Wednesday, July 3, 2019

රූපවාහිනී මාධ්‍ය ළමා පරපුර කෙරෙහි කරනු ලබන බලපෑම




නයාගේ මාධ්‍යය ජනමාධ්‍යයයි.ජනතාවගේ සාර්ථක්තවය හෝ අසාර්ථකත්වය ‍්‍රගමනය හෝ අපගමනය සඳහා ජන මාධ්‍ය ඍජු ලෙස  දායක වන බව නොරහසකි. ජනමාධ්‍ය අතර රූපවාටිනියට ලැබෙනුයේ අනවර්තයෙන්ම සුවිශේෂි ස්ථානයකි. වර්තමාන මිනිසාගේ ප‍්‍රබල සන්නිවේදන  නායකයා රූපවාහිනිය කිවහොත් එය නිවරදිය. එසේම වර්තමාන ඝමයාගේ මනස මෙහෙයවන ප‍්‍රධාන හස්තකය බවට රූපවාහිනිය පත්ව ඇත. 

ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යක් වන රූබවාහිනිය පැමිණිමට පෙර ළමුන්ගේ නිර්මාණාත්මක කුෂලතා පාලනය කරනු ලැබුවේ වැඩිහිටියන් විසිනි. විස්ිතෘත පවුල් ක‍්‍රමය ඔස්සේගොඩ නැගුණු ළමයා හොද සිරිත් විරිත් සාරධර්මවලින් පෝෂිත මනා හික්මීමෙන් යුතුව හැදී වැඩුණි. එහෙත් අද වන විට විස්තීර්ණ පවුල් ක‍්‍රමය ඒකීයපවුල් ක‍්‍රමය දක්වා ගමන් කිරීම නිසා රූපවාහිනිය දරුවාගේ හොදම මිතුරා බවට පත්ව හමාරය.

වයසට වැඩි පුංචි එකෙකු නිර්මාණය කිරිම සමාජයට වදයකි. කලාවේ කාර්ය භාර්ය විය යුත්තේ එය නොවේ. රූපවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍ය ළමයාට කරනු ලබන බලපෑම සුලූ පටු නොවේ. එයින් ඉස්මතු කෙරෙන බොලද  ඕලාකාරී ආදරණියන්ගේ දර්ශන නරඹන ළමයාද එය අනුකරණය කිරීමට පෙළඹෙති. කටේ කිරි සුවද නික්මීමට පෙරම ළමයා මෙලස පෙළඹෙනුයේ රූපවාහිනියේ ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය නිසාවෙනි. වර්තමාන කාර්යබහුල සමාජයේ දෙමාපියන්ට තම දරුවන්ට සෙනෙහස ෑමට වෙලාවක් නොමැත. දෙමාපිය සෙනෙහස නොලබන දරුවා එය වෙන කෙනෙකුගෙන් හෝ ලැබීමට මහත් පිපාසාවකින් පෙලෙති. සෙනෙහසේ ිාසාවෙන් සිටින මෙම කුඩා දරුවාට දක්නට ලැබෙන්නේ රූවාහිනී ටෙලිනාට්‍ය චිත‍්‍රපට තුළ තරුණ තරුණියන්ගේ සෙනෙහෙවන්තකම්ය. මෙය දකින දරුවාගේ සිතද එම බොළද පේ‍්‍රමය වෙනුවෙන් වැළපෙයි. මෙහි විපාකය වන්නේ ළමුන් කුඩා වියේදීම වයස ඉක්මවා ගිය පරිණත එකෙකු සෙස් කටයුතු කිරීමට තැත් කිරීමය. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම බොළද සිත ඉකි බිද ඉල්ලා සිටින පේ‍්‍රමය සොයා පෑල දොරෙන් පැන යෑමටය. 

යම් දෙයක් කිරීමට නම් එයට දෛර්යයක් අවශ්‍යමය. අද වන විට කුඩා දරුවන් නිවස්නෙන් පැන ගොස් විවාහ වෙයි. මොවුන්ට මෙම පුංචි සිතට මෙම දෛර්ය දුන්නේ කවුරුන්ද?අද රූවාහිනිය තුළින් නේවනු ලබන ටෙලිනාට්‍ය තුළ ආදරවන්තයා සමග නිවසින් පැන ගොස් විවාහ විම සරල දෙයක් ලෙස පෙන්වනු ලබයි.  නිතර මෙය දකින් මොවුන්ගේ සිතට දෛර්ය ගෙන එයි.

පෙරවරු 4 කනිසම වැදුණු විට රූවාහිනිය ඉදිරිපිට වාඩිවෙන දරුවන්ගේ ලෝකයේ සිටින්නේ බෙන්ටෙන් .ස්කුබිඩු. සුපර්මෑන්, සුරවීර බට්ටා. වීරා වැනි කාඞ්බෝඞ් වීරයන්ය. කිසිවක් නොතේරෙනපුංචි එකා අසාධාරණයට එරෙහිව සටන් කිරීමට පෙළඹිම කෙතරම් ඛේදජනකද? අතීතයේ වැඩිහිටියන්ගේ ලෝකය තුළ වීර චරිත වුයේ ඉතිහාස කතා ජනකතා තුළ එන ආදර්ශවත් චරිතයන්ය. එහෙත් වර්තමානය වන විට එය හාත්පස වෙනස්ව ඇත. නිවාඩු මාසය පටන් ගනීමටත් පෙර සිටම විකාශනය වීමට නියමිත ළමා චිත‍්‍රපට පෙළක් තිබෙනබව පුංචි එකාට දැනුම් දෙනු ලබයි. එයට ලොල් බදින පුංචි එකා පන්සල් යෑම, දහම්පාසලි යෑම, නෑගම් යෑම, යන සියල්ල පුංචි එකා ප‍්‍රත්ික්ෂේප කරයි. අතීතයේ පන්සල තුළින් ආච්චිඅම්මලාගේ හා සීයලාගේ හඩට වඩා වැඩියෙන් ඇසුනේ පුංචි එවුන්ගේ සාධුකාර හඩය. එහෙත් අද වන විට ඒ හඩ නිහඩය. කලාවේ කාර්ය භාර්ය මෙය නම් එයින් කරනු ලබන්නේ ජාතික අපරාධයකි. 

අතීතයේදී ආගන්තුක ෂත්කාරවලට තිබු තැන ඉහළය. නිවසට ැමිණෙන කවරෙකුට හෝ කහට කෝප්යක්,බුලත්විටක් නොවරදවන සාධකයන්ය.. එහෙත් අද වන විට නිවසට යමෙක් ැමිණි පසු ඹහුට කයට කෝප්පයක් තබා අසුන් ගැනීමට අසුනක්ද නැත.එතුළින් මිනිස්කම ගැන ඉගෙන ගැනීමට පුංචිඑකාට කිසිදු ඉඩක් නොවේ. මෙයින් දැකිය හැකි වන්නේ සංස්කෘතික සාධක අභාවයට යන බව නොවේද?

මහින්දාගමනයෙන් පසු පුනර්ජිවනය ලැබු අපගේ සිංහල සංස්කෘතිය  තූල කාන්තාවට හිමි වුයේ අද්විතීය ස්ථානයකි. මෙම සංස්කෘතිය තුළ පවුලේ වගකීම හා මුලිකත්වය දැරූ තැනැත්තිය ඇය වුවාය. පවුලේදියුණුව, පවුලේ සමගිය, පවුලේ ඇත්තකන්ගේ නිරෝගීකම, දරුවන්ගේ අධ්‍යාය සිය පන දෙවෙනි කොට සැලකූ ඇය තමාගේ අයිතිවාසිකම් හෝ නිදහස පරුෂයන් උදුරාගත්තේ යැයි බෝඞ් කෑලී එල්ලාගෙන කෑ මොර දුන්නේ නැත.

ඒ අනුව ජන මාධ්‍ය අතර රූපවාහිනායේ ආගමනයත් සමග කාන්තාවගේ සියලූ සිතුවිලි රූපවාහිනී මාද්‍ය මගින් හැසිර වු බව දැක ගත හැකිය. මේ අනුව කාන්තාවන්ට අසීමිතබොළඳ නාට්‍ය නේවිම, ඇමරිකාව, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව පමණක් නොව ඉන්දුනීසියාව න රටවලද දැකිය හැකි ප‍්‍රවණතාව යකි. මෙම ටෙලිනාට්‍ය තුළ පෙන්වන කාන්තාව එනම් මව හෝ බිරිය යන භූමිකා ඉටු කරන්නේ මහන්දාගමනයත් සමග පැමිණි සංස්කෘතියට අනුව නොවේ. කාන්තාවක තුළින් අනාගතය උදෙසා පදින දරුවෙකුගේ හෙට දවස ගැන සිතීමද බියකරුය. රූවාහිනිය ඉදිරිිට සියටින කාන්තාවට තමා අතින් ඉටුවිය යුතුකම් අමතව ගොස් ඇත. නිවසක ප‍්‍රධාන භූමිකාව වන මව මෙලෙස  කටයුතු කිරීම තූල අනාග ලෝකය තුළ දරුවන් අතරමං වනු නියතය. ඔවුන් සමග කාලය ගත කිරීමට හොද නරක කියා දීමට තම මව ලග ණැති විට එය මහත් ව්‍යසනයකට මුල පිරීමකි. 

ඒ අනුව තමාට ඉගැන්වු ගුරුවරයාටත් තම පතන්තියේ අනෙත් ශිෂ්‍ය ශීෂ්‍යාවන්ටත් වෙඩි තබා ඝාතනය කිරීමට තරම් මිලේච්ඡු සිතක් ඇති වුන් ගැන අසන්නට ලැබෙන්නේත් පාසලේ ළමු දෙවන ශේණිවල බහ තෝරන වියේ සිටින පුංචි එවුන් ආදර හසුන් ලියනු ලබන්නන් බවට පත්වන්නේත් හොරකම පිළිබඳ කිසිම අවබෝධයක් නැති කුඩා දරුවන් හොරකම් මැරකකම්වලට යොමු වි අත්තඩංගුවට පත්වන කතා අසන්නට ලැබෙන්නේත් දෙමාපියන් තම දරුවන් ලග ත්‍නාසිටීමත්, විවෘත ආර්ථිකයත් සමග පැමිණි රූප පෙට්ටිය තුළින් ජීවිතයේ ඇතුළාන්තය විවෘත කර දැක්වීමත් නිසාවෙනි.

තවද එදා පුංචි එවුන්ගේ පුංචි කාලේ කෙතරම් අපූරු සුන්දර කාලයක් ද? ගමේ සිටින සියලූ පුංචි කොලූ කෙල්ලන් එකතු වූ තැන ඇත්තේ කෙතරම් ප‍්‍රීතියක් ද? පුංචි කාලේ පුංචි හිත් වල තිබෙන බලා බලාපොරොත්තු කෙතරම් සුන්දරද? හැංගිමුත්තන් කිරීම, චක්ගුඩු පැනීම, අත්තාපල් මුත්තාපල් කිරීම, පුංචි පුංචි සෙල්ලන් කඩ දමාගෙන සිටීම ආදී නොයෙකුත් සුන්දර සෙල්ලම් පුංචි හිත්වල පොදි බැඳගෙන ඔවුන්ගේ ළමා කාලය ගෙවා දැමූ හැටි කෙතරම් අපූරුද? එසේම ඔවුන්ගේ කට පුරා පැවැතියේ ලස්සන හරබර ගීතයන්ය. ඔවුන්ගේ වීර චරිත වූයේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, රටේ රජ්ජුරුවෝ, රටේ එක් එක් නායකයන්ය.  ඔවුන් එම චරිත රඟ දක්වනු ලැබුයේ ඉතා ප‍්‍රබෝධයෙනි. එහෙත් අද වන විට මෙම සුන්දර ළමා ලෝකයට සිදු වී ඇති ඉරණම කෙතරම් ඛේද ජනකද? එදා පැවැති සෙල්ලම් එදා පැවැති හරඹය එදා සිටි වීර චරිත කිසිවක්   නොදන්නා ළමයින් පිරිසක් අද සමාජයේ බිහිව ඇත. එ් අනුව එදා සිටි පුංචි එවුන්ගේ රසඥතාවයට වඩා නූතන සමාජයේ සිටින පුංචි එවුන්ගේ රසඥතාවය ඇත්තේ ඉතාම පහළ මට්ටමකය. මෙම පුංචි එවුන්ගේ රසඥතාවය හීනකොට ඇත්තේ විවෘත ආර්ථිකය සමඟ පැමිණි රූප පෙට්ටිය විසිනි. මෙම පුංචි දරුවගේ මනස විපරිත කීරීම සිදු කර ඇත
මෙම ගැටලූව නිරාකරණය කළ හැක්කේ හැකි වන්නේ සමාජයේ පටු ආකල්ප වලින් තොර වූ සමාජ ක‍්‍රමයක් ලඟදි පුංචි එවුන්ගේ ලෝකේ සාධාරණය කරන්නට හැකි ආකල්ප වර්ධනය කර ගැනීමට හැකිවීම තුළිනි. ලාභ අපේක්ෂාවෙන් ක‍්‍රියාත්මක වන මාධ්‍ය සංස්කෘතිය වෙනස් විය යුතු කාලය එළඹ ඇත. එය වෙනස් විය යුත්තේ පුංචි උන්ගේ මොළගෙඩි සෑදෙන ආකායෙනි.

රූපවාහිනියේ විකාශනය වන හරවත් වැඩසටහන් නැතිවාම නොවේ. එහෙත් එම වැඩසටහන් විකාශනය කරනු ලබන වෙලාවේ වැරැුද්ද මතුව පෙනේ. එහෙයින් හරවත් වැඩසටහන් විකාශනය කරනු ලබන වේලාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මිනිසා විසින් අවිය සාදන ලැබුවේ තවත් මිනිසකු නැසීමට නොව ආරක්ෂා කිරීමටය. එසේම රූපවාහිනිය සාදන ලැබුවේ සමාජයේ පිරිහීමට නොව එයින් යහපත්දෑ සමාජයට ලබාදීමටයි. එහෙයින් රූපවාහිනිය අයහපත් ය කියා එය වසා දමා පුංචි එවුන්ට එය තහනම් කිරීම නොව කළ යුතුව ඇත්තේ එනම් ළමයින්ට ගැළපෙන වැඩසටහන් වලට ළමයින් හුරු කිරීම ය.

ගීතිකා කෝණාර

No comments:

Post a Comment

ආවර්ජනා