යාගය රැුගෙන පැමිණෙන විට පියා ඒ පිළිබඳ විමසයි. සියලූ ශබ්ධ නවතා ප‍්‍රබල නිශ්ශබ්ධතාවයක් ඇති වේ. පේ‍්‍රක්ෂක කුතුහලය ඇති කෙරේ.
x සංගීතය
සියුම් සංගීත කාණ්ඩයක් යෝජනය කෙරේ. වෙළද දැන්වීමෙහි තරුණ යුවලගේ දෙබස් සමග කුරුළු නාදයක් ඇසේ. ආදරය කරන යුවතීන් කුරුළුජෝඩු වලට උපමා කිරීම සාහිත්‍යමය භාවිතයකි. ආදරය කරන වටය සියළු බාධක අමතක කර සරලව සැහැල්ලූවෙන් සිටී. කුරුළුජෝඩුු වලට සමාන කිරීමේ අර්ථය එයයි. දෙබස් අතර ඔවුන්ගේ සිතුවිලි දක්වන ආකාරයෙන් රිද්මයද ආරණිය ස්වරයක් ගෙන තිබේ. සංගීතය නතර වෙමින් නැවත ප‍්‍රචාරණය වේ. බියෙන් සැලන සිත දැක්වේ. මිතුරාගේ ස් ස් හඩ ආදරයට ඇති බාධාව ඉස්මතු කරයි.
තරුණිය තරුණයා දුන් ත්‍යාගය රැුගෙන දිව යන විට ඇගේ සතුට සහ ඇවිදීමේ තාලයට සිතුවිලි, පියා ඇයට අමතන විට තරුණියගේ මානසික සිතුවිලි සංගීතයේ රිදමයේ සකේතවත් කෙරේ.
විටින් විට නැගෙන සිනා හඩද සංගීතමය අර්තයකින් යුක්තය.
x පසුබිම් ශබ්ධ
කොහාගේ හඩ - අවුරුද්ද සකේතවත්ය
කුරුළු හඩ - පරිසරය සමග ඇති සම්බන්ධය , ආදරය
සිනා හඩ - සතුට , තාරුණ්‍ය
x දෙබස්
තරුණිය කවදද අපි ආයෙත් හම්බනේනෙ
තරුණයා මේකෙ ලියල තියෙනවා.
පෙම්වතුන් දෙපලකගේ සාමාන්‍ය දෙබස්ය. තරුණයාගේ දෙබසින් පසුව යම් කුතුහලයක් ඇති කෙරේ.
මේ....
තරුණිය හ්ම්ම්.....
තරුණයා අවුරුද්දට තෑග්ගක්
අවුරුදු සමය බව ඉගි කෙරේ.
පියා මොකක්ද ඔය
තරුණිය මේ යළුවෙක්ගෙ පොතක්
පියා අනුභව චාරිත‍්‍රයෙන් පසු ඕනම වෙලාවක පුළුවන්
පොත කියවා පියා පවසන්නේ අනුබව චාරිත‍්‍රයෙන් පස්සෙ ඕනම වෙලාවක පුළුවන් යන්නය. අවුරුද්ද සම්බන්ධ යෙදුමක් ලෙස චාරිත‍්‍ර සැලකේ.
තරුණිය ඒ කියනනේ අතුරුපස චාරිත‍්‍රය ගැන.
අවුරුද්දට නව චාරිත‍්‍රයක් නිර්මාණය කර ඇති බව පෙනේ. අතුරුපස ප‍්‍රධාන ආහාරවේලට පසුව ලබා ගන්නා කුඩා ආහාරයකි. මෙතෙක් අතුරුපසට චාරිත‍්‍රයක් තිබුණේ නැත. වෙළද දැන්වීමෙන් ප‍්‍රචාරය කරනුයේ අතුරුපසට ආහාරයක් බැවින් නව චාරිත‍්‍රයක් කතන්දර ආකාරයෙන් සකස් කර තිබේ.
පියා එතකොට ඔය
තරුණිය අතුරුපස චාරිත‍්‍රයට අයිස්ක‍්‍රීම්
අතුරුපස චාරිත‍්‍රය නම් නව චාරිත‍්‍රයට විසදුම අයිස්ක‍්‍රීම් බව ඉගියෙන් කියවේ.
එලිෆන්ට් හවුස් අයිස්ක‍්‍රීම් අතුරුපස චාරිත‍්‍රය
මුල් වරට වෙළද නාමය ප‍්‍රචාරය කෙරේ. අතුරුපස චාරිත‍්‍රයේ නිර්මාණකරු දැක්වේ.
පියා දුගේ යාළුවා ගෙනාපු අයිස්ක‍්‍රීම් එක මරු
සදහන් කළ අයිස්ක‍්‍රීම් නාමය මරු ( නියමයි / හොදයි * යන්නකියවේ. මරු යන වචනය සාමාන්‍යයෙන් නිතර භාවිතා නොවන්නකි. එය මිතුරන් අතරේ කියවේ. තම හැගීම උච්චතම තත්වයට පැමිණීවිට කියවේ.
පසුතලය
අවුරුදු චාරිත‍්‍ර ඉටු කරන පවුලක් නිරූපිතය. සමාජ පන්තිය නිරන්තරව විදහා දැක්වේ. ඊට උචිත ලෙස මධ්‍යම පාන්තික නිවසක් යොදා ගෙන තිබේ. ගෘහ භාණ්ඩද නිවසට සරිලන ලෙස යොදා ගෙන තිබේ. අවුරුදු සමය පරිසරයේ සුන්දරත්වය වැඩිවන කාලයකි. පරිසර සුන්දරත්වය ඉස්මතු කර තිබේ. ආදරය සහ මල් අතර ඍජු සම්බන්ධතාවක් ඇත. පිටත රාමු සියල්ලේම මල් තිබේ.
මාමයිට් වෙළද දැන්වීම
මෙම වෙළද දැන්වීම මුලැන්ලෝ අයතනතනය විසින් නිර්මාණය කරනු ලැබු දැන්වීමකි. මාමයිට් ප‍්‍රචාරණය සඳහා මෙම දන්වීම නිර්මාණය කර තිබේ. මෙම දැන්වීම අයත් වන්නේ වෙළද දැන්වීම් යටතටය. මෙය මාමයිට් මිලදී ගැනීම සඳහා ඍජුව විවිධ සංස්කෘතින් අලලා නිර්මාණය කරන ලද දැන්වීකි.
කතා සංකල්පය
මාමයිට් නිෂ්පාදනය ප‍්‍රචාරයට සැකසු දැන්වීමකි. සමාජයේ පුද්ගලයින් මාමයිට් භාවිත කරන ආකාරය නිරූපිතය. ජාති භේදයකින් තොරව බහු සංස්කෘතික සහ බහු ආගමික පදනමකින් යුතුව මායිට් රසවිදිය හැකි බව දැක්වේ. විවිධත්වයෙන් යුතු කෑම වට්ටෝරු සමග මාමයිට් රස විදිය හැකි බව නිරූපිතය.
සංඥා සංකේත භාවිතය
මාමයිට් ආහාරයකි. අහාරය යන්නට සංස්කෘතික පදනමක් ඇතත් මාමයිට් පොදුවේ සැමට භාවිත කළ හැකි බව දැක්වේ. මුල් කාලීනව මාමයිට් රෝගීන් උදෙසා භාවිත කළ හැකි ආහාරයකි. මෙම වෙළද දැන්වීමෙන් මාමයිට් සියළු දෙනා වෙනුවෙන් යැයි ග‍්‍රාහක ගත කෙරේ. ආකර්ෂණිය බව. විවිධත්වය, සමාජ තල අනුව මාමයිට් රස විදිය හැකි බව වෙළද දැන්වීමෙන් නිරූපණය කෙරේ.
ප‍්‍රවේශය සංඥාව සංඥාර්ථය
ආහාර වර්ග
ජන විවිධත්වය, විවිධ රස, විවිධ වු පාරිභෝගිකයන්
මාමයිට් බෝතලය
භාණ්ඩය නැවත නැවත සිහි ගැන්වීම
භාණ්ඩය නැවත නැවත සිහි ගැන්වීම
වර්ණ සංකලය
වෙළද දදැන්වීමේ සමස්ථය රැුදී ඇත්තේ වර්ණාත්මක කියවීමක් සමග බව පෙනේ. මුල් රූප රාමුවේ සිිටම දෘෂ්ටියට පීඩාකාරී නොවන වර්ණ භාවිත කරනු දක්නට ලැබේ. මෙහිදී සෞම්‍ය වර්ණ භාවිතයක් දක්නට ලැබේ.
රෝස වර්ණය
පළමු රූප රාමුවේ සිටිනු ලබනුයේ නව යොවුන් වියේ තරුණියන් තිදෙනෙකි. රෝස සහ සුදු වර්ණයට වැඩි ඉඩක් බලා දී තිබේ. රෝස වර්ණයේ සන්සුන් කාරක ගුණයක් පවතී. තරුණියන්ගේ වර්ණය රෝස වර්ණය බව පිළිගැනීමක් තිබේ.
සුදු වර්ණය
පළමු රූප රාමුවේ මෙන්ම සෙසු රූප රාමුවලත් සුදු වර්ණයට වැඩි ඉඩක් සලසා දී තිබේ. සුදු සෞඛ්‍ය සම්පන්න බව දැක්වීමට යොදා ගැනේ. මාමායිට් ආහාරයකි. මාමයිට් වල රසය සහ ගුණයද ඇති බව වෙළද දැන්වීමේ කියවේ. ගීතයේ අර්ථය ඉස්මතු කිරීමට මෙම වර්ණයේ සහය ලබා ගෙන ඇත.
රතු වර්ණය
පීසාව වර්ණවත්ව දැක්වේ. සාමාන්‍ය පීසාවක වර්ණයට වඩා වර්ණවත්ව දැක්වේ. පීසාවේ තද රත් පැහැති බව උණූසුම ආදරය යනාදි චිත්තායන්ගේ ප‍්‍රබල තාවයන් ඉස්මතු කිරීමට සමත්ය. තරුණ සිතක සිතුවිලිද මෙවන් ආවේගයකින් යුතුය.
දුඹුරු වර්ණය
මාමයිට් එකේ පැහැය දුඹුරු වර්ණයට හුරුය. වෙළද දැන්වීමට යොදා ගත් බහුතරයක් ආහාර සුදු පැහැයට හුරුය. මාමයිට් වර්ණය ඉසුමතු කර දැක්විමට ඉන් අවකාශය ලැබි ඇත. දුඹුරු වර්ණය කළු රතු සහ කහ වර්ණයන්ගේ සංයෝජනයෙන් සකස් වූවකි. මෙම සියළු වර්ණයේ ගුණය දුඹුරු වර්ණයේ ඇතැයි සැලකේ. ඉන් කලූ පැහැය බහුලව තිබේ. දුඹුරු පැහැය කළු වර්ණයට වඩා උණුසුම් සහ සෞම්‍ය වේ.
කහ වර්ණය
කහ වර්ණයටද දැන්වීමේ වැඩි ඉඩක් ලැබේ. මාමයිට් බෝතලයේ මූඩිය, ලේබලය, යනාදිය කහ පැහැතිය. කහ වර්ණය උත්තේජනය ඇති කිරීමට සමත් වර්ණයකි. ආහාර පිලිබඳ රුචිය ඇති කර උත්තේජනයක් සැපයීම ඉන් අපේක්ෂිතය. සෙසු වර්ණ අතර අවධානය දිනාගැනීමට කහ වර්ණයට හැකියාව ඇත.
හඩ පටය
x නිහඩතාවය
වෙළද දැන්වීම වේග රිද්ම බවක් ඇත. නිහඩතාවයක් නැත.
x සංගීතය
සමස්තක වෙළද දැන්වීමම ගීතයෙන් කියවේ. ගීතයක් වුවද සගීිත භාණ්ඩ වැඩි වශයෙන් භාවිත කළ බවක් නොපෙනේ. හඩ භාවිතයෙන් ගීතමය ගුණය මතුකරගෙන තිබේ. ස්ත‍්‍රී සහ පුරුෂ මෙන්ම සමුහ ගායනාවන්ද ඇසීමට හැකිය.
x පසුබිම් ශබ්ධ
මාමයිට් බෝතලය මතුවන ශබ්ධය අවස්ථා ගණනාවකදී ඇත.
x දෙබස්
පීස මයිට් පීස මයිට්
රසම රස මාමයිට්
රොටී මයිට් රයිස් මයිට්
රස චිකන් කරී මයිට්
මාමයිට් මුස වූ කෑමක රස ගුණ ඉතිරේ
කෑමක රුචිය තවත් වැඩි වේ
පිට්ටු මයිට් වඬේ මයිට් රසම රස මාමයිට්
කොත්තු මයිට් බගර් මයිට්
මාම මාම මාමයිට්
මාමයිට් මුස වූ කෑමක රස ගුණ ඉතිරේ
ම් ම් ම් මාමයිට්
අනුප‍්‍රාස රසය දනවමින් මයිට් යන්න අවස්ථා කිහිපයකදී යෙදේ. මාමයිට් යන්න උච්චාරණයට වඩා පහසුවෙන් මයිට් යන්න උච්චාරණය කළ හැකිය. පාරිභෝගිකයාට වඩාත් පහසුවෙන් වෙළද නාමය හුරු වීමක් සිදු වේ. මෙහි ආහාර කිහිපයක නම් සඳහන්ය. පීසා, රොටී, චිකන්, කරි, පිට්ටු, වඬේ, කොත්තු, බගර්ය. මෙම ආහාර විවිධය. ආහාර සමග බැදුණු සංස්කෘතියක් තිබේ. විවිධ ආහාර වලින් ආමන්ත‍්‍රණය කරනුයේ විවිධ වු පාරිභෝගික මනසටය. රූප රාමුවෙන්ද උක්ත අරමුණට විශේෂ දායකත්වයක් සැපයේ. නිදසුන් ලෙස වඬේ සහ පිට්ටු පිළිබඳ සඳහන් කරන විට ද්‍රවිඩ මවක් සහ දියණියක් තිරයේ දිස්වේ. මාමයිට් වල ගුණයද ගීතයෙන් පවසා තිබේ.
මාමයිට් මුස වූ කෑමක රස ගුණ ඉතිරේ
කෑමක රුචිය තවත් වැඩි වේ
පසුතලය
නිවසක එලි මහනේ සහ මුහුදු වෙරළක රූ ගත කර තිබේ. නිවසේ් තරුණියන් සිටින මෙහොතේ පසුපෙළින් නිවසකක් දර්ශය වේ. නිවසේ ඇති මල් බදුන් දර්ශනය වේ. නිවස සහ තරුණියන් පහළ මධ්‍යම පාන්තික යැයි හදුනාගැනීමට ලැබේ. මුහුදු වෙරළේ උපන්දින සාද පැවැත් වීම මධ්‍යම පාන්තික ක‍්‍රමයකි. මාමයිට් නිෂ්පාදනට සමාජ මට්ටමක් ආරෝපණය කෙරේ. නිවසේ අඹුසැමියන් ආහාර පිසින විටද නිවසේ ඇති ගෘහ උපකරණද දැක්වේ. රංග භාණ්ඩයෙන් සමාජ පන්තිය නිරූපිතය.
ශ‍්‍රවණ උපකරණ පිළිබඳ පුවත්පත් වෙළද දැන්වීම
දෘෂ්‍ය සාක්ෂරතාවය අතර ප‍්‍රමුඛ වන්නේ මුද්‍රිත මාධ්‍ය වේ. මුද්‍රිත මාධ්‍ය අතර ද පුවත්පතට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. පුවත්තක සියුම් නිර්මාණශීලී වෙළද දැන්වීමක රැුදුන සන්නිවේදන ගුණයන් හදුනාගැනීම අතිශයින්ම වැදගත්ය. 2018.11.11 වන දින මව්බිම පුවත්පතේ 13 වන පිටුවේ දකුණු පසින් පහළ පෙදෙසෙහි පළවු විෂන්කෙයා ආයතනයේ දැන්වීමක් පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරන ලදි. මෙම දැන්විිම වෙළද නොවන දැන්වීමක් වන අතර එය සේවාව හා ආයතනය අනුබද්ධිත පාරිභෝගිකයන් අතර ප‍්‍රචාරණයක් ලබා ගැනීමට සිදු කරන දැන්වීමකි. එසේම මුද්‍රිත මාධ්‍යට විශේෂිතව පවතින දැන්වීම් ආකෘති අතර මෙම දැන්වීම අයත් වන්නේ සිරස්තලය -කථාව පමණක් ඇති ආකෘතියට ය. මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය මෙතෙක් කල් ප‍්‍රසිද්ධියක් ලබා සිටියේ ඇස් කණ්ණාඩි සඳහාය. එහෙයින් අලූතින් පවත්වාගෙන යන ශ‍්‍රවන උපකරණ පිළිබඳ ග‍්‍රාහක දැනුවත් කරමින් ආයතනය ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට මෙම දැන්වීම තුළින් උත්සහ දරා තිබේ.
පාඨකයන්ට නිරායාසයෙන් දෘශ්‍යමාන ප‍්‍රදේශ මේ සඳහා වෙන්වීමෙන් පැහැදිලිවන්නේ ක්ෂණික අවධානය ගැනීමට දැරූ ප‍්‍රයත්නයක් බවයි. වර්ණවත් සමීප සේයාරුවක් භාවිත කිරීමෙන් ආකර්ෂණයට තවත් රුකුලක් සපයයි. දැන්වීම සඳහා ගෙන තිබු අවකාශය තුළ දෑත් හා ශ‍්‍රවණ උපකරණ වලට අමතරව යොදා ඇත්තේ වදන් කීයකින් යුත් තේමා පාඨයත් තවත් වදන් තුනක් පමණ කෙටි වැකි කිහිපයකුත් පමණි. ඉතිරි ඉඩ කඩ හිස්ව පැවතීමෙන් පාඨකයාට සැනෙකින් ග‍්‍රහණය කර ගැනීමට අවස්ථාව සලසා ඇති අතර කුතුහලයක් පෙළඹවීමක් ඇති කරයි.
අත් දෙක :- ග‍්‍රාහකයා හමුවේ ඇත්තේ ආගන්තුක නොවු දසුනකි. එනම් මෙහි සේයාරුවේ දැක්වෙන අත් දෙක සුදු ජාතිකයෙකුගේ හෝ කලූ ජාතිකයෙකුගේ නොවේ. ඒවා ස්වදේශිකයන්ගේමය. මෙම රූපය තුළින් ලබා දෙන ප‍්‍රචාරණය අති විශාලය. මෙහි යොදා ගෙන ඇත්තේ දුර්වර්ණ අතක් සහ වර්ණවත් අතකි.(මෙගින් ජීවී ස්වරූපයක් ඇති සහ අජීවී ස්වරූපයක් සහිත අත් දෙකකි.) ඒ අත් දෙකෙහි තබා ගෙන සිටින ශ‍්‍රවණ උපකරණද එසේය. මෙය සමාජ සුබසාධන දැන්වීමක් ලෙස ප‍්‍රචාරණය කරන ලද දැන්වීමකි. මෙම රූප ඛණ්ඩය තුළින් පැහැදිලි කර ඇත්තේ ග‍්‍රාහකයා තුළ ඇති පරණ වු ශ‍්‍රවණ උපකරණයට අලූත් ශ‍්‍රවණ උපකරණයක් හුවමාරු කර ගැනීමයි. ඒ අනුව පරණ ශ‍්‍රවණ උපකරණය ඇතිි අත කලූ සුදු වර්ණයෙන් යුත් ඡුායාරූපයකින්ද අලූත් ශ‍්‍රවණ උපකරණය දැක්වෙන අත වර්ණවත් ඡුායාරූපයකින්ද ගෙන හැර දක්වා ඇත. දැන්වීම තුළ ආමන්ත‍්‍රණය කරනු ලබන්නේ තාරුණ්‍යටයි. තරුණ සුමුදු අතක් යොදා ගෙන ඇත්තේ එහෙයිනි.
ශ‍්‍රවණ උපකරණය :- මෙහි වර්ණවත් සුසිනිදු පියකරු අතෙහි තබා සිටින ශ‍්‍රවණ උපකරණය තුළින් නිකුත් වන ආලෝක කදම්භය තුළින් ව්‍යංගාර්ථයෙන් පවසන්නේ අලූත් ශ‍්‍රවන උපකරණය තුළින් දස අත පැතිරී ඇති ශබිද ඇසීමට හැකි බවයි. ඉන් තම ජීවිතය ආලෝකවත් වන බවයි.
පසුතලය :- මෙහි සුපැහැදිලි අතෙහි ඇති ශ‍්‍රවණ උපකරණය තුළින් නිකුත් වන ආලෝක කදම්බය තුළින් ඉගි කරනුයේ තරුණවියටයි. තවද එමගින් තාරුණ්‍ය බැබලවීම, ආලෝකමත් කිරීම හා තෘප්තිමත් ජීවිතයකට මංපෙත් විවිර වන බව දක්වයි. මෙය මධ්‍යම පාංතික තරුණ වියට අමතන බව එතරම් පරිශ‍්‍රමයක් නොදරා පෙන්නුම් කරයි.
ශීර්ෂ පාඨය :- මෙහි තේමා පාඨය වුයේ ”අලූතින් ඇහුම්කන් දෙන්න ” යන්නයි. ලා නිල් පැහති පසුබිමෙහි සුදු පැහැ මදක් ලොකු අකුරින් මෙය දක්වා තිබේ. මෙය කියවීම ග‍්‍රාහක දෙනෙතට අපහසුවක් නොවේ. මෙහි දැනුවත් කිරීමට ඔවුන් බලාපොරොතතකු වන්නේ කන හා සම්බන්ධ ශ‍්‍රවණ උපකරණ බැවින් එම ශීර්ෂ පාඨය තුළ ඇහුම්කන් කියන වචනය තුළ කන යන වචනය සුදු පැහැති පසු බිමෙහි නිල් වර්ණයෙන් දක්වා ඇත. මේ තුළින් කන ඉස්මතු කර දක්වා ඇත්තේ මෙහි ප‍්‍රධාන වන්නේ ශ‍්‍රවන උපකරණ පිළිබද නිසාවෙනි.
වර්ණ :- මිනිසා ස්වභාවයෙන්ම වර්ණ ලෝලීය. වර්ණය දෙස බැලීමෙන් නෙත් පිනවීමට උත්සහ දරන අවස්ථා බහුල බැවින් එලෙස වූ වර්ණ භාවිතය වෙළද දැන්වීම් කෙරෙහි යොමු කර ගන්නට උපයෝගී කර ගනී. විවිධ වර්ණ කෙරෙහි එක් එක් අය දක්වන රුචියේ විෂමතාවයක් පවතී. මෙහි වර්ණ ලෙස යොදා ගෙන ඇත්තේ ලා නිල් සහ සුදු වර්ණයයි. විශේෂයෙන් මෙම වර්ණ සංයොා්ජනයට තාරුණ්‍ය දැඩි රුචිකත්වයක් දක්වයි. මෙම දැන්වීම සඳහා මෙම වර්ණයන් දෙක යොදා ගෙන ඇත්තේ එම ආයතයේ වර්ණය සුදු සහ ලා නිල් වන නිසාවෙනි. මෙහි සම්පූර්ණ පසුබිම ලා නිල් පැහැයෙනුත් රහි අකුරු සුදු පැහැයෙනුත් දක්වා ඇත්තේ ග‍්‍රාහක ආකර්ෂණය යොමු වන පරිදිය. තවද පුවත් පත් පිටුව පෙරලා බැලූව විගස නෙත ගැටෙනුයේ එම දැන්වීම කෙරෙහිය. එසේ සිදු වන්නේ මෙහි යොදා ඇති වර්ණ සංකලනය නිසාවෙනි. එය සාර්ථක වර්ණ තේරිමක් ලෙස දැක්විය හැකිය.
තවද මෙම දැන්වීම තුළ එම ආයතනයේ නම, එහි ශාඛා, දුරකතන අංකය, ලිපිනය, ආයතන නම,එයින් සිදු කරන්නේ කුමක්ද, ආදී සියලූ විස්තර මෙම අඩංගුය. එම නිසාවෙන් මෙම දැන්වීම සාර්ථක දැන්වීමක් ලෙස දැක්විය හැකිය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
වෙළද සන්නිවේදනය හා දැන්වීම් නිර්මාණය - බන්දුල අත්තනායක ( ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාලය,වරකාපොළ)
සන්නිවේදන විද්‍යාව - සිඞ්නි මාකස් ඩයස් (තෝතැන්න පබ්ලිෂිං හවුස්, උස්සවැව පාර, ආණමඩුව)
ප‍්‍රචාරණයේ වෙනස් වීම් රටා කුසුම්සිරි විජයවර්ධන ( එස් ගොඩගේ සහ සහෝදරයෝ , රාජ්‍ය සම්මාන දිනු ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෝ, 675, පි. ද. එස්. කුලරතන මාවත කොළම 10 )
සමාජ විමර්ශන පළමුවන කලාපය 2014 ( සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය)
මාධ්‍ය පර්යේෂණ (කැලණිය විශ්වවිද්‍යාලීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2003 වසර සමාජ විද්‍යාපති හා ශාස්ත‍්‍රපති විද්‍යාර්තීන්ගේ පර්යේෂණ ව්‍යාපෘතියකි. (රත්න පොත් ප‍්‍රකාශකයෝ, 513, මරදාන පාර, කොළඹ 10 )
සන්තති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය - තාවකාලිත කථිකාචාර්ය වරුන්ගේ ලිපි එකතුවකි. (කැලණිය විශ්වවිද්‍යාල සමාජීය විද්‍යා පීඨ ප‍්‍රකාශනයකි.)
දැන්වීම් සහ ජනමාධ්‍ය - චන්දිමා නිශ්ශංක ( සිතිජය මාධ්‍ය සංසදය තැ.පෙ 50, ශ‍්‍රී ජයවර්ධනපුර)
දැන්වීම්කරණය - චන්දිමා නිශ්ශංක ( එස් ගොඩගේ සහ සහෝදරයෝ , රාජ්‍ය සම්මාන දිනු ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෝ, 675, ප ද එස්. කුලරතන මාවත කොළම 10 )
Marmite
Mealtime Magic - Sinhala TVC - YouTube
Elephant
House Ice Cream - Athurupasa Charithraya – YouTube
මව් බිම පුවත්පත
ගීතිකා කෝණාර
ගීතිකා කෝණාර
No comments:
Post a Comment