Saturday, July 27, 2019

චරිතාපදාන රචනයෙහිලා භාවිත ආකෘති

රිතාපදාන යනුවෙන් අර්ථ වූ නිරූපණය කෙරෙනුයේ පුද්ගලයෙකුගේ ජීවිතයේ කේද්‍රකරගත් ප‍්‍රබන්ධ නොවන සාහිත්‍ය අංගයක් ලෙසිනි. එහි පුද්ගලයෙකුගේ ජීවිතයේ හැඩතල  කෙරෙහි කිසියම් දයාබර දැක්මක් පළ කෙරෙන හෙයින් නිර්මාණාත්මක සාහිත්‍ය ධාරාවක් ලෙස ද අර්ථකථනය කිරීමට ඇතැම් අය පෙළඹෙති. පර්යේෂණ මූලධර්ම මූලාශ‍්‍රමය ප‍්‍රවාද ද බොහෝවිට ඇසුරු කර ගන්නා හෙයින් චරිතාපදාන යනු දේශයේ පැතිකඩ ඉතිහාසයේ පැතිකඩක් ලෙස ද හැඳින්විය හැකිය.

එ අනුව චරිත්ාපදාන රචනයෙහිලා විවිධ ආකෘති භාවිත කළ හැකිය. එලෙස චරිතාපදාන රචනයෙහිලා භාවිත කරනු ලබන සආකෘති කිහිපයකි එනම්

  • අනනෙකෙකු විසින් තවකෙකු පිළිබඳ කරනු ලබන චරිතාපදාන
  • යම් කෙනෙකුට උපහාර පිදීම සඳහා ඇණවුම් මත ලියනු ලබන චරිතාපදාන 
  • ස්වයං චරිතාපදාන
  • නවකතාවක් ලෙස ලියනු ලබන චරිතාදාන
  • ලේඛන එකතුවක් ලෙස සිදුකරනු ලබන චරිතාපදාන
  • තම චරිතය ඉස්මතු වන සේ තමා හා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ලියනු ලබන චරිතාපදාන
  • ෆේස්බුක් බ්ලොග් වැනි අන්තර්ජාල පිටු අතර ලියනු ලබන චරිතාපදාන
වශයෙන් දැක්විය හැකිය. එසේම චරිතාපදානයක් ලිවීමේදී වැදගත් තවත් අංගයක් ලෙස චරිතාපදානය ලියවනු ලබන පුද්ගලයා ජීවතුන් අතර සිටීද නො සිටී ද යන්න දැන සිටීම වැදගත්ය. ජීවතුන් අතර සිටින පුද්ගලයකු පිළිබඳව ලියනු ලබන්නේ නම් එම පුද්ගලයා සමග එකතු වෙමින් ලිවිය යුතුය. ජීවතුන් අතර නොසිටින කෙනෙකුන් නම් පර්යේෂණ ක‍්‍රියාවලිය ඔස්සේ තොරතුරු සපයා ගනිමින් ලිවිය යුතුය. තවද වැදගත් කාරණයක් ලෙස අදාළ පුද්ගලයා නිරත වූ කාර්යය පිළිබඳව පමණක් චරිතාපදානය ලිවිය යුතු වේ.

උදාහරණ
    මහබැංකු හිටපු අධිපති එන්.යු ජයවර්ධනයන්ගේ චරිතාපදානය පිළිබඳව ලිවීමේදී වැදගත්ම කාරණය වන්නේ ඔහු බැංකු කරුවෙක් ලෙස මහ බැංකුවට යන ආකාරය ඔහු බැංකුවෙන් විශ‍්‍රාම ගොස් අලූතෙන් මූල්‍යායතන පිහිටුවාගොඩ නගා ගන්නා අත්දැකීම් මතයි. එ් අනුව ඔහු  ගැන සෙවිය යුතු වන්නේ බැංකු යන කාර්යයට අදාලවය.

එ් අනුව චරිතාපදාන රචනයේදී භාවිත කරනු ලබන එක් ආකෘතියක් ලෙස අනෙකෙකු විසින් තවකෙකු පිළිබඳ කරනු ලබන චරිතාපදාන දැක්වියහැකිය. මෙහිදී යමෙකුගේ උපහාර පිදීමක් සඳහා ලැබෙන ඇනවුමක්  පරිදි ලියන චරිතාපදානය මේ හා සමානය. මෙලෙස තවකෙකුගේ චරිතාපදානයක් ලිවීමේදී එම පුද්ගලයා ජීවතුන් අතර සිටීද නොසිටි ද යන වග විමසා බලා ලියනු ලැබීම වැදගත්ය.

උදාහරණ
        ජාතියේ පියා වශයෙන් ගෞරව බහුමානයට පත් වුණු නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයාවන මහා මාත්‍ය දොන් ස්ටීවන් සේනානායකයන් සම්බන්ධව ලියන ලද ග‍්‍රන්ථයක් වශයෙන් මහා පැරකුම් සෙවනැල්ල මහතා විසින් ඞී එස් සේනානායකයන් පිළිබඳ ලියනු ලබන චරිත්ාපදානය දැක්විය හැකිය. එ් හැකිය එ් වනවිට ඞී එස් සේනානායක මෙලොවින් සමුගෙන සිටි බැවින් ඔහු පිළිබඳ පර්යේෂකයෙකු ලෙස තොරතුරු සපයා ගැනීමෙන් අනතුරුව මෙම චරිතාපදානයක් රචනා කර තිබේ.

එ අනුව මෙහි ඞී.එස්  සේනානායකයන්ගේ චරිත ලක්ෂණ, සමාජ පසුබිම, අභිමානවත් නායකත්වය, සමකාලීන දේශීය කලාපීය, ජාත්‍යන්තර සියලූම රාජ්‍ය නායකයන්ට නොදෙවෙනි වන කෘතහස්ත රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය හෙළි කරමින් මෙම චරිතාපදානය රචනා කොට ඇත. එසේම මෙම කෘතිය තුල එතුමා විවිධ විශේෂ අවස්ථාවලදී ගනු ලැබූ ඡුායාරූප එකතුවක්ද දක්වා තිබීම ඉතා වැදගත් වේ එ්තුළ පුද්ගලයා තුළ විශ්වාසනීයත්වයක් ගොඩනැගීමට හැකි වී ඇත.

මේ අනුව අනෙකකු විසින් තවකෙකු කරනු ලබන චරිතාපදාන පිළිබඳ ඉහත පරිදි කෙටියෙන් දැක්විය හැකිය. චරිතාපදාන කෘති ලෙස දැක්විය හැකිය තවත් කෘතියක් ලෙස නවකතාවක් ලෙස ලියනු ලබන චරිතාපදාන දැක්විය හැකිය.

උදාහරණ
       රන්ජිත් ඒ නායක ආරච්චි විසින් රචනා කරනුු ලැබූ බක්මහ කඳුළු නම් චරිතාපදානය ලංකාවේ දේශපාලනය පිළිබඳ එක් සිදුවීමක් පිළිබඳ කතා කරනු ලබයි. එනම් 1971 ලංකා විමුක්ති පෙරමුණේ කැරැුල්ල පිලිබඳවද මෙහි සඳහන් වන අතර එය නවකතාවක ස්වරූපයක් ගනී. කතන්දර කීමේ ශෛලියෙන් මෙය ලියැවී ඇත. මෙහි ඡුායාරූප ආදී කිසිදු රූප සටහනක් ද නොවේ. මෙය කතන්දරයක් ලෙස එක දිගට කියවාගෙන යෑමේ හැකියාව පවතින නවකතාවක් ලෙස දැක්වුන ද එය නවකතාවක් ද නොවේ. එය නවකතාමය  චරිතාපදානයක් ලෙස නම් කළ හැකිය. 

මෙම චරිතාපදාන කෘති අතර නවකතා ආකෘති චරිතාපදාන කලාවේ සම්ප‍්‍රදාය බොහෝ විවිට පරිවර්තන රූපයෙන් පැමිණිය හැකි යැයි ද කිව හැකිය. 

උදාහරණ
 ඉසබෙලා  අයියන්ඩි නම් ලේඛිකාව විසින් ලියනු ලබන ඉවාලූනා යන  නවකතාව යදමිැ දෙ එයැ ිජ්කැ නමින් දැක්වේ.  එය මායාවාසය යනුවෙන් සිංහලයට පරිවර්තනය කරනු ලබන චරිතාපදානයකි. එහි ඇත්තේ ස්වයං චරිතාපදාන නවකතාවකි. එනම් ඇය ඇයගේ ජීවන කතාව නවකතාවක ස්වරූපයෙන් මේ තුල ඉදිරිපත් කර තිබේ. මේ තුළ ඇයගේ කුඩා කල සිට වැඩිහිටි කල  දක්වා විස්තර ඇතුළත් කර තිබේ. එනම් පාසල් ගිය ආකාරය පේ‍්‍රම සබඳතා විවාහය ආදී සියල්ල එහි සාකච්ඡුා කර ඇත. එසේම එ් කාලයේ පැවැති සමාජ ප‍්‍රශ්න එ් යුගය පිළිබඳ සම්පූර්ණ චිත‍්‍රයක් එම නවකතාව තුළින්  නිරූපණය කර ඇත. එසේම මෙය දක්නට ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින්  ලිය වූ විශිෂ්ට නවකතාවක් ලෙස දැක්විය හැකිය.

එ් අනුව බක්මහ කඳුළු නවකතාව මේ දුෂ්ෘෂ්ටිකෝණය පසුබිම් කර ගනිමින් රචනා කර තිබේ. මේ අනුව ඉහත ආකාරයට නවකතාවක ආකෘතියක් පරිදි ලියනු ලබන චරිතාපදාන පිළිබඳව කෙටියෙන් දැක්විය හැකිය. එසේම චරිතාපදාන රචනා කරමින් භාවිත කරනු ලබන තවත් ආකෘතියක් ලෙස

ලේඛන එකතුවක් ලෙස සිදුකරනු ලබන චරිතාපදාන පිළිබඳ දැක්විය හැකිය. මේ යම් ආකාරයකට තම ජීවිතයේ එක් එක් කාලයන් හිදී සිදු වූ විවිධ සිදුවීම් අළලා ලියනු ලබන චරිතාපදානයකි.

උදාහරණ
 ලංකාවේ සිටි එක් ජනමාධ්‍යවේදියෙක් වන නිමල් හොරණ නැමැති මාධ්‍යවේදියා සිළුමිණ පත්තරයේ ප‍්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු ලියනු ලබන චරිත්ාපදානයක් ලෙස සමරු පොතක මතක සුවඳ දැක්විය හැකිය.

මෙම චරිතාපදානය රචනා කොට තිබෙන්නේ කොටස් වශයෙන් ලියනු ලැබූ ලේඛන එකතුවක් ලෙසිනි. එනම්  ඔහු විසින් සිළුමිණ පත‍්‍රයට ලියූ කොටස් 30 කින් යුත් ලේඛන එකතුවකි.  ඔහු එහි කාලයේ සිට 1990 දශකය වනතෙක් ඔහු ලියූ සිද්ධි 33 කින් සමන්විත එම කෘතියෙහි ඇතුළත් ලිපිගොනු වෙනම ගෙන බැලූ විට දිස් වන්නේ එක්තරා චරිතාපදානයකි.

මෙහිි දී මෙය බැලූ බැල්මට ස්වයං චරිතාපදානයක් ලෙස පෙනුනද  එය එසේ නොවේ. එනම් මෙය තමා  ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම් සලකා ලියනු ලබන්නෙකි. මෙහි  අවසන දැක්වෙන්නේ නිමල් යන චරිතය දිස්වීමකි. ඔහු පුවත්පතකට පැමිණීම පිළිබඳ ඔහු පුවත්පත් කලාවට පැමිණ ටික කලකින් ප‍්‍රධාන සංස්කාරක ධූරයට පත්වූ ආකාරය වෙන් වෙන්ව කොටස් වශයෙන් ලියා ඇත. එලෙස එ් එ් කාලයේ ලියාතිබු  සන්ධිස්ථාන පිළිබඳව මනාව දක්වා ඇති චරිතාපදානයක් ලෙස මෙය දැක්විය හැකිය.

ඉහත ආකාරයට ලේඛන එකතුවක් ලෙස සිදුකරනුු ලබන චරිතාපදාන පිලිළිබඳව කෙටියෙන් දැක්විය හැකිය. තවද චරිතාපදාන රචනයෙහිලා  භාවිත කරනු ලබන ආකෘතියක් ලෙස,

තම චරිත්ාපදාන ඉස්මතු වන ආකාරයට තමා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ලියනු ලබන චරිතාපදාන දැක්විය හැකිය.

උදාහරණ
ඞී. බී. ධනපාලයන්ලියනු ලැබු උමන්දෝ සුසන්යන  චරිතාපදානයේ දැක්වෙන්නේ ඔහු ඇසුරු කළ දන්නා දේශපාලන චරිත කිහිපයකි. එනම් ඞී එස් සේනානායක සිරිමාවෝ බණ්ඩාරනායක යන චරිත පිළිබඳවය.

උදාහරණ
තවද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ලියනු ලබන ටයිටස් ලීයක්  නැමැති කෘතියේ ඔහු දක්වා ඇත්තේ දැනට ජීවතුන් අතර නොමැති එහෙත් ඔවුන් හොඳින් දන්නා පුද්ගලයන් 100 පිළිබඳවයි. මෙම සිය දෙනා පිළිබඳව ලියන මෙම චරිතාපදානය අවසානයේ ඉස්මතු වන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ගේ චරිතයයි. පුද්ගලයන් සමඟ ඔවුන් සමග කතාබහ කළ ආකාරය ඔවුන්ට දුන් උපදෙස් පිළිබඳ ආදී ඔහුගේ චරිතය ඉස්මතු වන ලෙස තොරතුරු රැුස්කර තිබේ. එ් අනුව තමා ජීවත් වූ කාලය තුළ ආශ‍්‍රය කළ සිය දෙනකු තෝරා ගනිමින් එ් කාලය හා සම්බන්ධ පසුබිම් විස්තර කිරීම් පිළිබඳ එ් යුගයේ ලංකාවේ සමස්තය පිළිබඳ හඳුනාගත් හැකිය.
මේ අනුව ඉහත ආකාරයට චරිතාපදානය ඉස්මතු වෙන ආකාරයට තමන් හා සම්බන්ධ පුද්ගලයන් ගෙන සිදු කරනු ලබන චරිිතාපදාන පිළිබඳව කෙටියෙන් දැක්විය හැකිය. එසේම චරිතාපදාන රචනා කිරීමේදී අභාවිත කරනු ලබන තවත් කආකෘතියක් ලෙස

අන්තර්ජාලය පිටු අතර ලියැවෙන ෆේස්බුක් බ්ලොක් වැනි මොඩන් චරිතාපදාන දැක්වියහැකිය. මෙහිදී ඔවුන් අවුරුද්දක් තුළ තමන් ගමන් කළ මඟ කතා කරපු එක තමා කරපු ගෙදර ආදීන්ගේ ඡුායාරූප එකතු කරමින් එ්වා පිළිබඳ විස්තර දක්වමින් එවැනි චරිතාපදානය ලිවීමේ හැකියාව පවතී. එනම් යම් පුද්ගලයකු අවුරුද්ද  මුළුල්ලෙහි දවසින් දවස තුන්සිය හැටපස් දවසේම ෆේස්බුක් පොටෝ එක වෙනස් කර තිබේ නම් එමගින් ඔහුගේ මුහුණේ අවුරුද්දක් පුරා සිදු වූ වෙනස්කම් පිළිබඳ විමර්ශනය කිරීමේ හැකියාව තිබේ. තවද සමාජ පන්ති ඇඳුම් පැළඳුම් පවතී විමසා බැලිය හැකිය. එ් අනුව චරිතාපදානයක් යනු ලේඛනයක් ලෙස දැක්වීමට නොහැකි ය. එනම් චරිතාපදානය විකල්ප කරන දෙයකින් වුවද රචනා කළ හැක්කකි. එ් අනුව චරිතාපදානයක් ලිවීමේ හැකියාව තිබේ

තවත් අත් අයෙක් තුළ පවත්වාගෙන යනු ලබන චරිතාපදාන දැකියහැකිය. එ්වායේ බොහෝවිට තමන් කියවූ චිත‍්‍රපට කවියා දියණියව ලබයි මිනිස්සුන්ගේ වෙත විටින් විට ලියනු ලබන චිත‍්‍රපට විචාර කවි ආදිය සියල්ල එකතු කරමින් අවසානයේ එක් කෘතියක් බවට එය පත් කළ හැකිය. එසේම මේ අනුව  නව මාධ්‍ය තුල චරිතාපදාන රචනය සිදු විය හැකි බව මෙමගින් පෙන්වා දිය හැකිය. 


ගීතිකා කෝණාර

No comments:

Post a Comment

ආවර්ජනා