Friday, July 26, 2019

මයිකල් ජැක්සන්, බොබ් මාලේ, බොබ් ඩිලන්ගේ ගීත තුළින් බිහි වු ජනප‍්‍රිය සංස්කෘතිය


Related image
Image result for bob dylan



Image result for bobmaleහැඳින්වීම
ජනප‍්‍රිය සංස්කෘතිය යන්න  ඕපපාතිකව බිහි වුවක් නොවේ. එය සමාජ සංස්කෘතික, දේශපාලන, හා තාක්ෂණික විපර්යාසයේ එක් ප‍්‍රතිඵලයකි. ජනප‍්‍රිය සංස්කෘතිය නුතනයේ කලාව,සමාජ සිරිත් විරිත්, පාරිභෝගික භාණ්ඩ මෙන්ම පුද්ගල විශේ්ෂතාවන් බිහි කරයි. ජනප‍්‍රිය සංස්කෘතියේ පුරාණයත්, ස්වභාවයත් ශාස්ත‍්‍රීයව හා සමාජ මානව විද්‍යාත්මකව ගවේෂණය කිරීම වටී. 

ජනප‍්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස ගීතයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. ඉංග‍්‍රිසි බසට අනුව ගීතය ීදබට යනුවෙන් හදුන්වයි. ගීතයක් බිහි වන්නේ ත‍්‍රී පුද්ගල සබැදියාවක ප‍්‍රතිඵලයක් වශයෙනි. එනම් ගීපද රචකයා, සංගීත නිර්මාපකයා, ගායකයා, ඊට අයත් වේ. මෙලෙස සාමුුහික ප‍්‍රයත්නයක් ලෙස නිර්මාණය වන ගීතය වර්තමානයේ ලොව නොයෙක් ප‍්‍රවණතාවයන් ඔස්සේ වර්ධනය වී ඇති බව පෙනේ. 

යම් කිසි රටක ජන කණ්ඩායමක් වෙනුවෙන් හෝ බහුතර ජනතාව වෙනුවෙන් කලාකරුවාට කළ හැකි මෙහෙය ඉතා විශාලය. නමුත් තමා සතු වගකීම නිසි පරිදි වටහා ගත් කලා කරුවන් වාසය කරනවාදැයි යන්න සැක සිතෙන තරමටම එය අතලොස්සක් බවට පත් වී තිබේ. තමාගෙන් තම ජනතාවට සේවයක් ඉටුවිය යුතු යැයි යම් කලාකරුවෙක් විශ්වාස කරයි නම් හෙතෙම අනිවාර්යෙන්ම ජනතාවාදී කලාකරුවෙකු විය යුතුය. නමුත් අවාසනාවකට එවන් අය ඇත්තේ අතලොස්සකි. කලාව ලෙස හදුන්වන පුලූල් පරාසයෙන් සංගීත කලාව වෙන් කොට ගත් විට මේ තුළින් ජනතාවට සේවයක් කරනන්ට උත්සහ දැරූ ලෝක ප‍්‍රසිද්ධ චරිත කිහිපයක්ම ලෝක සංගීත ක්ෂේත‍්‍රය තුළින් අපට පෙන්වා දිය හැක. මයිකල් ජැක්ෂන්, බොබ් ඩිලන්, බොබ් මාලේ මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. 

මේ තුළින් මයිකල් ජැක්සන්, බොබ් ඩිලන්, බොබ් මාලේ යන තිදෙනාගේ කලා දිවිය තුළින් බිහි වු ජනප‍්‍රිය සංස්කෘතිය කෙබදුදැයි කතා කරනු ලැබේ. 


මයිකල් ජැක්සන්

මයිකල් ජෝශප් ජැක්සන් 1958 අගෝසතු 29 වනදින චිකාගෝ මෙරොපොලිටන් ප‍්‍රදේශයට අයත් ඉන්දියාවේ ගැරීහී ප‍්‍රදේශයේ ජන්මය ලැබුවේය. ඔහු අප‍්‍රිකානු කම්කරු පංතියට අයත් දරුවන් දහදෙනෙකුගෙන් සමන්විත පවුලක අටවන දරුවා විය. කුඩා අවධියේදී ඔහුගේ නිවහන වුයේ ගැරිහී පිහිටි නිදන කාමර දෙකකින් සමන්විත කුඩා නිවසකි. මව වූ කැතරින් ජස්නර් ජැක්සන් 1963 දී බැප්ටිස්ට් සම්ප‍්‍රදායය අතහැර ගිය කාන්තාවකි. ක්ලැරිනටයට හා පියානෝව වාදනය කිරීමට උපන් දස්කම් දැක්වූ ඇය දුෂ්කර කාලවලදී පවුලේ ආර්ථිකයට අත්වැලක් වනු වස් අර්ධකාලීන රැුකියාවන්ගේ නිරත විය. ඔහුගේ පියා වූයේ ජෝශප් වෝල්ටර් ජැක්සන් හෙවත් ජෝ ජැක්සන්ය. එක්සත් ජනපදයේ වානේ කම්කරුයෙකු වූ ජෝ බොක්සිං ක‍්‍රිඩකයෙකු ද විය. බ්ලූස් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙස දේශීය රිද්මයන් වයන ලදි. 

මයිකල් හැදී වැඩුණේ ඍැඉඉසැල ඛද ඔදහ්ල න්‍්බැඑ යන සහෝරියන් තිදෙනා සහ න්‍්නසැල ඔසඑදල ඨැරපසබැල ඵ්රකදබ යන සිවුදෙනා සමගය. ඵ්රකදබ ගේ නිවුන් සහෝරයා වූ ඊර්බාදබ උපතින් ටික කලකට පසුව මිය ගියේය.

මයිකල්ට තම පියා සමග තිබුණේ මඳක් දුරස්ථ සබඳතාවයකි. එයට ප‍්‍රධානතම හේතුව වූයේ ඔහුගේ පියා වූ ජෝ නිතරම කෝප වන තැනැත්තෙක් වීමයි. ක‍්‍රියාවෙන් මෙන්ම වචනයෙන් ද විවිධ තරවටු කිරීම් වලට ලක් වූ මයිකල්ට එම තරවටු කිරීම් ජීවිතය ගොඩනගා ගැනීමට උපකාරයක් වූ බව මාටීන් බෂීර්  සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවේදී මයිකල් පවසා සිටියේය. නමුත් න්‍්නසැල ඔසඑදල න්‍ැපසබැ යන ඔහුගේ අනෙකුත් සහෝදරයන් දරන්නේ එයට ඉªරාම වෙනස් වූ මතයකි. ඔවුන් පවසන පරිදි පියාගේ එම තරවටු කිරීම් විනයගරුක ජීවිතයක් ගත කිරීමට අත්වැලක් සපයා ඇත. නමුත් තරුණ අවධියේ සිටි මයිකල්ට එය කායික මෙන්ම මානසික පීඩනයක් ද වී ඇත. ජැක්සන්ට විශාල නහයක් තිබීම ද එම උසුලූ විසුලූවලට ප‍්‍රධාන සාධකයක් වූ බව ජැක්සන් පැවසුවේය. පසුකාලීනව ඔහු තම රූපය වෙනස් කර ගැනීමට ළමා අවධියේදී වූ හිංසනයන්ද හේතුවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. කෙසේ වුව ද 1993 දි ඔෆ්රා චිත්ෆ්රි සමග විකාශනය වූ සම්මුඛ සාකච්ඡුාවක දී සිය ළමාකාලය පිළිබඳව විවෘතව කථාකළ මයිකල් පවසන ලද්දේ කුඩා අවධිය ආතතිය හුදකලාව රජයන ලද හිංසාකාරී කාලවකවානුවක් වූ බවයි. සිය පෙනුම පිළිබඳ දැඩි අප‍්‍රසාදයට හා අපහසුතාවයට පත්ව සිටි බව ද ඔහු පවසා සිටියේය.

මයිකල් සංගීත ක්ෂේත‍්‍රයට පිවිසෙන ලද්දේ තම පියා ජෝ සහෝදරයන් වූ ජැකී ටිටෝ හා ජර්මින් එක්ව ආරම්භ කරන ලද සංගීත කණඩායමට එක් වීමෙනි’. 1964 දී මයිකල් එම සංගීත කණ්ඩායමට එක් වූයේය. මුල් කාලයේ ගීත ගායනය සිදු නොකළ අතර කොංගෝව හා ටොම්බෝරිනය පමණක් වාදනය කළහ. 1965 දි මෙම සංගීත කණ්ඩායමේ නම න්‍්ජනිදබ 5 ලෙස නම වෙනස් කරන ලදි. ඊළග වසරේදී රොබට් පැබ්සර්ගේ ඉ්රුදෙදඑසබ ල පහ ටසරක වැනි ගීත ගායනා කරමින් නර්තනයේ යෙදුණු අතර ගායනය සඳහා නර්තනය ඉදිරිපත් කිරීමට ද යොමු විය. 1966 - 1968 අතර කාලයේදී ගීත ගායනා කරමින් මධ්‍යධරණි ප‍්‍රදේශයේ සංචාරය යෙදුණු අතර එහිදී සමාජ ශාලා උසස් පාසල්වල ප‍්‍රසංග පැවැත්වූහ. නැගෙනහිර වෙරළ තීරයේ සංචාරයක යෙදුණු මොවුන් 1967 අගෝස්තු මස ඇපලෝ රගහලේ සතිපතා ආධුනික රාත‍්‍රි ප‍්‍රසංගයක් පැවැත්වීමට අවසර ලබා ගන්නා ලදි.

 1968 දී වේග් බෝයර් ස්ටේටුවන් වැනි ගීත රචනා කළ අතර 1969 දී ගැරී ප‍්‍රදේශය හැරදමා ලොස් ඇන්ජලීස්වල පදිංචියට පැමිණියේය. තරුණ මයිකල් භාවිතා කළ රෝලිං ස්ටෝන් ජනප‍්‍රිය සංගීත කණ්ඩායම බවට පත් වුයේ ප‍්‍රධාන ගායකයෙක් ලෙස මයිකල් ජනප‍්‍රියත්වයට පත්වීමත් සමගය.

නර්තන ශීල්පියෙකු හා ගායකයෙකු, සංගීත නිෂ්පාදකවරයෙකු වන මයිකල් ජැක්සන් ප‍්‍රවීන රංගන කුසලතාවයක් හිමිකර ගත්තේය. කලාකරුවෙකු ලෙස ඔහු ඉතිහාසයේ අළෙවි කළ හොදම ඇල්බමය ලෙස ත‍්‍රිලියන් ඇල්බමය සඳහන් කළ හැකිය. පොප් සංගීතයේ රජු ලෙස හදුන්වන මයිකල් ජෝසප් ජැක්සන් ඇමරිකාවේ සිටි විශිෂ්ට ගණයේ ගීත රචකයෙකු හා නර්තන ශිල්පයෙකු විය.

ඔහු කුඩා අවධියේ ඔහුගේ පවුලේ පස් දෙනෙකුගෙන් යුත් ඵදඑදඅබ ඨරදමච නම් සංගීත කණ්ඩායම තුළ නායකත්වය ගත් අයෙකි. ලෝකය පුරා පැතිරුණු ප‍්‍රසිද්ධියකින් සාර්ථකත්වයට පත් වු අයෙකි. ඔහු ඔයැ අ්කක එයරසකකැර ්බා ඉ්ා නම් ඇල්බමය තුළින් ලොව ජනප‍්‍රියම ගීත තුළින් මුල් තැනට පැමිණියේය. පසුකාලයේදී  ඔහු ළමා අපචාර පිළිබඳ චෝදනාවට ලක් විය. ඔහු ඉතා අධික ලෙස   ඖෂධ භාවිතය හේතුවෙන් 2009 වසරේ දී මිය ගියේය. 

ගායන ලෝකයේ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ලක්ෂ සංඛ්‍යාවකගේ ආදරය හිමිි කර ගත් ගායන තරුවකි. සමාජය, සමාජ ස්ථර, මිනිසුන්ගේ දුක වේදනාව, විශේෂයෙන්ම සුදු කලූ වර්ණ භේදය නිර්මාණ සඳහා වස්තුබීජ ලෙස යොදා ගැනීම  ප‍්‍රබලව දැක ගත හැකිය. සෑම විටම සමාජය දෙස විපරම් ඇසකින් බලන මයිකල් ජැක්සන් සියලූ මිනිසුන් සිත් තුළ වීරයෙකු බවට පත් කරන්නේ ලෝකය තුළම ඔහුගේ ජනප‍්‍රියත්වය තහවුරු කර ගනිමිනි. ඔහු ඔහුගේ නිර්මාණයන් ඔස්සේ ඔහුගේම සංස්කෘතියක් බිහිකර ගැනීම පවා ශක්තියක් ඔහුට ඔහුගේ් නිර්මාණයන් තුළින් හැකි විය. මෙලෙස බිහි වු ප‍්‍රබල ගීත කිහිපයක් ලෙස එයැහ ාදබ’එ රු්කකහ ජ්රු ්ඉදමඑ මි  ගීත පෙන්වා දියට හැකිය.  

They don’t really care about us
Skin head, dead head
Everybody gone bad
Situation, aggravation
Everybody allegation
In the suite, on the news
Everybody dog food
Bang bang, shot dead
Everybody's gone mad

All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about us

Beat me, hate me
You can never break me
Will me, thrill me
You can never kill me
Jew me, sue me
Everybody do me
Kick me, kike me
Don't you black or white me

All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about us

Tell me what has become of my life
I have a wife and two children who love me
I am the victim of police brutality, no
I'm tired of being the victim of hate
You're raping me of my pride
Oh, for God's sake
I look to heaven to fulfill its prophecy...
Set me free

Skin head, dead head
Everybody gone bad
Trepidation, speculation
Everybody allegation
In the suite, on the news
Everybody dog food
Black man, blackmail
Throw the brother in jail

All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about us

Tell me what has become of my rights
Am I invisible because you ignore me?
Your proclamation promised me free liberty, no
I'm tired of being the victim of shame
They're throwing me in a class with a bad name
I can't believe this is the land from which I came
You know I really do hate to say it
The government don't wanna see
But if Roosevelt was living
He wouldn't let this be, no, no

Skin head, dead head
Everybody gone bad
Situation, speculation
Everybody litigation
Beat me, bash me
You can never trash me
Hit me, kick me
You can never get me

All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about us

Some things in life they just don't wanna see
But if Martin Luther was living
He wouldn't let this be, no, no

Skin head, dead head
Everybody's gone bad
Situation, segregation
Everybody allegation
In the suite, on the news
Everybody dog food
Kick me, kike me
Don't you wrong or right me

All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about us
All I wanna say is that
They don't really care about
All I wanna say is that
They don't really care about
All I wanna say is that
They don't really care about us

පොප් ගායනයේ රජු ලෙස දක්වන මයිකල් ජැක්සන් විසින් මෙම ගීතය තුළින් සමාජයේ එක් එක් අවස්ථාවන් තුළින් මිනිසුන් පීඩාවට පත්වන ආකාරය පිළිබඳ විවේචනාත්මක ප‍්‍රහාරයක් එල්ල කරනු ලබන ආකාරය දැක ගත හැකිය. 

මෙම ගීතය තුළින් සරලවම කියනු ලබන්නේ සියලූ ලෝකයන් වර්ගවාදය සහ වෙනස්කම් ගැන සටන් වදින බවය. විශේෂයෙන්ම මයිකල් ජැක්සන් වර්ගවාදී බව වර්ණ භේදය දැඩි ලෙස පිටුදකින ලද අයෙකි. එයට ප‍්‍රධාන හේ්තුව ඔහුත් කලූ ජාතිකයෙකු වීමත් ඒ තුළ වු පීඩාවන් වේදනාවන් විදි අයෙකු වීමත් දැක්විය හැකිය. 
මේ ගීතය තුළ ඇති පද වල අර්ථ පිළිබඳ සැලකිල්ලට ගෙන විමසීමේදී එහි මුල් පද තුළ පවතින ”අප ගැන ඇත්තටම සැකිලිමත් නැහැ” කියන පද තුළින් කිසිම අයෙකු සමාජය පාලනය කරන ආණ්ඩුව හෝ කිසිම විටක පීඩිත පිරිස් පිළිබඳ කිසිදු ආකාරයක අවධානයක් නොදැක් වු බවයි. එනම් මෙකී ගීතය තුළින් ද ඔහුගේ බහුතරයක් ගීත නිර්මාණයන්ට පාදක වූ වර්ගවාදී මානව හැගීම් මෙම  ගීතය තුළට ඔබ්බවා ඇති බව මාගේ මතයයි. 

සමාජයේ කිනම් වු අකටයුත්තක් සිදු වුවද චෝදනා නගනුයේ වරදකාරී වනුයේ එකම කණ්ඩායමක් පමණි. මතු පිටින් ඇති සමේ පැහැය ජීවිතයක් තීරණය කිරීමට තරම් සමාජය තුළ පවතින පහත් මානසික තත්වය ජැක්සන් ඉතා තදින් තම  මෙකී ගීතය තුළින් විවේචනය කරයි. සමේ පැහැය හමුවේ මානව අයිතීන් පවා තමන්ට අහිමි බවත් සමාජය තුළින් නොසලකා හරින ලැජ්ජාවට පත් කරන මෙවන් සමාජයක් තුළ කිසිදු අයෙකු මෙම පීඩිතයන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වයි. ඔවුන් පහත් මානව වංශයක් බවට සමාජය තුළින් පත් කොට ඇති බව මෙම ගීතය තුළින් පෙන්වා දෙයි. මයිකල් ජැක්සන් එහි උපරිමයට ගොස් අවධාරණය කරනුයේ මිහිපිට අදත් රූස්වෙල්ට් ජීවත්ව සිටී නම් මෙවන් පංති  ඝට්ටනයන් සමාජය තුල හට නොගන්නා බවයි. එසේම ආණ්ඩුව නොදකින සමාජයේ විවිධ පැතිකඩයන් ජීවිතයේ තවත් සමහර දේවල් ඇති බවත් අද මාර්ටින් ලූතර් ජීවත්ව සිටී නම් එවන් ඛේදවාචකයන් සඳහා මේ ජීවිත මුහුණ නොපාන බවත් මයිකල් ජැක්සන් පෙන්වා දෙයි. ඒ තුළින් ඔහු පෙන්වන්නේ මාර්ටින් ලූතර් වැන්නවුන් වර්ණ නිසා බෙදී සිටි සටන් කළ පිරිස් ඉන් මුදවා එකම මිනිස් ජාතියක් ලෙස එක් කිරීමට කටයුතු කරන කිසිවෙකු අද සමාජය තුළ නොවන බවයි. එකම අහසක් යට එකම පාට ලෙයනි් හෙබි සියල්ල බාහිර පැහැය නිසාම දෙකඩ වී එකිනෙකා මරා ගන්නා සමාජයක් විනා එකම අහසක් යට එකම මානව හැගීමෙන් ජීවත් කරවීමට මග පාදන සමාජයක් අද අප සතුව නොමැති බවයි. 

මයිකල් ජැක්සන් සැමවිටම සමාජයේ ගැටලූ මානව ජීවිතයේ ගැටලූ සංවේදී ලෙස බලමින් එය පූර්ණ සමාජ විවවේචනාත්මක ලෙස තම නිර්මාණ කාර්යන් සිදු කර ඇති බව දැක ගත හැක. මේ නිසාම ඔහු කෙරේ එක් වූ විශාල රසික ප‍්‍රජාවක් ඔහු වටා අදටත් එක් වී ඇත. අද ඔහු ජීවිතයෙන් සමු ගෙන ඇති නමුත් ලෝකය තුළ මිනිසුන් තුළ අදටත් ඔහු ජීවමානය. පොප් ගීත කලාව තුළ ඔහුගේම ගීත සංස්කෘතිය සමාජය නව දැක්්මකට යොමු කිරීමට ඔහුගේ ගීත ශක්තමත් භූමිකාවක් ඉටු කරන ලද බව සක් සුදක් සේ පැහැදිලි වන්නා වූ කරුණකි.  

Black or white
I took my baby on a Saturday bang

Boy is that girl with you 

Yes we're one and the same



Now I believe in miracles

And a miracle has happened tonight



But, if you're thinkin' about my baby

It don't matter if you're black or white



They print my message in the Saturday Sun

I had to tell them I ain't second to none

And I told about equality and it's true

Either you're wrong or you're right



But, if you're thinkin' about my baby

It don't matter if you're black or white



I am tired of this devil

I am tired of this stuff

I am tired of this business

Sew when the going gets rough

I ain't scared of your brother

I ain'ts scared of no sheets
I ain't scared of nobody
Girl when the goin' gets mean


Protection 

For gangs, clubs, and nations

Causing grief in human relations

It's a turf war on a global scale



I'd rather hear both sides of the tale
See, it's not about races
Just places
Faces

Where your blood comes from
Is were your space is
I've seen the bright get duller
I'm not going to spend my life being a color


Don't tell me you agree with me

When I saw you kicking dirt in my eye



But, if you're thinkin' about my baby

It don't matter if you're black or white



I said if you're thinkin' of being my baby

It don't matter if you're black or white



I said if you're thinkin' of being my brother

It don't matter if you're black or white

Ooh, ooh

Yea, yea, yea now



Ooh, ooh

Yea, yea, yea now

It's black, it's white

It's tough for them to get by

It's black, it's white, (x3) whoo


මයිකල් ජැක්සන් සහ බිල් බෝල්රෙට් විසින් පද රචනය කරන ලද ඊක්ජන දර අයසඑැ ගීතය 1991    නොවැම්බර් 11 මෙම ගීතය නිකුත් කරන ලදි. පොප් සංගීත රාව ඔස්සේ යමින් මයිකල් ජැක්සන්  ගීතය ගායනා කරයි. ඩිරැුගන්ස් ඇල්බමය තුළ මෙම ගීතය ඇතුළත් කරන ලදි. ඇමරිකා එක්සත් ජනපදය එංගලන්තය, කැනඩාව, මෙත්සිකෝව,  ඕස්ටේලියාව වැනි රටවල් ගණනක මෙම ගීතය ජනප‍්‍රිය ගීතයක් බවට පත් විය. මෙම ගීතයේ වීඩියෝ පටයේ අධ්‍යක්ෂවරයා බවට පත් වුයේ ජෝන් ලෙඩිස් විසිනි. වීඩියෝ රචනය වින්සන්ට් පැටර්සන් අතින් සිදු විය. 

මයිකල් උපතින් කලූ ජාතිකයෙකි. ඔහු මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සිය අද්දැකීම් කාරණා කරගෙන විය හැකිය. මෙම ගීතය මගින් කලූ සුදු යන තේමාව ඔස්සේ නිර්මාණය කරන්නේ වර්ණ භේදය මගින් සමාජය ගෙනෙන ගැටලූවයි. ඇමරිකානු, අප‍්‍රිකානු සමාජය තුළ මෙය තදබල ගැටලූවකි. මයික්ල් ජැක්සන් නිතරම තම ගීත නිර්මාණය කිරීමේදී සමාජ සාධාරණය පිළිබඳව තැකීමෙන් කටයුතු කළ බව සුදු හෝ කලූ ගීතය තුළින් පැහැදිලි වේ. 

ගැහැණු පිරිමි කියා භේදයක් නොමැත. අප එකම එකෙක්මු තමා කවරෙකු හෝ නොවන බවත් ඔහු පුද්ගලයෙකු  වන බවත් සමානාත්මතාවය පිළිබඳ ඔහු සමාජයට ඇගවීමත් ගීතය හරහා සිදු කර ඇත. මයිකල් ප‍්‍රකාශ කරන්නේ ඔහු ජාති වාදයෙන් හෙම්බත් වී ඇති බවය. කිසි විටක ජාතියකට වර්ගවාදයට ඉඩ නොදෙන බවය. මම සමානාත්මතාවය පිිළිබඳ කතා කරමි. එහි සත්‍ය ඔබ හරිය. ඔබ වැරදිය යනුවෙන් සඳහන් කරන්නේ සැමකෙනෙකුටම එක සමානව සැලකිය යුතු බවයි. එකිනෙකා අනෙකා ගැන සිතන්නට කලු සුදු භේදයක් අවශ්‍ය නොවන බව ගීතය තුළ ඇතුලත් කරයි. මයිකල් විසින් ගීතයේ ඉදිරියේ සඳහන් කරන්නේ මම මේ යක්ෂයාගෙන් වෙහෙසට පත් වුනෙමි. මම මේ දේවල් වලින් වෙහෙසට පත් වුනෙමි. මේ ව්‍යාපාරවලින් වෙහෙසට පත් වුනෙමි. නමුත් කිසිවෙකුට බය  නොවෙමි. 
  
එසේම මෙම ගීත රචනය හරහා කල්ලි සමාජ හා ජාතීන් මිනිස් සබඳතාවල ශෝකය ඇති කරන්නක් ලෙස දක්වයි. මේ ලෝක පරිණාමය මයිකල් තුර්කි යුද්ධයක් ලෙස දකී. ඔහු සමාජයෙන් ප‍්‍රශ්න කරන්නේ ඔබගේ රුධිරය එන්නේ කොහෙන්ද යන්නයි. මෙම ගීතය මගින් දැඩි සේ කලූ සුදු භේදය විවේචනය කිරිම අපි ජීවිතය ගත කරන්නේ වර්ණයෙන් නොවන බව ගීතයේ පැහැදිලි කරයි. අපි සියල්ලෝම සහෝදරයෝ වෙමු. එයට මේ වර්ණ ගැටුලූවක් නොවේ. 

ගීතය ඇතුළත් වීඩියෝ තුළ වයස අවුරුදු 11 පමණ කුඩා පිරිමි දරුවෙකු රාත‍්‍රීයේ සිය කාමරයේ රොක් සංගීතයට නටමින් සිටී. ඔහුගේ් පියා පැමින එම සංගීතය නතර කරන මෙන් ප‍්‍රකාශ කරයි. පයා තදින් දොර වසා යෑමත් සමග මයිකල් ජැක්සන් ගේ පින්තුරය කැඞී බිදී යයි. පසුව මෙම කුඩා පිරිමි දරුවා පියා අසලට පැමිණ හම් අත්වැසුම් හා කණන්ණාඩියක් පැලද ඉතා ශබිධයෙන් ගිටාරයක් වයන ලදි. එම ශබිදය සමග නිවසේ වීදුරු බිදී පියා වාඩි වී සිටි පුටුව සමග වහලයද සිදුරු කරමින් අප‍්‍රිකාවට විසි වී යයි. පසුව මයිකල් විසින් ගීතය ආරම්භ කරයි. අප‍්‍රිකානු නර්තන විලාසයන් යොදා ගනිමින් සතුන් දඩයමේ යෙදෙන ගෝත‍්‍රික ජනයා සමග මයිකල් නර්තනයේ යෙදෙයි. සාම්ප‍්‍රදායික නර්තන විලාසයන් භාවිත කරමින් තායි නර්තනය, ඔඩිස්සී නර්තන ශිල්පීන්, රුසියානු නර්තන ශෛලීන් මෙම වීඩියෝ පටය සඳහා පසුබිම් කරගෙන ඇත. ගින්දර නමැති යුද්ධයෙන් දැවෙන කුඩා දරුවන් ගීතය සඳහා දායක කර ගැනීම මෙම වීඩියෝ තවත් දර්ශනයක් ලිබර්ට් ප‍්‍රතිමාව උඩ විශාල ගිනි පන්දමක් ඉදරිපස කැමරාවගත කිරීම අවසානයේදී විවිද ජාතකත්වය හැගෙන මිනිසුන් වීඩියෝව හරහා ගෙනවිත් ඇත. විශේෂත්වය වන්නේ එම මිනිසුන් කලූ සුදු ගැහැණු සහ පිරිමින්ය. මේවා දර්ශන පටයේ ඇතුලත් එක් එක් දර්ශනයන් විය.  මේවා මගින් සංකේතවත් කරන්නේ ජාතික හැගීම් ඇති කිරීමය. 

මයිකල් විසින් මෙම ගීත රචනාව අර්ථ රසයෙන් මෙන්ම ශබ්ධ රසයෙන් පරිපූර්ණ කන්නේ පොප් සංගීත රටාව හරහාය. එසේම නර්තන අංග ද ගීතය ජනයා වැලද ගැනීමට හේ්තුකකාරනා වෙයි. මෙම ගීතය හරහා විවිධ සම්ප‍්‍රදායන් නර්තන විධි මයිකලගේ නර්තනය හා සබැදියාව නිර්මාණය කරයි. ඒකීය බව සාමුහික හැගීම ගීතය හරහා පාඩම් ලෙස කියා දෙයි. මෙම ගීතය මුලින් වාදනය  වන්නේ මයිකල්ගේ සුපුරුදු අනන්‍යතාවය ගෙනෙන නාද රටාවෙනි. ගීතය පුරාවටම එම වාදනය ශ‍්‍රවණය වේ. මයිකල් එම ගීතය තමාගේම කොටසක් කර ගනිමින් ගායනා කරන්නේ ඒ හැගීම තවෙකෙකුට දැනෙන අයුරිනි. ඔහු ඉහළ පහළ පරාසයන් ඔස්සේ තම ගායනාව වඩාත් ආකර්ෂණීයව ඉදිරිපත් කිරීමට සමත් වේ. වීඩියෝ පටය හරහා ඔහුගේ නර්තන මෙන්ම රංගන තුළ ඔහු තාත්වික බවක් පෙන්නුම් කරයි. ඔහු තුළ පවතින සමාජයේ මිනිසුන් පිළිබඳ හැගීම් එරට  ජනගහය මගින් සනාථ වේ. එදා මෙදා තුර මයිලකල් ජැක්සන් ජනප‍්‍රිය කලාකරුවෙකුු වන්නේ ඔහු සම්ප‍්‍රදාය අගය කිරීම, සමාජයට පණිවිඩ ගෙනයන්නෙක් වීම, නුතන්තවය සමග අත්වැල් බැද ගැනීම, තමන්ට කියා අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම, යන කරුණු කාරණා නිසාවෙනි. ඔහුට හැකි ගායන නර්තන හැකියාව අද නුතනයේ මයිකල් ජැකක්සන්ගේ් අනුරූප රාශියක් වේදිකා තුළ  දැක ගත හැකිය. 
Man  In The Mirror
"I'm gonna make a change

For once in my life

It's gonna feel real good

Gonna make a difference

Gonna make it right"



As I, turn up the collar on

My favorite winter coat

This wind is blowing my mind

I see the kids in the streets

With not enough to eat

Who am I to be blind?
Pretending not to see their needs"


A summer's disregard, a broken bottle top

And one man's soul ( and a one man's soul)

They follow each other on the wind ya' know

'Cause they got nowhere to go

That's why I want you to know"



I'm starting with the man in the mirror

I'm asking him to change his ways

And no message could have been any clearer

If you want to make the world a better place

Take a look at yourself, and then make a change"


I've been a victim of a selfish kind of love

It's time that I realize

That there are some with no home, not a nickel to loan

Could it be really me, pretending that they're not alone?"

A willow deeply scarred, somebody's broken heart
And a washed-out dream

They follow the pattern of the wind ya' see

'Cause they got no place to be

That's why I'm starting with me"


"I'm starting with the man in the mirror

I'm asking him to change his ways

And no message could have been any clearer

If you want to make the world a better place

Take a look at yourself, and then make a change

I'm starting with the man in the mirror
I'm asking him to change his ways
And no message could have been any clearer
If you want to make the world a better place
Take a look at yourself and then make that
Change!


I'm starting with the man in the mirror

 (Oh yeah!)

I'm asking him to change his ways

(Better change!)


නූතනය වන විට ජනප‍්‍රිය සංස්කෘතිය ඉතා ආකර්ෂණීයව දැනුන ද එහි ආරම්භය පීඩිත පංතියක අරගලයක් ලෙස ජන්මය ලැබූවකි. එකී ආරම්භයේ කොටස් කරුවන් ලෙස ලොව සියලූ දෙනා අතර ජනප‍්‍රිය වූ චරිත කිහිපයකි. ඒ අතර අප‍්‍රිකානු ජාතික මයිකල් ජැක්සන් තම ගීත නිර්මාණ තුළින් කලූ ජාතික පීඩිත පංතියේ ප‍්‍රශ්න ලොව ඉදිරියේ ආකර්ෂණීයව ඉදිරිපත් කළේය. එය කෙතරම් ආකර්ෂණීය වීද යත් ලොව පුරා ව්‍යාප්තව සිටි ජනතාව සුදු කලූ වර්ණ භේදයකින් තොරව ජාති ආගම් භේදයකින් තොරව ඔහුට ආදරය කරන්නට විය. මයිකල් අනුගමනය කළ චලන රිද්ම රටාවන් හඳින ලද ඇදුම් පැළදුම් අනුකරණය කළ ජනතාව ඒ තුළින් නව සංස්කෘතික රටාවක් ගොඩනගා ගත්හ. සමකාලීන යුගයෙහි ජනප‍්‍රිය සංස්කෘතික රටාවක මැවුම්කරවෙකු වූ ජැක්සන් තම නිර්මාණෙ තුළින් ප‍්‍රබල ගැලූවක් ලොව ඉදිරියේ සාකච්ඡුා කරන්නට වූයේය. ගීතය තුළින් නිර්මාණය කළ ජනප‍්‍රිය සංස්කෘතිය පීඩිත කලූ ජාතිනයින්ට ශක්තියක් වූ බවනම් නිසැකය. ජනප‍්‍රිය සංස්කෘතික රටාවක් නිර්මාණය වීමට හේතුකාරකයක් වූ ගීත අතර  ර්‍ණ ඔය ඵ්බ ෂබ ඔයැ ඵසරරදර ” ගීතය ද සුවිශේෂි නිර්මාණයකි. එම ගීතය තුළින් සමාජ දේශපාලනික අරගලය නිරපණය වන ආකාරය පිළිබඳ විමර්ෂණයක යෙදෙමු. 

1987 එළිදක්වූ ඊ්ා නම් ගීත බොහොමයෙන් ලොවට තිළිණ වන ”ඵ්බ ෂබ ඔය ඵසරරදර” ගීතය පීඩිත ජනතාව බලගන්වන තවත් එක් නිර්මාණයකි. ”ලොව තුළ වෙනසක් සිදු කිරිමට අවශ්‍යය නම් මුලින් ඔබ වෙනස් වන්න” යැයි ගාන්ධි තුමා පවසා ඇත. ජැක්සන් ද මෙම ගීතය තුළින් සමාජ වෙනසක් ඇති කිරීම සඳහා පුද්ගල වෙනසක් සිදු කිරීමට උත්සහ දරයි. 

ලෝකය සංකීර්ණය විටෙක අසමබරය. ලොව තුළ වෙනසක් සිදු කිරීමට අවශය්‍යනම් පෞද්ගලිකව පුද්ගල වෙනසක් සිදුවිය යුතු බව ජැක්සන් දක්වයි. ඒ සඳහා තමාට අවශ්‍යය ස්වයං ශක්තිය තමාම නිර්මාණය කරගත යුතුය. කැඩපතින් තම රුව දෙස බලන විට කැඩපතින් පෙනෙන්නේ අපවමය. අපේම තවත් අනුරූපයකි කැඩපත සමග දොඩමලූ වන්න යැයි මයිකල් පවසයි. ලොවෙහි වෙනසක් සිදු කිරීමට ඇවැසිනම් කැඩපතෙහි දිස්වන තමාම වෙනස් විය යුතු බව දක්වයි. වක‍්‍රකාරයෙන් ගත් කළ ර්‍ණ ඔය ඵ්බ ෂබ ඔයැ ඵසරරදර ”  කැඩපත තුළ  සිටින මිනිසා  යන්නෙන් සමාජය තුළ ජීවත් වන පුද්ගලයාගේ යටි සිත නිරාවරණය වනබව අනුමාන කරන්නට ඇත. 

I see the kids in the streets
With not enough to eat
Who Am I blind
Prentiending not to see their needs

            සමාජය තුළ වෙනසක් සිදු කිරීමට අවශ්‍යය. එය සමාජය අයදියි. වීදිවල සැරිසරන කුඩා ළමුන් බොහොමයකි. ඔවුන්ට කුසගිනි නිවාගන්නට ආහාරයක් නොමැත. මම අන්ධයෙක් ද ඔහු තමාගෙන්ම විමසයි. සමාජයෙන් විමසයි. කුසගින්නෙන් පෙළෙන වීථි දරුවන් ඔබ නොසලකා හරිනවාද යයි විමසයි.

අවදිවන්න ලොව වෙනස් කිරීමට කාලය එළඹ ඇතිබව ඔහු ගීතය පුරාම දක්වයි. පිරිසක් සුඛෝපභෝගීව සිටින විට විථි අතර දුක්විඳින දරුවන් වෙනුවෙන් කුසගින්නෙන් පසුවන පිරිස වෙනුවෙන් අවදිවන්න යයි ආයාචනා කරයි. ලෝකය වෙනස් වන්නට අවශ්‍යය නම් මුලින්ම ඔබ වෙනස් වන්න යැයි දක්වයි. ඒ සඳහා ඇවැසි ශක්තිය කැඩපත තුළ සිටින මිනිසා සමග දොඩමලූ වීමෙන් ලබාගන්න යැයි දක්වයි. තමා තුළ සැගව සිටින හෘද සාක්ෂිය සමග ගැටී ලෝකය වෙනස් කිරීමට යොමුවන්න යයි දක්වනුයේ පීඩනය සමග උද්වේගකරව සිටින මිනිසුනගේ හඩ අවදි කිරීමට අත්වලක් සපයමිනි. 
    
                                         A summr disregrd  
             
යන පැදිපෙළ තුළින් එලෙස ලොව වෙනස් කිරීමට ගන්නා උත්සහයන් ව්‍යාර්ථ වන අවස්ථා තිබිය හැකි බව දක්වයි. නමුත් ඉන් නොසැලිය යුතුය. ජීවන ගමන් මගේ කදු පල්ලම් දුෂ්කරතා සංයොජනය වී තිබිය හැකිය. එවනි අවස්ථාවලදී ශක්තිමක්ව මුහුණ දී තමාගේ අරමුණ කරා ලගාවිය යුතු බව දක්වයි. 

ඒ සඳහා ඔබ නැවත නැවතත් කැඩපතේ සිටින මිනිසා දෙස හෙවත් ඔබ දෙසම බලන්න යැයි ආයාචනා කරයි. එබේ දුර්වලතා වෙනස් කරගනිමින් ඔබේ පෞද්ගලික මතය වර්දනය කරගනිමින් ලෝකය වෙනස්කිරීමට ශක්තිය සොයාගන්න යැයි දක්වයි. දර්පණය බලන සැම විටම එනම් තමා දෙස බලන සැම විටම චිත්ත අභ්‍යන්තරය ඒ සඳහා පෙළඹවීමක් ඇති කරන බව දක්වයි. ලොව වෙනස් කිරීම යනු පීඩා විඳින තමන්ම යහපත් තත්ත්වයක් උදාකර ගැනීමයි. 
   
පුද්ගලයාට ආත්මාර්ථකාමී විය නොහැක‘ තම යහපැවත්ම සඳහා සමාජ යහපැවැත්ම  අනිවාර්යය වේ. ඒ නිසාම සමාජය යහපත් ස්ථානයක් බවට පත් කරගත යුතුය. සමාජය යහපත් ස්ථානයක් කිරීමට පෙළගැසෙන්න යැයි මයිකල් ගීතය තුළින් ආමන්ත‍්‍රණය කරයි.  තනි පුද්ගලයා තුළ වෙනසක් සිදු කරමින් නිශේධනාත්මක දැ ගලායාම නවතා ලොව යහපත් තැනක් කිරීමට අවශ්‍යය වේ. ඒ සඳහා ඔබ ඔබම වෙනස් කරගන්න යැයි බලපෑම් කරයි. 

ලෝකය තුළ පවතින්නා වූ දුගී දුප්පත්කම වීථි දරුවන් කුසගින්න වැනි අවස්ථාවන් වල දී තමාම වෙනස්වී ඒ සඳහා පිළියම් සොයන්න යයි දක්වයි. සමාජය තුළ සුඛෝපභෝගීව ජීවත්වන ජනතාවට ආත්මාර්ථකාමී නොවන්න යැයි පවසන අතරතුරම පීඩිත බහුතරයට නැගී සිටින්න යයි දක්වයි. ලොව වෙනස් කිරීමට අවසි එක් සිතිවිල්ලක් පමණි. ලොව තුළ දකීමට අවසි වෙනස තමා තුළින්ම දකින්න යැයි පවසයි. 

මෙලෙස මයිකල් නමින් ඔහුගේ සංගීතය මගින් ලොව පුරා හඳ ගැහෙන ජනතාවගේ සිතුම් පැතුම් එක්කොට වඩාත් යහපත් ලෝකයක් සමාජයක් නිර්මාණය කිරීමට මයිකල් දරා ඇති උත්සහය අනුපමේයය වන බව ඵ්බ ෂබ ඔයැ ඵසරරදර යන ගීතය මනාව ප‍්‍රත්‍යක්ෂ කරයි.  
     


බොබ් ඩිලන්

‘‘මට ගයන්නට හැකිනම් එය ගීතයකිග නොහැකිනම් එය කවියකිග මට ගයන්නට නොහැකි නමුත් කවියක් වීමට දිගින් වැඩිනම් එය නවකතාවකිග නමුත් මාගේ කතාවල සැලැස්මක් නැතග එක්තරා තැන්වල එක්තරා අවස්ථාවල මගේ හැ`ගීම ඒවායේ ලියැවී ඇතග’’ 
                                            බොබ් ඩිලන් 

බොබ් ඩිලන් උපත ලැබුයේ 1941 මැයි 24 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසොවා ප‍්‍රාන්තයේ ඩුලූන්හිදීය. ඔහුගේ නියම නම රොබට් ඇලන් සිමර්මන්ය. ඔහු මධ්‍යම පාන්තික පවුලක අයෙකි. වයස අවුරුදු 12 ආසන්න වෙත්ම ඔහු බොක්ස් ගිටාරය අතට ගත්තේය. ඉංග‍්‍රීසි ස්කොට්ලන්ත හා අයර්තන්ත ජන සංගීතය ඇසුරු කර ගනිමින් බ්ලූස්, ගැස්වෙල්, රොක් ඇන්ඞ් රෝල් හා රොකබෙලි යන සංගීත සම්ප‍්‍රදායන්ට අනුව ගීත ගායනය ආරම්භ කළ ඔහු සිය ගම්මානයෙන් පිටමං වී නිවියෝර්ක් නගරයට සංක‍්‍රමණය විය. 1960 වන විට ඔහු නිව්යෝර්ක් නගරයේ ග‍්‍රින්ව්ච් විලේජ් හි කෝපි අවන්හල්වල ගිටාරය වයමින් ගීත  ගායනා කරමින් වෘත්තීය සංගීත දිවියට අවතීර්ණ වන්නට විය. 

ඔහු ගිටාරය මෙන්ම  ඕගනය හා හාමෝනිකා වැන සංගීත භාණ්ඩ වාදනයේ හසලයෙකු විය. 1960 වසරේ ඔහුගේ මුල්ම පටිගත කිරීමේ කාර්ය හාර්මෝනිකා වාදනයක් වු අතර ඔහුට ඒ සඳහා ගෙවු මුදල ඩොලර් 50 පමණ විය. බ්ලූස්, රොක් ඇන්ඞ් රෝල් සංගීත ශෛයිලීන් යොදා ගනිමින් ඔහු විවිධ නිර්මාණාත්මක පර්යේෂණ සිදු කළේය. බ්ලූස්, යනු ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප‍්‍රාන්තවල භාවිතා වන කලූ ජාතික වහලූන්ගේ ජන සංගීතයි. බ්ලූස්, රොක් ඇන්ඞ් රෝල් ශෛලීන් එකිනෙක සම්මිශ‍්‍රණය කරමින් ඔහු විරෝධාකල්ප ගී රැුල්ලක් ව්‍යාප්ත කළේය. ඩිලන්ගේ මෙම ගීත 60 දශකයේ විරෝධතා ව්‍යාපාරයන්හි හා මානව හිමිකම් ව්‍යාපාරයන්හි තේමා ගීත බවට පත් විය. 

ඔහු 1962/63 වසරවල ගායනා කළ ඉකදඅසබ සබ එයැ අසබා මෙන්ම ඔයැ ඔසපැ ඔයහැ ්රු ක්‍ය්බටසබ වැනි ගීත අධ්‍යාත්මක හා දේශපාලනික අදහස් කැටි වු ප‍්‍රබල යුධ විරෝධි ගීත විය. ඔහුගේ නිර්මාණ යුධ විරෝධි සහ සමාජවාදී මාවතක් ඔස්සේ ගලා ගියේය. බොබ් ඩිලන් තමා විසින්ම ගීත රචනා කරමින් සංගීත නිර්මාණය කරමින් ගායනා කරමින් විශ්ව සංගීතය ක්ෂේත‍්‍රය තුළට පැමිණි 60 දශකය ජනප‍්‍රිය සගීතයේ ස්වර්ණමය යුගය විය. අද වුවද බොබ් ඩිලන්ගේ ගීතයක් සවන් වැකෙන විට අපේ මනසට නැගෙන්නේ 76 හැවිරිදි බොබ් ඩිලන් නොව 60 දශකයේ ගිටාරය සමග ගී ගයන තරුණ බොබ් ඩිලන්ගේ රූප කායයි. 

නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබු ලොව ප‍්‍රථම සංගීතඥයා ද මොහු විය. 20 වන සිවසයේ දී ජනප‍්‍රිය සංගීතයට සහ ගේය පද රචනා සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් කළ පුද්ගලයෙකු ලෙස බොබ් ඩිලන් විශ්වීය ඇගයීමට පාත‍්‍ර වෙයි. බොහෝ සංගීත විචාරකයන්ට අනුව රොක් සංගීතයේ ක්ෂේක්පියර් ඔහුය. 

ඩිලන්ගේ ගීත රචනා වලට මුල් වු මාතෘකා වුයේ දේශපාලන සමාජ විමරිශන , දර්ශනවාදය හෝ සාහිත්‍යමය බලපෑම්  වැනි පැවත පොප් සංගීතයට විරෝධී අංශ වේ. සංගීත ශෛලීන් වර්ධනය කර ගැනීමට අමතරව ඔහු අයරීෂ්් ජැප් හා ස්වින්ග් යන සංගීත ශෛලීන්ට ලැදියාවක් දැක්වීය. 

දශක පහකට අධික කාලයක් පුරා පොප් සංගීතයේ උන්නතිය උදෙසා මෙන්ම සමාජ සාධාරණය වෙනුවෙන් හඩ නැගූ බොබ් ඩිලන් එවක බොහෝ ජනමාධ්‍ය වේදීන් විසින් හැදින්වූයේ ඔහුගේ පරම්පරාව තුළ සිට අයුක්තියට එරෙහිව හඩ නගන්නෙකු ලෙයසි. පොප් කලාව තුළ ජනප‍්‍රිය වුදව සාම්ප‍්‍රදායික සගීතය බ්ලූස්, ගැස්වෙල්, රොක් ඇන්ඞ් රෝල් හා රොකබෙලි වැනි සංගීත  සම්ප‍්‍රදායන් ගණනාවක් ඩිලන්ගේ නිර්මාණ තුළ දැක ගත හැකි විය. 

රොක් සංගීතයේ විශිෂ්ටතම ගේය පදරුත් අතර ගූඪාර්ථ දනවන ගේය පද රචකයා ඔහුය. වසර එකසිය 117 ක ඉතිහාසයේ නොබෙල් සාහිත්‍යයේ ත්‍යාගයෙන් පුද ලද ප‍්‍රථම හා එකම සංගීතවේදීයා ඔහුය. බොබ් ඩිලන් යනු ඇමරිකානු ජාතික ගායන ශිල්පියෙක්, ගී පද රචකයෙක්, ස්වර රචකයෙක්, ග‍්‍රන්ථ කතුවරයෙක්, හා චිත‍්‍ර ශිල්පියෙකි. දශක 5 අධික කාල පරාසයක් තුල ඔහු ජනප‍්‍රිය සංගීතය විෂයෙහි කළ මැදිහත් වීම හා බලපැම අනල්පය, අද්විතීයය. 

Blowing in the wind

How many roads must a man walk down

Before you call him a man?

How many seas must a white dove sail

Before she sleeps in the sand?

Yes, 'n' how many times must the cannon balls fly

Before they're forever banned?
The answer, my friend, is blowin' in the wind
The answer is blowin' in the wind

Yes, 'n' how many years can a mountain exist

Before it's washed to the sea?

Yes, 'n' how many years can some people exist

Before they're allowed to be free?

Yes, 'n' how many times can a man turn his head

And pretend that he just doesn't see?
The answer, my friend, is blowin' in the wind
The answer is blowin' in the wind

Yes, 'n' how many times must a man look up

Before he can see the sky?

Yes, 'n' how many ears must one man have

Before he can hear people cry?

Yes, 'n' how many deaths will it take till he knows

That too many people have died?
The answer, my friend, is blowin' in the wind
The answer is blowin' in the wind




කෙතරම් දුරක් මග ගෙවා යායුතුද
මිනිසකු බව ඔහු ඔබ පිලිගන්නට
කෙතරම් දුර සුදු පරෙවියකු යායුතුද
වාලූකාවේ ඉසිඹුවක් ලබන්නට
වෙඩි උණ්ඩ සදහට නිහ`ඩ කරන්නට
කොපමණ වෙඩි අපි මුදාහරිමුද
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

කන්දක් සේදී යනු පෙර මුහුදට
තිබියුතුද කොපමණ කාලයක්
නිදහස ලබනා දින එළඹෙන තෙක්
මිනිසුන් කොතරම් කලක් දිවි රැුකගන්නද
කොපමන දවසක් හිස හරවන්නද
කිසිවක් නොපෙනෙන බව අඟවන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

අහස කුසම හරිහැටි දැක ගන්නට
මිනිසකු කොපමන හිස ඔසවන්නද
කොපමණ කන් මිනිසකුට අවැසිවෙද
මිනිසුන් හ`ඩනා බව දැනගන්නට
කොපමන පිරිසක් මිය යාතු වෙද
මිනිසුන් මියයන බව දැනගන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි 


බොබ් ඩිලන් ඔහුගේ යුගයේ වඩාත්ම ගෞරවාදරයට පාත‍්‍ර වූ සංගීතඥයන්ගෙන් කෙනෙකු වන අතර, එය නිෂ්ඵල සංගීතයට ප‍්‍රබල අර්ථයක් හා සංකල්පයක් ලබා දෙයි. ” ඉකදඅසබ. සබ එයැ අසබා ” 1963 මැයි මාසයේ වාර්තා කර ඇත. ගීතය සඳහා මාතෘකා තුනක් සපයයි. එනම් යුද්ධය, නිදහස සහ සාමයයි. එම තේමාවන් සමාජ ව්‍යාපාරය හා වියට්නාම් යුද්ධය සඳහා ප‍්‍රබල අර්ථයක්  ගෙන දෙයි. ගීතයේ එක් එක් පේළිය වෙනස් අර්ථයක් හා සමස්ත ගීතය පුරාම ව්‍යුහය යෝජනා කරයි. සෑම පදයකම ගීතය විශ්ලේෂණය කිරීමේදී, යමක් හෝ යෝජනා කරන දේට නිවැරදි හෝ වැරදි පිළිතුරක් නැත. කෙසේ වෙතත්, පළමුවන ගීත කාණ්ඩයෙහි යුද්ධ නියෝජනය කරන ගීත වලින් පටන් ගත් පොදු තේමාවක් සඳහන් වේ.

ජීවිතයේ අද්දැකීම් යනු අප ගමන් කළ යුතු මාර්ගයන් කියා පාන්නකි. ජීවන චක‍්‍රය ගමන් කිරීමේදී යහපත් හා අයහපත් කාලයන් වඩා හොදින් ගෙවා දැමීමට අවශ්‍ය වන්නේ අද්දැකිමී වලින් පරිපුර්ණ වීමයි. එසේ නම් අපගේ ජීවිත වඩාත් යහපත් කර ගැනීම සඳහා නොයෙකුත් අද්දැකීම් වලින් පොහොසත් විය යුතුය. සරල අර්ථ විවරණයක් වන්නේ කලාකරුවා පුද්ගලයෙකුගේ ජීවිත අත්දැකීම් පිලිබඳව ප‍්‍රශ්න කිරීමයි. එය කෙනෙකුගේ හැසිරීම වැඩිහිටියන් බවට පත් කිරීම සඳහා කොපමණක් ප‍්‍රමාණවත්ද  යන්නයි. ඒ අනුව ඩිලන් පළමු වාක්‍ය තුළින් ජීවන චක‍්‍රය නොනැසී පවත්වා ගෙන යෑමට අව්‍යශ කායික නිර්මලතාවය පිළිබඳ මෙහිදී කතා කරනු ලැබේ. 

තවද මෙහිදී 60 දශකයේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නොයෙකුත් කතාන්දර පැවතියද  ස්වභාවයෙන්ම ඔවුන්ට අයිතිවාසිකමක් දිනාගැනීමට නොයෙකුත් දැ කිරීමට අවශ්‍ය විය. එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කෙතරම් ඇවිද්ද ද උද්ඝෝෂන ගියද පෙළපාලි ගියද  ඉල්ලා සිටින අයිතිවාසිකම් කොපමණක් ලැබෙනවාද යන්න ප‍්‍රශ්නයකි. මිනිසුන්ට අයිතිවාසකම් ලැබුනා යැයි හැගීමට නම් මෙවැනි උද්ඝෝෂණ, පෙළපාලි කෙතරම් දිනිය යුතුද යන්න ඔහු ප‍්‍රශ්න කරමින් සිටී.

”සුදු පරෙවියා” යනු සාමය, හා සමගිය පිළිබඳ විශ්වීය සංකේතයයි. නැතහොත් අවම වශයෙන් පෘථිවියෙහි. ලෝක සාමය දිනා ගැනීමට පෙර මෙම සුදු පරෙවියන්ගෙන් යාත‍්‍රා යා යුතුය යන්න බොබ් ඩිලන් පවසා සිටියි. සුදු පරවියන් සාමයේ සමරු උත්සවවලදී නිදහස් කරනු ලබන අතර, සුදු පරෙවියන් පියාසර කළ යුතු දිනය කවදාකවත් සාමයේ නොසිටිනු ඇත. ඔහු දක්වන්නේ නියම සාමය ලබාගැනීමට නම් සුදු පරවියන් යාත‍්‍රා නොකරනු ලබන දිනයක් පැමිණ යුතු බවයි. 

පළමුවන ගීත කණ්ඩයෙහි, අවසාන පේළි තුළින් ”කොපමණ වාරයක් කැනන්වල දැවිය යුතුද? එ්වා සදහටම තහනම් කර තිබේද? කෙදිනක හෝ මෙම කැනන් භාවිතයේ නොපවතින දිනයක් පවතීද එවැනි දිනක සැබෑ සාමයක් බලා පොරොත්තු විය හැකි බව ඩිලන් පවසයි. මධ්‍යදරණී යුධ සමයේදී කැනන්, විනාශකාරී  මෙවලමක් විය. යුද්ධයක් සඳහා කිසිදු ආයුධයක  කිසිදු ප‍්‍රයෝජනයක් නොලැබෙන දිනයක් පැමිණ යුතුය. එවන් දවසක, සාමය අපේක්ෂා කළ හැකි බව ඩිලන් මෙගින් දක්වා ඇත. ” ඉකදඅසබ. සබ එයැ අසබා ” එහි අර්ථවත් හා ප‍්‍රබල ගීතවලට පිළිතුරු සපයයි.

 ඒ අනුව ඩිලන් පළමු පේළි කිහිපයේම අනාවරණය කරනුයේ ඔහුගේ ප‍්‍රශ්නවලට උත්තරයක් නොමැති බවයි. විශාල ලෙස අර්ථකථනය කරන පුද්ගලයා, මිනිසාගේ රූප, පරෙවියා සහ කැනෝලිනයන් හරහා සෑම දිනකම දරුණු අසාධාරණයන් විඳින බව ඔහු අදහස් කරයි. කුසගින්නේ, නිවාස නැතිකම හෝ ප‍්‍රචණ්ඩත්වය වැනි දේවල් නිසා, දෙවියන් වහන්සේව පමණක් විශ්වාස කිරීමට හා සාධාරණය ඉටු කිරීමට පැමිණෙන තුරු බලා සිටීම මිනිසුන්ගේ බලාපොරොත්තුව විය. 

කන්දක් ඝන සහ ශක්තිමත් යමක් නියෝජනය කරයි. මෙය ජීවිතයට යොමු කිරීමකි. එය සියල්ලෙන් ඉවත්වීමට පෙර කෙනෙකුට උඩඟුකම හා මහිමය ඇතිවිය හැකි කොපමණ වේද? මෙලොවෙහි දී කිසිම දෙයක් විශ්වාස නොකරන අතර, මහත් කඳු ලෙස පොළොවෙන් සෝදා දමනු ඇත.  ශ්‍රේෂ්ඨ  පුද්ගලයන් හා ඔවුන් මත එ්වා අල්ලා ගනු ඇත. පුද්ගලයෙකුට කළ හැකි උතුම්ම පාපය සමහර වැරදි ක‍්‍රියා දැක දැක, අනෙක් අතට අහක බලා ගැනීමයි. අපගේ  මෙම ගැටලූවලට විසඳුම් නොගෙන කොපමණ කාලයක් ගත කළ හැකිද? අපි කොච්චර කාලයක් ඇඬුවාද?

ස්කයි ‘යනු නිදහසයි.  මේ නිදහස සඳහා මිනිසුන්ට සටන් කිරීමට සහ වහනය කිරීමට කොපමණ කාලයක් තිබේද? සරල විසඳුමක් නැත්තේ ඇයි? හැමෝම එකට සතුටින් ඉන්න බැරි ඇයි? යුද්ධයේ කෑගැසීම් සහ නිදහසේ කෑගැසීම් නොසැලකිලිමත් වුවත්, කොපමණ කාලයක් මෙම වේදනාව ඇසීම සඳහා කන් දෙකක් ප‍්‍රමාණවත් නොවේ ද? මේ සියලූ විවේචන ගැන මිනිසුන් නොසලකා හැරිය හැක්කේ කෙසේද?
යුද්ධය නිෂ්ඵලය. එක් මරණයක් හෝ දහසක් තිබිය යුතුය. ලෝක රජවරු සහ දෙවියන්ගේ නාමයෙන් ජනයා මරණයට පත් කළ නොහැකි යුද්ධ ගණනාවක් ඇත. නමුත් එයින් කිසිවෙකු ජෙනරාල්වරුන් මහිමයට පත් නොකළේය. කිසිම හේතුවක් නිසා බොහෝ මව්වරුන්, පියවරුන්, පුරුෂයන්, භාර්යාවන් සහ දරුවන් පවා මියගොස් ඇති බව ඔවුන් තේරුම් ගන්නේ කවදාද?

ඔවුන් යුද විරෝධී ඇදහිලිවන්තයන් වූ අතර මිනිසුන්ට අර්ථවත් හා ප‍්‍රබල පණිවිඩ ගෙන එ්මට අවශ්‍ය විය. ඩිලන් ඊකදඅසබ හි ඔවුන්ගේ නාට්‍යය ගායනා කළ විට, ”ඔබේ ඇස් වසාගෙන, ඔබ ඉදිරියේ වියට්නාම් යුද්ධය දැකීමට ඔබට හැකි වනු ඇත; අහස හරහා බිම වැටී ඇති අතර, සෙබළුන් සියළුම සොල්දාදුවන් බිමට ඇද වැටෙමින් සිටිති. 

නිදහසේ නිදැල්ලේ අරගල කරන අය හා අසාධාරණකම්වලට එරෙහිව කටයුතු කිරීමට අපොහොසත් වන නව ගැටළුවක් මතු කරයි. මෙම ගීතය එක් පුද්ගලයෙක් හෝ බොහෝ දෙනෙක් ඇමතූ නමුත්, ඩිලන්ගේ සිය ප‍්‍රශ්නය සඳහා පැහැදිලි පිළිතුරු ලබා ගත නොහැක. නිදසුනක් වශයෙන්, ලෝක නායකයින් විසින් ඩැරෆර්හි ජානමය වශයෙන් ජිවිතය වැනි සමාජ ව්‍යසනයන් සඳහා ඇස් අන්ධ ලෙස සහ බිහිරි ලෙස නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නේ ඇයි? පිළිතුර සුළඟින් ගසාගෙන යන අතර සමහර අය ඔවුන්ගේ සදාචාර සම්ප‍්‍රදායන් අතහැර දැමීමට සහ ඔවුන්ගේ පාදවල විපත්තිය අවදානමක් ඇති කර ගැනීමට උපකාර කිරීම ප‍්‍රතික්ෂේප කරති.

මෙම ගීතයේ දී, ”සුළෙඟ් බ්ලෝවින්” හි අවධානය යොමු කර ඇත්තේ අයුක්තියට නොදැනුවත්ව සිටින අයට එරෙහිව විරෝධය දැක්වීමට අසාධාරණ ලෙස විරෝධය පළ කිරීමෙනි. ඩිලන් සම්පූර්ණයෙන්ම ගායනා කරන ගීත ගායනා සම්පූර්ණයෙන්ම අද්විතීයයි. ඔහු තුන්වෙනි හා අවසාන පදයෙහි සංගීතයට අනුව, ගීතය හැකි තරම් සරලයි. සමස්තයක් ලෙස ගීතයේ සරලම සරල භාවය එ්කෙන් තවත් සුවිශේෂී වන්නේ එය පද තුනකින් පමණක් සමානාත්මතාව, නිදහස, නිහතමානීභාවය හා දැනුවත්භාවය ප‍්‍රවර්ධනය කරන බවයි. ගීතයේ දී ඩිලන් පාවිච්චි කරන ලද පින්තූර ඉතා සරලය. මිනිසෙකු, පරෙවියෙකු, කන්දක්, මුහුද සහ ගංවතුර යනු ගීතයේ රූපයි. එ් එක් එක් අයගේම අරමුණයි. මිනිසා අයුක්තියට මුහුණ දෙන අයුක්තිය සහ යුක්තියට බලාපොරොත්තුවක් ඇති අයෙක් සංකේතවත් කරන අතර, පරෙවියා සාමය නියෝජනය කරන අතර, එම ජනයා සඳහා සහජීවනය හා සමානාත්මතාවය සඳහා දිගුකාලීන අරගලයකි. ශක්තිමත්, බලසම්පන්න කන්දකි, මානව වර්ගයාගේ නියෝජිතයා හා එහි දුර්වලකම නොසලකා හැරීමේ එහි දෘෂ්ටි ප‍්‍රවණතාවයි. නමුත් මුහුදේ වෙනස්කම් හා සැබෑ නිදහස, සෙමින් නිසැකවම මුදා හැරීම, නිරූපනය කරයි. ඩිලන් විසින්  නිර්මාණය කරන ලද සරල ගීතයක් තුළින් අපේ සමාජයේ ගැටලූවක් අපව ඉදිරිපත් කරයි. 

විශ්වයේ තේමාවන් තුන පදනම් කරගෙන ගීතයේ ”බ්ලෝවින්” ගීතයේ දී ගැඹුරු බලපෑමක් ඇති කරයි: යුද්ධය, නිදහස, සහ සාමය .ඔබ බොබ් විසින්ම හෝ පෝටර්, පාවුලූ සහ මරියා, සමාජ ව්‍යුහයේ ප‍්‍රතිරූපය, වියට්නාම් යුද්ධය සහ අතීත මතකයන් මනසේ ගිලී ඇති අතර, එ්වායින් සන්තෝෂය සහ ප‍්‍රීතිය හැඟීම, හෝ දුක හා ශෝකය ප‍්‍රකෝප කරනු ලැබිය හැකිය.මෙම ගීතය අර්ථය කුමක් වුවත්, ”පිළිතුර, මාගේ මිතුරා, සුළෙඟ්” සුළෙඟ් ගසාගෙන යනවා යන්නයි. 

ලෝක සාමයට පිළිතුරක් නැත. ඔව්, එහි තිබේ. එය කොහේ ද? ඔවුන් සුළෙඟ් ගසාගෙන යනවා. ඔවුන් අල්ලා ගැනීමට කැමති  ඕනෑම අයෙකු සඳහා පිළිතුරු තිබේ. සැබෑ ගැටළුව වන්නේ කිසිවෙකු මෙම පිළිතුරු ලබා ගැනීමට කැමති නැත. මේ සියලූ ප‍්‍රශ්නවලට පිළිතුරු බොබ් ඩිලන්ට පෙනී සිටින්නේ සුළෙඟ්ය. ඔවුන් චලනය වන විට, ඔවුන් වෙනස් වේ, නමුත් පිළිතුරු තිබේ. එය හුදෙක් උකහා ගැනීමට උත්සහ කිරීමේ කාරණයක් පමණි.

ඒ අනුව බොබ් ඩිලන් යනු ගායකයෙකු හෝ ගීත රචකයෙකු පමණක් නොව, ඔහු දාර්ශනිකයෙකි. ඔහු මානුෂීය විය. ඔහු මෙම ගීතයේ මෙන් ඔහුගේ කුසලතාවන් හොඳ ලෙස භාවිතා කළේය.

The times they are a changing
           දශක පහකට අධික කාලයක් පුරා පොප් සංගීතයේ උන්නතිය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඩනැගූ ඩිලන් එවක බොහෝ ජනමාධ්‍යවේදීන් විසින් හැඳින්වූයේ ඔහුගේ පරම්පරාව තුළ සිටි අයුක්තියට එරෙහිව හඩ නගන්නා ලෙසය. ඔහු විසින් නිර්මාණය කරන ලද times they are a changing ගීතය සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගීම තේමාව කරගත්තකි. 
         ගීතය ආරම්භයේ සිට අවසානය දක්වාම සමාජ ක‍්‍රමය පරිපාලනයේ ස්වභාවය වෙනස් කළ යුතු කාලය එළඹ ඇති බව පවසයි. 
                                                    Come gather round people
                Whenever You Roam

ව්‍යාප්තව සිටින සියලූම ජනතාවට ආරාධනා කරන ඩිලන් කුමන ප‍්‍රදේශයක කුමන රටක ජීවත් වුව ද සමාජ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න යැයි පවසයි. පරිපාලකයින් ධනවත් පාංතිකයින් රාජයය නිලධාරීන් සාන්‍යය ජනතාවගේ කාලය ශ‍්‍රමය සූරා කමින් තම බඩකට පුරවා ගනී. නමුත් බඩ වියත රැුක ගැනීමට ද නොහැකිව ලැබෙන මුදලට සාපේක්ෂව ඉතා ඉහල ශ‍්‍රමයක් වැය කිරීමට ජනතාවට සිදු වී ඇත. සාමාන්‍යය ජනතාව සතු මෙම ඛේදවාචකය අවබෝධ කර ගන්නා ඩිලන් දැකීමෙන් හා විදීමෙන් ලද අත්දැකීම් මත සමාජ ක‍්‍රමයට එරෙහිව නැගී සිටීමට ජනතාවට ආරාධනා කරයි. 
                       
Come Writers and critics
Who prophesize with your pen 
         

පළමුව මහජනතාවට ආමන්ත‍්‍රණය කරන ගේය පද රචකයා දෙවනුව ආමන්ත‍්‍රණය කරනුයේ ලේඛකයින්ට ය නිර්මාණකරුවන්ටය විචාරකයන්ටය. මුවහත් වූ අවි ආයුධ මගින් යුධ පිටිය තුළ සටන් වැදීමට ජවතාවගේ ආධ්‍යාත්මික සංකල්පනාවන් සකස් කරනු වස් නිර්මාණකරුවන්ට ආරාධනා කිරීම දෙවන පැදි පෙළ මගින් සිදු කරයි. සෑම සමාජයක්ම ආධ්‍යාත්මික අදුරක සිටින කළ සමාජය ආලෝකය කරා කැඳවා ගෙන යනු වස් ප‍්‍රධාන ඒජන්තවරයා ලෙස කටයුතු කරනුයේ නිර්මාණකරුවෝය. ලාංකීය යටත්විජිතකරණයෙන් රට මුදා ගැනීම උදෙසා එස්. මහින්ද හිමියන් සිදු කළ අනුපමේයය සේවාව අති විශාලය. නිර්මාණකරුවන් මගින් එවැනි අධ්‍යාත්මික සැකැස්මක් නිර්මාණය කළ හැකි බව ඩිලන් ඇමරිකානු සමාජය තුළ පීඩා විඳින සාමාන්‍යය ජනතාව වෙනුවෙන් නිර්මාණකරුවන්ව ආමන්ත‍්‍රණය කරයවියක් වන පෑන් තුඩින් ඉදිරියට විය යුතු දෙය අනාවැකියක් ලෙස ගොතන්නයැයි ආරාධනා කරයි. දැඩි මානුෂීයය සිතුවිලි ධාරාවකට හිමිකම් කියන ලද බොබ් ඩිලන් නම් අග‍්‍රගන්‍යය නිර්මාණකරු සර්ව සමාජ සාධාරණත්වය හා මානව අයිතිවාසිකම් සුරැුකීම වෙනුවෙන් තමා මෙන්ම පෑන් තුඩින් සටන් වදින්න යැයි ආයාචනා කරයි. 
                       
                       Come senators Congressmen
                        Please heed the call
     
තෙවනුව නිර්මාණකරු සෙනට් සභිකයින් හෙවත් පරිපාලන නිලධාරීන් අමතයි. මානව අයිතිවාසිකම් සුරැුකීම සඳහා සිදුකරන ලද අරගලයට අවහිර නොකරන්නයැයි අයදියි. කුසට අහරක් නොමැතිව අසීමාන්තික ලෙස ශ‍්‍රමය වගුරවන සාමාන්‍යය ජනතාව චෛතිසිකව මෙන්ම කායිතව ද පීඩාවෙන් මිරිකී සිටින බව දක්වයි. මානූෂයීය සිතන්න යැයි අයදියි. දිනෙක පරිපාලන තන්ත‍්‍රය දිරාපත් කොට සාමාන්‍යය ජනතාව ශක්තිමත් වනු ඇත. එදින එය අරගලයක් වනු ඇතඅයි අනතුරු හගවනුයේ ජනතාව තව තවත් දිරිමත් කරමිනි. 
                                     
                                     Come mothers and Fathers
                                      Throughout the lagan

භූමිය පුරා විසිරී සිටින මව්වරුන් හා පියවරුන් ආමන්ත‍්‍රණය කරන ඩිලන් තම දරුවන් හෝ මෙම ඛෙදවාචකයෙන් මුදවාගන්න යැයි පවසයි. ඒ සඳහා සටන් වැදීමට ඔබේ පුතණුවන්ට ද චිත්ත ධෛර්යය ලබා දෙන්න යැයි පවසයි. ඔබට ඒ සඳහා අත්වැල් සැපයීමට නොහැකිනම් ඔබ ඉවත්ව බලා සිටින්න යැයි දක්වයි’. 
                                
                                The line it is drawn
                                 The curse it is cast
       

සිව්වන පද පේළිය තුළින් අරගල කරන්න නමුදු බුද්ධියෙන් ඉවසීමෙන් අරගල කරන්න යැයි දක්වයි’. එවිට යහපත් විසඳුමක් හිමිවන බව දක්වනුයේ ඉවසීමෙන් කටයුතු කරන්න යැයි පවසමිනි. 
      
 මධ්‍යයම පාංතික පවුලක ජීවත් වු බොබ් ඩිලන් සමාජයේ පැවති ආසාධාරණය අහිමි වන අයිතිවාසිකම් පිළිබඳ අමිහිරි අ’ත්දැකීම් දුටුවේය. වින්දේය. ඔහු පවසා සිටින්නේම තමාගේ අදහස තමා දරණ මතය නිර්මාණයන් බවට පත්වන බවයි. එය ගීතයක් ද කවියක්ද නව කථාවක් ද යන්න එනම් ආකෘතිය කුමක් ද යන්න වැදගත් නොවේ’. ඒ අනුව අර්ථය හා සමා සැකැස්ම අරමුණු කරගනිමින් ලියැවුණු මෙම ගීතය මගින් සිදු වූ සමා හා අධ්‍යාත්මික සංශෝධනය ප‍්‍රබලය. සිය ජනප‍්‍රියත්වය සමාජ අසාධාරණය පිටු දැකීම සඳහා යොදා ගත්තේය. ඒ අනුව ඩිලන් වටා ගොඩනැගුණු ජනප‍්‍රිය සංස්කෘතිය සමාජ අසාධාරණයන්හි කසල සේදීමකට ලක් කරනලදි. 

Just like a woman

Nobody feels any pain

Tonight as I stand inside the rain

Ev’rybody knows

That Baby’s got new clothes

But lately I see her ribbons and her bows

Have fallen from her curls
She takes just like a woman, yes, she does
She makes love just like a woman, yes, she does
And she aches just like a woman
But she breaks just like a little girl

Queen Mary

She’s my friend

Yes, I believe I’ll go see her again

Nobody has to guess

That Baby can’t be blessed

Till she sees finally that she’s like all the rest
With her fog, her amphetamine and her pearls
She takes just like a woman, yes
She makes love just like a woman, yes, she does
And she aches just like a woman
But she breaks just like a little girl

It was raining from the first

And I was dying there of thirst

So I came in here

And your long-time curse hurts

But what’s worse

Is this pain in here
I can’t stay in here
Ain’t it clear that

I just can’t fit

Yes, I believe it’s time for us to quit

But when we meet again

Introduced as friends

Please don’t let on that you knew me when

I was hungry and it was your world
Ah, you fake just like a woman, yes, you do
You make love just like a woman, yes, you do
Then you ache just like a woman
But you break just like a little girl



බොබ් ඩිලන්ගේ න්‍මිඑ කසනැ ් අදප්බ ගීතයට හේතු වන්නේ ආදරයයි. ආදරය නිසා කිසිදු වේදනාවක් ඇති නොවන බව පවසන්නේ ආදරය නම් වු සංකල්පය උතුම් දෙයක්  වශයෙන් පෙන්වමිනි. පසුගිය දින රාත‍්‍රීයේ ඇති වු වර්ෂාවෙන්  පසු මා එම ළමයාව දුටුවෙමි. එම දරුවාට අලූත් ඇදුම් ලැබී ඇත. ඇය වෙනුවෙන් කුඩා දරුවෙකු වුවත් ඇය ආදරය කරන්නේ වැඩිහිටි කාන්තාවක් ආකාරයෙනි. තමා ඇය වේදනාවන් දරා ගන්නේ ද කාන්තාවන් ඇසුරිනි. නමුත් මෙහි ඇති පුදුමය ඇත්තටම ඇය කුඩා දරුවෙකි. 

එම දැරිය විටෙක මරිය රැුජින මෙන් කරුණාවන්තය. එසේම ඇය මගේ යෙහෙලියයි. මෙනිසා මම ඇයව බැලිමට යා යුතුයි කියා මා තරයේ විශ්වාස කරයි. තවද එම දැරියට කිසිම පුද්ගලයෙකුට ආශිර්වාද කළ නොහැකිය. අවසානයේදී ඇයව අන් කාන්තාවක් මෙන් දැකීමට හැකිය. ඇය මගේ ජීවිතයට සුවිශේෂ චරිතයක් වන්නේ ඒ නිසාය. මෙම නිසා මා ඇය හට පළමු දිනයේ වර්ෂාව වැටෙන විට මට මහත් පිපාසයක් දැනුනු අතර එම නිසා මා ඇය වෙත ගියෙමි. නමුත් අවසානයේ මට මහත් වු වේදනාවක් දැනෙන්නට විය. එම නිසා මට තවත් ඇය සිටින ස්ථානයේ රැුදී සිටිය නොහැකිය. මා එම වේදනාව දරා ගත නොහැකි නිසා මා එයින් පිටත්් වන්නෙමි. යලි කිසිදා හෝ දිනයක අප හමුවන බලාපොරොත්තුවෙන් අප වෙන් විය. ඒ ඇයගේ මිතුරෙකු මට හදුන්වා දෙමිනි

ආදරය නම් වු ආකල්පය මෙම ගීතයේදී ගෙන එන්නේ රූපකාර්තවත් බසකි. වරෙක  වර්ෂාවට ආදරය සමාන කරන අතර එයින් ආදරයේ අස්ථීරබව පෙන්වා දෙයි. කුඩා දැරිය තුළත් ආදරයේ පිවිතුරු බව දක්වන අතර ආදරය ලැබීමට ආදරය කිරීමට කාලයේ ඉඩක් නෙමැති බව දක්වයි. මෙම ගීතය තූල ගෙන එන්නේ ආදරය තූල සත්‍යවාදී බව මෙන්ම දරාගැනීම පැවතිය යුතු අනිවාර්ය සාධකයක් වන බවයි.  


බොබ් මාලේ 

අයාලේ නිශ්චිත ඉලක්ක අහිමි කර ගත් පරිභෝජනවාදය මුල් කර ගත් ජනතාවක් වෙසෙන සමාජයකට මෙන්ම මර්දනය, පීඩනය උරුමය අහිමි වූ  අහිංසක ජනතාවක් වෙසෙන සමාජයකට වුවද නිවරදි දෙසට ඔවුන්ව ගමන් කරවන්නට ආදරය අහිමි වු සමාජයකට ආදරය පිළිබඳ පෙන්වා දෙන්නට පරමාදර්ශී චරිිත වලට ඇත්තේ ඉහළ ශක්‍යතාවයකි. මෙසේ හවුහරණක් නොමැතිව ශතවර්ෂ දෙකක් පමණ ජිවත් වූ ජනතාවකට හඩක් වන්නට ඔවුන් පෙළෙන්නා වු පීඩාකාරී ලෝකයට පෙන්වා දෙන්නට වර්තමානයේ අප සමාජයේ මෙන්ම සංකේතීය පියෙක් අහිමි වී සිටි සමාජයකට සංකේතීය පියාගේ භූමිකාව රග දක්වන්නට පරමාදර්ශයක් වන්නට සමත් වූවෙක් ලෙස බොබ් මාලේ දැක්විය හැකිය.

රොබට් නෙස්ටා මාලේ හෙවත් බොබ් මාලේ මිිහිතලය මත ජීවත් වුනේ වසර 36 වැනි කෙටි කාලයකි. තම කෙටි ජීවිත කාලය තුළ දුගී කම, කුසගින්න, අසාදාරණය තුළ අනවරත ජීවිත අරගලයක් ගෙන ගිය තම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින්නට බොබ් මාලේට හැකි විය. වර්ෂ 1945 පෙබරවාරි 6 වනදා උපතච ලැබු මාලේ ජැමෙයිකාවේ දකුණු දිගට වන්නට පිහිටා තිබෙන ශාන්ත ඈන් නගරයේ නමවන සැතපුම් ප‍්‍රදේශයේ ජීවත් වූවෙකි. ඔහුගේ පියා සුදු ජාතික නාවික නිලධාරියෙක් වන නෝවල් මාලේය. මව සෙඩෙල්ලා මැල්කම් මාලේ ය. සෙඩෙල්ලාගේ දෙමාපියන් මෙම විවාහයට විරුද්ධ වු නිසා කුඩා මාලේට තම පියාගේ සෙනෙහස ඉතාමත් විරල අත්දැකීමක් විය. 

ශාන්ත ඈන් ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාව කුඩා බොබ් මාලේ සතුව අධි මානසික බලයක් ඇතැයි විශ්වාස කළ අතර හස්ත ශාස්ත‍්‍ර මගින් අනාගතය කිමේ හැකියාවක් ඔහු සතුව ඇතැයිද විශ්වාස කළහ. මෙහි සත්‍ය අසත්‍ය දේ කෙසේ වෙතත් පසු කාලීන ඔහුගේ ක‍්‍රියා කලාපයන් දෙස බැලූ විට අපට පැහැදිලි වන්නේ ඔහු ජීවත් වූ අවධියේ ජනතාව පෙලූ විවිධ පීඩාවන්ට එරෙහිව නැගී සිටීමකින් තොරව විමුක්තිය ලබා ගත නොහැකි බව නම් මාලේ පසක් කර ගෙන සිටි බවයි. බොබ් මාලේ තම පියා අවසන් වතාවට දුටුවේ ඔහු කුඩා බොබ්ව පාසල් අධ්‍යාපනය ලබා දීමට යැයි පවසා කින්ග්ස්ටන්හි පාසලකට රැුගෙන ගිය දිනයි. මාස 18 පසු බොබ් මලේ ගැන විපරම් කළ මවට දැන ගන්නට ලැබුනේ  තම පුතු පාසල් නොගොස් වැඩිහිටි යුවලක් සමග ජීවත් වන බවයි. ඒ විගසම ඇය  කින්ග්ස්ටන් ගොස් කුඩා බොබ් මාලේව නැවත ශාන්ත ඈන් වෙත රැුගෙන විත් තිබේ. 

නමුත් බොබ් මාලේ කින්ග්ස්ටන්  හි ගත කළ මාස 12 ක කාලය තුළ තම ජීවිතය නව මානයන් කරා ගෙන යාමේ ආරම්භයයි සන්ටුහන් වූයේ. ඔහු සංගීතය පිළිබඳ තිබු තම උනන්දුව මුදා හැරියේ මෙහිදීය. ඔහු කොතරම් එය තම ජීවිතයට ළං කර ගත්තේද යත් දිනක් ඔහුගේ මවගේ මිතුරිියක් තම මානසික බලය පෙන්වන ලෙස බොබ්ට පැවසු අවස්ථාවේ ඔහු ප‍්‍රකාශ කළේ මම දැන් ගායකයෙක් කියායි. මෙසේ සංගීතය පිළිබඳ ඇල්මක් දැක්වූ බොබ් පසු කලෙක තම ජනතාවගේ ගැලවුම්කරුවා බවට පත් වනු ඇතැයි එදා කිසිවෙකුත් සිතන්ට නැත. 

තමාගේ ගීත කළාව තුළින් විරෝධාකල්ප ගීත රටාව නව මානයක් කරා ගෙන යන්නට ඔහු සමත් විය. අප රටේ මෙන් ජනතාවාදී ගී  ගයා අවසානයේදී එහි ප‍්‍රතිඵලය ජනතාවගේ සුඛ විිහරණය සඳහා නෙව තමාගේ සුඛ වහරණය සඳහා යොදා නොගත් බොබ් මාලේ තම ජනතාවට සිදු වන අසාධාරණයන්ට එරෙහිව පමණක් නොව තම ජනතාවගේ සිත් තුළින් අහිමි වී යන ආදරය නැවතත් ඔවුන් තුළ ගොඩ නැගිය හැකි ආදර ගීත ගැයීය. පේ‍්‍රමය පිළිබඳ වැරදි විග‍්‍රහයන් රාශියක් තිබු සමාජයට පේ‍්‍රමය පිළිබඳ විකල්ප ගීත ගයනු ලැබීය.

ඔහු සතුව තිබු සමාජය පිළිබඳ වු මතයත් ආදරය පිළිබඳ වු මතයත් ගැන ගැයෙන ගීත දෙකක් හරහා ඔහුගේ ජනතා  වාදී බව පිළිබඳව මෙසේ විග‍්‍රහ කළ හැක. හුදකලාව සටන් නොකර ජන සමුහයක් වශයෙන් සටන් කිරීම තූළින් තම විමුක්තිය උදා කර ගැනීමට හැකි බව බොබ්ගේ විශ්වාසයයි. ක්‍දමකා ඉැ කදඩැල ඊමෙේකද ිදකාසැරල ඨැඑ මච ිඒබා මච බොබ් මාලේ විසින් රචිත ගීත දෙකකි. මේ ගීත මගින් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගන ලෙස ජනතාව දැනුවත් වේ. මෙම ගීත වල සඳහන් වන වචන ක‍්‍රියාශීලී ජනතා කි‍්‍රයාකාරීත්වය වෙනුවෙන් ජනතාව පොළඹවයි. දෙවියන් අප උදෙසා වැඩ නොකරන බවත් අප වෙනුවෙන් හඩක් නැගිය යුතු බවත් මෙම ගීත මගින් ප‍්‍රකාශ වේ. අතීතයේ සිදු වු අසාධාරණයන් පිළිබඳව මේ ගීත මගින් පෙන්වා දෙන අතර මර්දනයන්ගෙන් ගැලවීමට සහ  තමන්ගේ පැවැත්ම උදෙසා සටන් කළ යුතු බවයි. 

Could be love

Could you be loved and be loved?

Could you be loved and be loved?

Don't let them fool ya

Or even try to school ya

Oh, no

We've got a mind of our own

So go to hell if what you're thinking is not right

Love would never leave us alone
A-yin the darkness there must come out to light

Could you be loved and be loved?

Could you be loved, wo now! and be loved?

(The road of life is rocky and you may stumble too

So while you point your fingers someone else is judging you)

Love your brotherman

(Could you be, could you be, could you be loved?

Could you be, could you be loved?

Could you be, could you be, could you be loved?
Could you be, could you be loved?)

Don't let them change ya, oh

Or even rearrange ya

Oh, no

We've got a life to live

They say: only, only

Only the fittest of the fittest shall survive
Stay alive
Eh

Could you be loved and be loved?

Could you be loved, wo now! and be loved?

(You ain't gonna miss your water until your well runs dry

No matter how you treat him, the man will never be satisfied)

Say something! (Could you be, could you be, could you be loved?

Could you be, could you be loved?)

Say something

Say something
(Could you be, could you be, could you be loved?)

Say something (Could you be, could you be loved?)

Say something 

Say something (Say something)

Say something 

Say something (Could you be loved?)

Say something 
Say something
Reggae, reggae
Say something 
Rockers, rockers
Say something 
Reggae, reggae
Say something 
Rockers, rockers
Say something (Could you be loved?)
Say something
Uh
Say something
Come on
Say something (Could you be, could you be, could you be loved?)
Say something (Could you be, could you be loved?)
Say something (Could you be, could you be, could you be loved?)
Say something (Could you be, could you be loved?)



Don’t let them fool

කිසිවෙකුට ඔබව මෝඩයෙකු කරවන්න දෙනන් එපා. යන්වෙන් මේ ගීතය තුළ ඍජු ණිවිඩයක් ඉදිරිපත් කරනු ලබයි. එවකට සිටි පුජකයින් සහ ඊනියා ආගමික නිකායන් ජනතාවට ඔවුන් සතුව ඇති පින් මදි කම නිසා තමන් දුක් විදින බවත්, දෙවියන් පැමිණ ඔබව මුදා ගනු ඇති බවත් පවසා ජනතාව මුළා කිරීමට එරෙහි බොබ් මෙය රචනා කර ඇත.

Or Even Try to School ya oh no

පෙර අරුත් ගැන්වීමට සමාන  දෙයක් වන මෙය තවත් අරුත් ගැන්වීමක් සපයයි. මෙහිදී මාලේ උත්සහ දරන්නේ එවකට ජැමෙයිකාවේ පැවති අධිරාජ්‍ය ගැති අසාධාරණ අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ ජනතාවට කියා පාන්නයි. මෙහි පද මගින් ජැමෙයිකාවේ පැවති අධිරාජ්‍ය ගැති අසාධාරණ අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ ජනතාවට කියා පාන්නයි. මෙහි පද මගින් ජැමෙයිකාවේ රස්ථා දරුවන්ට උචිත ආකාර පිළිබඳ ගායනා කරනු ලබයි. එවකට ජැමෙයිකාවේ පාසල් දරුවන්ට පාවහන් නොපැළඳ පාසල් පැමිණිම තහනම් කාරණාවකි. නමුත් එහි වැසියන්ගේ මාසික ආදායම ඉතාමත් පහළ තත්ත්වයක පවතිද්දී හරියාකාරව ආහාර පවා නොලැබ සිටිද්දී පාසල් දරුවන් අනිවාර්යෙන්ම පාවහන් පළදින්නේ කෙසේද? පාවහන් වලට වඩා නිවරදි අධන්‍ාපනය වැදගත් බවත් ඹහු ව්‍යංගයෙන් ප‍්‍රකාශ  කර සිටියි. පාසල් වල  උගන්වන දෙයෙහි ඇති වලංගුභාවය පිළිබඳව මේ ගීතය තුළින් විග‍්‍රහ කරයි. එවකට ජැමෙයිකානු පාසල් යල් පැන ගිය ග‍්‍රන්ථ භාවිතයෙන් අධ්‍යාපනය ගෙන ගියේය. සුදු ගවේශකයින් වීරයන් ලෙසත් වහලූන්ගෙන් පැවත එන ජැමෙයිකාවට විමුක්තිය උදා කර දුන්නේ සුදු මිනිසුන් බවත් කියා දෙමින් බි‍්‍රතාන්‍ය තමන්ගේ ගැලවුම් කරු ලෙසත් කෙරෙන ඉගැන්වීම් සම්බන්ධයෙන් මාලේ තම දැඩි විරෝධය තම ගීත හරහා ඉදිරිපත් කළහ. ඉතිහාසය පොත් මගින් වහල් ව්‍යාපාර පිළිබඳවත් ළමුන්ගේ ඉතිහාසය පිළිබඳවත් ඉගැන්වීම් සිදු නොකෙරෙන නිසා එයට බොබ් මාලේ මේ දැඩි විරෝධය තම ගීත හරහා ඉදිරිපත් කළහ. බි‍්‍රතාන්‍ය ගැලවුම්කාරයෙකු මිස පීඩකයෙකු ලෙස මෙම පොත් පත් වලින් කියා නොදීමටට විරුද්ධව ජනතාව දැනුවත් කරන්නට බොබ් සමත් වුවේය. 

we ‘ve got a ,mind of our own'

තමන්ට වන අසාධාරණයන්ට එරෙහි පැමිණිලි කරමින් නිහඩ ව‍්‍රතයක් රකිනවා වෙනුවට තමන්ට සිදු වූ අසාධාරණයන්ට එරෙහිව හඩක් නගන්නට ජනතාව පෙළඹවිය යුතු බව අවධාරණය කරයි.

So go to hell if what you're thinking is not right
Love would never leave us alone
A-yin the darkness there must come out to light

මේ  සිදු වන අසාධාරණය තව ඉවසිය නොහැකි බව පවසන මේ ගීය තුළින් ආදරය අපව කිසිදාක තනි නොකරන බවත් හැම කෙනෙක්ම හැමෝටම නිරතුරුවම සිටින අතර එහි බලයෙන් ඉදිරියට ඇදෙන බවත් පවසමින් අදුර දුරලා අපට උරුම දේ අප ලබා ගත යුතු බවටත් ජනතාව පොළඹවයි. 

Could you be loved and be loved?
Could you be loved, wo now! and be loved?

ඔබට ආදරය ලබන්න පුලූවන්ද? ඔබට ආදරය විදින්න පුලූවන්ද? අප හැමෝටම ආදරය ලබා දෙන්න පුලූවන්ද?

(The road of life is rocky and you may stumble too
So while you point your fingers someone else is judging you)

අප ගමන් ගන්නා ජීවන මාවත ගල් ගොඩැලි වලින් ගහන අසීරු මාවතක් බව බොබ් තම ගීතයෙන් කියා පායි. මෙහිදී ජීවිතය අප සිතන තරම් සුන්දර නොවන බව කියා පායි. ජීවිතයේ හොද සහ නරක දෙකටම සුුදානම්ව සිටිය යුතු යැයි කියන යථාර්තයද මෙම ගීතයෙන් පෙන්වා දෙයි.

Don't let them change ya, oh
Or even rearrange ya
Oh, no
We've got a life to live

බොහෝ දෙනෙකු විවිධ වේශයෙන් පැමිණ ජනතා මතය වෙනතකට හරවන්නට දරණ උත්සහය මෙහිදී ඍජුවම පෙන්වා දෙන්නට බොබ් සමත් වේ. විවිධ මංමුලාවන් හරහා ජනතාවගේ මනස විකෘති කරන්නට විවිධ බලවේග පැමිණෙනු ඇතැයි වටහා ගන්නා බොබ් එය තම ගීතය තුළින් ප‍්‍රකාශ කරයි. (අපේ ලාංකික සමාජයේ විවිධ ස්වරූ වලින් පැමිණෙන වාණිජ්‍ය බලවේග සහ නුගත්කම නමැති බලවේගය හා තාරුණ්‍ය සිහින තුළ හිරකර විනාශ කර දමන්නට අද ක‍්‍රියාත්මක වන හැටි උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.*
මෙහිදි ඔහු පවසන්නේ ඔවුනට ඔබව වෙනස් කරන්න දෙන්න එපා. නැවත සකස් කරන්න දෙන්න එපා. අපට ජීවිතයක් ලැබේවි. එය එතරම් පහසු දෙයක් නොවේ. යනුවෙනි. 

They say: only, only
Only the fittest of the fittest shall survive
Stay alive
Eh

යම් කිසි සමාජමය දෙයකට විවිධ ප‍්‍රතිවිරෝධතාවයන් එල්ල වන බව මේ ගීතයෙන් කියා පායි. බොහෝ දෙනෙක් උත්සහ දරාවි අපව පාගා දමන්න. නමුත් එයට ඉඩ නොතබන්න. අප‍්‍රිකාවේ සිට එන වහල් නෞකාව ජීවත් වීමට භාග්‍ය ලබන්නේ ශක්තිමත් අය මණයි. අපි ශත වර්ෂ ගනණක් සටන් කළද දිගටම සටන් කරන්න වුයේ නම්  අපට පවතින්නට හැකි වේවි. අප‍්‍රිකාවේ සිට වහලූන් ලෙස රැුගෙන ඒමේදි අප ජීවත් වීමට ලැබු ශක්තිය ජාතියක් ලෙස නැගී සිටින්නට කරන අරගලයට ජීවය සපයන්නට යොදවන්නැයි මෙහිදී ප‍්‍රකාශ කරයි. 

You ain't gonna miss your water until your well
 runsdry
No matter how you treat him, the man will never
besatisfied
Say something

ඔබ සටන අත්හරින තුරු කිසිදාක පරදින්නේ නැහැ. බැබිලෝනියානු නායක ප‍්‍රජාව කිසිදාක තෘප්තිමත් වන්නේ නැහැ. ඔවුන් සදහටම ඹබව මර්දනය කර තබාවි. පීඩනයට එරෙහිව හඩ නගන්න. 
ඉතාමත් ප‍්‍රබල සමාජයක පණිවිඩයක් මෙම ගීතය මගින් ලබා දෙන්නට බොබ් මාලේ සමත් වී තිබේ. එවකට සමාජයේ පැවති දුර්මත, අසාධාරණ, පෙන්වා දෙන්නට මෙම ගීතයට හැකි වී තිබේ. ඉතාමත් වැරදි සහගත දේ සමාජයට ලබා දීම මගින් ජන මනස වෙනස් කරන්නට හැකියාව ඇති බව වටහා ගන්නා බොබ් මිනිසුන්ගේ මනස උගුල්වලට හසු නොකරන ලෙස දැනුම් දේ. ''

මෙම ගීතය දෙස බැලූ විට වර්තමාන අප සමාජය කෙතරම් උගුල්වලට හසු වී ඇත්දැයි අපට වැටහී යයි. අපගේ මනස විකල් කරන්නට අටවා ඇති උගුල් අති මහත් බව අපට පෙනී යයි. නමුත් මේ දේවල් පිළිබඳව අපට කියා දෙන්නේ කවුද? බොබ් වැනි පරමාදර්ශ නොමැති සමාජයක පහළ ස්ථරයේ සිට උපරි ව්‍යුහය දක්වාම පාරිභෝගික වාදයේ මුදලේ උගුලට හසු වු සමාජයක ඇති ඉතාමත් කණගාටුදායක තත්වය වන්නේ අප විනාශ වන  බව නොදැනෙ තරමට අප මෝහන නිද්‍රාවකට හසු වී තිබීමයි. සමාජය නිවරදිව දිශානත කිරීමේ කාර්ය සඳහා පරමාදර්ශ බිහි විය යුතු කාලයයි මේ. 

Buffalo Solder

Buffalo Soldier, dreadlock Rasta

There was a Buffalo Soldier

In the heart of America

Stolen from Africa, brought to America

Fighting on arrival, fighting for survival

I mean it, when I analyze these things

To me, it makes a lot of sense

How the dreadlock Rasta was the Buffalo Soldier

And he was taken from Africa, brought to America

Fighting on arrival, fighting for survival

Said he was a Buffalo Soldier, dreadlock Rasta

Buffalo Soldier, in the heart of America

If you know your history

Then you would know where you coming from

Then you wouldn't have to ask me

Who the heck do I think I am

I'm just a Buffalo Soldier

In the heart of America

Stolen from Africa, brought to America

Said he was fighting on arrival

Fighting for survival

Said he was a Buffalo Soldier
Win the war for America

Said he was a, woe yoy yoy, woe woe yoy yoy

Woe yoy yoy yo, yo yo woy yo, woe yoy yoy

Woe yoe yoe, woe woe yoe yoe

Woe yoe yoe yo, yo yo woe yo woe yo yoe

Buffalo Soldier, troddin' through the land woo ooh

Said he wanna ran, then you wanna hand

Troddin' through the land, yea, yea

Said he was a Buffalo Soldier

Win the war for America

Buffalo Soldier, dreadlock Rasta

Fighting on arrival, fighting for survival

Driven from the mainland

To the heart of the Caribbean
Singing, woe yoy yoy, woe woe yoy yoy

Woe yoy yoy yo, yo yo woy yo woy yo yoy

Woy yoy yoy, woy woy yoy yoy

Woy yoy yoy yo, yo yo woe yo woe yo yoy

Troddin' through San Juan

In the arms of America

Troddin' through Jamaica, a Buffalo Soldier

Fighting on arrival, fighting for survival

Buffalo Soldier, dreadlock Rasta

Woe yoe yoe, woe woe yoe yoe

Woe yoe yeo yo, yo yo woe yo woe yo yoe



ඊමෙේකද ීදකාැර යනු නිදහසේ සහ ශක්තිමත් සත්වයෙකුගේ සළකුණක් ලෙස භාවිත කරන්නක් නමුත් මෙම ගීතය තුළ ඊමෙේකද ීදකාැර ලෙස භාවිත කරනනේ අප‍්‍රිකාවේ සිට වහල් සේවය උදෙසා රැුගෙන ආ කලූ වහල් අප‍්‍රිකානුවන්  හදුන්වා දෙන්නටයි. මෙම වහලූන් ස්වදේශිය රතු ඉන්දියානුවන් තම භූමි වලින් පළවා හරින්නට කරන යුද්ධයේ සොල්දාදුවන් ලෙස යොදවන්නටයි. ඇමරිකාවට රැුගෙන ආවේ ඔවුන්ගේ හිස කෙස් වල ස්වභාවය සහ ඒවා සකස් කර ඇති ආකාරය අනුව ස්වදේශිය රතු ඉන්දියානුවන් ඊමෙේකද ීදකාැර ලෙස මොවුන්ව හැදින්විය. 

වහල් අප‍්‍රිකානුවන් යනු ශතවර්ෂ දෙකක පමණ කාලයක් පීඩනයට හා මර්දනයට හසුව තම අයිතිවාසිකම් අහිමිව සිටි ජන කොට්ඨාසයකි. මෙහිදී සිදු වූ ඉතාමත් අප‍්‍රසන්නම තත්වය වන්නේ මර්දනයට ලක්වුණු රතු ඉන්දියානුවන් තම උපන් බිම් වලින් පළවා හරින්නට මේ මර්දනයට ලක් වු වහල් අප‍්‍රිකාවනුවන් යොදවා ගැනීමයි. මෙසේ ශතවර්ෂ ගණනාවක් පීඩනයට ලක් වෙමින් ජීවත්වන මේ වහල් ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් බොබ් මාලේ ඍ්ිඒේරස‘ප ඉදිරියට ගෙන ආවේය. මෙම රස්තාෆරියන්වරයෙක් ඩ්‍රේඞ් ලොක් රස්තා ලෙස හදුන්වන්නේ ඔවුන්ගේ හිසකේ විලාසිකතාව නිසයි. වර්තමානයේදී තමන්ව පාගා දමා පීඩාවට ලක් කිරීමට එරෙහිව ෘරු්ාකදජන ඍ්ිඒ සටන් වදී. මෙය ඔවුන් ශතවර්ශ දෙකක කාලයක් පුරා ගෙන යන සටනේ ක‍්‍රියාකාරිත්වයක් ලෙස හදු්වාදිය හැකියි. අප‍්‍රිකාවේ සිටයදීත් ඔවුන් මෙම සටනේ නියුතු විය. තමන් වහල් සේවයට යොදවා ගැනීමට එරෙහිව ඔවුන් උපරිමයෙන් සටන් කළහ. මේ වහලූන්ගෙන් පැවත එන අප‍්‍රිකාන්වන් පිළිබඳ ගැයෙන ගීතයයි.

මෙහි ආරම්භක පද තුළින්  ඊමෙේකද ීදකාැර කවුද යන්න හදුන්වා දීමට මාලේ උත්සහ දරයි. තමන්ගේ අතීතය නොදැන තමන්ව හදුන්වා නොගෙන තමන්ට සිදු වන්නේ කුමක්ද යන්න නොදැන තමන්ට සිදු වන අසාධාරණයන්ගෙන් මිදෙන්නට කිසිවෙකුටත් හැකි වන්නේ නැහැ. මා මටම අහිමි වු සමාජයක මා කව්ද යන්න තේරුම් ගැනීම අත්‍යවශයෙන්ම කළ යුත්තේ තමාට තමාව අහිමි වීම ගරා වැටෙන සමාජයක මුල්නම දක්නට ලැබෙන ලක්ෂණයකි. 

මට මා අහිමි වී ආරම්භ වන මෙය 
මා ඔබටත් ඔබ මටත්
ඔබ අපටත් අප ඔබටත් 
අහිමි වීම හරහා 
අප අපටම අහිමි වී
සමාජය විනාශ වී යනු ඇත.

(මා මෙහි සදහන් කරන්නේ ආධ්‍යාත්මක විනාශ වීමයි.*පසුව එය භෞතිකය දක්වා දිව යනු ඇති. එසේ නම් මා කවුදැයි මා දැන සිටිය යුතුයි. '

ජැමෙයිකාව තුළ ෘරු්ාකදජන රස්තා ඉතාමත් දැඩිව අවමානයට පාත‍්‍ර වු අතර තමන් වෙනුවෙන් දැඩිව පෙනී සිටීමට මොවුන්ට සිදු විය. ඔබ කවුද? ආවේ කොහෙන්ද? ගෙනාවේ කොහාටද මොකටද ආදී සියලූ දේ ගීතය තුළ තවත් ඉදිරියට ගෙන යයි. ඩ්‍රේඞ් ලොක් රස්තා අප‍්‍රිකානු වහලූන්ගෙන් පැවත එන බව මෙහිදී මතක් කරයි. තමන්ගේ පදනම මුල නොදැන අහිමි වූ අයිතීන් වෙනුවෙන් සටන් කළ නොහැකි බව මෙම පදවැල් තුළින් අපූරුවට පෙන්වා දේ. 

තමන් සහ තම ජනතාවගේ සැබෑ අනන්‍යතාවය හෙළි නොකිරීම සම්බන්ධයෙන් මාලේ ඉතාමත් උරණ විය. තමනුත් වහලූන්ගෙන් පැවතෙන්නෙක් බව මාලේ ප‍්‍රකාශ කරයි. මේ මගින් ජනතාව තුළ වඩාත් විශ්වාසනීයත්වයක් තම ගී’ත සහ එහි පණිවිඩය පිළිබඳව ගොඩ නගන්නට මාලේට හැකියාව ලැබේ. මේ විශ්වාසය තුළින් කතා කරනවාට අමතරව නිදහස වෙනුවෙන් වූ ක‍්‍රියාකාරීත්වය ගොඩ නගන්නට බොබ් වෙහෙසේ. 

මෙහි අවසාන පදයේ නිරුක්තිය ඉතාමත් ප‍්‍රබලයි. වාච්‍යාර්තයට එහා ගිය දැඩි දේශපාලන පණිවඩයක් මෙහි අන්තර්ගතව පවතී. ඇමරිකානුවන්ට අනුව බලය කියන්නේ මුදල්ය. බලය යනු අධ්‍යාපනය සහ වෙළඳපොළ පාලනය කිරීමයි. ඒ නිසාම ඇමරිකානු ආර්ථිකය ඉහළට ගෙන යාම සඳහා වහලූන් යොදවා ගන්නට ඇමරිකාව කටයුතුු කරනු ලැබීය. ආර්ථික ශක්තිය වෙනුවෙන් සියලූ දේ අත්පත් කර ගන්නට ඇමරිකාව වහලූන්ට ඉතාමත් අමානුෂික ආකාරයෙන් සේවයේ යෙදවීය.

බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව ඇතුලූ බොහෝ යුරෝපීය රටවල් අදටත් සමෘද්ධිමත් ආර්ථිකයට හිමිකම් කියන්නේ වහලූන්ගේ ශ‍්‍රමදායකත්වයෙන් සහ අනෙකුත් තමන්ගේ යටත්විජිත සූරා කෑමෙන් ලැබූ මුදලිනි. වර්තමානය වන විට තම ආර්ථිකය යම් යම් පසුබෑම්වලට ලක්වන විට නව ආකාරයෙන් යටත්විජිත ඇති කර ගන්නට ඔවුන් උත්සාහ දරයි. ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය මගින් ඉරාකය අත්පත් කර ගැනීම එක් උදාහරණයකි. 

ඇමරිකාව මෙන්ම ජැමෙයිකාවේ අප‍්‍රිකානුවන් අධිලතිවාදී සමාජයට එරෙහිව තම පැවැත්ම උදෙසා ප‍්‍රබලව සටන් කළ යුතුයි. එය තම අයිතීන් සඳහා පමණක් නොව අභිමානය සඳහාද කරන සටනකි. මෙයට දශක දෙකකටත් ඉහතදී බොබ් මාලේ තම ජනාවගේ විමුක්තිය උදෙසා ගැයු ගී නිසා කළ සටන් නිසා ජන සමාජය තරමක් ඉහළ තත්වයකට ඔසවා තබන්නට හැකි වුවත් තවමත් මොවුන් දැඩ පීඩාවන් යටතේ ජීවත් වේ. අදටත් ඇමරිකාවේ මෙන්ම ලෝකය පුරා ජීවත් වන කලූ ජනතාව ඉතා ඉහළ සමාජීය මට්ටමකයි ජීවත් වන්නේ. ධනවාදයේ සුපිරි බලවතා වන දියුණුවේ  ඉහළ හිනි පෙත්තේ සිටින ඇමරිකාව තුළ ඉතාමත් පහළ ජීවන තත්වයක් සහිතව ඉන්නේ මෙම කලූ ජනතාවයි. 

හරි හැටි නිවාස නොමැතිව හොරු මංකොල්ල කරුවන් ලෙස ජීවත් වන්නට මොවුන්ට සිදුව ඇත. ඇමරිකාව ගොඩනැගීමේ ප‍්‍රමුඛ කාර්යභාර්යට කර දුන් කළු ජාතිකයින් තවමත් දරිද්‍රාවයේ ජීවත් වේ. අද දවසේ ඔවුන් වෙනුවෙන් විමුක්ති ගී ගයන්නේ කවුද? බොබ් තම ගීතයෙන් ඒ ගැන කතා කරන්නට පෙළඹුනේ වර්ෂ 1800 ගණන්වල කළු සොල්දාදුවන්ට සැලකූ ආකාරය පිළිබඳව මනාව විග‍්‍රහ කෙරේ. අවිචාරවත් ඉතිහාසයෙන් තවමත් මොවුන් පීඩා විදින බව පෙන්වා දේ. බොබ් ගේ ඇවෑමෙන් දශක දෙකකටත් පසු තත්වය තවමත් යහපත් වී නැත. 

බෆලෝ සෝල්ජර් මාලේගේ ජීවිතයේ පැහැදිලි ප‍්‍රතිබිම්භයකි. පන්ති පරතරය පිළිබඳව මාලේ මුලින්ම අද්දැකීම් ලැබුවේ කින්ස්ටන්හිදී. මෙහි පිහිටා තිබුණු ධනවත් ජන සමාජයක් මුඩුක්කු නිවාසත් හරහා මෙම දුක් විදින ජනතාවගේ දුක හදුනා ගන්නට ඔහු සමත් විය. ජනතාව වෙනුවෙන් තම කාර්යයන් කර ගෙන යන අර තුර බොබ් ප‍්‍රබල අභියෝගයකට මුහුණ දුන්නේය. ඒ තම ජනතාව ඔවුන් පිළිබඳ නිසි තක්සේරුවකින් නොසිටීමයි. තම චර්යාවන් ගැන ආර්ථිකය ගැන දැනුවත් නොවීමයි. දැනුවත් නොවුණු සමාජයක් දැනීමක් නොමැත් සමාජයක් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? එය ප‍්‍රබල ප‍්‍රශ්නයකි. දැනුවත් නොවුණු සමාජය සදාකාලිකවම අමතක කර දැමිය යුතුද? ඔවුන් නොසලකා හැරිය යුතුද? නැත. ඔවුන් දැනුවත් කළ යුතුයි. සාක්ෂරතාවය පවා ඉහළ මට්ටමක තිබුණ මේ සමාජය දැනුවත් කරන්නේ කෙසේද? මෙහිදී බොබ් ඒ සඳහා තම රේගේ ශෛලියේ ගීත ඉතාමත් ව්‍යක්ත ලෙස භාවිත කරයි. මේ තුලින් තම නිදහස් සටන තම ජනතාව විදින පීඩාව පිළිබඳ ඹවුන්ව දැනුුවත් කරන්නට බොබ්ට හැකි විය. 

ආගම් නාමයෙන් ජනතාවගෙ අයිතිවාසිකම් පිළිබඳව ඔවුන් නිහඩ කර තබන්නට වෙර දරන මිත්‍යා දෙවියන්ට බොබ් ප‍්‍රබල ලෙස පහර එල්ල කළේය. එසේම යුද්ධයේ තේමාව යටතේ මානව හිමිකම් අහිමි කිරීමට බොබ් විරුද්ධ වුවේය. අඩු සාක්ෂරතවයක් සහ දුප්පත්කම ඇති තැන්වල සංගීතය යනු ප‍්‍රබල සන්නිවේදන මාධ්‍යක් බව බොබ් පෙන්වීය. 


I shot the sheriff, but I did not shoot the deputy

I shot the sheriff, but I did not shoot the deputy


All around in my home town

They're trying to track me down

They say they want to bring me in guilty

For the killing of a deputy

For the life of a deputy, but I say


I shot the sheriff, but I swear it was in self-defense

I shot the sheriff, and they say it is a capital offense


Sheriff John Brown always hated me

For what I don't know

Every time that I plant a seed

He said, "Kill it before it grows"

He said, "Kill it before it grows", I say


I shot the sheriff, but I swear it was in self-defense

I shot the sheriff, but I swear it was in self-defense


Freedom came my way one day

And I started out of town

All of a sudden I see sheriff John Brown

Aiming to shoot me down

So I shot, I shot him down, I say


I shot the sheriff, but I did not shoot the deputy

I shot the sheriff, but I did not shoot the deputy


Reflexes got the better of me

And what is to be must be

Every day the bucket goes to the well

But one day the bottom will drop out

Yes, one day the bottom will drop out, but I say


I shot the sheriff, but I did not shoot the deputy, oh no

I shot the sheriff, but I did not shoot the deputy, oh no






එක් පුද්ගලයෙකුගේ අත්දැකීමක් වස්තු විෂය කර ගනිමින් මෙම සිංදුව රචනාකොට ඇත. ගී රචකයා තම ස්වයං අත්දැකීමක් ලෙස ගෙනෙන මෙම ගීතය තුළ ඔහු නොකළ වරදකට හසුවූ බව පැවසේ. සැබෑ ලෙසටම මෙහි කතා වස්තුව වූ මෙම අභිරහස් මරණය තමා විසින් සිදු නොකළ බවත් නමුත් මෙහි සදහන් ඵරග ඊරදඅ නැමැත්තාව තමා විසින් තම ආත්ම ආරක්ෂාව සදහා ඝාතනය කළ බවත් ඔහු පිළිගනී.නමුත් ඔහු නැවත නැවතත් කියා සිටින්නේ මෙහිදී ව්‍යාජ චෝදනාවක් ලෙස රචකයා වෙත යොමුවන ෘැචමඑහ තනතුර හිමි තැනැත්තා තමන් විසින් ඝාතනය නොකල බවයි.

මෙහිදී ඔහු අවංකව ඔහු විසින් සිදුකළ බවට පිළි ගන්නේ ියැරරසෙෙ තනතුර හිමි උසස් නිළධාරියාගේ ඝාතනය කිරීමට හේතුවත් දක්වයි. එයට හේතුව ලෙස ඔහු තමා හට සෑමවිටම වෛර කළ බවත් නමුත් එ් මන්ද කියා ඔහු නොදන්නා බවද පවසයි. මෙහි කතා නායකයා යමක් පැවසීමට සැරසෙන සෑම අවස්තාවකම ඝාතනය වූ ිැරසෙෙ නැමැති නිළධාරියා ඔහු වළකා දැමූ බව පවසයි.

මේ තුළින් අවබෝධ කර ගැනීමට ඇත්තේ ක‍්‍රියාත්මකවන නිළධාරීවාදය පිළිබදවයි. ලෝකය තුළ කවරාකාර දේශපාලන එ්කකයන් ක‍්‍රියාත්මක වුවද එ් සියල්ලෙන් සිදු වනුයේ බලය ලත් පන්තිය තවත් බලය තර කර ගැනීමක් විනා අන් කවරක්ද? එය සලාතන ලෝක සත්‍යතාවයයි. සෑමවිටම සිදු වනුයේ බලය හිමි පුද්ගලයින්ගේ ක‍්‍රියාවන් හමුවේ යටහත් පහත්ව බලා සිටීමට සිදුවීමයි. ඔවුන්ගේ බල පරාක‍්‍රමයන් හමුවේ දීන පිරිසක් ලෙසට ඉවත බලා ගැන්මට සිදුවීමයි. එය ලොව ක‍්‍රියාත්මකවන නිළධාරීවාදයේ ස්වාභාවයයි.

මෙම ගීතය තුළින් මතු වන්නේද එවන් නිළධාරීයෙකුගේ එවන් මහන්තත්ත ක‍්‍රියාවන් හේතුකොටගෙන එය ඉවසා ගත නොහැකිම තැන කතා නායකයා විසින් ඝාතනය වීමයි.  ඕනෑම පුද්ගලයෙකුට වුව ඉවසීමේ සීමා මායිම් පවතින්නේය.එම සිමා මායිම් අතික‍්‍රමණය වූ කල්හී සිදු වනුයේ ගීතයේ දැක්වෙන පරිදි විනාශකාරි තත්ත්වයකි. ලොව දේශපාලන රාමුව තුළ දැකගත හැකි සුලබ කරුණක් ලෙසටද මෙය දැක්විය හැකිය. නිළධාරීයෙකු යනු තම යටත් පිරිසට සේවය සැපයීමට බැදී සිටින්නෙකි. එ් අනුව ඔහුද එක්තරා ආකාරයක සේවකයෙකි. එහිදී ඔහු සේවය කළ යුතු වන්නේ සැමට එක ලෙසයය. ඔහු සියලූ දෙනා දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුය. නමුත් මෙහි නිළදාරියා කතානායකයා දෙස බලන්නේම වෛරී ස්බාවයෙනි. එය නිළධාරීයෙකුට ඔබින නොවන දෙයක් බව දැක්විය යුතුය.

එලෙසම තම සේවාදායකයන්ට තම අදහස් ප‍්‍රකාශය කිරීම සදහා ඉඩ හසර වෙන් කළ යුතුය.මෙහි කතා නායකයා අදහස් ප‍්‍රකාශ කිරීමට උත්සහා ගන්නා සෑම අවස්තාවකදීම අදාළ නිළධාරීයා විසින් එ් සදහා බාධා මතු කරයි. ප‍්‍රජාතන්ත‍්‍රීය රාමුවක් තුළ එය කිසි ලෙසක අනුමත කළ නොහැක්කකි. පාලනය යහපත් වීමට නම් එය එ්කාධිපති නොවිය යුතුය. තම සේවකයන්ගෙන් නිසි ලෙස සේවය ලබා ගත හැක්කේ එවිටය. අවංක සේවය පාලනය යහපත් කරනු ඇත.

මෙහි එන සේවකයාද තම නිළදාරියා ඝාතනය කළ ආකාරයද දක්වන්නේ සිය අවංක බව ප‍්‍රකට කරමිනි. නමුත් ඔහු වෙත වෙනත් අභූත චෝදනාවක්ද එල්ලව ඇත. එනම්  ඔහු නොකළ වරදකට හසු කිරීමට උත්සහා ගැනීමයි. එය නිළධාරී පැලැන්තියේ ස්වභාවයයි. යමක් කර ගැනීමට නොහැකි පිරිස් තම අතකොලූ බවට  පත් කරගෙන ඔවුන්ගේ පටු අභිප‍්‍රායන් වෙනුවෙන් ඔවුන් භාවිත කරයි. සේවයන්ටද කර ගත හැකි කිසිවක් නොවන තැන ඔවුන් අසරණ වෙයි. ලෝකය තුළ පවතින්නේ මෙවන් වූ චක‍්‍රීය දේශපාලන නිළබලවාදයකි.

එය ඉවසා ගත් නොහැකිම තැන අලූ යට ගිණි පුපුරු මෙන් එ්වා ගිනි දලූ නන්වමින් බුර බුරා නැග එන්නේ මෙහී නිළධාරීයා කතා නායකයා අතින් ඝාතනය වූ පරිද්දෙනි. ලොව දේශපාලන අරගල හට ගන්නේද බල අරගල දක්වා වර්ධනය වන්නේද අවසානයේ මහත් වියසනකාරී තත්ත්ව උද්ගත වන්නේද මෙවැනි තත්තයන්හී ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම ගීතය තුළින් කුලූ ගැන්වීමට උත්සහා දරනුයේද එම සත්‍යයි.
           


නිගමනය

මිනිසා යනු සමාජීය සත්වයෙකි. පුද්ගලයා ජීවත් වන්නේ සමාජය තුළය. සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කළ සමාජය යනු පුද්ගල එකතුවක් ලෙස විග‍්‍රහ කළ හැකිය. සමාජය තුළ පවතින්නේ භෞතික වස්තුන් සමුහයක් පමණක් නොවේ. සමාජය තුළ විවිධ පුද්ගලයෝ ජීවත් වේ. සමාජ ගත පුද්ගලයා විවිධ සමාජ ක‍්‍රයාවන්හි යෙදෙයි. එම ක‍්‍රියාකාරකම් සමාජ, ආර්ථික, දේශපාලන, කලා යනාදී වශයෙන් ප‍්‍රභේදකළ හැකිය. සමාජ ගත පුද්ගලයා තමන් අත් විදින අද්දැකීම් විවිධ මාධ්‍යන් ඔස්සේ සමාජයට සන්නිවේදනය කරනු ලබයි. සසන්නිවේදනය යනු එක් පුද්ගලයෙක් තමන් භාවිත කරන භාෂාවෙන් තවත් පුද්ගලයෙකුට අදහස් ප‍්‍රකාශ කිරීමයි. මිනිසා සමාජ කණ්ඩායම් සමග සම්බන්ධතා දක්වන ආකාරය තොරතුරු ලබ ගන්නා ක‍්‍රම හුවමාරුකැර ගැනීම විනෝදය ලබා ගැනීම යනාදී සියල්ල සන්නිවේදන ක‍්‍රයාවලිය හා බද්ධ වී තිබේ. සමාජ ගත අද්දැකීම් සන්නිවේදනය කළ හැකි ප‍්‍රබල මාධ්‍යක් ලෙස කලාව දැක්විය හැකිය. නර්තනය, චිත‍්‍ර, මුර්ති, නාට්‍ය ආදී සියල්ල කලාවට අයත් වේ. නමුත් මේ සියලූ කලා මාධ්‍යන්ට වඩා ප‍්‍රබල ලෙසින් සමාජමය අද්දැකීමක් සන්නිවේදනය කළ හැකි ප‍්‍රබල ලෙසින් සමාජමය අද්දැකීමක් සන්නිවේදනය කිරීමේ හැකියාව ගීතය සතුව පවතී. ගීතය ක‍්‍රමානකුලව ගොනු කරන ලද ව්‍යාකරණානුකුල වාක්‍ය රචනාවක් නොවේ. පුලූල් වශයෙන් මෙමගින් සමාජ මෙහෙවරක් සිදු කළ හැකිය. 

නමුත් සෙසු කලා මාධ්‍යන් මගින් සමාජ මෙහෙවරක් සිද නොවනවා යන්න මින් අදහස් නොවේ. එය සාපේක්ෂ වශයෙන් සීමාවන් පවතී. විනාඩි තුන හතරක කාල අවකාශයක් තුළ දිග හැරෙන  ඕනම ජාතියකට භාෂාවකට ආගමකට උරුමකම් කියන පුද්ගලයෙකුගේ මනස ක්ෂණිකව ඇද බැද තබා ගැනීමට හැකි ප‍්‍රබලම මාධ්‍යක් වශයෙන් ගීතයට ප‍්‍රබල ස්ථානයක් හිමි වේ. ගීතය මෙහෙයවන භාෂාව සංගීතයයි. නමුත් සගීතයට භාෂාවක් නැත. ඉතා කෙටි කාලයකින් විශාල සහෘද පිරිසක් ඇද බැද තබා ගත හැකි ප‍්‍රබලතම සාහිත්‍යාංගයක් වශයෙන් ගීතයට හිමි වනුයේ අන් කිසිදු සාහිත්‍යකට නොදෙවෙනි ස්ථානයකි. මෙහිදී සාපේක්ෂ වශයෙන් ගත් කළ සෙසු මාධ්‍යයන් මගින් විවිධ ආකාරයෙන් සමාජ මෙහෙවරයන් සිදු කළ ද ගීතයට ඊට වඩා පුලූල් සමාජ මෙහෙවරක් සිද කළ හැකිය යන්න සදහන් කළ හැකිය.     

ගීතිකා කෝණාර                           

No comments:

Post a Comment

ආවර්ජනා