Friday, July 5, 2019

facebook භාවිතය





ස්වභාව ධර්මයාගේ අපූර්වතම නිර්මාණය මිනිසාය. එකී මිනිසාගේ අද්විතීයම සොයාගැනීම තාක්ෂණයයි. තාක්ෂණය සොයාගැනීම නිසැකවම ලෝකයේ ඉදිරි ගමනට මඟ විවර කළේය. එ නිසා මානවයා අත්පත් කරගත් යහපත් දෑ රාශියකි.


  • තොරතුරු හුවමාරුව පහසු කරගැනීම
  • වෙළඳ සේවය තුළ නව ප‍්‍රවර්ධනයක් ඇති වීම
  • ජාත්‍යන්තර ප‍්‍රජාව අතර සමීප සබඳතාවන් නිර්මාණය වීම


එ අතර ප‍්‍රධාන වේ. 2004 පෙබරවාරි 4 ලෝකයේ සිදු වූ පෙරළිකාර සොයා ගැනීම හෙවත් ෆේස්බුක් වෙබ් අඩවිය සොයා ගැනීම මේ වන විට ලොව පුරා විවිධ ගැටලූ නිර්මාණය කිරීමට හේතුවක් වී ඇති බව බහුතරයක් අයගේ මතය වී ඇත. මාර්ක් සකබර්ග් විශ්වාස නොකළ තරමට මිනිසුන් අතර ෆේස්බුක් වෙබ් අඩවිය කෙතරම් ජනප‍්‍රිය වූවාද කිවහොත් අද එහි සාමාජීය සංඛ්‍යාව බිලියන එකද ඉක්මවා ඇත. දිනකට ලක්ෂ ගණනක සාමාජික  සංඛ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවිය වෙත අලූතින් ලියාපදිංචි වෙයි.

ෆේස්බුක් වෙබ් අඩවි හරහා අපචාරවලට යොමුවීම වරදක් බව තීරණය කරන්නේ කෙසේද? නිසැකවම මේ මෙවලම නිර්මාණය කරන්නේ මිනිසුන්ගේ යහපත සඳහා මිස අයහපත නිසා නොවේ. දැලිපිහිය වඳුරෙකුට හසුවූ කළ සිදුවන්නේ විපතකි අද එ් හරහා සිදුවන්නේ සමාජයේ නොඉවසන අපරාධයන්ය.

  • අද එය කාමාතුරයන්ට තෝතැන්නකි
  • මඩ ප‍්‍රචාර කරන්නන්ට හෝ ද්වේශ සහගත විවේචන කරන්නන්ට රජදහන්කි
  • තරුණ තරුණියන්ගේ කාලය නිකරුණනේ නාස්ති කරන ස්ථානයකි

නළු නිලියන්ගේ නිරුවත් ඡුායාරූප හෝ වෙනත් අසැබි දර්ශන ෆේස්බුක් වෙබ් අඩවියේ සුලභය. ලෝකයේ රටවල වෙනදා නොදුටු තරම් අපචාර වලට මිනිසුන් පෙළඹවීම කෙරෙහි නිසැකව ම මේවා හේතු නොවූවා යැයි කිව හැක්කේ කාටද? වයස අවුරුදු 14-15 වන විට පුංචි දරුවන් අවුරුදු 30-35 එකෙකුටත් වඩා  මෝරා ඇත. ලෝකය පුරා ඇති මේ කාම රැුල්ල ෆේස්බුක් වෙබ් අඩවිය පරිහරණය කිරීමේ ප‍්‍රතිඵලයකැයි කවුරු විශ්වාස කරති.

ජාතිවාදයට උඩගෙඩි දෙන, ආගම්වාදයට රුකුල් දෙන, අන්තවාදීන්ගේ ප‍්‍රචාරය සඳහා හොඳම තැනකි මෙය. විකෘති කළ දිව්‍ය හෝ බුද්ධ රූප එ් හා සම්බන්ධ මිත්‍යා මත හෝ තවත් ආගම් හෙලාදකින ප‍්‍රකාශ තරම් මේවායේ ඇත. තම ආගමට ගරු ආගමට ගරු කරන්නා යනු සෙසු ආගම්වලට ද ගරු කරන්නා ය. තම ආගමට කරන ලොකුම නිග‍්‍රහය සෙසු ආගම් වලට නිගරු කිරීමය. අශෝක අධිරාජයා වැනනවුන් කල එවැනි ප‍්‍රකාශ වලට වලංගුභාවයක් හේතු  ඒ තුළ නැත. 

ලෝකයේ කොතනක සිටිනා කෙනෙකු වුවද සමග තොරතුරු හුවමාරු කරගැනීම මානව සමාජයේ සුගතියට හා සහජීවනයට හේතු වන්නක්ම වේ. එහෙත් දරුවන් සිටින අම්මාවරුන් ෆේස්බුක් අඩවිය හරහා හඳුනාගත් කිසිදාක නොහඳුන තරුණයකු හා දරුවන්ද අතහැර යහන්ගත වන්නට මේ වෙබ් අඩවිය භාවිතා කරයි නම් එය වැරදිය. ඉගෙන ගන්නා වයසේ පුංචි එවුන් ආදරයේ නොකියූ පොත් ෆේස්බුක් අඩවිය හරහා  නොදන්නා තරුණයකු හා කියවන්නට හදයි නම් එය වැරදිය. පසුගිය යුගයේ මේ නිසා අපට සිදුවූයේ ඇතැම් පාසල් වලට අපකීර්තියක් ඇතැම් ගුරුවරුන්ට වෘත්තියත් දෙමාපියන්ට වටිනා ජීවිතත් අහිමි වීම ය.

තරුණියන්ගේ කාලය රටකට කෙතරම් වැදගත්ද? තරුණ අවධියේ යනු ජීවිතයේ නිර් නිර්මාණශීලීම කාර්යශූරය මෙන් දැඩි ජවයක් ඇති යුගයයි. ?මැදියහ වන තෙක් එ් වටිනා කාලය ෆේස් බුක් වෙබ් අඩවිය පරිහරණය කරන්නට යොදවයි නම් එයින් වන්නේ රටට වටිනා කාලයක් අහිමි වීම මිස යහපතක් නොවේ.

මතුපටින් මේ තරම් විග‍්‍රහ කළද ඊට එහා ගිය සංකීර්ණ ගැටළු රැුසක් නිර්මාණය වන්නට ෆේස්බුක් වෙබ් අඩවිය බලපා ඇත. ත‍්‍රස්තවාදී කණ්ඩායම් වල ක‍්‍රියාකාරීත්වය සක‍්‍රීය කරන්නට හා ජාත්‍යන්තරව පිළිගත් මිනිස්සුට් ගැන  ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරන්නට මේ වෙබ් අඩවිය පිටු වහලකි.

විශ්ව ගම්මානයක් බවට පත්වූ මේ යුගයේ මේ තත්වය පාලනය කිරීම කන්දක් මතසිට පෙරලෙන මහ ගලක් හුයකින් නතර කරන්නට දරන ප‍්‍රයත්නයට සමානය. එසේ කියා මුනිවත රැුකිය හොත් අපට ශේෂ වන්නේ අනාගතයේ මිලේච්ඡු ජාතියකි. නීති රීති  ශක්තිමත් කිරීම හා ප‍්‍රජාව දැනුවත් කිරීම සක‍්‍රීය කළ තැන මේ තත්ත්වය පාලනය කරන්නට අපිට හැකි වේ.

මහ එවුන්ගේ ලොකු කම් පෙන්වන්නටට පුංචි එවුන් අතට අන්තර්ජාලය පහසුකම් ඇති දුරකථන හෝ පරිගණක යන්ත‍්‍ර ලබාදීම පිළිබඳ දෙමාපියන් වරක් දෙවරක් නොව එ ගැන බොහෝ සිතිය යුතුය.වයස  අවුරුදු 18ට අඩු සියල්ලටම දුරකථන භාවිතය තහනම් යැයි පුරසාරම් දොඩා නීති සකස් කළද කොතනකද හෝ එ නීති ඉටු වී කාට හෝ චෝදනා නැගුණු බව ඔප්පු වුයේද? ජාතිවාදය ආගම්වාදය හෝ දේශපාලන වපුරන්නට දිවා ? වෙහෙසෙන මිනිසුන් මෙවැනි දේ ගැන අවධානය යොමු කොට සමාජ මතය වෙනස් කිරීමට උත්සාහ කළේ නම් හෙට දවසේ අප ඉදිරියේ ඇති ලෝකෙ මීට වඩා සුබදායි වනු ඇත.


ගීතිකා කෝණාර

1 comment:

ආවර්ජනා