
1 සිය මුල්ම අධ්‍යක්ෂණය ලෙස මාතර ආච්චී චිත‍්‍රපටය බිහි කරමින් දොරට වැඩි අධ්‍යක්ෂවරයා සතිස්චන්ද්‍ර එදිරිිසිංහයන්ය.
2 සුනිල් එදිරිසිංහයන් නම් අසහාය කලා කරුවානන්ගේ තිඹිරිගෙය වන්නේද මෙම ගීතයයි.
3 චිත‍්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා ප‍්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලී නානායක්කාරයි. මෙය ඔහුගේ ප‍්‍රථම ගේය පද රචනයයි.
4 වික්ටර් රත්නායක වේදියානන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කරමින් තම ස්වර නිර්මාණය දිවියේ මුල්ම වරට චිත‍්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙහි දායක විය.
3 චිත‍්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා ප‍්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලී නානායක්කාරයි. මෙය ඔහුගේ ප‍්‍රථම ගේය පද රචනයයි.
4 වික්ටර් රත්නායක වේදියානන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කරමින් තම ස්වර නිර්මාණය දිවියේ මුල්ම වරට චිත‍්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙහි දායක විය.
ඒ අනුව සිව් කුළුදුල් ගීතයක් ලෙසින් සිංහල ගීත ප‍්‍රබන්ධ සාහිත්‍යට එකතු වු මෙම ගීතය විශිෂ්ටතම රසභාව පූර්ණ ආන්දෝලනාත්මක ගීතයක් බවට එදා සිට අද දක්වාම පත්විය.
ගීත කලාව තුළ වු අප‍්‍රමාන ගීත අතුරින් මා සිත් ගත් මෙම ගීතයේ අරුත් පාදා ගැනීමට මා දැරූ උත්සහයේ ඵල නෙලා ගත හැකි වූයේ දිගු කලකට පසුවය. මේ පිළිබඳව විවිධ පුද්ගලයන්ගෙන් විමසා බැලූ කල නොයෙකුත් අර්ථකතන මා හට ලැබුනද ඒවා එකිනෙකට පටහැනි විය. එය එසේ වීම සාධාරණය. මන්ද මා උගත් දැනුම අනුව කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි බැවිනි. එහෙත් ඒ කිසිම අර්ථයකින් සෑහිමකට පත් නොවු මා මෙම ගීතයේ දැක්වෙන සැබෑ අරුත කුමක්දැයි සොයා යෑමට තීරණය කළේ ඒ පිළිබඳව මා සිත් උපන් කුහුල නිසාවෙනි.
බොහෝ පිරිස් මෙම ගීතය ගණිකාවක් ආරෝපණය කරමින් නොයෙකුත් විචාර සිදු කර තිබූ ආකාරය සමාජ ජාලා වෙබ් අඩවි තුළින් දැක ගත හැකි විය. එය එසේ වන්නට ඇත්තේ එම ගීතය ඒ ඒ පුද්ගලන්ට දැනුන හැගුන පරිදි විය හැකිය. මෙම ගීතයට ගණිකාවක් ආරෝපණය වන්නට ප‍්‍රදානම හේතුව ලෙස මා දකින්නේ සියුමැලි කැකුලක් මැලවෙද්දී සහ පාවෙන දේදුනු ලැගුම් ගනී යන්න පද පේලි නිසා බව කිව හැකිය.
එහෙත් මෙම ගීතයේ අරුත් සොයා ගිය මා හට වරෙක සිතුයේ එම ගීතයේ පද නිර්මාණය සිදු කළ ගේය පද රචකයා සොයා යෑමටය. අවාසනාවකට ඔහු ඒ වන විට අවසන් ගමන් ගොස්ය. එහෙත් තව දුරටත් ඔහු මෙම ගීතය කුමන අරුතක් පදනම් කර ගනිමින් නිර්මාණය කරන්නට ඇත්දැයි මා සොයා බැලීම නනර නොකළේය. අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබදව විමසා බැලූ මා හට හමුවූයේ මෙම ගීතය මාතර ආච්ච් නම් වු සිනමා පටය අරඹයා වොලී නානායක්කාරයන් විසින් ගේය පද රචනය සිදු කර ඇති බවයි.
ගුවන්විදුලිය සිනමාව සහ වේදිකාව යන මාධ්‍ය ත‍්‍රිත්වයෙහිම කැපී පෙනුණුු වොලී නානායක්කාරයන් සිනමාවට පිවිසෙන්නේ 1965 වසරේ සාරවිට නම් වු සිනමා පටයෙනි. 1959 වසරේ ගුවන්විදුලියට එක් වු ඔහු සිය ගැඔුරු හඩින් මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ උක්කු බණ්ඩාගේ චරිතයට පන පෙවීය. වැඩසටහන් රචකයෙකු, නිවේදකයෙකු, හා නිෂ්පාදකයෙකු ලෙස ගුවන් විදුලියේ සුවිශේෂි කාර්ය භාර්යක් ඉටු කළ ඔහු
පික් පොකට්
බඩුත් එක්ක හොරු
වැනි සිනමාපට වල කඩවසම් වීරයා ලෙස රංගනයේ යෙදුනේය.එසේම
නිරානන්ද
වනවදුලේ වසන්තය
පියාඔන අශ්වයා
ඉටි පහන්
නයන මිණ
සත්‍යා
වැනි ටෙලි නාට්‍ය රැුසකද ඔහු රංගනයෙන් දායක වී ඇත. තවද
මහ හේනේ ඊරි යකා
මාතර ආච්චී
සිකුරු දසාව
මුවන් පැලැස්ස
වැනි සිනමාපට වලින් සිය කුසලතා පෙන්වූ ඔහු ගීත පද රචනයේද සුවිශේෂි දස්කම් පෙන්වූ තැනැත්තෙකි.
වොලී නානායක්කාර නැමැති අති විශිෂ්ට කලා ශිල්පියා විසින් මෙම ගීතයේ පද රචනය සිදු කර ඇත්තේ මාතර ආච්චී නම් වු සිනමා පටයේ තේමාව ඇසුරු කරගෙන බව ඒ පිලිබඳ සොයා ගිය මා හට දැන ගන්නට ලැබුණි. ඉන් පසු එම සිනමා පටය නැරඔු මා ඒ පරිදි මෙම ගීතයේ අරුත කුමක්දැයි එකින් එකට ගෙම්තම් කරන්නට විය.
කෙසේ වුවද ගීතය පිළිබඳ එළඹිය හැකි පොදු නිගමනය වන්නේ එය අතිශය පෞද්ගලික ගේය පද රචනයක් බවයි. ගීතයක් ලෙස සාර්ථකත්වයක් ලැබු මෙම ගීතයෙහි අර්ථ රසය පිළිබඳව බොහෝ දෙනා තුළ පැනයක් පැවතුනද මාතර ආච්චී සිනමාපටය නැරඹීම හා එහි ගීතයට අදාළ සිනමා රූප පෙළ ඈදා ගැනීම තුළින් පද වල අරුත් මතු කර ගැනීමට මා හට හැකි විය. ගී පද රචකයා ලියා ඇති මෙම ගීතයේ තේරුම ගත යුත්තේ චිත‍්‍රපටයේ කතා පුවත හා අනුබද්ධිතවය.
මෙම චිත‍්‍රපටයේ තේ්මාව වන්නේ පෙම් පුවතකි. එක්තරා තරුණයෙක් යුවතියකට පෙම් බදී. පසුව තරුණයාට වැඩි දුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වීමට සිදු විය. ඒ අතර යුවතියගේ වැඩිහිටියන් ඒ යුවතියව ධනවත් තරුණයෙකුට විවාහ කර දෙනු ලබයි. තරුණියටද අකමැත්තෙන් වුවද එයට එකග වන්නට සිදු වෙයි. කලකට පසුව ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව, වේදනා බරිත බව මේ ගීතයට කැටිව තිබෙන බව මා හට වැටහිනි. එසේම මේ තරුණයා පෙම්වතිය නැවත එන තුරු බලා සිටී. පෙම්වතිය නැවත එන තුරු භාර ගැනීමටත් නැවත ඇය හා එකතු වීමටත් බලාපොරොත්තු ඇතිකරගෙන සිටී. මෙම සමස්ථ අර්ථය ගීතය පුරා විහිදී යයි.
සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී්
දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසු වුණු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටඔුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දු
හදවිල ඉපදුණු කැකුළක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිිලිහුණු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා
ඔබව උරුම වු රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එන තුරු
පොපියන හදවත සිටී බලා
මෙම ගීතයේ ස්ථායි කොටසේදී ගී පද රචකයා විසින් මොවුන් දෙදෙනාගේ පේ‍්‍රමය වැඩුණූ ආකාරය සුන්දර සංකේත ආශ‍්‍රයෙන් කියනු බලයි.
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
සදකඩ පහණ යනු සුන්දර චමත්කාරජනක දෙයකි. එහි සුන්දරත්වය හා චමත්කාරජනක බව රැුදී ඇත්තේ එහි කැටයම් නිසාවෙනි. ස`දකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපුර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියාපාන විශ්මිත නිර්මාණ වලින් එකකි. එය තැනීමට ගල් වඩුවා ගත් වෙහෙස අපමණයි. එහි ගැබ් කර තිබෙන්නේ සංසාරය පිළිබඳ ගැඹුරු අර්ථයකි. මෙම සඳකඩ පහන තුළින් කාන්තාව පිළිබඳව සියුම් ව්‍යංගාර්ථයක් කියවෙනවා නොවේද? ඉහත දැක්වූ පරිදි සඳකඩ පහන යනු කලා ලෝකයේ විශිෂ්ටතම කලා නිර්මාණයකි. එසේම එයට සමාන කරනු ලබන කාන්තාවත් මනුෂ්‍ය ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය වුවාය. කාන්තාව යනු කලාවකි. මන්ද කාන්තාව හා කලාව අතර ඇත්තේ අවියෝජනීය බැදීමකි. බොහෝ නිර්මාණ කරුවන් තම නිර්මාණයන්හි වස්තු බීජය ලෙස තෝරා ගන්නේ කාන්තා රූපයයි. එය එසේ වන්නේ ඇය කලාත්මක බවේ ප‍්‍රතිමූර්තිය නිසාවෙනි. ඇතැම් අය කාන්තාව සදට උපමා කරද්දී වොලීී නානායක්කාරයන් කාන්තාව උපමා කරනු ලැබුවේ සඳකඩ පහණකටය. එහෙයින් කාන්තාව සඳකඩ පහණට සමාන කරන එකේ වරදක් නැතැයි මට සිතේ. එනම් සඳකඩ පහණේ් විවිධ කැටයම් නිර්මාණය කර තිබේ. කාන්තාව ද පංච කල්‍යාණයෙන් පිරි රූප ශෝභාවකින් උතුරා යන රූපයකට හිමිකම් කියන තැනැත්තියකි.
පාවෙන දේදුනු ලැගුම් ගනී
සදකඩ පහණ යනු සුන්දර චමත්කාරජනක දෙයකි. එහි සුන්දරත්වය හා චමත්කාරජනක බව රැුදී ඇත්තේ එහි කැටයම් නිසාවෙනි. ස`දකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපුර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියාපාන විශ්මිත නිර්මාණ වලින් එකකි. එය තැනීමට ගල් වඩුවා ගත් වෙහෙස අපමණයි. එහි ගැබ් කර තිබෙන්නේ සංසාරය පිළිබඳ ගැඹුරු අර්ථයකි. මෙම සඳකඩ පහන තුළින් කාන්තාව පිළිබඳව සියුම් ව්‍යංගාර්ථයක් කියවෙනවා නොවේද? ඉහත දැක්වූ පරිදි සඳකඩ පහන යනු කලා ලෝකයේ විශිෂ්ටතම කලා නිර්මාණයකි. එසේම එයට සමාන කරනු ලබන කාන්තාවත් මනුෂ්‍ය ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය වුවාය. කාන්තාව යනු කලාවකි. මන්ද කාන්තාව හා කලාව අතර ඇත්තේ අවියෝජනීය බැදීමකි. බොහෝ නිර්මාණ කරුවන් තම නිර්මාණයන්හි වස්තු බීජය ලෙස තෝරා ගන්නේ කාන්තා රූපයයි. එය එසේ වන්නේ ඇය කලාත්මක බවේ ප‍්‍රතිමූර්තිය නිසාවෙනි. ඇතැම් අය කාන්තාව සදට උපමා කරද්දී වොලීී නානායක්කාරයන් කාන්තාව උපමා කරනු ලැබුවේ සඳකඩ පහණකටය. එහෙයින් කාන්තාව සඳකඩ පහණට සමාන කරන එකේ වරදක් නැතැයි මට සිතේ. එනම් සඳකඩ පහණේ් විවිධ කැටයම් නිර්මාණය කර තිබේ. කාන්තාව ද පංච කල්‍යාණයෙන් පිරි රූප ශෝභාවකින් උතුරා යන රූපයකට හිමිකම් කියන තැනැත්තියකි.
එහෙත් ලෝකයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සඳකඩ පහණ දැක්වුනද මෙය තිබෙන්නේ සියල්ලන්ටම පෑගෙන පරිදිය. එය එසේ පයට පෑගෙන ලෙස නිමවා තිබුනද මේ කෙරෙහි සියල්ලගේම අවධානය දිනා ගැනීමට සමත් වී ඇත. කාන්තාවද එසේමය. කුමන වැරැුද්දක් සිදු වුවද සියළු ගැරහුම් පැමිණෙන්නේ කාන්තාවටය. එහෙත් ඈ සමාජයේ සියල්ලගේ අවධානයෙන් පසුවන තැනැත්තියකි. එහෙයින් ඇය පූජනීය වේ.
දේදුන්න යනු අව්ව වැස්ස දෙකම ඇති විට පායන්නකි. එය විවිධ වර්ණයන්ගෙන් සංයෝජිතය. මෙම පද රචකයා මෙයින් කීමට උත්සහ ගෙන ඇත්තේ මේ තරුණයා හරියට දේදුන්නක් වැනිය කියාය. මන්ද පිරිමියෙක් තුළ ආදරය කරුණාව දයාව කැටි කරගෙන සිටිනවා සේම ආක‍්‍රමණශීලී බව, තද බව, ශක්තිමත් බව, කාමය, රාගය, වැනි දේවල්ද කැටිකරගෙන සිටින කෙනෙකි. කාන්තාවන්ට මෙවැනි දේවල් නැහැයි කියා මා නොකියමි. කාන්තාවට වඩා මෙහි එන පිරිමියා මේවා හිතේ කැටි කරගෙන ඉන්නා බව මෙමගින් කියනු ලැබේ. පාවෙන දේදුණු කියන එකෙන් කියවෙන්නේ පෙම්වතියගේත් පෙම්වතාගේත් පා වෙවී තිබුණු පේ‍්‍රමනීය හැගුම් ඔවුන් දෙදෙනා එකතු වුනාම ඔවුන් දෙදෙනා මුන ගැහුනාම ඒ පේ‍්‍රමණිය හැගුම් එක්තැන් වීමයි.
මෙම කලකිරුණු හිස් ස්භාවය නැති කර ගැනීමට මෙම පෙම්වතා කරන්නේ තම පෙම්වතිය සමග ගත කරපු කාලය සිහි කරමින් ඒ ලෝකය තුළ ජීවත් වීමයි. ඇය සමග ගත කළ ඒ කාලය තුළට තාවකාලිකව ගිහින් ඇය සමග ජීවත් වීමට හැකි වීමත් ඔහුගේ හිත සනසාලන්නකි. මෙහි ලැගුම් ගන්නවා යැයි කියනු ලබන්නේ පදිංචි වෙනවාය කියන දේ නොවේ. තම සහකාරිය වීමට සිටි පෙම්වතිය අයිති කර ගැනීමට සිටියද එය නොහැකි වූ නිසා ඇය හා පෙමින් වෙලූන කාලයේ ඇය හා දොඩ මලූ වු ආකාරය ආගිය තැන් වලට ආපසු ගොස් තාවකාලිකව නවාතැන් ගැනීමකි. මෙමගින් පද රචකයා පෙන්නුම් කිරීමට උත්සහ කර ඇත්තේ ඔහු සිතින් තම පෙම්වතියගේ ජීවිතයට ලංව ඇය සහකාරිය කර ගැනීමට සිහින දකිමින් මායාකාරී ලොවක් අතර තනිවන ස්වභායයි.
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
මෙගින් දැක්වෙන්නේ දෙදෙනෙකුගේ පේ‍්‍රමය ස්ථාවර වීමත්, ඒ පේ‍්‍රමය ඔවුන්ගේ සිත් තුළ ලියලීමත් සිත් තුළ සනිටුහන් වීමත් ය. ඒ බව පද රචකයා සුන්දර සංකේතානු සාරයෙන් ඉදිරිපත් කර තිබේ.
දෙදෙනෙක් ආදරයෙන් බැදෙනුයේ ඒ දෙදනාගේ ආදරය, ආශාවන්, අරමුණූ, බලාපොරොත්තු, හැගීම්, කරුණාව, දැඩි බව, ස්ථීරසාර, බව වැනි සැම දෙයක්ම එකට එකතු වීමෙනි. ඒ සියල්ලම එකට එකතු වෙමින් ඉස්මතු වන උත්තරීතර හැගීම ආදරයයි. මේ සියල්ල එකට එකතු වෙමින් දෙදෙනාගේ සිත් තුළ හට ගන්නා උත්තරීතර පිිවිතුරු හැගීම දෙදෙනාගේ හදවත් තුළ දළුලන්නට පටන් ගනී. මෙලෙස දලූ ලා වැඩෙන ආදරය තුළ දෙදෙනාගේ චරිත ලක්ෂණ වෙනස් වීමට පටන් ගනී. එනම් පිරිමියා කාන්තාවගේ ආශාවන් අභිමතාර්තයන් අනුව ජීවත් වෙන්න උත්සහ කරන අතර කාන්තාව පිරිමියාගේ ආශාවන් අභිමතාර්තයන් අනුව ජීවත් වෙන්න පටන් ගනී. මෙලෙස ගලා යන ආදරනීය හැගීම කාලයත් සමග තව තවත් මේරීමට පත් වේ. ඒ අනුව ආදරය යන අකුරු වැල දෙදෙනෙකුගේ හිත් දෙකක් තුළ ලියවෙන්නේ මෙපරිද්දෙනි.
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
ජීවිතයකට හිමි වන පවිත‍්‍ර ආදරය යනු ඇදහිය හැකි දහමකි. ඒ ජීවිතයේ පදනම වන්නේ පේ‍්‍රමයයි. ඒ අනුව යුගයෙන් යුගය වෙනස් නොවන ලෝ දහම සේම තම පවිත‍්‍ර ආදරයද ආත්මයෙන් ආත්මයට රැුගෙන යාමට පදනමක් දකී. එම පදනම තුළ හිදිමින් විවාහය, පවුල් ජීවිතය, දරුවන්, දරුවන් හා බිරිද සමග පවුලක් ලෙස ගත කරන ජීවිතය පිළිබඳ මෙම පෙම්වතා හීන දකිති. ඒ හීන අන්තිමට මාලිගාවල් හැදීමට ශක්තිමත් අත්තිවාරමක් බවට පත් කර ගනී. මෙම ජීවිතය ගොඩ දා ගැනීමේ අත්තිවාරම දා ගෙන ඒමට හීන දකින මෙම පෙම්වතාට මුහුණ පෑමට සිදු වන්නේ මහත් අකරතැබ්බයකටය.
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් ලතවෙද්දී
මේ ලෝකයේ දරා ගැනීමට නොහැකි වේදනාවන් අතර විරහ වේදනාවට ලැබෙන්නේ ප‍්‍රමුඛත්වයකි. තම ලෝකයේ පදනම සැදීමට සිහින දුටු පෙම්වතිය තවත් කෙනෙකුු අයිතිකර ගැනීම තරම් වේදනාකාරී වු හැගීමක් තවත් තිබේද? නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා යැයි කියනු ලබන්නේ තම පේ‍්‍රම මන්දිරයට ආයෙත් ගොඩ විය නොහැකි අන්දමට තම පෙම්වතියට යන්න සිදු වීමයි. මෙහිදී සියුමැලි කැකුළක් යැයි දක්වන්නට ඇත්තේ දෙදෙනාගේ හිත් තුළ ඇති වු ආදරය නම් වු මල් කැකුළ විය හැකියි. මන්ද පෙම්වතියගේ හිතේ ඇති වන ආදරය පෙම්වතෙකුගේ හිතේ ඇතිවන ආදරයට වඩා සියුමැළිය. එම නිසා පෙම්වතියගේ ආදරය ගැන නොහිතා ඇය නොදන්නා ඇය අකමැති කෙනෙකු සමග විවාහ වීමට සිදු වේ. ඇයව විවාහ කර දෙන නිසාවෙන් සියුමැලි කැකුළක් ලතවෙද්දී යන්නෙන් පෙම්වතියගේ සිතේ ඇතිවන්නා වූ කණගාටුව දුක වේදනාව දැක්වීම සදහා යොදා ගත්තක්බව දැක්විය හැකිය. මෙහිදී ඇය මැලවෙද්දී, අඩද්දී, වැලපෙද්දී, යනුවෙන් අවසන් පේලිය දෙවරක් ගායනය වීම තුළින් ඇයගේ අකමැත්ත අපිට තදින්ම පෙනේ.
මේ මගින් පදරචකයා මෙහි යොදා ගෙන ඇති සංකේතානුසාරයන් සංකල්ප රූප නැගීමට සමත් වී ඇත. මේ ආකාරයට සංකේතානුසාරයෙන් සංකල්ප රූප ගොඩ නැගීම තුළින් අපට මෙම ගීතය ජපන් හයිකු කාව්‍ය සම්ප‍්‍රදාය ගරු කර ගනිමින් ආභාසය ලබාගෙන කර ඇති බව පෙනේ. ජපන් හයිකු කාව්‍ය වල ස්වභාවය වන්නේ ස්වභාව දහමේ සංකේත ගෙනවිත් සජීවට්ඨාවරෝපණය කරමින් ඒවා සංකේතානු සාරයෙන් සංකල්ප රූප වලට නැගීීමයි. මෙම ආභාසය මෙම ගීතය පුරාම දක්ට ලැබේ.
දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දු
කුඩා මී මැස්සා මලින් මලට රහස් කොදුරමින්, මල් දහස් ගණනක් වෙත පියඹා ගොස්, දුක් මහන්සි වී, බිදෙන් බිද එකතු කර ගන්නා මී පැණි, තුඩෙන් තුඩ රැුගෙන විත්, වැඩි පරිස්සම උදෙසා ගව්වක් ඉහළට පියඹා ගොස් සිය මී වදය බදන්නේ අනන්ත අප‍්‍රමාන වෙහෙසක් දරමිණි. ඒ අනාගතය උදෙසා දරන වීර්යයි.
පේ‍්‍රමවන්තයාද එසේ සිය පේ‍්‍රමයේ මල් පල දකිනු පිණිස එයට අදාළ වන සම්පත් එක්රැුස් කරයි. ඒවාට ලොබ බදියි. ඔහුද මේ තත්වයට ජීවිතය ගොඩ නගා ගන්නේ අපමණ වෙහෙස මහන්සි වීය. කාටවත් ළංවිය නොහැකි ලෙස ගව්වක් ඉහළින් බිදෙන් බිදෙන් එකතු කරන් ආ ඉසුරින් ඔහු තම මී වදය තනන්නේ් ඇයව එහි කැදවාගෙන ගොස් ඇයගේ පොපියන දෙතොල ඒ මී පැණීයෙන් සන්තර්පණය කිරීමටය. එනම් ඔහුගේ දුක් මහන්සියේ ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනංවන ලද ඔහුගේ රාජ්‍යයේ රැුජින ලෙස ඇය අභිෂේක කරනන්ටය. නමුත් සිදු වූ අභාග්‍යයක තරම.
”අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසු වුණු වැහි බිංදු
ඈගෙන යද්දී නටඔුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දු
අහස ගොරවමින් ජීවිතය පුරාවටම කළුවර වපුරවයි. මහන්සියෙන් බැදපු මී වදයේ පැණි ඒ වැස්සට හේදිලා ඒ තත්වයෙන් බාල වී යන්නා සේම, ඔහු දුක් කදුළු මැදින් ගොඩ නැගු රජදහනේ අගය නැති වී යයි. වැහි බිංදු සේ කඩන් වැටෙන කදුළු බිංදු අතරේ ඒ සිහිනය බොදවෙලා යයි. මෙයින් අදහස් වන්නේ අහස ගුගුරුවාගෙන අකාලයේ පැමිණි වැස්සක් මෙන් කුමන හෝ හේතුවකින් මේ දෙදෙනාගේ පෙම් ලොව දෙදරුම් කෑ බවයි. මෙලෙස බිද වැටුණුු රජ දහනේ නටඹුන් අතරින්වත් ඇයව රැුගෙන යාමට අදහස් කරද්දී එනම් පෙම්වතාගේ රජදහනේ අවසන් ලා දල්ල ජීවත් වීමට වෙර දරද්දී වෙනත් කෙනෙකු ඈ වෙත ළං විය.
අහස ගොරවයි. ඒත් සමගම වැහි වලාකුළු වලින් අහස වසා ගනී. ඉන් පසු වැහි බිංදු මහපොළොවට පතිත වේ. අහස ගෙරවීමෙන් කියනු ලබන්නේ මේ පෙම්වතා ඉකි ගැසු ආකාරයයි. කළුවක් වපුරා යන්නෙන් කළු වලාකුළු අහසේ තුනී වුන ආකාරය කියනු ලැබීමෙන් ඔහුගේ හිත වේදනාත්මකව දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී ඉතිරී ගිය ආකාරය කියනු ලැබේ. වැහි බිදු වැටුනා යැයි කීම තුළ ඇය හඩා වැටුන ආකාරය කියනු ලැබේ.
ඒ අනුව සංකේත භාවිතා කර එම සංකේත මාර්ගයෙන් පෙම්වතාගේ හඩා වැටුම, ඉකි බිදුම, හිත දෙදෙරා යෑම, හිතේ දුක හට ගැනීම, නැතහොත් ඒ දුක තුළින් හඩා වැටීම, ඉතාම සුන්දරව කියනු ලැබීය.
හදවිල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිිලිහුණු කදුලක්
සත්සමුදුරකට මුසුව ගියා”
මෙහිදී පද රචකයා යොදා ගෙන ඇති පද වල නිර්මාණාත්මක බව ඉතා ඉහළය. මෙහි හද විලේ ඉපදුන මල් කැකුළ වන්නේ මොවුන් දෙදෙනාගේ පේ‍්‍රමයයි. පෙම්වතාගේ හදවත නමැති විලේ උපන් කැකුළ වන්නේ තම පෙම්වතියයි. මෙම පෙම්වතාගේ විලෙහි පිපුණු සෙනෙහස නමැති පෙහොට්ටුව නොකලට එනම් පෙති දිග හැර පිපෙන්නටත් පෙරම අකාලයේ නටුවෙන් කඩා දමා ඈතකට යවා ඇත. ඒ දුක දරා ගැනීමට නොහැකි මෙම පෙම්වතා හඩා වැටුන ආකාරය කියා පානු ලැබුවේ ”මිහිලිය තෙත් කොට ගිිලිහුණු කදුලක් ” යනුවෙනි. මිහිලිය යනු මහී කාන්තාව නොහොත් මහ පොළොවයි. මේ මහ පොළොව තෙත් වන්නට තරම් හැඩු බව දැක්වීමෙන් මොහු අසීමිතව හැඩූ බව කියනු ලැබේ. එසේම ඒ හැඩු කදුළු වලින් සප්ත මහා සාගරය පුරවා දමන්නට ඒ කදුළු සමත් වුවා යැයි කියනු ලැබීමෙන් තව දුරටත් එම හැගීම තිව‍්‍රර කර දක්වා ඇත.
මේ ප‍්‍රියාවියගේ වියෝගය නිසා ඔහු කාටත් රහසේ කාටත්නොපෙනෙන සේ වැලපෙන අයුරු වොලී නානායක්කාර නම් වු ප‍්‍රතිභාපුර්ණ ගේය පද රචකයා සහෘද හදවත් ප‍්‍රකම්පනය කරවන අයුරින් ඉතා සංයමයෙන් සටහන් කර ඇති අයුරු විශ්මය ජනකය.
ඔබව උරුම වු රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එන තුරු
පොපියන හදවත සිටී බලා
තමා අකමැති කෙනෙකු සමග මුළු ජීවිත කාලෙම ජීවත් වන්නට ලැබීම තරම් අභාග්‍යක් තවත් තිබේද? කොපමණ මිල මුදල් සැප සම්පත් මැද තමාට ගත කිරීමට සිදු වන්නේ සිරකාර ජීවිතයක්නම් කොපමන සැප සම්පත් තිබුනත් එහි ඇති ඵලය කුමක්ද? මෙම තරුණිය විවාහ වන්නේ ධනවත් තරුණයෙකු සමගය. ඇයට කිසිම දේකින් අඩුපාඩුවක් නොමැත. එහෙත් මෙම යුවතිය විවාහ වන්නේ සිය කැමැත්තෙන් නොවන නිසාවෙන් ඇයට උරුම වුනේ රිදුන තැවුන හදවතකි. පෙම්වතිය සිටින්නේ තමන් කර ගත් විවාහයේ රසය විදිමින් නොවේ. පෙම්වතියට උරුම වී ඇත්තේ සෝ තැවුල්ය. ඇයට විදීමට ඇත්තේ සිරකාර ජීවිතයකි. එම යුවතිය ගෙවන්නේ සිරකාර ජීවිතයක් බව දැනවිමට එක්ටැම් මැදුර යන සංකේතය යොදා ගෙන ඇත.
පෙම්වතාට මෙන්ම පෙම්වතියටද ඇතිවන විරහ වේදනාව හමුවේ ඇය සියළු බාධක බැමි බිද දමමින් සැප සම්පත් හැර දා නැවත මෙම පෙම්වතාගේ තුරුලට එනතුරු ඔහු වේදනාත්මක හදකින් යුතුව බලා හිදී. ඇත්තටම ඇය නාවොත් ...ඔහු බලාගෙන හිදී. ඇය එන්නේම නැත්නම් ඒත් ඔහු බලා ගෙන සිටී. ජීවිතයේ අවසාන මොහොත දක්වා ඔහු බලා ගෙන සිටිවි. ඇය කොයිම මොහොතේ හෝ ඒවි යන හැගීමෙන් ඔහු බදා හිදී. එය සැබෑම පේ‍්‍රමය නම් විය.
ඒ අනුව මෙම ගැඹුරු ගීතයේ පද ඇරත් විමසා බැලූ කල මෙය මාතර ආච්චී නමැති සිනමාපටයෙන් වෙන් කර වුවද පේ‍්‍රමය හා සම්බන්ධ කර ගනිමින් අපට විදීමට හැකියාව තිබේ. එහෙයින් මෙම ගීතය විශිෂ්ට නිර්මාණයක් බවට පත් කිරීම සඳහා වොලී නානායක්කාරයන් එහි පද අරුත් ගත්වා ඇති ආකාරය අපුරුය. ඔහු විශ්ෂ්ට ගේය පද රචකයෙක් යැයි කීම වරදක් නොවන්නේ එහෙයිනි.
ගීතිකා කෝණාර
No comments:
Post a Comment