Saturday, July 27, 2019

ජාත්‍යන්තර සංවිධාන හා සංවර්ධනය

Image result for unesco
තුන්වන ලෝකයේ දිළිඳු රටවල සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ක‍්‍රීඩා යනාදී ක්ෂේත‍්‍රයන්ගේ සංවර්ධනයට අවශ්‍ය මූල්‍යමය ආධාර ද්‍රව්‍ය ආධාර සහ තාක්ෂණික ආධාර සපයනු ලබන ආයතන සංවර්ධනය මුල්‍යාතන නමින් හඳුන්වනු ලබයි.






  • ලෝක බැංකුව
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
  • එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල
  • ආසියානු සංවර්ධන බැංකු



වැනි සංවිධාන සංවර්ධනය සඳහා ආධාර සපයනු ලබන ජාත්‍යන්තර සංවිධාන ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන් මේ පිළිබඳ විමසා බැලීමේදී සංවර්ධනය සඳහා ආධාර සපයන ලද ජාත්‍යන්තර සංවිධානයක් වශයෙන් ලෝක බැංකුව වැදගත් තැනක් ගනී. මෙම සංවිධානය ලොව බිහිව ඇත්තේ ප‍්‍රධාන වශයෙන් අරමුණු තුනක් පදනම් කරගෙනය. එ් අනුව



  • දිළිඳුකම තුරන් කිරීම
  • දිළිදු රටවල ආර්ථිකය ශක්තිමත් කිරීම
  • ආර්ර්ථික සංවර්ධනය තුළින් දිළිඳු රටවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම 

විශේෂයෙන් අන්තර්ජාතික සංවර්ධන සංගමය අන්තර්ජාතික මූල්‍ය සමායතනය බහුපාර්ශ්වීය ආයෝජන සුරැුකුම් ආයතනය හා අන්තර්ජාතික ආයෝජන ආරවුල් සමථමණ්ඩල වැනි සංවිධාන එකට එකතු වී ලෝක බැංකු කණ්ඩායම එකට එක්තු වී ඇති ආකාරය හඳුනාගත හැකිය.
දැනට රටවල් එකසිය 175 කට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙහි සාමාජිකත්වය ලබාගෙන තිබේ. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල දුප්පත්කකම තුරන් කිරීම, ආයෝජනය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල සුදුසු පරිසරයක් ඇති කිරීම, රැුකියා ආයෝජන සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමෙන් එ්වායේ ඵලයට පත් ප‍්‍රජාව අතර බෙදා හදා ගැනීම වැනි කාර්යයන් රැුසක් සිදුකරනු ලබයි
සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවටද  දිළිඳුකම තුරන් කිරීමටද, රටේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම යනාදී කාර්යයන් සඳහා ලෝක බැංකුව මගින් විශාල වශයෙන් මූල්‍යාධාර හා තාක්ෂණික ආධාර සපයනු ලබයි. එමෙන්ම ලෝක බැංකුව  මූලික නිර්ණායක පහක් හඳුනා ගත හැකිය. එ අනුව

  • කුසලතා සංවර්ධනය
  • යටිතල පහසුකම් වැඩි කිරීම
  • මුල්‍යමය ක‍්‍රම සංවර්ධනය
  • දුෂණය නැති කිරීම
  • පර්යේෂණ උපදේශකත්වය හා පුහුණු කිරීම 

යනාදී වශයෙන් කරුණු ගණනාවක් යටතේ සංවර්ධනයට දායකත්වයක් සපයනු ලබයි. සංවර්ධනය සඳහා ආධාර සපයන ලද තවත් කැපී පෙනෙන ජාත්‍යන්තර සංවිධානයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. 1945 පමණ වන විට දී දෙවන ලෝක යුද්ධය සම්පූර්ණ අවසන් වූවාට පසුව නැවත ලෝක යුද්ධය හට ලැනීමක් වැළැක්විම මූලික පරමාර්ථය කොට ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරගෙන ඇත. මෙම සංවිධානය ආරම්භ කිරීම සඳහා එංගලන්තයේ ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව වැනි රටවල් මූලිකත්වය ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලදී රටවල් 51ක් පමණ සාමාජිකත්වය ලබා ගනිමින් ආරම්භ කර ඇති අතර වර්තමානය වන විට දී මෙම සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 190 ඉක්මවනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය කිහිපයක් ඇත. එ්වා මෙසේය.

  • සමස්ථත මිනිස් සංහතිය යුද්ධ වලින් බේරා ගැනීම 
  • මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
  • ජාත්‍යන්තර ගිවිසුම් හා නීති රීති වරලට ගරු කිරීමට පෙළඹීම 
  • සමාජීය ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම 
  • මිනිස්සුන්ගේ මානව අයිතීන්  සුරක්ෂිත කිරීම 
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙකී පරමාර්ථ සපුරා ගැනීමේදී පහත සඳහන් කාර්යයන් සිදු කරන ආකාරය දැකගත හැකිය. 
  • යහපහපපත්ත් අසල්වැසි සබඳතා ඇති කිරීම 
  • ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සියලූ ශක්තීන් එක්රැස් කිරීම 
  • සන්නද්ද බලයෙන් තොරව ප‍්‍රතිපත්ති හා සැලසුම් මගින් පොදු යහපත සඳහා සැලසුම් කිරීම 
  • සමස්ත මානව සංහතිය අභිවෘද්ධිය සඳහා ජාත්‍යන්තර සම්මුති ඇති කිරීම

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින ඉහත කී පුළුල් අරමුණු ජය ගැනීම සඳහා ශක්තිමත් ආයතන ව්‍යුහයක් ගොඩනඟා ඇත. එම ආයතන ව්‍යුහය තුළ පහත සඳහන් ආයතන ඉතාම වැදගත් වේ.
මහාමණ මණ්ඩල, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය, භාරකාර මණ්ඩලය, අන්තර් ජාතික අධිකරණ ලේකම් කාර්යාලය, ආයතන වැදගත් වේ.



එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින පුලූල් පරමාර්ථ සපුරා ගැනීමේ අරමුණින් ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානතම අනුබද්ද ආයතනයකි යුනෙස්කෝ සංවිධානය. මෙය 1946 දී ආරම්භ කර ඇති අතර ආරම්භක සමාජයක රටවල් ගනන 20කි.  වර්තමානය වන විට දී යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 190ක් වනු ලබයි. යුනිස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ පාහත සඳහන් අරමුණු සපුරා ගැනීම සඳහාය.
 


යුද්ධය උපදින්නේද මිනිසාගේ සිත් තුළ ය සාමයට රැකවල් යෙදීය යුත්තේ ද මිනිසාගේ සිත තුළ ය. 


  • අන්තර්ජාතික යුද්ධය තුළත් සාමය ඇතිකිරීම 
  • සමාජික රටවල අධ්‍යාපනය සෞඛ්‍යය සංස්කෘතිය හා සන්නිවේදනය අංශවල සංවර්ධනය සඳහා කටයුතු කරයි

ඉහත කී අරමුණු පෙරටු කරගනිමින් ක‍්‍රියාත්මක වන යුනෙස්කෝ සංවිධානය දිළිඳු රටවල මූල්‍ය ආධාර ද්‍රව්‍යමය ආධාර මෙන්ම තා තාක්ෂණික ආධාර නොඅඩුව ලබයි. තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ හා සංස්කෘතියේ මෙන්ම සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආධාර සපයනු ලබයි.


එමෙන්ම සංවර්ධනය සඳහා ආධාර සපයන ලද තවත් සංවිධානයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන ප‍්‍රධානතම ආයතනයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදිය හැකිය. 1945 දෙසැම්බර් 27 වන දින රටවල් 44 ක් සාමාජිකත්වය යටතේ මෙම සංවිධානය ආරම්භ කර ඇති අතර වර්තමානය වන විට රටවල් 180  වඩා වැඩි ගණනක් සාමාජිකත්වය දරනු ලබයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහි කිරීමට පියවර ගනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය ක‍්‍රියාන්විත ආශ‍්‍රිතව මතුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහාය. 1945දී සංවිධාන ආරම්භ කරන විට දී අරමුණු කිහිපයක් ඉදිරිපත් කර ඇත. එනම් 

  • ජාත්යනයන්තර මූල්‍ය සහ යෝග්‍යතාව වර්ධනය කිරීම
  • සාමාජික රටවල් අතර විනිමය අනුපාතය ආරක්ෂා කර පවත්වා ගෙන යාමට සහය වීම
  • දුප්පත්කම තුරන් කිරීම
  • තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සාමාජික රාජ්‍යයන්ට උදව් දීම

ඉහත සඳහන් අරමුණු පෙරදැරි කර ගනිමින් ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වැඩි වශයෙන් වාසි අත්පත් කරගනු  ලබන්නේ ආසියානු අප‍්‍රිකානු ලතින් ඇමරිකානු යන කලාපවල පිහිටා තිබෙන සංවර්ධනය වෙමින් පවතින්නා දිළිදු රටවල් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දියුණු රටවල්වල සංවර්ධන අවශ්‍යතා අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන විවිධ ණය පහසුකම් ඇත. එ්වා අතර කිහිපයක් මෙසේය .

  • අධ්‍යාපන උච්චාවචනයන් නිසා ඇතිවන හිගයන් පියවා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැලසීම
  • තොග ආරක්ෂක මූල්‍ය පහසුකම්
  • ඉන්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් සැපයීම

මෙකී විශේෂිත ණය ක‍්‍රමයන්ට අමතරව අවම සීමා ණය .පසුකම් දීර්ඝ කළ ගැණුම් පහසුකම් යනාදී ණය ක‍්‍රමයන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක‍්‍රියාත්මක කරනු ලැබේ.

සංවර්ධනය සඳහා ආධාර සපයන ආයතන අතර ආසියානු සංවර්ධන බැංකුව තවත් වැදගත් සංවිධානයකි. ආසියාව සහ මැදපෙරදිග රටවල්වල ආර්ථික සංවර්ධනය සහ සහයෝගිතාව නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද සංවර්ධන මූල්‍ය සංස්ථාවකි  ආසියානු සංවර්ධන බැංකුව. පිලිපීනයේ මැනිලා නුවර මූලස්ථානය පිහිටා ඇති මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ 1965 දෙසැම්බර් 4 වනදා ය. මේ වන විට රටවල් හැත්තෑවකට වඩා වැඩි ප‍්‍රමාණයක් රටවල් සාමාජිකත්වය දරනු ලැබේ. ආසියානු සංවර්ධන බැංකුව ආරම්භ කරන විට දී ප‍්‍රධාන අරමුණු තුනක් සපුරා ගැනීමට මාන බලන බව ප‍්‍රකාශයට පත් කර ඇත. එනම්

  • කලාපයේ සංවර්ධනය අඩු සාමාජික රටවල් ආර්ථික සංවර්ධනය උදෙසා මූල්‍යමය පහසුකම් සැපයීම
  • සාමාජික රටවල ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය තාක්ෂණික ආධාර සැපයීම
  • සාමාජික රටවල සංවර්ධන සැලසුම් සකස් කරන විටදී ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම

ඉහත සඳහන් අරමුණු සපයා ගැනීමේදී වඩාත් විධිමත් සැලැස්මක් යටතේ කටයුතු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව උත්සාහ දරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටින රටවල් ආර්ථික ශක්තිය පදනම්් කරගනිමින් එ් බී සහ සී යනුවෙන් ආණ්ඩු තුනකට බෙදා ආධාර සපයනු ලබයි. මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව මගින් සාමාජික රටවල් වලට විශේෂ ණය ක‍්‍රම තුනක් හඳුනාගෙන තිබුණි. 

  1. කෘෂිකර්මය ආශ‍්‍රිත කර්මාන්ත නගා සසිටුවීමට ණය සැපයීම 
  2. ශක්ති ප‍්‍රභව ව්‍යාපෘති ආරම්භ කිරීම සහ නගාසිටුවීමට ණය සැපයීම 
  3. ප‍්‍රවාහන හා පණිවිඩ හුවමාරු ව්‍යාපෘති සඳහා ණය සැපයීම

ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජිකත්වය ලබා තිබෙන බොහෝ රටවල් පහළ ආර්ථික ශක්තියක් පෙන්නුම් කරනුු ලබයි. මේකි අඩු ආදායම් ලබන දුප්පත් රටවල් වල සමස්ත ආර්ථිකය රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය මතයි. මෙනිසා සාමාජික රටවල්වල කර්මාන්තය ආශ‍්‍රිතව ව්‍යාපෘති නඟාසිටුවීමට වැඩි වශයෙන් ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගනී.

ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජිකත්වය ලබා සිටින බොහෝ දිළිඳු රටවල් මුහුණ දෙන ප‍්‍රබලතම ගැටළුවක් වන්නේ බලශක්ති ඌනතාවයයි. මේ නිසා සාමාජික රටවල බලශක්ති ප‍්‍රබල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ නම් එ් සඳහා අවශ්‍ය ආධාර ආසියානු සංවර්ධන බැංකු මගින් සලසා දෙනු ලබයි. පිලිපීනය බංගලාදේශය පකිස්ථානය මැලේසියාව වැනි රටවල් මේ ණය ක‍්‍රමය යටතේ විශාල වශයෙන් ප‍්‍රයෝජන ලබා ඇත.

ආසියානු සංවර්ධව බැංකුව මගින් ප‍්‍රවාහන පහසුකම් නගා සිටුවම සඳහාද ආධාර සපයනු ලබයි. තායිලන්තය  බංගලාදේශය ඉන්දුනීසියාව ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ණය ක‍්‍රමය යටතේ විශාල වශයෙන් ප‍්‍රතිලාභ අත්පත් කරගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ නාගරික සංවර්ධනය ව්‍යාපෘති සහ මහනගර සභා  කලමනාකරණ ව්‍යාපෘති  ක‍්‍රියාත්මක කර ඇත්තේ මෙම ණය ක‍්‍රමය යටතේ ලැබූ ආධාර මගිනි. 

මේ අනුව අපට මැනවින් පැහැදිලි වන්නේ සංවර්ධනය සඳහා ඳහා ඉතා විශාල  වැදගත් මෙහෙයක් ජාත්‍යන්තර සංවිධාන මගින් ඉටුවන බවයි.

No comments:

Post a Comment

ආවර්ජනා