Sunday, June 9, 2019

දේශපාලන සන්නිවේදනය හා නව මාධ්‍ය


ඇරිස්ටෝටල් ප‍්‍රකාශ කරන පරිදි මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්ත්වයෙකි. මේ අනුව මිනිසා සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ මෙන්ම විවිධ ආයතන හා කරුණු සම්බන්ධව සබඳතා ගොඩනඟා ගැනීමට අත්‍යවශ්‍ය වන අතර එය ඉටුකරනු ලබන්නේ සන්නිවේදනය මගිනි. එ් අනුව මිනිසාට තම සමාජ ජීවිතය පවත්වාගෙන යෑමේ දී අත්‍යවශ්‍ය සාධක අතර එක් සාධකයක් බවට සන්නිවේදනය පත්ව තිබේ.

භාෂාවක් පිළිබඳ නොදන්නා ඓතිහාසික මානවයා අංග චලන ආදී මගින් නිර්වාචික සන්නිවේදනයේ යෙදී ඇති අතර  මානව පරිණාමයත් සමග සිදුවූ ශිෂ්ටාචාරගත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස සන්නිවේදනය ද තවදුරටත් පුළුල් වපසරියක් කරා දිව යන්නට විය . එහි ප‍්‍රතිඵලයක් ලෙස අති නවීන විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යන්ගේ  ආගමනය සිදුවිය. වර්තමාන වත්ම සෑම සමාජයකම දෛනික ජීවිතය බොහෝ අවස්ථාවන්හිදී මෙම නව සන්නිවේදන මාධ්‍ය මත රඳා පවතී.

සන්න්නිවේදනයකින් තොරව කිසිදු කාර්යයක් සාර්ථකව සිදු කළ නොහැකි අතර දේශපාලන ක‍්‍රියාවලිය තුලදී ද දැවැන්ත වශයෙන් නව සන්නිවේදන ක‍්‍රම යොදා ගනු ලබයි. වර්තමානය වන විට   විට සමාජය අතික‍්‍රමණය කරනු ලබන මෙම නව මාධ්‍ය දේශපාලන සන්නිවේදනය තුළ දී තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.
විසි එක්වන සියවසේ මෑත යුගය දක්වා නව මාධ්‍ය තුළින් සුවිශේෂී මෙන්ම ප‍්‍රබල බලපෑමක් සිදු වූ කේෂ්ත‍්‍රය ලෙස දේශපාලන ක්ෂේත‍්‍රය දැක්විය හැකිය. මේ ආකාරයට එදා මෙදා තුර දේශපාලන ක්ෂේත‍්‍රය තුල තීරණාත්මක සාධක බවට පත්වූ මාධ්‍ය පහත පරිදි දැක්විය හැකිය
  • කටකතා / ඕපාප
  • Tv
  • Facebook
මේ අනුව මෑත යුගයේ පටන් වර්තමානය දක්වාම සෑම සමාජයකම සන්නිවේදනයේ පදනම මාධය විය.   එ් අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ප‍්‍රධානම බලවේගය ලෙස මාධ්‍ය හැඳින්විය හැකි අතර  එම නිසාවෙන්ම වර්තමානයේ දී මෙම මාධ්‍ය සිව්වන ආණ්ඩුව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. එනම් පුද්ගලයෙක් හෝ දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම හෝ බලයෙන් ඇද දැමීමටත් ඇතැම් අවස්ථාවන්හි දී රටක දේශපාලන බලය පෙරලා දැමීමටත් මාධ්‍යයට හැකිව තිබේ. මෙහිදී නව මාධ්‍යට දේශපාලනය තුළ විශාල බලපෑමක් කිරීමට හැකිව තිබෙන්නේ ඉතාම සුළු කාලයක් තුල  ඕනෑම තොරතුරක් ලොව  ඕනෑම ප‍්‍රදේශයක් වෙත යැවීමට හැකි වීම මගිඟිනි.

රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණ සහිතව කෙටිකාලීන හෝ දිගුකාලීන ව කරනු ලබන අරගලය  දේශපාලනය වෂයෙන් සරලව හැඳින්විය හැකිය. 1965 මාෂල් මැක්ලූහන් මබාැරිඒබසබට පැාස් කෘතිය තුළ දක්වන ආකාරයට ජනමාධ්‍ය හේතු කොටගෙන ලෝකය තුළ පවතින ගෝලීය ගම්මානය පිළිබඳ සංකල්පය දේශපාලන මාධ්‍ය ඇසුරු කර ගනිමින් ජාතික සීමාවන් ඉක්මවමින් ජාත්‍යන්තරය දක්වා වර්ධනය වන්නට විය.
දේශපාලන සන්නිවේදනය තුළ දී වඩාත් කැපීපෙනෙන සිද්ධාන්තය ලෙසින් ජනමත හැසිරවීම දැක්විය හැකිය. එය දහනවවන සියවසේ මුල් භාගය වන විට දී ජනමත හැදීමේ වෙනස් කිරීමේ සන්නිවේදන කාර්යය මාධ්‍ය මගින් සිදුවිය. වර්තමානය වන විට රාජ්‍ය ආයතන හා ඡුන්ද දායකයා අතර හැසිරීමේ ක‍්‍රියාවලිය තුල මැදිහත් වන්නා වූ කාරකයක් වශයෙන් පමණක් නොව දේශපාලන භාෂාව, දේශපාලන ප‍්‍රචාරණය, දේශපාලන  අලෙවිකරණය, මැතිවරණ ව්‍යාපාරය, රාජ්‍ය ප‍්‍රතිපත්ති, ජනමතය, දේශපාලන සංකේත විෂය කොටස් ගණනාවක් අන්තර්ගත කොට වර්ධනය වූවක් ලෙස දැක්විය හැකිය.

මෑත කාලීනව දේශපාලන සන්නිවේදනය පිළිබඳ  අදහස් දැක්වූවෙකු ලෙස බ‍්‍රයන මැකනයර් දැක්විය හැකි අතර ඔහු විසින් දේශපාලන සන්නිවේදනය තුළ තිබෙණ ඓන්ද්‍රය ලක්ෂණ තුනක්  පිළිබඳව දක්වා ඇත. එනම් 
  • දේශපාලන සං සංවිධාන 
  • මාධ්‍ය
  • පුරවැසියන්

වශයයෙනි. මේ කෙරෙහි අවධානය යොමු කිරීමේදී ද්ශපාලන කටයුතුවලදී සංවධාන සහ මාධ්‍ය අතරත් මාධ්‍ය සහ පුරවැසියන් අතරත්  ද්විපාර්ශ්වීය  සන්නිවේදන තත්ත්වයක් හඳුනා ගත හැකි බව දැක්විය හැකිය
.
මේ අනුව තාක්ෂණය හරහා මිනිසාගේ සන්නිවේදනය ක‍්‍රමෝපායන්ද වෙනස් වී අතීතයේ සීමිත කාලයක් තුළ සුළු පිරිසකට සන්නිවේදනය කිරීමට මිනිසාට හැකිව තිබූ සීමාවන් විද්‍යාව හා තාක්ෂණයේ සොයා ගැනීමත් සමඟ බිඳ වැටුණ අතර එකවර විශාල පිරිසකට ඇමතීමේ හැකියාව සන්නිවේදන ලැබූ ජයක්ග‍්‍රහනයක් විය.  වසර දහස් ගණනකට පෙර ප‍්‍රභවය ලද මානවය සන්නිවේදනය ඒ සඳහා විවිධ සන්නිවේදනන මාධ්‍ය ඇසුරු කරගනිමින් අතිශය සංකීර්ණ මංපෙත් ඔස්සේ අදියරෙ ගණනාවක් පසු කරමින් වර්තමානය වනවිට තෙවන පරම්පරාව වන ඩිජිටල් යුගයත් පසු කරමින් තවදුරටත් පියවර තබන්නට විය. අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ වර්තමානය වන විට

  • ෆේස්බුක්                   ට්විටර්
  • බ්ලොග් සර්වීස්             යූටියුබ් 
  • විකිපීඩියා
  • ගූගල් ප්ලස්

ආදී නව මාධ්‍යයන්ගේ  සංක‍්‍රමණය සිදු වී ඇති අතර දේශපාලන සංනිවේදනය තුළදී පෙර යුගයන්හි දී භාවිත කළ ප‍්‍රාථමික මාධ්‍යයන්ගෙන් පරිබාහිරව නව මාධ්‍ය උපයෝගී කරගැනීමට ලොව බොහෝ දේශපාලන නායකයින් උත්සුක වූ අතර එමගින් තම ජයග‍්‍රහණය පුළුල් වපසරියක් කරාගෙන යෑමට ඔවුන්ට හැකි විය. මෙම මාධ්‍ය ප‍්‍රචලිත වීමත් සමඟ එය තව තවත් යාවත්කාලීන කර ගනිමින්තමන්ට අවශ්‍ය  ඕනෑම තොරතුරක් සංදේශයක් ඡුායාරූපයක් එකවර පක්ෂපාතී විශාල පිරිසකට ඉදිරිපත් කළ හැකිවීම
.
  • තමන් ඉදිරිපත් කරනු ලැබූවට මිනිසුන් දක්වන ප‍්‍රතිචාර ක්ෂණිකව බලාගත හැකි වීම
  • ආකර්ෂණීය සන්දේශ ලබා දීමටත් ග‍්‍රහකයන් වැඩි වශයෙන් පොළඹවා ගැනීමටත් හැකිවීම
  • ලොව නන්දෙසින් විසිරී සිටින මිනිසුන්ගේ ආකල්ප අදහස් හඳුනාගැනීමට හැකි වීම
මේ අනුව නව මාධ්‍ය භාවිත කරමින් වර්තමානය වනවිට ව්‍යාප්තව පවතින නව සන්නිවේදන මාධ්‍යන් වර්තමාන දේශපාලන පර්යාය ගොඩ නැගීමේදී කරනු ලබන කාර්යය සුළුපටු නොවේ.

මහාචාර්ය විල්බර් ශ‍්‍රාම් පවසන පරිදි සංවිධානාත්මක පිරිසක් විසින් තවත් පිරිසක් වෙත යැවෙන සන්දේශ ලඟාකර ගැනීම මාධ්‍ය තුළින් සිදු කරයි. යන උත්ත නිර්වචන මගින් මාධ්‍යයන්හි වැදගත්භාවය අවධාරණය කෙරෙන අතර මිනිසා සතුව ඇති නිර්මාණාත්මක තාක්ෂණයේ අපූර්වතම ඉසව්වක් ලෙස කව මාධ්‍ය දැක්විය හැක. දේශපාලන ක‍්‍රියාවලිය තුළ සන්නිවේදනය කිරීමේ දී බොහෝ විට නව මාධ්‍යන්හි භාවිතය වර්තමානය වන විට ඉහළ මට්ටමක පවතී. දේශපාලන කරළිය තුළ  නව මාධ්‍යයන්ගේ  ඔවුන්ගේ භූමිකාව විමසා බැලීමේදී 
  • තොරතුරු නිර්මාණය 
  • ප‍්‍රසිද්ධ කිරීම 
  • බෙදාහැරීම 
  • පරිශීලනය කිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීම
හැකිව පවතී. එ අනුව නව මාධ්‍ය භාවිතය තුළින් දේශපාලන වෙනස්කම් සිදු වූ ආකාරයය ලෝක  දේශපාලන ක‍්‍රමය පිළිබඳ  අවධානය යොමු කිරීමේ දී වටහා ගත හැකිය.

උදාහරණ
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ කාල පරාසය තුළ සන්නිවේදනය බවට පත්කර ගනු ලැබුවේ  twitter  හා  facebook ය.

ඉන්දියාවේ තුළ පුවත්පත් ප‍්‍රවෘත්ති නාලිකා විශාල ගණනාවක් සක‍්‍රීයව පැවතිය ද ඔහු බොහෝ අවස්ථාවන්හිදී එම මාධ්‍ය පසෙකලා   twitter  හා  facebook සමාජ ජාල මගින් තම ඡුන්දදායකයන් හා සන්නිවේදනයේ යෙදී ඇත. වයස අවුරුදු 25 ට අඩු තරුණ පිරිස් මිලියන 600ක් වන ඉන්දියාවේ එ අතරින් මිලියන 100ක් ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරයි. උක්ත දැක්වෙන පරිදි විශාල ෆේස්බුක් ජාලයක් පවතින රටක් වන ඉන්දියාව තුළ දේශපාලන සන්නිවේදනය නව මාධ්‍ය ඔස්සේ සිදු කිරීම ඔහුගේ ජයග‍්‍රහණයට  කරන ලද අනුබලය අතිමහත්ය. දේශපාලන ප‍්‍රචාරණ කාල සීමාව තුළ පමණක් නොව ඉන් පසුවත් නව මාධ්‍ය සමඟ සක‍්‍රීයව කටයුතු කිරීම ඔහුගේ ජනතා ප‍්‍රසාදය වර්ධනය වීමට ප‍්‍රබල වශයෙන් හේතුවී තිබේ. අන්තර්ජාලයේ ආගමනයත් සමඟ වර්ධනය වූ නව මාධ්‍ය මගින් දේශපාලන සන්නිවේදනයට කරන ලද බලපෑම් සුළු පටු නොවන අතර මෙමගින් සරල චර්යාත්මක වෙනස්කම් පමණක් නොව රටක පාලන බලය පෙරළා දැමීමට මෙම නව මාධ්‍යයන් හේතු විය.

උදාහරණ
 දශක තුනකට අධික කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් සති කිහිපයක් තුළදී රටින් පලවා හැරීමට හැකි වූයේ අන්තර්ජාලය මගින් බව දේශපාලන විචාරක අදහසයි.

මරණ තුන්සිය අසූ හතරකට සීමා කරමින් මෙම විප්ලවය ජයගත හැකි වූයේ අන්තර්ජාලය හේතු කොටගෙන බව බටහිර විචාරකයන් මෙන්ම ඊජිප්තු ජාතිකයන් ද පිළිගනී. ෆේස්බුක් විප්ලවීය  මෙහෙය වු නිර්නාමික නායකයෙකු මාර්්‍යයට ප‍්‍රකාශ කර සිටියේ අප උද්ඝෝෂණය සැලසුම් කළේ ෆේස්බුක් මගින් සම්බන්ධීකරණ කටයුතු කළේ   twitter මගින් ලෝකයාට මේ පණිවිඩය කියවූයේ  you tube හරහාය යන්නයි. 

මෙම විප්ලවයේදී මුබාරක් ඉවතට ගැනීමට පෙළ ගැසෙන ලෙස ෆේස්බුක් හරහා ඉල්ලා සිටි අතර එහිදී ලක්ෂ ගණනාවකගෙ සහාය ලබා ගැනීමට හැකිවූ අතර උද්ඝෝෂණය පැවැත්වෙන දිනය ස්ථානය හා කළ යුතු දේ ෆේස්බුක් මගින් දැනුම් දුනි. එ් අතර මුබාරක්ගේ රජය ඊජිප්තුව තුල අන්තර්ජාලය තහනම් කර ද ෆේස්බුක් සටන්කාමීන් වාරණ නීති නොතකමින් නව මාධ්‍ය ඔස්සේ සන්නිවේදන කටයුතු අඛණ්ඩව ගෙන ගියහ. පුරුෂ පාර්ශවය මෙන්ම ස්ත‍්‍රීන් ද බ්ලොග් අඩවි නිර්මාණය කරමින් විප්ලවයට එක්විය. බ්ලොග් අඩවි නිර්මාණය කරමින් සක‍්‍රීයව කටයුතු කළ ක‍්‍රියාකාරීනියක්වු ලෙයිල් සහිලා නම් වූ කාන්තාව මුබාරක් හමුදාව ඝාතනයට ලක් කළ ද අවසානයේ මෙම විප්ලවයෙන්  ෆේස්බුක් සටන්කාමීන් ජයගත් අතර පරාජයට පත් මුබාරක් ඊජිප්තුව හැර පලා ගියේය. දේශපාලන ක්ෂේත‍්‍රයේ විප්ලවීය බලපෑමක් කිරීමට නව මාධ්‍ය සමත්ව ඇති බව මින් ගම්‍ය වේ.

 උදාහරණ
  2009 වසර තුළ අපේ‍්‍රල් මස 7 වන දින මෝලඩෝව ජනරජයෙහි පැවති මහමැතිවරනය දැක්විය හැකිය.

මෙම මැතිවරණයේදී එවකට පාලන බලය දැරූ මෝල්ඩෝව ජනපදයේ කොමියුනිස්ට් වාදීනගේ පක්ෂය බහුතර ආසන ගණනක් දිනාගත් නමුත් මෙම මැතිවරණය වංචාකාරී බව ප‍්‍රකාශ කරමින් විරෝධතා කරුවන් ඡුන්දය නැවත ගණන් කරන ලෙස බල කරන්නට විය. විරෝධතා මර්ධනයට පොලිසිය දැඩි පියපියවරක් අනුගමනය කළ ද නව මාධ්‍ය තුල විරෝධතා නව මුහුණුවරක් ගනු ලැබීය. විරෝධතා ව්‍යාපාරයන්හි ප‍්‍රචාරණ කටයුතු මුළුමනින්ම එඅසඑඑැර සමාජ ජාලය මඟින් සිදුකළ අතර ජනතාව දැනුවත් කිරීම සඳහා බ්ලොග් පිටු ආරම්භ කරනු ලැබීය. මෙම ශක්තිමත් විරෝධතා හමුවේ නව  රජයක් පිහිටු වීමට මෝල්ඬේව රජය අසමත් විය. නව මාධ්‍යන් මගින් මෙම විාරෝධාවයන් කෙරෙහි දක්වන ලද අප‍්‍රමාන සහයෝගය හේතු කොට ගෙන මෙය   twitter විප්ලවය හා දම් විප්ලවය යන නම්්වලින් හැඳින්විය.

උදාහරණ
  2008 වසරේ පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් බැරැුක් ඔබාමා ගෙන ගිය සන්නිවේදන ක‍්‍රියාවලිය තුළ නව මාධ්‍ය විශාල කාර්යයක් කරන ලදී.

ෆේස්බුක්   twitter යූටියුබ් ආදී සමාජ ජාලා මෙන්ම බ්ලොග් හා වෙබ් අඩවි වැනි මාධ්‍ය හරහා සිදු වූ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය මගින් ඇමරිකානුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටීමට ඔබාමා සමත් විය.

උදාහරණ
කොලොම්බියාවේ වාසය කළ ඇමණ්ඩා නම් තරුණිය ෆේස්බුක් මගින් සිදුවූ පේ‍්‍රම සම්බන්ධතාවය බිඳී වැටීම නිසා සියදිවි නසාගෙන ගත් අතර එයට බි‍්‍රටිස් කොළොම්බියාවේ රාජ්‍ය නායකයා වූ ක‍්‍රිස්ටි ක්ලාක් අන්තර්ජාලය ඔස්සේ කනගාටුව ප‍්‍රකාශ කළ අතර සයිබර් අපරාධ හා තර්ජන පිළිබඳ නව නීති සම්පාදනයය සිදු විය.

අනතුුරුව මේ සඳහා පනතක් නිර්මාණය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මේ අනුව දේශපාලන තන්ත‍්‍රය විසින් නව මාධ්‍යයේ යහපත් භාවිතය උදෙසා යම් යම් ක‍්‍රියාමාර්ග ගන්නා අයුරු දක්නට ලැබේ.

උදාහරණ
ස්පාඤපාඤ්ඤයේ දියත් වූ 15-ඵ ව්‍යාපාරය ද ලෝක දේශපාලනය තුළ නව මාධ්‍ය බලපෑම මනාව ප‍්‍රකට වූ අවස්ථාවකි.

නව දේශපාලන වෙනසක් ඉල්ලා සිටිමින් දියත් වූ මෙහි සංවිධාන කටයුතු හා ජනතාව උනන්දු කරවීමේ කටයුතු ෆේස්බුක් මගින් සිදුවිය.

උදාහරණ 
2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මහින්ද රාජපක්ෂ මහතා හා මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වල දී නව මාධ්‍යයන් බොහෝ සෙයින් උපයෝගී කරගත්්අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය කෙරෙහි නව මාධ්‍ය බොහෝ සෙයින් බලපා ඇත.

මේ අනුව සමාජය දේශපාලන ආර්ථික සමාජයීය වශයෙන් සබඳතා පැවැත්වීමේදී මාධ්‍ය  උච්ච ස්වරූපයෙන් දායකත්වයක් ලබාදෙන අතර සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම සබඳතා නැති කිරීමටද මාධ්‍යයට හැකිවනවා මෙන්ම දේශපාලන වශයෙන් ජයග‍්‍රහණයක් ලබාගැනීමට හෝ පරාජයට පත් කිරීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරයි. නව මාධ්‍යන් හරහා දේශපාලඥයන් සහ ජනතාව අතර පවතින සබඳතාව නිරන්තරයෙන් අළුත්වැඩියා වන ඩිජිටල් තාක්ෂණයක් බවට පත්ව ඇති අතර මෙම සබඳතාව හුදෙක් මැතිවරණ කාල සීමාවන් ට පමණක් සීමා නොවෙමින් කාලීන සිදුවීම් ඔස්සේ තමන්ට පක්ෂපාත දායකයන් තවදුරටත් තමන් වෙත රඳවා තබා ගැනීමේ අරමුණින් ජනතාව සමග කටයුතු කරන ආකාරයේ ස්වරූපය  ඡුායාරූප  තම පවුලේ සාමාජිකයන් දැක්වෙන ඡුායාරූප තම  පේස්බුක් ගිණුමට ඇතුලත් කිරීමත්  ජනතා ප‍්‍රසාදය ප‍්‍රතිචාර වර්ධනය කර ගැනීමටත් ෆේස්බුක් ගිණුම එදිනෙදා තොරතුරු මගින් යාවත්කාලීන කර තමන් කෙරෙහි ප‍්‍රසාදයක් ඇති වන අයුරින් නිර්මාණය කරන ලද විවිධ ලිපි අන්තර්ජාලය වෙත මුදා හැරීමත් දේශපාලන නායකයන් විසින් බොහෝ අවස්ථාවන්හි සිදුකරනු ලබයි.  මීට අමතරව දේශපාලන සන්නිවේදනයේදී  චරිත ඝාතනය අපහාස කිරීම ආදීය  විශාල වශයෙන්  නව මාධ්‍ය භාවිතය තුළ සිදුවේ.

ඈත අතීතයේ සිට සිදුවූ සිදුවූ මානව පරිණාමයත් සමග සන්නිවේදනය දීර්ඝකාලීන විපර්යාසයකට ලක්වූ අතර අතීතයේ පැවති ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම ක‍්‍රමානුකූලව විකාශනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙෂ නව  මාධ්‍යයන් බිහිවීම හඳුනාගත හැක. දේශපාලන සන්නිවේදනයේ දී බොහෝ අවස්ථාවන්හි නව මාධ්‍ය උපයෝගී කරගන්නා අතර මෙහිදී මැතිවරණ කාල සීමා වලදී පමණක් නොව එම කාල සීමාවෙන් පරිබාහිරවත් ජනතාවට අදහස් හා තොරතුරු ගෙන යා හැකි ප‍්‍රබල සන්නිවේදන මාදිලියක් ලෙස නව මාධ්‍ය  වැදගත්ය .

මෙමගින් නිරන්තරව නව අදහස් වෙත යාවත්කාලීන වීම්ට ජනතාවට හැකියාව ලැබෙන අතර නව මාධ්‍ය භාවිතය මඟින් විශාල බලපෑමක් සිදු වූ ක්ෂේත‍්‍රය ලෙසින් දේශපාලනය හැඳින්වීම ඉතා සාධනීය වේ. පිය මේ අනුව දේශපාලන සංනිවේදනය තුලදී නව මාධ්‍යයන්ගේ සිදුවන භූමිකාව සුවිශේෂී වේ .මෙහි ඇතුළත් සියලූ තොරතුරු විග‍්‍රහ කර බැලීමේදී දේශපාලන සංනිවේදන ක‍්‍රියාවලිය තුලදී නව මාධ්‍යයෙන් ඉටුවන භූමිකාව පිළිබඳ නිගමන කිහිපයකට එළඹිය හැකිය.

  • දේශපාලන සන්නිවේදනයේ දී නව මාධ්‍ය මගින් ග‍්‍රාහක ප‍්‍රතිචාරපෝෂණය හා අන්තර් ක‍්‍රියාකාරීත්වය ක්ෂණිකව  වටහා ගත හැකි වීම.
  • රූප සටහන් වගු හා වීඩියෝ ආදී ආකර්ෂණීය  ක‍්‍රම යොදා ගැනීම වේගවත්ව තොරතුරු මඟින් තොරතුරු ගලනය වීම.
  • ග‍්‍රාහකයාට තමා ප‍්‍රතිචාරය  ඕනෑම ක‍්‍රමයක් ඇසුරුකර ගනිමින් ඉදිරිපත් කිරීමට හැකිවීම.
  • ග‍්‍රාහක ප‍්‍රතිපෝෂණය හා අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම
  • යම් යම් කරුණු සම්බන්ධව වෙනස් වන්නාවූ ජනමතය හඳුනාගත හැකිවිය.

ගීතිකා කෝණාර

2 comments:

ආවර්ජනා