සිනමාව යනු සජීවී කලා මාධ්‍යකි. එය සැබෑ ලෝකයේ ස්වභාවය ප‍්‍රශ්න කරමින් අර්ථ නිරූපණය කරමින් හා සංස්කරණය කරමින් විවිධ නිර්මාණශීලී හා පර්යේෂණාත්මක මං ඔස්සේ ඉදිරිපත් වන්නකි.
1946 සිංහල කතානාද චිත‍්‍රපට නිෂ්පාදන කිරීමට මිනර්වා නාට්‍ය කණ්ඩායමේ බී.ඒ.ඩබ් ජයමාන්න ඇතුළු පිරිස දර්ශන තිර පසුතල ආදී බඩු මුට්ටු කප්පරක් රැගෙන නැව් නගින විට ද ලොව ශ්‍රේෂ්ටතම චිත‍්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ බිහි වු බව ඔහුවු නොදැන සිටියහ. එනම් 1941 මැයි මස 01 දා මහජන ප‍්‍රදර්ශනයට ලක්කළ සිිටිසන් කේන්ය. එය චාර්ලිස් පෝස්ටර් යන ධන කුවේරයාගේ ජීවන තතුව වටා කේන් නම් ධන කුවේරයාගේ ජීවන තතුව වටා විරචිත සිනමා කෘතියකි.
ඇමරිකා එක්සත් ජනපදයේ කුබ්ලායි කාන් ලෙස අපරනාම ලැබු මහා ධන කුවේර චාර්ල්ස් පෝස්ටර් කාන් ගේ මරණ මංචකයෙන් චිත‍්‍රපටය ඇරඹේ.
ජෙරී තොම්සන් මේ පිළිබදව ප‍්‍රවෘත්ති පටයක් නිපදවනු ලැබේ. ඔහු මිය යන නිමේෂයේ Rose Bud නම් වදන මුවින් ගිලිහේ. ඒ අනුව චාර්ලිස් පෝස්ටර් කේන් නම් ධන කුවේරයාගේ මරණාසන්න මොහොතේ තෙපලන ඍදිැ ඊමා යන වදන කුමක්දැයි සොයමින් දෘෂ්ටිකෝ්ණ පහක් ඔස්සේ චිත‍්‍රපට කතාව දිග හැරෙයි.
x සුසන් ඇලෙක්සැන්ඩර් නම් කේන්ගේ දෙවන බිරිය
x ජෙඬේඩා ලේලන්ඞ් නම් සමීපතම මිතුරා
x වෝල්ටර් පාර්ක් කැචර් නම් කේන්ගේ දේපල වල නෛතික බාරකරු
x බර්න්ස්ටයින් නම් මිතුරු ව්‍යාපාරික සහායකයා
x බටරේරුවා නම් රේමන්ඞ්
නම් පංච පුද්ගලයෝ වෙති. කෝණ පහක් යොදා ගනිමින් මෙය ගොඩ නැගුවද රෝස කැකුලේ විත්තිය ඔවුන්ට අනාවරණය කර ගැනීමට නොහැකි වෙයි. අවසානයේ මාධ්‍ය නඩය සැනාඩු මැදුරෙන් පිටව යති. සේවකයෝ විසින් අබලි සුන් බුන් ගිනිමැලයට දමති. ඒ අතර පැරණි ඔරුවක්ද වෙයි. ඒ හිම ඔරුව මත ඍදිැ ඊමා යනුවෙන් ලියා තිබෙනු අපට පෙනේ. එය කේන්ගේ ළමා වියේ සුරතල් සෙල්ලම් බඩුවකි. සැනාඩු මැදුරේ දුර රූපයකින් චිත‍්‍රපටය නිම වේ. රෝස කැකුළ නම් වු හිම ඔරුව දවමින් නැගෙන දුම්රොටු චිමිනියෙන් අනන්ත අහසට නැගෙයි. මේ ආකාරයට සිනමා කෘතියේ සාරාංශය දැනක්විය හැකිය.
ඒ අනුව සිටිසන් කේන් යනු වාර්තා රංගයකි. සිනමා කෘතියේ සියල්ල හකුලා දක්වනුයේ Rose Bud යනුවෙන් නම් කෙට ඇති හිම ඔරුවකි. මෙම සංස්කෘතික මූලයක් ඇති සංකේතයකි. හිම ඔරුව යන්න සිටිසන් කේන් තුළ නිශ්චිත අරුතක් ගෙන එන ලද්දකි. එය කේන්ගේ අහිමි වී ගිය ළමා කාලය සංකේතවත් කරන්නකි. නත්තල් සීයා එන්නේ හිම ඔරුවෙනි. හිම ඔරුව සදහා එක් එක් නාම තැබීම බටහිර ළමුන්ගේ සිරිතය. කේන්ගේ හිම ඔරුවේ නම Rose Bud යන්න ප‍්‍රබල රූපකයක්ව චිත‍්‍රපටය පුරා දිවන්නකි. එය ගැහැණියක්ද, භාණ්ඩයක්ද, තනතුරක්ද ආදී වශයෙන් සමස්ථ වෘත්තාන්තයම ප‍්‍රබල සංකේතයක් බවට පත්වේ.
දැවැන්ත මැදුරක විසල් ගේට්ටුවක අවසර ඇතුව ඇතුල් වීම තහනම් යන පුවරුවක් රැගත් වසන ලද යකඩ ගේට්ටුවක් දිගේ ඉහළට ඇදෙන දොඹකර රුපයකින් සිනමාපටය ඇරඹේ. කෙනෙකුගේ ජීවිතයේ පෞද්ගලික පැත්තට අවසරයකින් තොරව ඇතුල්වීමට උත්සහ දරන බව සිනමාපටය ආරම්භයේදීම අධ්‍යක්ෂකවරයා සංඥාර්තවත් කරයි. මෙහි දැන්වෙන ප‍්‍රබල අංගයක් ලෙස කැමරා අධ්‍යක්ෂණය දැක්විය හැකිය. ගේ‍්‍රග් ටොලන්ඞ් විසින් මුතුකැට ලෙසින් අමුණා ඇති මෙම රූප කාව්‍ය කැමරාකරණයේ සංහිදකි.
ඒ අනුව මෙහි කතා සාරාංශයට අනුව මෙහි ඇත්තේ මහා පුරුෂයකුගේ මරණයෙන් අනතුරුව ඔහුගේ සමීපතමයන් අතීතාවර්ජන දෘෂ්ඨිවලින් මිය ගිය මිනිසාගේ ජීවිතය කෙබන්දක්ද යනනට අර්ථ ව්‍යාඛ්‍යාන සැපයීමකි. ඊට ගැලපෙන රූප රිද්මය රූප ආඛ්‍යානය ඔහු පිහිටුවා ගෙන ඇත. රූපයෙන් රූපය කාව්‍යාත්මක ලෙස ගලපමින් මිනි්ස් මතකය කූරු ගාමින් මනුෂ්‍යත්වයට අදාළ මතක ස්මාරක එළියට ඇදෙන ලෙස කැමරාව මෙහෙයවා ඇති ආකාරය අති විශිෂ්ටය. කම්පිත බවක් ඇති කිරීමට වේල්ස් බොහෝ විට ඍජු ෙඡ්දන භාවිත කරයි. ඇතැම් තැන්හි දීර්ඝ දර්ශනාවලී භාවිත කරන්නේ සංයමය මගින් ගැඹුරට එබී බැලීමටය.
චිත‍්‍රපටය ඇරඹෙන කේන් මැදුරේ ගේට්ටුවේ දර්ශනය දීර්ඝ එකකි. මදින් මද වු වේගයකින් ඉහළට ගමන් ගන්නා කැමරාව ණ අක්ෂරය හසු කර ගනී අදුරු මැදුරේ එකම කාමරයක කවුළුවකින් මද එළියක් ගලයි. මෙම රූපාවලිය අඛණ්ඩ දීර්ඝ වූ එකකි.
මෙහි සාමාන්‍ය සේයා පට මෙන් සිව් ගුුණයක් වේගවත් මෙය අධි ආලෝකය සංවේදී බවක් ගම්‍ය කර ඇත. එසේම ගැඹුරු නාභිගත ක‍්‍රමය තුළ එකිනෙකට වෙනස් වස්තු වෙනස් පරාසයන් තුළ එකම රාමුවකට සකස් කිරීම සහ ඒ සියල්ල සුපැහැදිලි ලෙස අනාවරණය කිරීම දැකිය හැකි කරුණු වේ. එකිනෙකට දුරින් පිහිටන වස්තු දෙකක් හොදින් නාභිගත කර ඒ දෙක අතර ඇති පරතරයේ තිබෙන වස්තුද එක ලෙස පැහැදිලි කිරීම තුළ අඩංගු විශ්මයෝ වෙති. කේන්ගේ ළමාවිය මීට නිදර්ශන සපයයි. කේන්ගේ මව ඔහු අධාපනය පිණිස කැචර් මහතා වෙත ගිවිසුමක් අත්සන් කර බාර දෙන අවස්ථාව සැලකිය හැකිය.
පෙරබිම, මැදබිම, පසුබිම, යන කාලත‍්‍රයම ප‍්‍රයෝජනයට ගැනීම කාලය හා අවකාශය ලඝුකොට දැක්වීමයි. බෝඩිමක් ලෙස පවතත්වාගෙන ගිය නිවසේ ඉදිරි කාමරය ස්ථානයයි. රූපරාමුවේ පෙරබිමෙහි මව හා තැචර් ගිවිසුම් අත්සන් කරති. මැදබිමෙහි කේන්ගේ අවාසනාවන්ත පියා සිටියි. කාමරයේ පසුබිමින් ඇති කවුුලූවෙන් පිටත දර්ශනය වේ. ඉන් දර්ශනය වන්නේ කුඩා චාලී කේන් හිම හා සිය හුරතල් හිම ඔරුව සමග ප‍්‍රීතියෙන් ක‍්‍රීඩා කිරීමයි. මේ සියලූ පරාසය ග‍්‍රහණය කර ගැනීමට (ටොලන්ට්ගේ ශිල්පය* කැමරාකරු සමත් වී ඇත.
මෙහි යෙදාගත් කාච සහ ආලෝක සිටිසන් කේන්හි සංඥාර්ථමය අරුත් සැපයීමෙහි වැදගත් වේ. කේන් කළකිරුණු සිතින් හා කෝපයෙන් සූසන්ගේ කාමරයට ඇතුළු කරන කලහය එබදු තැනකි. පෙරබිමෙහි හා පසුබිමෙහි එළිය හා අදුර මාරු කරමින් රූගත කර ක‍්‍රියාකාරීත්වය සහිතව නැවත එම දර්ශනයම රූගත කරමින් සූසන් සම්බන්ධව කේන්ගේ සිතෙහි වූ වික්ෂෝපය එළියට ගැනීමට ඔවුහු සමත් වෙති. පහළ කෝණය සහිතව ඇතැම් අවස්ථාවල කැමරාව පොළොවේ හෑරූ වළක තබා කේන්ගේ සිතුවිලිවල තවත් පාර්ශවයක ටොලන්ට් විසින් රූපමය ප‍්‍රතිනිර්මාණයකට පත්කරනු ලැබිණ.
එසේම මෙහි සංස්්කරණය නම් මෙවලම් සම්බන්ධ සිනමා ඉගැන්වීමට භාවිත කරන ප‍්‍රශස්ථ අවස්ථා සිටිසන් කේන් තුළ පිරී ඇත. වෘත්තාන්තය පුරාවට විටින් විට හිිම වැටෙන දර්ශනයක් තිබේ. එය ඉතා පාළු ස්වභාවයක් අප සිත් කාවද්දන්නකි. මීලගට පුළුල් කෝණයකට රූපරාමු පත්වන විට අප දකින්නේ මේ හිම තුහින පතනය කේන්ගේ අතින් ගිලිහෙයි. ක‍්‍රමයෙන් ගිලිහී යන එය කැබලි වලට බිදී යයි. ජීවිතය බිදී විසිරී යයි. මෙම වීදුරු බෝලය කේන් සිනමා පටයේ ප‍්‍රධාන සංකේතයකි. සිනමාපටය පුරාවට වීදුරු බෝලය කේන්ගේ අතීත දිවිය තුළ වරින් වර අඩංගු කරමින් ඒ අපුරු සංස්කරණය තුළ ගමන් කරයි.
x යක්ෂාවේෂව සුසන්ගේ කාමරය සුන් කොට නොපිට පෙරලන කේන් මේසය මත තිබු මෙම වීදුරු බෝලය දැක සන්සුන් වීමත්
x දහසක් සුව පිරි සැනාඩු මැදුරෙන් හා ජීවිතයෙන් ඔහු තෝරා ගත්තේ වීදුරු බෝලය පමණක් වීමත්
තුළ ඔහුගේ ජීිවන රහස් ගැබ් වූවක් ලෙස මේ හිම බෝලය සංකේතවත් කරයි. එම ඉරනම්කාරී හිම තුහිනය සහිත පාලූ දිනය නම් කුඩා චාලී කේන් සිය මවගෙන් හා සිය සතුට පිරි ළමා ලෝකයෙන් රෝස කැකුළ නම් ඔරුවෙන් කඩා ගලවා අධ්‍යාපනය පිණිස ගිවිසුම් ගත කර පිටත් කර යවනදා තිබුනේ් එම හිම දවස බව අප දකිනුයේ බොහෝ පසුවය. මෙය ඉතාම ඉවසීම සහිතව සංකේතවත් කළ බව කිව යුතුයි. සිනමාත්මක කියවීමකදී අපගේ සිනමාපට පාඨකයාට විචාරකයන් විසින් සොයා පාදා දිය යුතු සිනමාපට භාෂාවේ රහස් අතර සිනමාත්මක සංකේත ඉතාම ව්‍යක්ත අවස්ථාවකි. ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ නිදානය චිත‍්‍රපටයේ් මොණර පිහාටුව, මොණර කූඩුව හා චර්යාව පිළිබද සංකේතය අඛණ්ඩව වර්ධනය කර ඵල නෙලාගත් අවස්ථාව මෙහිදී අපට සිහි වෙයි.
චිත‍්‍රපටය ආරම්භයේදී කේන් මිය යන මොහොතේ ඔහු අත තිබී බිම වැටී කැඞී යන හිම බෝලයේ එක් කැබැල්ලකින් පිළිබිඹු වී පෙනෙන්නේ කාමරය තුළට පිවිසෙන සුදු හැදගත් හෙදියයි. ඒ තුළින් සංඥාකරණය කරනුයේ තමා කීමට සුදානම් වන කතන්දරය හුදු පිළිබිඹුවක් නොව මායාව හා යාථාර්තය අතර දෝලනය වීමක්ය යන්න විය හැකිය.
එසේම කැචර් නමැති නීතිඥයා කේන්ව නගරයට රැගෙන යන්නේ දුම්රියෙනි. ඒ බව සවිස්තරාත්මකව නොකියන සිනමා කරු කේන් හිමේ අතහැර යන හිම ඔරුව ටිකෙන් ටික හිමෙන් වැසෙන විට කාලය ගත වන බවත් ඒ බව හඩ පටයේ ඈතින් ඇසෙන හූ හ`ඩ ඔවුන්ගේ ගමන ගැනත් පේ‍්‍රක්ෂකයාට සංඥාර්තවත් කරයි.
ඇමරිකාවේ ජනාධිපතිතුමන්ගේ ඥාතී දියණියක හා කේන් විවාහ වෙයි. ඔවුන්ගේ ආදරය සමීප බව ටිකෙන් ටික ඈත් වෙයි. මේ සියල්ල කීමට රූපරාමු වදන් රාශියක් භාවිත කරනු වෙනුවට ඔන්ස්වෙල්ස් භාවිතා කරන්නේ එක් අවස්ථාවකි. විවාහ සමයේ එක ලග අසුනේ ඉතා සතුටින් ආහාර ගත් ඔවුන් ටිකෙන් ටික මේසයේ දෙපසට ඇදෙයි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ දුරස්ත බව ඒ තුළින් සංකේතාත්මකව ගෙන එයි.
චාල්ස් පෝස්ටර් කේන් නම් මහා ධන කුවේරයාගේ ඇතුල් හදට එබී බැලීමට උත්සහ දරන සිටිසන් කේන් සිනමා කෘතියේ සමස්ත වෘත්තාන්තය පුරාවටම අපට හමුවන්නේ ඔහුගේ ගෘඩ චෛතසිකයයි. මෙම ගෘඩ චෛතසිකය විස්තර කිරීමෙහිලා අධ්‍යක්ෂකවරයා භාවිතා කරනුයේ ජර්මන් ප‍්‍රකාශන වාදයේ අදුරු සිනමාවේ යම් යම් උපක‍්‍රමයි. කේන්ගේ මනසේ ක‍්‍රියකාරීත්වය හා සමානුපාතිකව ඔහුව ආලෝකකරණය කර ඇත.
කේන් හා සුසන් ඇලෙක්සැන්ඩර් අතර ඇති අයතා සම්බන්ධය පිළිබදව අවස්තාවන්හිදී කේන්ව ස්ථාන ගත කරන්නේ අදුර තුළය. උදාහරණයක් තුළ අංක 108 දරණ තට්ටු නිවාසයේ සූසාන් ඇලෙක්සැන්ඩර් හමුවීමට කේන් හා ඔහුගේ බිරිද ගිය මොහොතේ කේන්ව ස්ථානගත කර තිබුනේ අදුර තුළය.
තවද සැනාඩු නම් සුවිසල් මැදුර හා කේන්ගේ ජීවිතය ගත්තද සිනමා කරු කේන්ගේ සිතේ පවත්නා තත්වය විග‍්‍රහ කරන්නට රූපරාමු පසුතලය හා අලෝකය භාවිතා කර ඇති ආකාරය අපුරුය.
සැනාඩු නම් සුවිසල් මැදුරක් තනා එහි ගෙවන ජීවිතයේ හිස් බව ගෘඩත්වය ඒකාකාරී බව පෙන්වන්නේ මැදුර ආලෝකමත් කර ඇති ආකාරය හා පසුතලය තුළ භාණ්ඩ අහුරා ඇති ආකාරය තුල ය. අදුර බහා හෙවනැලි මෙන්ම කේන් හා සූසන්ගේ ජීවිත ඈත්වීම ඉදිරිපත් කරනුයේ අල්ප දෙබස් භාවිතය හා සූසන් ඇලෙක්සැන්ඩර් බිම වාඩි වී සෑදීමට තනන සුවිසාල පින්තූරය ඇසුරු කරගෙනය.
කේන්ගේ ළමා විය අදුරු නැත. හිම තුළ ළමා වියේ ආලෝකය සංකේතවත් කරයි. මෙම ආලෝකමත් ළමා විය ඉල්ලා සිටීම සමස්ථ වෘත්තාන්තයේ හරය කොට ඉදිරිපත් කරයි. බුදු දහමේ ඉගැන්වෙන සියළු දේ නැසෙන සුළුය යන අරුත සිටිසන් කේන් හි යටි පෙළෙහි දිවෙන්නාක් බදුය.
කේන්ගේ මැදුරේ මහාර්ඝ වූ වස්තුන් අතර ඇති සුන් බුන් ඉවත් කරන අතර තුර Rose Bud නමින් ලියා ඇති හිම ඔරුවද ගින්දරට වැටෙයි. එය ක‍්‍රමයෙන් ගින්දරට හසු වී දිය වී යයි. එය දුම් තලය දිගේ අහස් ගැබට එකතු වන ආකාරය දුර රූපක් තුළින් ගෙන එයි. Rose Bud පිළිබද රහස සදා කාලිකව සැගව යයි. මේ අනුව ජර්මන් ප‍්‍රකාශනවාදයේ එන,
x කලූ සුදු මාධ්‍ය
x සෙවනැලි සහිත බව
x දැඩි අදුර සහිත ආලෝකකරණය
x අවකාශය සීමා කිරීම
ආදිය තුළින් ඇතුල් හදට නැඹුරු වූ ගුප්ත හදවතක කතාන්දරය සංඥාර්තවත් කරයි.
ගීතිකා කෝණාර
👌👌👌👌👌
ReplyDelete
ReplyDeleteela sis...good luck
Elaaaaa.. supiri..
ReplyDeleteNiyamai sis😉
ReplyDeleteSupiriyi akke
ReplyDelete