Sunday, June 9, 2019

දේශපාලන මහජන සම්බන්ධතාවය



ම්කිසි සංවිධානයක් සහ එහි ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනඟනු පිණිසත් එය පවත්වාගෙන යෑම සඳහා සියුම් ලෙස සැලසුම් කළ අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතාවය නම් වේ.

ලන්ඩන් මහජන සම්බන්ධතා ආයතනය විසින් ඉදිරිපත් කරන මෙම නිර්වචනය තුළින් බලවේග කණ්ඩායම් දෙකක් පිළිබඳව දක්වා තිබේ. එනම් සංවිධානය සහ ජනතාවයි. මේ තුළින් පැහැදිලි වන්නේ මහජන සම්බන්ධතාවය තුළ දක්නට ලැබෙන්නේ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයක් බවයි.

මහජන සම්බන්ධතාවය වර්තමානය වන විට මුළු ලෝකය පුරා පැතිර පවතින, මානව සමාජය කෙරෙහි අතිශය ප‍්‍රායෝගික වූත්, ප‍්‍රබල වූත් සමාජ සාධකයක් බව පෙන්වාදිය හැක. නවීන යුගයේ සෑම විෂය ක්ෂේත‍්‍රයකම  නියාමක විෂය බවට පත්ව ඇත්තේ මහජන සම්බන්දතාවයයි. එහිදී දේශපාලනය හා මහජන සම්බන්දතාවය අතර පවතින්නේ දැඩි සබඳතාවකි. දේශපාලනය සඳහා මහජන සම්බන්දතාවය අත්‍යවශ්‍යම සාධකයක් බව පෙන්වාදිය හැක. දේශපාලන පසුබිම උදෙසා සෑම අවස්ථාවකදීම ක‍්‍රියාවට නැංවිය යුතු අංගයක් බව මහජන සම්බන්දතාවය පෙන්වාදිය හැකිය. මහජනතාවගෙන් තොර දේශපාලනයක් ගැන සිතීමට නොහැකි වීම එයට හේතුව ලෙස දැක්විය හැකිය.

ලෝකයේ දේශපාලන මහජන සම්බන්ධතාවයේ ආරම්භක පසුබිම ඇති ඔහුගේ 1904 තුළදීය. මහජන සම්බන්ධතාවයේ පියා ලෙස දැක්වෙන්නේ වී. අවි. ලී ය. ඔහු දේශපාලන මහජන සම්බන්ධතාව සඳහා ප‍්‍රථමයෙන් සිදුකර ඇත්තේ පුවත්පත්වලට ලිපි ලිවීම ය. විශේෂයෙන් පළමුවරට දේශපාලන මහජන සම්බන්ධතාව අවශ්‍ය වූයේ පළමු ලෝක යුද්ධ කාලසීමාවලදී යුද්ධය සඳහා සටන් කිරීමට තරණයන් පොළඹවා ගැනීම සඳහාය. 

මෙම හේතුව නිසා වෙන් 1917 පළමු ලෝක යුධ සමයේ ඇමරිකානු ජනාධිපති වුඞ්රෝ විල්සන්federal committe of public information පිහිටුවා පළමු ලෝක යුද්ධය වෙනුවෙන් ජනමත සැකසීමට කටයුතු කිරීමත්,

1928 ඇමෙරිකානු ඩිමොක්‍රොටීස් පක්ෂය පළමු  මහජන සම්බන්ධතා කාර්යාලය ලෙස බිහි වීමත්
1932 රී පබ්ලික් පක්ෂය මහජන සම්බන්ධතා කාර්යාලයක් ඉදි කිරීමත්
1993 පෞද්ගලික දේශපාලන මහජන උපදේශන සේවා ආරම්භ කිරීමත් සිදු විය. 

දේශපාලන මහජන සම්බන්ධතාව 1970 වන විට ලෝකයේ පැතිරෙන ලදි.  එය පසු පසුකාලීනව පූර්ණකාලීන දේශපාලන මහජන සම්බන්ධතා උපදේශකත්වයක් බවට පත් විය. ප‍්‍රධාන වශයෙන් ඇමරිකාව බි‍්‍රතාන්‍ය යනාදී යුරෝපීය රටවල්ය. 1980 වන විට 

පීටර් මැන්ඩර්න්
ටිම් බෙල්ස් 
සාව් බ‍්‍රදර්ස් 
බෙල් පොටින්ජර්
රොලන්සි
යනාදී පුද්ගලයන් 

යනාදී පුද්ගලආයතන කේන්්ද්‍රීයව මහජන සම්බන්ධතාය ගොඩ නැගීමට සැලසුම් ක‍්‍රියාත්මක කරන ලදි.
මහජන සම්බන්ධතාව ඇති කිරීමට ප‍්‍රමුඛ වන නූතන සමාගම් ලෙස 
Aill knowlton
Bell pottiíger prioot

Rowland
දේශපාලන මහජන සම්බන්ධතාවයේදී අවධානයට යොමුව ප‍්‍රධාන අංග හතරකි.
මාධ්‍ය කළමනාකරණය 
ප‍්‍රතිරූප කළමනාකරණය
අභ්‍යන්තරික සන්නිවේදනය
තොරතුරු  කළමනාකරණය

මාධ්‍ය කළමනාකරණය

දේශපශපාලඥයන්ට මාධ්‍යයෙන් තොර පැවැත්මක් නොමැත. ඔහු දේශපාලනයේ නියැලෙන බව ප‍්‍රදර්ශනය වන්නේ මාධ්‍ය තුළින් ඔහු ඉදිරිපත් කරන ස්වභාවය අනුවය. විශේෂ හේතු මත දේශපාලනඥයින් මාධ්‍ය තුළ වෙනමම ප‍්‍රතිරූපයක් සකස්කර ගනී. එ් නිසාම දේශපාලනඥයින් තම සන්දේශ නිර්මාණය කරනුයේ මාධ්‍යයට උචිත වන පරිදිය. එ් අනුව දේශපාලනඥයින් මාධ්‍යයට උචිත වන ලෙස සංදේශ සකස් කිරීම දේශපාලන මහජන සම්බන්ධතාවය තුළ මාධ්‍ය කළමනාකරණය ලෙස දක්වයි.

උදාහරණ
 නුතන මාධ්‍ය ප‍්‍රවණතාවක් වන Voice Journalism සංකල්පය

මෙහිදී දේශපාලනඥයකුගෙන් වොයිස් කට් එකක් ලබා ගනිමින් එය වෙනත් අයෙකුට දි එයට  ඔහු දරන මතය Recode කර එම වොයිස් කට් දෙකම එකවර ඉදිරිපත් කරයි. එහිදී මාධ්‍යට උචිත හා මාධ්‍ය අපේක්ෂිත පරිදි වොයිස් කට් එක ලබාදීම බහුලව දැකගත හැකි කරුණක් වේ. එය දේශපාලන මහජන සම්බන්ධතා තුළ මාධ්‍ය කළමනාකරණය සිදු කරන අවස්ථාවකි. 
උදාහරණ
 හිරු රූපවාහිනි නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශය වැට නැති කට

ඉඩ ප‍්‍රමාණය අනුව සන්දේශ නිර්මාණය කිරීම 
මෙහිදී ප‍්‍රවෘත්ති කෙතරම් දීර්ඝ වුවත් එය සංක්ෂිප්ත කොට News bar එකට දැමීමට හැකි වන පරිදි සංදේශය නිර්මාණය කරයි

උදාහරණ 
ආණ්ඩුව විසුරුවා හැරීම වැරදියි

තමන්ට මාධ්‍ය තුළින් ලබාදෙන ඉඩ ප‍්‍රමාණයට උචිත වන පරිදි සන්දේශ නිර්මාණය කළ යුතුය. රූපවාහිනියක මන්ත‍්‍රීවරයෙකුගේ ඡුායාරූපයක් තත්පර 3  ප‍්‍රචාරය වුවද එය ග‍්‍රාහක මනස තුළ රැුඳී පවතී. එ්  .අනුව තමන්ට ලැබෙන තත්පර 10, 15, 30  ඇතුළත තම සංදේශය නිර්මාණය කළ යුතු අතර වඩාත් වැදගත්ම කරුණ වන්නේ එම කාලය තුළ ඉදිරිපත් කළ යුතු සන්දේශයේ තම කාලය කළමනාකරණය කර ගැනීමත් ඉදිරිපත් කරන කරුණු වල පෙළ ගැසීම හා වැදගත්කම තීරණය කිරීමත් දේශපාලනඥයා විසින් සිදු කළ යුතුය. එය මාධ්‍යයට උචිත වන ලෙස සැලසුම් කර ගැනීම මාධ්‍ය කළමනාකරණය වේ.

Media friendly event

ලංකාව තුළ උණුසුම් වූ ප‍්‍රවෘත්තියක් විකාශනය කරන්නේ රාත‍්‍රී 6, 7  කාලය තුළදීය. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට ප‍්‍රවෘත්තියක් අන්තර් ගත කිරීමේ දී එ් මොහොතේදීම එ් ආසන්නයේ දීම සිදු වූ යම් සිදුවීම් සිදුවීමක් දෙයක් සම්බන්ධ ප‍්‍රවෘත්තියක් ස්ථානගත කිරීම මඟින් එ් සඳහා වැඩි වටිනාකමක් හෝ ප‍්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. කාලසීමාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා ප‍්‍රවෘත්ති ස්ථානගත කළ යුතුය. සැලසුම් කිරීමේ සිට මාධ්‍ය හිතකර ස්වභාවයක් සහිත ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරයි.

උදාහරණ 
සමකාලීන ජනාධිපතිතුමාගේ ආමන්ත‍්‍රණයක් ඉවර වන විට මුද්‍රිත  මාධ්‍ය තුළ පළ වීම.
මහින්ද රාජපක්ෂ අගමැති සඳහා පත්කිරීමට රූපවාහිනි peek time එක යොදා ගැනීම

Attendence of gate keepers

මාධ්‍ය .කතෘවරුන්ගේ සංස්කාරකවරුන්ගේ දොරටුපාලකයන්ගේ අවධානයට ලක්වන පරිදි නිරන්තරයෙන් ප‍්‍රවෘත්තිය සැලසුම් කළ යුතුය. එවිට එම ප‍්‍රවෘත්ති අදාළ මාධ්‍යයේ විකාශනයට පළ කිරීමට තීරණය කරයි. අතීතයේ සිටි දේශපාලකයින් තම දේශපාලනය සිදු කරනුයේ මාධ්‍යයකින් එය  ඉදිරිපත් කිරීමට තීරණය කරන පරිදිය. මාධ්‍යයේ ස්වරූපය හා න්‍යාය පත‍්‍රය අනුව එකම කරුණ දෙයාකාරව වේ ඉදිරිපත් කරන අවස්ථා ද ඇත. එ් දොරටුපාලකයන්ගේ අවධානය යොමුකරවා ගැනීමට ය.

 උදාහරණ
රාජ්‍ය නාලිකාවකට උචිත පරිදි රාජ්‍යට පක්ෂ පමණින් අදහස් දැක්වීම, පෞද්ගලික නාලිකා වල දේශපාලන පක්ෂපාතිත්වය හඳුනාගෙන ඊට පක්ෂව අදහස් දැක්වීම
විමල් වීරවංශ ජේ.ඞී.පී  ප‍්‍රවෘත්ති ලේකම් ව සිටිය දී චන්ද්‍රිකා බලයට පත්ව සිටින අවධියේ රනිල්ට බැන වැදීමට පෙර මෙය රාජ්‍ය මාධ්‍ය සඳහා යැයි දක්වමින් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම.
දේශපාලඥයා විසින් තමන්ගේ ප‍්‍රකාශ  ස්ථානගත විය යුතු මාධ්‍ය නිවැරැුදිව හඳුනාගෙන ඊට ගැළපෙන පරිදි තම ප‍්‍රකාශන කළමනාකරණය කර ගනි. පාලකයින්ගේ අවධානය දිනාගත හැකි අවස්ථා තම  දේශපාලන හැසිරීම් තුළ සකස් කර ගැනීමට පෙළඹේ. එවිට මාධ්‍ය කළමනාකරණය කර ගැනීමට හැකි වේ.

  Issues management


යම් යම් අවස්ථාවලදී ඇතිවන හදිසි තත්ත්වයක් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න දේශපාලන මහජන සම්බන්ධතාවයේදී අවධානය යොමුකළ යුතුය. ගැටලූවකට මුහුණ දුන් විට එය නිවැරදි කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ගැටලූව විසඳීමට ගතයුතු මහජන සම්බන්ධතා උපායමාර්ග පිළිබඳව මෙහිදී කළමනාකරණය කරගත යුතුය.

මාධ්‍ය මගින් කිසිදු විටෙක තමාට අවස්ථාව නොලැබෙන විට එම අවස්ථාව හෝ අවධානය ලබා ගැනීම කටයුතු කිරීම ද මහජන සම්බන්ධතාවයේ එක්තරා ස්වභාවයකි.

උදාහරණ
  චතුර සේනා සේනාරත්න සම්බන්ධ සිදුවීම්

අවධානය යොමු කරවා ගැනීම සඳහෙ මාධ්‍ය යොදා ගත් අවස්ථා (එක්සත් ජාතික පක්ෂය අමුඩ පෙළපාලියක් සං විධානය කිරීම

මෙම අවධියේ එක්සත් ජාතික පක්ෂය සඳහා මාධ්‍ය මඟින් අවධානයක් ලබා නොදුනි.  මහජන සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා සාව් බ‍්‍රදර්ස් සමාගමේ උපදෙස් පරිදි මාධ්‍ය අවධානය හා මහජන අවධානය ලබා ගැනීමට කටයුතු කරන ලදි. සාමාන්‍ය පෙළපාලිය සංවිධානය කිරීම සඳහා මාධ්‍ය අවධානය ලබා නොදුන්නද අමුඩ පෙළපාළියක් සංවිධානය කිරීම සඳහා මාධ්‍ය අවධානය ලබා දෙන ලදි. මෙම සිදුවීමෙන් පසු ගොවියන් ඔහුට අමුඩ ඇද කොළඹට පෙළපාලි පැමිණීමේ ක‍්‍රමය ඇතිවිය. 

Gota s war  ග‍්‍රන්ථය

ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමේ ගරුත්වය හිමි වන පරිදි වන පරිදි ජාත්‍යන්තර අවධානයට ලක්වන ලෙස රචනා කර තිබේ.  මුද්‍රණ වාර කීපයක් ම සිදුවිය. සිංහල ප‍්‍රකාශනය පසුකාලීනව සිදු විය.
ප‍්‍රභාකරන් විසින් සිදු සිදුකළ මාධ්‍ය හමුව සහිත  ඡුායාරූප ඔහු ජීවතුන් අතර සිටියදී ඔහු ප‍්‍රජා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන යන බව හා  ප‍්‍රජාතන්ත‍්‍රවාදය රාජ්‍යයක් උතුරේ පවතින බව මාධ්‍ය හා සමාජය හමුවේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සැලසුම්කරණ  ලදී.

එළිමහන් ප‍්‍රදේශයක ඡුායාරූප ගැනීමට පහසුවන පරිදි මාධ්‍යවේදීන් පෙළ ගස්වා සිටින ආකාරය දැක්වෙන ඡුායාරූපය (ඔවුන් අසලම පුටුවල වාඩි කරවා ඇත්තේ ප‍්‍රභාකරන්ට සම්බන්ධ සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන්ය.*

ප‍්‍රභාකරන් මාධ්‍ය හමුවේ සඳහා පැමිණෙන අවස්ථා
රාජ්‍ය නායකයෙක් පැමිණෙන ස්වභාවය නිරූපණය වන පරිදි සැලසුම් කර තිබුණි. ජනාධිපති ආරක්ෂක අංශයේ මෙන් ඔහුගේ ආරක්ෂකයින්ද නිල ඇඳුමින් සරසවා එම අවස්ථාවේ සැලසුම් කර තිබුණි. ඔවුන්ට අවශ්‍ය  වූයේ තවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙනයන බව තමන්ට මාධ්‍ය ඉඩ කඩ ලැබුණු අවස්ථාවේ ප‍්‍රචාරණයක් සිදු කර ගැනීම සඳහාය.

 ප‍්‍රභාකරන් මාධ්‍ය හමුව නිම වී පිටවී යාම දැක්වෙන ඡුායාරූපය.( මාධ්‍ය හමුවට පැමිණීම සාමාන්‍ය ආකාරයක දක්වා පිටවන අවස්ථාව රාජ්‍ය නායකයන් පිටව යන ස්වභාවයෙන් නිරූපණය කිරීමට සැලසුම් කර තිබුණි.ගුප්තව සැඟවී සිටි සංවිධාන දේශීය හා විදේශීය අවධානය යොමුවන පරිදි ප‍්‍රදර්ශනාත්මකව සැලසුම් කරන ලදි. ඡුායාරූප මාධ්‍ය වාර්තාකරණය උපරිම අන්දමින් එම අවස්ථාවේ ලබා ගැනීම්ට කටයුතු කර තිබේ.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා හමු වු උතුරු කොරියානු ජනාධිපතිවරයා ආකාරය දැක්වෙන ආකාරය දැක්වෙන vedio clip එක

සිංගප්පූරුවේදී මෙය සිදුවිය. එම රටවල් දෙකටම අයිති නොමැති තැනක හමු වී  එ් අවස්ථාව සඳහා පුළුල් මාධ්‍ය ප‍්‍රචාරණයක් ලබා දිය හැකි ආකාරයට සැලසුම් කර තිබුණි. තමන්ට ලබා ගැනීමට අවශ්‍ය උපරිම මාධ්‍ය ප‍්‍රචාරණය ලබා ගැනීම්ට ඔවුන් කටයුතු කර තිබුණි.

 ප‍්‍රතිරූප කරනා කළමනාකරණය

දේශපාලන ක‍්‍රියාදාමය තුළ ප‍්‍රතිරූප යන්න දේශපාලන පක්ෂයකට මෙන්ම දේශපාලනඥයාට අතිශය වැදගත් වන්නකි. පුද්ගල ප‍්‍රතිරූප කෙරෙහි ජනතා අවධානය නිරන්තරව යොමු වේ. ප‍්‍රතිරූප නිර්මාණය කිරීමට බෙහෙවින් බලපානු ලබන්නේ මාධ්‍යයි. මාධ්‍ය බලපෑම දේශපාලන ප‍්‍රතිරූප නිර්මාණය කරන අතරම තිබෙන ප‍්‍රතිරූප වර්ධනය කිරීමද සිදු කරයි. දේශපාලන පක්ෂයක ප‍්‍රතිරූප නිර්මාණය වන්නේ එකී පක්ෂය විසින් සිදු කරනු ලබන කාර්යයන් අනුවය. බොහෝ විට මාධ්‍ය මූලික කොටගෙන දේශපාලනඥයින් ප‍්‍රතිරූප ගොඩනගා ගැනීමේ ක‍්‍රියාදාමයෙහි  නිරතව සිටී. ඇතැම් විට දේශපාලකයන් හා දේශපාලන පක්ෂ ප‍්‍රතිරූප ගොඩ නැගීමට ගොස් ප‍්‍රතිරූප බිඳ වැටෙන අවස්ථා ද දැකගත හැකිය. එ් අනුව ප‍්‍රතිරූපයක් ගොඩ නැගෙන්නේ  අදාළ පුද්ගලයාගේ ගුණයක් හෝ ස්වභාවයක් පදනම් කර ගනිමිනි. එවැනි ගුණයක් නොමැති නම් නව ගුණයක් සකස් කරයි. නැතහොත් එම පුද්ගලයාගේ ආසන්නයේ සිටින කෙනෙකුගේ ගුණයක් හෝ ප‍්‍රචාරය කර ප‍්‍රතිරූප ගොඩ නංවයි.

උදාහරණ

  •  මව පියා පිළිබඳ දැක්වීම්
  • එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක චන්ද්‍රිකා අනුර
  • සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 
  • ආර් පේමදාස  - සජිත් පේ‍්‍රමදාස
  • පරම්පරා දැකීම දැක්වීම 
  • දේශපාලනඥයෙකු ලෙස රනිල් වික‍්‍රමසිංහයන්ගේ ප‍්‍රතිරූපය යළි ගොඩ නොනැඟිය  ලෙස බිඳවැටී පවතින බැවින් ඔහුගේ බිරිඳ වන මෛත‍්‍රී වික‍්‍රමසිංහ සතු ගුණාංග ප‍්‍රචාරය කළ ප‍්‍රතිරූපය ගොඩ නෑැංවීම්


මහජන සම්බන්ධතා ආයතන වලට ආයතන වලට ආයතන වල ඇති ප‍්‍රතිරූප ගොඩ නංවා ගැනීම 

උදාහරණ
නරේන්ද්‍ර මෝදි  අගමැති ලෙස පත් වීමට පෙර ප‍්‍රතිරූපය ගොඩනැංවීමට මහජන සම්බන්ධතා ආයතනයක සහය ලබා ගැනීම.

ලංකාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි කාලයේ ඇයගේ ප‍්‍රතිරූපය ගොඩනැංවීමට මහජන සම්බන්ධතා ආයතනයකට භාර දීම.


  • ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දළදා මාළිගය ඉදිරිපිට දැණ ගසා සිටින ඡුායාරූපය
  • දුර්ගා නගරයේ සිංහල මුස්ලිම් ගැටුමෙන්  අනතුරුව මහින්ද රාජපක්ෂ එම ගෙවල් නැරඹීමට ගමන් කිරීම
  • මෛත‍්‍රීපාල සිරිසේන මහතා උදෑසන නිදහස් චතුරස‍්‍රය ව්‍යායාම් කටයුතුවල නිරතවීම
  • මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෙසෙල් කොළයක බත් කමින් නෙත් මාධ්‍ය ආයතන සමඟ පැවැත්වූ සාකච්ඡුාවකට සම්බන්ධ වීම
  • ඇමරිකානු හිටපු ජනාධිපති බැරැුක් ඔබාමා මහජනයා තමා වෙත එවන ලද ලිපි වලට පිළිතුරු ලිපි ලිවීම එහිදී දිනකට ලිපි දහයකට වඩා පිළිතුරු ලිපි ලිවීම
  • පිරිසිදු කිරීමේ දිනයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම නවදිල්ලි අගමැතිවරයා පිරිසිදු කිරීම් වල නිරත වීම
  • නෝර්වේ අගමැති වරයා සවස ටැක්සි රියදුරෙකු වශයෙන් ක‍්‍රියා කිරීම


 ප‍්‍රතිරූප බිඳවැටීම්

1995 චන්ද්‍රිකා කුමාරතුංග පිළිබඳ එ්ෂියා වීක් සඟරාව කතාව ඉදිරිපත් කිරීමමේ දී ඇය පවසා ඇත්තේ තම හොදම යහළුවන් තම දේශපාලන දිවියේ සහයකයන් බවයි. නමුත් වාර්තාකරු සමග ඇයගේ යහළුවෙකුගේ සාදයට අවස්ථාවේ වාර්තාකරුට එම යාළුවන් පවසා තිබුණේ ඇය  අයහපත් නායිකාවක් බවයි.
බි‍්‍රතාන්‍ය දේශපාලන වැඩසටහනක් වූ ය්රා ඒකන වැඩසටහන අතරතුර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත යොමු කළ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට අසමත් වීම.

අභ්‍යන්තර සන්නිවේදනය
දේශපාශපාලන මහජන සම්බන්ධතාව අභ්‍යන්තරව

  • පක්ෂ තුළ ඉහළ සිට පහළට අදහස් විමසා බැලිය යුතුය.
  • පක්ෂ ඇමති රුන්ගේ අදහස් විමසිය යුතු අතර ප‍්‍රාදේශීය ආයතන විසින් කමිටු සාකච්ඡුා මගින් මහජන මතය ඉහලට ගෙන එ්මට කටයුතු කිරීම.
  • මහජන සම්බන්ධතා ක‍්‍රමය විධිමත්  ආකාරයකට පවතින විට යහපත් මහජන සම්බන්ධතා ක‍්‍රමයක් ගොඩනැගීම

මන්ත‍්‍රීවරු මහජන සම්බන්ධතා නිලධාරි පක්ෂ ක‍්‍රියාකාරිකයින් මෙහිදී වැදගත්ය.

 තොරතුරු කළමනා කළමනාකරණය

රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක සියලූ තොරතුරු බාහිර සමාජයට ලබා දීම සිදුකළ නොහැකිය. ආරක්ෂක ඡුන්ද මත වැදගත් තොරතුරු මත  සංවේදී තොරතුරු මත පදනම් අවස්ථාවලදී තොරතුරු සීමා කිරීමට සිදු කරනු ලබයි.

  •  1993 මැයි පළමු වන දින පේ‍්‍රම්දාස මහතා ඝාතනය වූ අතර එම තොරතුරු එසැණින් වාර්තා නොකිරීම
  •  ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය  මිය යෑම වාර්තා කරන ලද්දේ පැය 6කට පසුවය.

ගීතිකා කෝණාර



1 comment:

ආවර්ජනා