මෙ
තරම් කෙටි කලක් තුළ මා කෙතරම් වෙනස් වී දැයි සිතා ගැනීමට නොහැක. එම වරද සම්පූර්ණ මා හට පවරා ගැනීමට ද මා අකමැතිය. එම වරද වෙන කෙනෙකු මතද පැටවිය නොහැක. ඊට හේතුව කුමක්දැයි මට හරි හැටි කිව නොහැක. එය එසේ වන්නේ මෙහිදී සිදු වූ ඇතැම් සිදුවීම් මගේ හිතට බෙහෙවින් කා වැදී ගිය නිසාද? නොඑසේ නම් ඒවා මට ගමින් දුර ඈත පළාතකට යනු පිණිස ඉඩ ලැබුණු අවස්ථාවක් නිසා දැයි නිශ්චය කොට කිව නොහැකිය. එය කාගේවත් වරදක් නිසා නොව මෙම සමාජ ක‍්‍රමය තුළ ඇති වෙනසක් යැයි විටෙක මට සිතේ.
මොනරාගල කුඩා ගමක හැදී වැඩුණු මා නමින් අංජලීය . ක‍්‍රමක‍්‍රමයෙන් උද්දාමයට ලක්වුණූ ආර්ථිකය ඉදිරියේ මාගේ පියාගේ හේනෙන් ගොවිතැනෙන් ලැබුන දෙය එදා වේල පිරිමසා ගැනීමට වත් ප‍්‍රමාණවත් නොවුණි. එහෙත් ඔවුන්ගේ එකම හීනය වූයේ මා රජයේ රස්සාවක් කරනු දැකීමය. කුඩා කළ සිට ඉගෙනීමට දක්ෂ වු මා ශිෂ්‍යත්ව විභාගයේ සිට පිළිවෙලින් අපොස සාමාන්‍යපෙළ හා අපොස උසස් පෙළ විභාගය ඉතා ඉහලින් සමත් වී සරසවි වරම් ලබා ගැනීමට දස්කම් පෑවාය. එතැන් පටන් ආරම්භ වු සරසවි ජීවිතය මගේ ජීවිත කතාවේ අලූත් පිටුවක් පෙරලීමට සමත් විය. මහත් බලාපොරොත්තු කන්දක් සිත තුළ තබා ගෙන කැළණි සරසවියේ කැලණි කන්ද නැන්ගේ මගේ දෙමව්පියන්ගේ සිතේ වු අහිංසක බලාපොරොත්තුව ඉටු කිරීමේ අදිටනෙනි.
සෑම අතින්ම නුහුරු නුපුරුදු මේ ජීවිතය මගේ හදවත පෙලන්නක් විය. මේ රටෙහි නොව අමුතු රටක නිවසන්නන් ලෙස සිතාගත් ගැහැණුන්ගෙන් හා පිරිමින්ගෙන් යුත් මෙහි ඉන්නවුන් මීහරකුන් වැනි ඝන සම් ඇත්තවුන් යැයි මට සිතේ. නොඑසේ නම් ඔවුන් කෙසේ මේ පීඩනය ඉවසන්නද? ඉන් ආස්වාදයක් ලබන්නද? මෙහි ඇති ජීවිතය කුමක්ද?
නන් දෙසින් පැමිණි සොයුරු සොයුරියන් ය. ඔවුන්ගේ ඇදුම් පැලදුම්, කතා බහ, හැසිරීම් රටා විවිධය. මට මෙහි ජීවත් වීමට හුරු වීමට කොතෙක් කාලයක් ගත වේවිදැයි සිතට දැනුනේ මහත් බියකි. කාත් කවුරුත් නොදන්නා මෙවැනි පළාතක තනිව විසීම කෙතරම් අසීරු වේවිදැයි මගේ සිත ඇසු වාර අන්නතය. මා මෙහි ගෙනවිත් අතරමං කර යන්නේ යැයි දෙමාපියන් යන විට මගේ හිත හඩා වැලපුනි. දහම් පාසලේදී මා උගත් පරිදි ප‍්‍රිය විප්පයෝගෝ දුක්කෝ යන්න සිහි වූයේ එවිටය. පි‍්‍රයයන්ගෙන් වෙන් වීම තරම් දුකක් මෙලොව නැතැයි වැටහුන මා කෙසේ හෝ හිත හදා ගනිමින් මෙම පරිසරයට හුරු වීමට තීරණය කළෙ මි.
ඈත පිටිසර ගමක බැවින් මා හට සරසවිය තුළින්ම නේවාසික පහසුකම් ලබා දුනි. එක් කාමරයක පස් හය දෙනාය. මා සිටි කාමරයේ කුරුණෑගල, කෑගල්ල, ගාල්ල, අනුරාධපුරය, යන ප‍්‍රදේශවලින් පැමිණි හතර දෙනෙකු විය. ඒ අතර මට ඉතා සමීප වුයේ දිල් සහ අනුය. දන්නා කිසිවෙකු ලග පාතක නොමැති මෙහි සෑම දෙයකදීම පිහිටට සිටියේ ඔවුන්ය.
පාසල් කාලයට වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවකට මෙහිදී හුරු වීමට මා හට සිදු විය. පාසලේ සියල්ල මෙහෙය වනු ලැබුවේ ප‍්‍රින්සිපල් ඇතුළු ගුරු පිරිස වුවද මෙහිදී එම තත්වය වෙනස් විය. මෙහිදී පළමුව සිදු වූයේ දෙවන වසර සහෝදරත්වය විසින් සරසවියේ උප සංස්කෘතිය නමින් හදුන්වා ගත් දෙයකට සියලූ පළමු වසර සිසුන් හුරු කිරීමය. එය බැම්ම නම් විය. එහිදී මට ඔවුන් පෙනුනේ යක්ෂයන් භූතයන් ලෙසය. එතරම්ම ඔවුන් බිය කරු විය. මා පළමුවම ලෙක්චස් යෑමට සුදානම් වූයේ බැදි බලාපොරොත්තු ගොන්නක් තුරුළු කර ගනිමිනි.......................
”ඒ ඒ ඔහොම නැවතියං”
”උඹ කොහෙද දුවන්නෙ”
”උඹ දන්නවද අද කැම්පස් එකේ මොකක් ද තියෙන්නෙ කියල.”
මගේ හුස්ම හිර වුවාක් වැනිය. මේ සිදු වන්නේ කුමක් දැයි සිතාගැනීමට නොහැකිව මා බිරාන්ත වී බලා සිටියෙමි. ඔහු ප‍්‍රශ්න වැලක් අසාගෙන ගියද එය මට නෑසුනේය. මා ඒ කිසිවකට උත්තර දීමට නොගියාය.
”ඇයි උඹේ කන් ඇහෙන්නෙ නැද්ද ආ”
”උඹේ නම මොකක්ද”
මෙම ප‍්‍රශ්න සැර විය. මා එවිට ඔහුගේ මුහුන දෙස යන්තමට බැලූවේ ඔහු කොයි වගේ නෙනෙකු දැයි බලා ගැනීමටය. මට එවිට හිතට දැනුනේ මා ඔහුව ආත්ම ගනනක සිට දන්නා හදුනන කෙනෙකු ලෙසය. ඔහුගේ හඩ සැර වුවද ඔහුගේ පෙනුම අහිංසක විය. ඔහු කෙතරම් සැරෙන් කතා කළද ඔහු ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු මිමිනුවේ සිංහයෙකුට අසු වූ මුව පොවුවෙකු ලෙසය.
ම.......ම අංජ.....ලී
මා පැවසුවේ එපමණකි. එය පවසත්ම මගේ ඇස් වලට කදුලූ ඉනුවේ ඔහුගේ සැර පරුස කම නිසාවෙනි. ඔහු ඉදිරිපිට ඇඞීමට මට හැකි වූයේ නැත . එම කදුලූ මා ගිල ගත්තේ ඉතාමත් අසීරුවෙනි. එතනින් පසු ඔහු ප‍්‍රශ්න වැලක් අසා ගෙන ගියද මා ඒ කිසිවක් නෑසුන පරිදුදෙන් මුනිවත රැුක්කේ තව දුරටත් මට ඔහු සමග කතා කිරීමට තරම් දෛරියක් නොතිබු නිසාවෙනි. බැරිමතැන ඔහු යන්න ගියේ මගේ නිහැඩියාව ඉවසාගත නොහැකි නිසා යැයි මට සිිතුනි. එහෙත් කවදාක වත් නොදැනුනු අමුතු හැගීමක් සිත තුළ එහා මෙහා ගමන් කරන්නාක් මෙන් දරුනෙන්නට විය. .................
උදේ අටේ කනිසමට ලෙක්චර් එකට දුවන මා හට විවේකයක් ලැබුනේ දහවල් කෑම වෙලාවේදීය. නැවතද දේශන පැවැත් විය. මෙය මහත් හිරකාරී ජීවිතයක්යැයි මට හැගී ගියේය. මෙය ජීවිතයක් නොව කිසිවකු විසින් පාලනය කරනු ලබන මහා යන්ත‍්‍රයක් වැනිය. උදේ සිට ? වන තුරු මේ යන්ත‍්‍රය එකම ආකාරයෙන් ක‍්‍රියාත්මක වේ . ඊට අසු වීමේ අභාග්‍යයට ලක් වූ මගේ හදවත දැන් දිරාපත් වීමට ආසන්නව ඇත.
ඇතැම් සවසක මෙවැනි හැගුමෙන් විඩාපත් සිත් ඇති මා කරන්නේ ඇදට වී හිස් කල්පනාවක යෙදී සිටීමය. එවැනි විටක මගේ සිත ඉබේම ඇදී ගියේ මේ සිරගෙයින් සැතපුම් ගණනක් ඈත රමණිය කදු ගැටයෙන් විහිදුන ඒ මගේ සොදුරු ගම වෙතය. නිල්ල ගැසුණු වෙල් කුඹුරු දිය කඩිති කෙතරම් ආස්වාදයක් ජීවිතයට ගෙන දුන්නේද? ගොයම් කපා ඉවර වන තෙක් මා බලා සිටින්නේ ගමේ අනෙත් කොලූ කෙල්ලන් සම`ග සෙල්ලම් කිරීමේ වාරය පැමිණෙන තුරුය.
කුඹුරු වැඩ කිරීමට පටන් ගත් දිනයේ සිට මඩ කෙළියේ යෙදීම මාගේ ප‍්‍රියතම විනෝදාස්වාදය විය. මඩෙහි නටා අම්මාගෙන් ගුටි කෑ වාර අනන්ත අප‍්‍රමානය. එම පරිසරය තුළ ඇති සුන්දරත්වය මේ කාශ්ඨක කොන්ක‍්‍රීට් වනාන්තර වලට වඩා කෙතරම් අගනේද
”අංජු ................”
මා පියවි සිහියට ආවේ දිල්ගේ ආමන්ත‍්‍රණයෙනි.
”යමුද කෑම කන්න . ..... දැන් ගොඩක් ? වෙලානෙ”
”හරි දිල් මන් එන්නම් ඔයාල යමුකෝ”
”මොනවද බන් අහස පොළොව ගැටගහන්න තරම් කල්පනා කරන්නෙ”
”අනේ මොනවත් නෑ බන් මට මේ ගෙදර අයව මතක් වුනා”
කියමින් එම කතාව මග හැර ඔවුන් සමග යෑමට පිටත් වූයේ තවත් මෙහි රුදී සිටියහොත් ඔවුන්ගෙන් හැමදාම ඇසීමට සිදුවන බන ඇසීමට කැමැත්තක් නොමැති නිසාවෙනි............................
අලූත් දිනක උදාවකි. එදින වෙසක් පුරු පසළොස්වක් දිනය විය. මා නැගිටීමට පෙරම යාළුවන් ඇවිදීමට යෑමට තීරණය කර හමාරය.
”අංජූ.......අද අපි කැලණි පන්සල් යමුද? අපි කොහෙවත් ගියෙත් නෑනෙ බන් මෙහෙ ආවට පස්සෙ. මේකටම වෙලා ඇති වෙලා දැන්නම්”
”හරි හරි බන් නාහෙන් අඩන්නැතුව ගිහින් ලෑස්ති වෙයන් යන්න”
”තව කව්ද යන්නෙ හලෝ”
”තව අපේ සෙට් එකම යනව ... උඹේ තීරනේ වෙනස් නොකර වරෙන්කො හොදද”
”හරි හරි බන් මන් එනව”
පන්සලට ගිය විට මට දැනුනේ මෙය පන්සල්ද වෙළද පොළක්ද යන්නය. ඇගිල්ලක් ගැසීමට වත් ඉඩක් නොමැති තරම්ය. මලක් පහනක් පූජා කර නිශ්කලංකව බුදුන් වදින්නේ වත් කෙසේ දැයි සිත විමසති. මෙහි හාමුදුරු නමක් පෙනෙන තෙක් මානයක නැත. පන්සලට ආ උවැස උවැසියන් තැන් තැන් වල වාඩි වී මහා හයියෙන් ගාථා පද කියවති. මගේ සිත නැවතද ගම වෙත ඉගිල ගියේ ගමේ පන්සලේ ඇති සුන්දරත්වය සිහියට නැගුන නිසාවෙනි.
ගමේ පන්සල කෙතරම් නිශ්කලංකද? එයට ගිය විට දැනෙන සුවය කෙතරම්ද? මල් පහන් පූජාකිරීමෙන් පසු හාමුදුරුවන් විසින් පවත්වනු ලබන සුම්හිරි බෝධිපුජාවේ ඇති කන්කළු ස්වභාවය සිතේ සුවය ඇති කළේ කෙතරම් අපූරුවටද?
”ඒ අර බලපල්ලකො අරකි ඇදැන් ඉන්න ඇදුම දිහා”
මා ඇස් එක්වරම ඇදී ගියේ චෛත්‍ය අසල සිටගෙන සිටි කාන්තාව දෙසටය. එම ඇදුමේ සෑම තැනම සිදුරුය . ඒ මදිවට කේස කලාපයද කඩා ගෙන විත් සිටියාය. එය මෙවන් පින්වන්ත භූමියකට කෙතරම් අශෝභනද? තියෙන නැහැදිච්ච කම යැයි අපේ අම්මා සිටියේ නම් පවසනු ඇත. මෙහි සිටින ගැහැණුන් පන්සලද විලාසිතා මඩුවක් බවට පත් කරගෙන හමාර බව මට වැටහුණි.
හරිත වර්ණයෙන් නැහැවුණු උස් කදු වැටියෙන් පහළට සුදේ සුදු කොක්කු ?නක් සේ ඇදෙන උවස උවැසියන් හා ළමා ළපටින් කෙතරම් නම් චමත්කාර ජනක දර්ශනයක්ද? .........................?
බෝ වූ නිසාවෙන් නා ගැනීමට ගිය මට බොහෝ වෙලාවකට නැවත පැමිණිය නොහැකි විය. එතරම්ම පෝලිම දිගය. මෙහිදී හිතේ හැටියට නා ගැනීමටද නොහැකිය. පෝලිමේ සිටින අනෙත් කෙනාට ඉඩ දීමට සිදු වන බැවින් බාගෙට නාගෙන ඒමට සිුදු වේ. මෙය තව කොතෙක් කාලයක් ඉවසිය යුතුද යන්න සිතනා විට ඇති වූයේ මහත් වේදනාවකි. ගමේම සිටින කෙලි කොල්ලන් සමග ගං ඉවුරට පැන දියබුං ගැසීමට පෝලිමේ සිටීමට අවැසි නොවුනි. මා සිත නිතර ගමත් නගරයත් අතර අතරමංවන්නේ තවමත් මෙම පරිසරයට මා ආගන්තුක වූ බැවින් දෝයි මට සිතුනි.
බෝ වූ නිසාවෙන් නා ගැනීමට ගිය මට බොහෝ වෙලාවකට නැවත පැමිණිය නොහැකි විය. එතරම්ම පෝලිම දිගය. මෙහිදී හිතේ හැටියට නා ගැනීමටද නොහැකිය. පෝලිමේ සිටින අනෙත් කෙනාට ඉඩ දීමට සිදු වන බැවින් බාගෙට නාගෙන ඒමට සිුදු වේ. මෙය තව කොතෙක් කාලයක් ඉවසිය යුතුද යන්න සිතනා විට ඇති වූයේ මහත් වේදනාවකි. ගමේම සිටින කෙලි කොල්ලන් සමග ගං ඉවුරට පැන දියබුං ගැසීමට පෝලිමේ සිටීමට අවැසි නොවුනි. මා සිත නිතර ගමත් නගරයත් අතර අතරමංවන්නේ තවමත් මෙම පරිසරයට මා ආගන්තුක වූ බැවින් දෝයි මට සිතුනි.
..................................................................................................................
හැපී බර්ද්ඬේ ටූයු..... හැපී බර්ද්ඬේ ටූයු..... හැපී බර්ද්ඬේ අංජූ.... හැපී බර්ද්ඬේ ටූයු.....
යාළුවන්ගේ ඝෝෂාවෙන් අවදි වූ මා ඉතා විශ්මයටත් සතුටටත් පත් විය. මුළු කාමරයම දිව්‍යලෝකයක් සේ සරසා තිබුණි. මා මේ දකින්නේ හීනයක්දැයි මම ඇස් දෙක පිහිදා නැවත බැලූවේ එහෙයිනි. දෙවියනේ මම මේ තරම් ලස්සනට සරසා උපන්දිනයක් කිසිදිනක සමරා නැත. කිරිබත් ගුලියකින් එහා උපන්දිනයක් සමරන පළමු අවස්ථාව මෙය විය. කේක්, බීම, බිස්කට්, නෙයෙකුත් ලට්ට ලොට්ට එහි විය. සියල්ල අවසානයේ මා අත ලොකු පාර්සලයක්ද තැබීය. මගේ සතුට දෙගුණ තෙගුණ විය. මා මීට පෙර මෙවැනි දෙයක් දැක තිබුනේ රූපවාහිනියෙන් පමණි. මෙහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිත ඇත්තේ ඉමහත් කුතුහලයකි. එහි වූයේ ට‍්‍රව්සර් එකක් සහ විවිධ වර්ණයන් ගල් ඇල්ලු ටී සර්ට් එකකි. මෙවැනි ඇදුමක් කිසිදා ඇද නොතිබු මා මෙය කෙසේ අදින්නේදැයි මොහොතක් කල්පනා කළේ එහෙයිනි.
”මොනවද බන් කල්පනා කරන්නෙ”
”අනේ මන් මේ කල්පනා කරන්නෙ ඔයාලට කොහොම ස්තුති කරන්නද කියල”
”ඒත් ...........”
”මොකද ඒත් කියන්නෙ ඇදුම ලස්සන නැද්ද”
”අනේ එහෙම නෙමෙයි අනූ මන් මේව ඇදලම නෑනෙ. මන් මේක ඇන්දොත් ගමේ අය මොනව නොකියයිද”
”අනේ නටන්නැතුව ඕක ඇදපන්.... තාමත් උඹ හදන්නෙ ගමේ තාලෙට ඉන්නද? ඔහොම ගියොත් උඹට ගොඞී කියල කාඞ් ගහයි. උඹ ආසද ඒකට.”
”ආ තව දෙයක් මේ හැම දේකටම තෑන්ස්ක් කරන්න ඕන අපිට නෙමේ චතු අයියට”
අනුගේ එම වදනින් මා තිගැස්සී ගියේ මේ සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට වත් නොහැකිවය. චතූ...... මා මීට පෙර එහෙම නමකින් කිසිම කෙනෙකු ගැන අසා නැත. මාගේ විශ්මය හදුනා ගත් දිල් මට ඔහුගේ ඡුායාරූපයක් ගෙනවිත් පෙන්නුවේ එවිටය. මගේ හද ගැස්ම එන්න එන්නම වැඩි විය. මා දැනුනේ දැන් මාව ඇදගෙන වැටේවි යැයි බියකි. දෙවියනේ මේ එදා මට බැනපු අයිය නේද......මට මෙය අදහා ගැනීමට නොහැකි විය. සිදුවූයේ කුමක්දැයි නැවතත් මා ඇස් පියන් කල්පනා කරන්නට වූයේ එය ඇදහිය නොහැකි නිසාවෙනි.
”හා හා දැන් මනෝ පාර ගහගෙන ඉන්නෙ නැතුව ලෑස්ති වෙයන් මැක්ඩොනල් යන්න”
”ඒ මොකටද ඒ......... මම ඇසුවේ විශ්මයෙනි”
”ඇයි උබට විතරද පාර්ටි ඕන අපට ඕනෙ නැද්ද ? අනික මේ වගේ චාන්ස් එකක් හැමදාම එන්නෙ නෑනෙ බන්.. මරු කොල්ල ඈ” .
”අර දීපු ඇදුම ඇදගනින් ඒක ඇදගෙන තමයි උඹට එන්න කිව්වෙ”
මේ සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව මා අතරමං විය. මම කෙදිනක වත් නොසිතූ දේවල් සිදු වීමට පටන් අරගෙනය. මේ සියල්ල සිදු වන්නේ හොදටද නරකටද යන්න මා නොදනී. මා ඔවුන් සමග යාමට පිටත් වූයේ ඔවුන්ගේ සිත් රිදවීමට මා අකමැති වූ නිසාවෙනි. එය දිව්‍ය ලෝ්කයක් සේ මට පෙනිනි. එහි නොයෙකුත් ජාතියේ ගැහැණු මිනිසුන් උසුළු විසුළු පාමින් කමින් බොමින් ප‍්‍රීති වෙති. චතු අයියාගේ රුව දිස් උයේ ඒත් සමගමය. මගේ හිත දියෙන් ගොඩ දැමු මාළුවෙකුගේ මෙන් ගැහෙන්නට විය. යාළුවන් ආගිය අතක් සොයා ගැනීමට නොහැක. සිදුවන්නේ කුමක්දැයි මා බලා සිටියේ කිසිවක් නොදැනෙන උමන්තිකාවක් ලෙසිනි.
අයියේ....................
මට කීමට හැකි වූයේ එපමණකි. මාව දෝතින් බදාගත්තේ සිගිති දරුවෙකු පරිද්දෙනි.
..............................................
පැයක් පමන අලසව නිදා ගැනීමෙන් පසු මා සිදු වූයේ කුමක්දැයි නැවත ආවර්ජවය කරන්නට විය. මා තුළ ඇති වූයේ පරාජිතයෙකුගේ ශෝකයකි. එය කුමක් නිසා ඇති වූවක්දැයි මට කිව නොහැක. එය ජීවිතය පිළිබද දැඩි කළකිරීමක්ද? පැය කීපයක් ලතවෙමින් සිට නිදා ගැනීමෙන් පසු ඇතිවන සුළු ශෝකී පාළු ගතියක් එවිට මා හද තුළ ඇතැයි මම සිතමි.
ගීතිකා කෝණාර
ha ha yaman mekdonal
ReplyDeleteMaruuuuu
ReplyDelete