Friday, April 19, 2019

ගීත රුප රචනය හා ජනප්‍රිය සංස්කෘතිය (අහංකාර නගරේ - ඉරාජ් )




ලංකාවේ ජනප‍්‍රිය ගීත සම්ප‍්‍රදායේ ආරම්භය,  ගීත රූප රචනා කලාවේ උත්පත්තිය ලෙස මෙම ගීතය දැක්විය හැකිය. ඒ අනුව මෙහි නිර්මාර්තෘ ලෙස  වර්තමානයේ දැවැන්ත ලෙස විචාරයට ලක් වන ගීත රූප රචනා කරුවෙකු වන ඉරාජ් වීරරත්නය. ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප‍්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලූත් ගීත බොහොමයක් ශ‍්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. එ් නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. එ් කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.

ජනප‍්‍රිය සංස්කෘතිය තුළ අන්තර්ගතව ඇති ජනප‍්‍රිය සහ අංග ඉතා ආකර්ෂණිය ලෙස රූප රචනා කලාව ඔස්සේ ග‍්‍රාහක පේ‍්‍රක්ෂකයා අතරට ගෙන යාම සඳහා ගත් ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් වශයෙන්  මෙම ගීතයේ රූප රචනය සාර්තක බවත් උසුලයි. ඒ අනුව මෙම ගීතය ජනප‍්‍රිය සංස්කෘතිය තුළින් පෝෂණය වී ඇති ආකාරය දෙස බැලීමේදී ප‍්‍රදාන වශයෙන් 

x භාෂාව 
x විලාසිතා
x නර්තනය
x සංගීත භාණ්ඩ

යනාදීය අංගයන් කෙරෙහි මුලිකත්වය ලබා දී ඇත. සංගීතය යනු වින්දනාත්මක මාධ්‍යකි. මිනිසුන්ගේ සිත පිනවීමට හැ`ගීම් අවධි කිරීමට සමත් නිර්මාණාත්මක මාධ්‍යකි. ලෝකයේ විවිධ ආකෘති යටතේ ගීත නිර්මාණය විවිධ සංගීත රටාවන් ඔස්සේ නිර්මාණය වී ඇත. හිපොප් ගීත කලාවද එසේ මිනිසා ආදරයෙන් වැලද ගත් මාධ්‍යකි. ජනයා අතර ජනප‍්‍රිය කරවීම උදෙසා මෙ ගීතය තුළ සංගීතයට හිපොප් ගීත කලාවද මුසු කොට තිබීම මගින් ගීත වටා ඒකරාශී වන ග‍්‍රාහක සංඛ්‍යාවේ වපසරිය පුලූල් කරවීමේ අරමුණ විය.

භාෂාව

මෙහි භාෂාව පිළිබඳ විමසා බැලීමේදී දැක ගත හැකි විශේෂ ලක්ෂණ කිහිපයකි.

සිංහල හා ඉංග‍්‍රිසි මිශ‍්‍ර භාෂාවක් තිබීම
සරල පැහැදිලි වචන භාවිතය
රැුෆ් භාෂා භාවිතය
සාම්ප‍්‍රදායික සමාජයේ පවතින වදන් භාවිතය

උදා
        නෝක්කාඩු
සුරගන

මෙම ගීතය තුළ මුලින්ම පටන් ගන්නා තැනදීම භාවිත වනුයේ ඉංග‍්‍රිසි රැෆ් භාෂාවයි. මෙය අද වන විට බොහෝ සෙයින් ජනප‍්‍රියත්වයට පත්ව ඇති භාෂා ශෛලියක් ලෙස  දැක්විය හැකිය. ඉරාජ් විසින් නිර්මාණය කරනු ලබන බොහෝ ගීත වල මෙම රැුෆ් ශෛලිය දැක ගත හැකිය. එය ඉරාජ්ට පමණක් ආවේණික වුවක් නොවේ. එය අද වන විට බොහෝ ගීත රූප රචකයන්ගේ භාෂාව බවට පත්ව තිබේ. එසේම මෙහි කාන්තාවට අමතන විලාසය ආදිය සේම, සිංහලෙන් ඉදිරිපත් කරනු ලබන සියලූම වචන සරල සුගම බස් වහරක් භාවිත කර තිබේ. එහෙයින් මෙම ගීතයේ ජනප‍්‍රියත්වයටද එය හේතුවක් විය හැකිය. සාම්ප‍්‍රදායික සමාජයේ සිටින කාන්තාව පිළිබඳ පවසන බැවින් ඇයගේ රූ සපුව පිළිබඳ ඇයට අමතන විලාසය ආදී  ඕනෑම සමාජයක පන්තියක කෙනෙකුට වැටහෙන පරිදි නිර්මාණය කිරීම තුළින් මෙම ගීතය ජනප‍්‍රිය වන්නට හේතු වුවා සේම එහි දක්වන නිෂ්පාදනයන් මිලදී ගැනීමටද පාරිභෝගිකයා පෙළබෙනු ලැබේ.

විලාසිතා

විලාසිතා ලෙස හැඳින්වෙන්නේ  ඕනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප‍්‍රචලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. කාලයෙන් කාලයට සමාජයට එකතු වන විලාසිතාවන් විවධ ස්වරූපයක් ගනී. මෙම ගීතය තුළ ජනප‍්‍රිය කරවීමට උත්සහ කරනු ලබන විලාසිතා ගණනාවකි. එනම්

ළමා තරුණ මැදි වයසස් වැඩිහිටි යන ගැහැණු පිරිමි අයට සරිලන ඇදුම් විලාසිතා

කෝණ්ඩ මෝස්තර
මාල වළලූ කන කර ආභරණ
විශේෂයෙන් පිරිමි පාර්ෂය සඳහා ලොකු මුදු භාවිතය 
සෙරෙප්පු
හිස් පලදනා

මේ ආදි සියලූම විලාසිතාවන් පිළිබඳ මෙම ගීතය තුළින් ජනප‍්‍රිය කරවීමට උත්සහ කර තිබේ. එය පහත පරිදි දැක්විය හැකිය.

ෆැෂන් ෂෝ එකක් ලෙස රූප රචනය තුළ ඇදුම් විලාසිතා නිරූපනය කිරීම
ජනප‍්‍රිය සංස්කෘතිය තුළට එක් වූ ජනප‍්‍රිය චරිතයක් වන මයිකල් ජැක්ෂන් ගේ ඇදුම් විලාසිතා කොන්ඩ විලාසිතා සහ ඔහුගේ නර්තන විලාසයන් නිරූපනය කිරීම
රැෆ් සංස්කෘතිය තුළ තිබෙන විලාසිතා නිරූපණය කිරීම
භාරතීය යෞවනත්වය තුළ තාරුණ්‍ය තුුළ භාවිතා වන කලිසම, ටී සර්ට්, හිස් පලදනා භාවිතා කරයි. 
කාන්තාවගේ ශරීරයේ හැඩ අනුව ඇදුම් යොදා ගන තිබූ ආකාරය පෙන්වීම

මෙහිදී කාන්තාවගේ තම සිරුර පවත්වා ගත යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න ජනප‍්‍රිය කරවීමට උත්සහ දරා ඇත. එනම් කාන්තාවගේ සිරුර ඉග පොඩි ලැම ලොකු වීමත් මෙයින් දක්වා සීිටී. එය සැලළිහිණි සන්දේශයේ එන ඉග සුග ගත හැකි මිටින යන කියමන උපුටා ගැනීමක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව කාන්තාව එපරිද්දෙන් තම සිරුර සාදා ගැනීමට උත්සහ කරයි.

මෙම ගීතයේ රූප රාමු පෙළ සෑදී ඇත්තේ ෆැෂන් ෂෝ එකක් පරිද්දෙනි. එනම් එහි එන කාන්තාවන්ගේ ලක්ෂණය වන්නේ  ඉග පොඩි ලැම ලොකු වීම, මනා උසකින් යුක්ත වීමය.ඒ අනුව නිරූපන ශිල්පිනියක ගේ තිබිය යුතු ලක්ෂන පිළිබඳවද මෙහි වක‍්‍රව දක්වා තිබේ. තාරුණ්‍ය පමණක් නොව ළමා අවධියේද ඇදුම් කොණ්ඩ විලාසිතා ආදිය නිරූපනය කරයි.
නර්තනය

මෙම ගීතයේ නර්තනය පිළිබඳ විමසා බැලීෙමී විවිිධ සංස්කෘතින්ගෙන් එකතු වු නර්තන විලාසයන් කිහිපයකින් යුක්ත විය. එනම් 

ලාංකීය ලී කෙලි නැටුම
මයිකල් ජැක්ෂන්ගේ නර්තන විලාසයන්
භරත නර්තනය
කතක් නර්නය
පංජාබ් නර්තන
ආදිය දැක ගත හැකිය. 

සංගීත භාණ්ඩ

මෙහිදී ජනප‍්‍රිය කරවීමට උත්සහ කරනු ලබන සංගීත භාණ්ඩ කිහිපයකි. එනම්

බටනලාව
දවුල
ඉලෙක්ටි‍්‍රක්  ඕගන්
රෝලන් ඩි.ජේ

ඒ අනුව සමස්තයක් වශයෙන් ගෙන බැලීමේදී මෙම ගීතයෙහි රූප රචනා කලාව කලාව තුළින් ජනප‍්‍රිය කිරීමට යොදා ගන්නා ලද සංස්කෘතිකාංග රැසකි. 

ගීතිකා කෝණාර 

No comments:

Post a Comment

ආවර්ජනා