මිනිසාට තම සමාජය පවත්වාගෙන යාමේදී එ සඳහා අවශ්‍යය කරන සාධක අතර තවත් එක් සාධකයක් වශයෙන් සන්නිවේදනය හඳුනාගත හැකිය. මේ අනුව සන්නිෙවේදනයකින් තොරව කිසිදු කාර්යයක් සාර්ථකව ඉටුකළ නොහැකි අතර නූතනයේදී දේශපාලන ක‍්‍රියාවලියේ දී දැවැන්ත වශයෙන් නව සන්නිවේදන ක‍්‍රම යොදාගත හැකිය.
ඇරිස්ටෝටල් ප‍්‍රකාශ කරන පරිදි මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙකි. මේ අනුව මිනිසා සමාජයේ විවිධ පුද්ගලයින් සමඟ මෙන්ම විවිධ ආයතන සම්බන්ධව සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය වන අතර එය ඉටුකරනු ලබන්නේ සන්නිවේදනය මගිනි.
සන්නිවේදනය පිළිබඳ සාකච්ඡුා කිරීමේදී දේශපාලන සන්නිවේදනය යන්න වැදගත් වේ. රාජ්‍ය බලය ලබා ගැනීමේ මූලික අරමුණ සහිතව කෙටිකාලීන හෝ දිගුකාලීන ව කරනු ලබන අරගලය දේශපාලනය යනුවෙන් සරලව දැක්විය හැකිය.
වර්තමානය වන විට දේශපාලන සන්නිවේදනය රාජ්‍ය ආයතන හා ඡුන්ද දායකයා අතර හැසිරීමේ ක‍්‍රියාවලිය තුල මැදිහත් වන්නා වූ කාරකයක් වශයෙන් පමණක් නොව දේශපාලන භාෂාව දේශපාලන ප‍්‍රචාරණය දේශපාලන අලෙවිකරණය මැතිවරණ ව්‍යාපාරය රාජ්‍ය ප‍්‍රතිපත්ති ජනමතය දේශපාලන සංකේත ආදී විෂය පරාසයක් තුළ වර්ධනය වූවකි.
එ් අනුව මිනිසා සහ සන්නිවේදනය අතරත් සන්නිවේදනය සහ දේශපාලනය අතරත් දීර්ඝ සහ අවියෝජනීය සබඳතාවකි.
දේශපාලන සන්නිවේදනය පිලිබද ඉදිරිපත් වූ නිර්වචන අතරින් බෙන්ජමින් ස්ටොක්මාන්ගේ නිර්වචනය වන්නේ
දේශපාලන පක්ෂ ලෙස දේශපාලඥයන් ආණ්ඩු පක්ෂ, ඇමතිවරුන් හෝ ඔවුන් අයත් වන කැබිනට් මණ්ඩලය, භාවිතා කරන සියලූම සන්නි සන්නිවේදන විධි දේශපාලන සන්නිවේදනය ලෙස නම් කළ හැකි බවයි.
සන්නිවේදන ක‍්‍රියාවලියක් ස්වභාවයෙන්ම තොරතුරු නිෂ්පාදනය, බෙදාහැරීම, අදාළ පාර්ශවය වෙත තොරතුරු සම්බන්ධ කිරීම මෙන්ම එ් හා කිසියම් බලපෑමක් පැන නගින දෙන ආකාරයට එ්වා කළමනනාකරණය කිරීම යන ක‍්‍රියාකාරකම් සමග සම්බන්ධ වේ.
අනෙක් අතට දේශපාලනය යනු කිසියම් තීරණයකින් බලපෑමට ලක් වන්නා වූ සියලූම පාර්ශ්වයන්ගේ අදහස් හා අවශ්‍යතා උපයෝගී වන පරිදි තීන්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියකි.
උදාහරණ
කිසිියම් ඡුන්ද කොට්ඨාසයක මහජනතාව නියෝජනය වන පරිදි නියෝජිතයෙකු ව්‍යවස්ථාදායකයට පත්කරගැනීම එකී ඡුන්ද කොට්ඨාසයේ ජනතාවගේ අදහස් හා අවශ්‍යතා සැලකිල්ලට ගත යුතු දේශපාලන කාර්යයකි.
එ්අනුව එකී දේශපාලන කාර්යය ඉටුකර ගැනීම සඳහා ජනතාව ඉදිරිපත් කරන අපේක්ෂකයා අතර සම්බන්ධතාවක් දැමිය යුතුයි. අපේක්ෂකයෙකු තෝරා ගැනීම සහ නිසි පරිදි පත් කර ගැනීමේ වැදගත්කම ජනතාවට එ්ත්තු ගැන්විය යුතුයි. එසේම අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇති අවස්ථාවක නම් එක් අපේක්ෂකයෙකු තවත් අපේක්ෂකයෙකුට වඩා හොඳ හෝ නරක වන්නේ කුමක් හෙයින් ද යන්න ජනතාවට දැනගැනිමට සැලැස්විය යුතුය.
දේශපාලනය යනු බලය ලබා ගැනිමත් බලය ක‍්‍රියාත්මක කිරීම සහ ඒ බලය පවත්වාගෙන යාමත් පිළිබඳ ක‍්‍රියාවලියයි. දේශපාලන බලතල ලබා ගැනීමට නම් තම ඡුන්ද දායකයාගේ ආකර්ෂණය දිනා ගැනීම ඉතාම වැදගත් කාරණයකි. තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනයන් යෝජනා චෝදනාවන් සහ අදහස් ජනතාවට වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීම මෙහිදී ඉතාම වැදගත් වේ.
දේශපාලන සන්නිවේදන ක‍්‍රියාවලිය තුළ මැතිවරණ ප‍්‍රචාරණය සිදු කරන කාලය වඩාත් තීරණාත්මක කාල පරාසයක් ලෙස හඳුනාගත හැක. එම කාල පරාසය තුළ යම් පක්ෂයකට හෝ නිශ්චිත අපේක්ෂකයකුට ඡුන්දය දීම සඳහා ඡුන්දදායකයින් පොළඹවාගැනීම මැතිවරණ ව්‍යාපාරයක ප‍්‍රධාන අරමුණ වනු ඇත. එ් අනුව මැතිවරණය අවසන් තීරණාත්මක සාධකය වන ඡුන්ද දායකයා මැතිවරණ ප‍්‍රචාරණ ක‍්‍රියාවලියක කේන්ද්‍ර බවට නිරායාසයෙන්ම පත්වේ.
ඡුරදච්ට්බා් යන වචනය ඡුරදච්ට්සදබ යන වදනින් බිහිවී ඇති අතර 1622 දී පමණ රෝමානු කතෝලික සභාවේ භක්තිය ප‍්‍රචාරණය කිරීමේ සභාව ඇසුරින් ජන ව්‍යවහාරයට පත් වී ඇත. ආරම්භයේ දී මුලා කිරීම මෙම යෙදුමේ අර්ථ නොවුනද ප්‍රොපගැන්ඩා ලෙස වර්තමානයේ ක‍්‍රියාවට නංවන ක‍්‍රියාදාමය පලමු ලෝක යුද්ධයත් සමඟ ව්‍යවහාරයට එක් වූවකි. මෑත ඉතිහාසයේ දී ප‍්‍රචාරණ උපක‍්‍රම විද්‍යාත්මකව ක‍්‍රියාවට නැංවු පළමුවැන්නා ලෙස සැලකෙන්නේ මාධ්‍යවේදී වෝල්ටර් ලිප්මන් සහ එඞ්වඞ් බර්නාස්ය.
ප‍්‍රචාරය යන්නෙහි සරල සුගම භාවිතය දේශපාලන අපේක්ෂාවෙන් හෝ බලයයේ සිටින්නන්ගේ වාසිය සඳහා වැලරදි හෝ නොමඟ යවන සුළු තොරතුරු හිතාමතා ඉදිරිපත් කිරීමයි. ප‍්‍රචාරක කාර්යය තුළ බොහෝවිට එ්ත්තු ගැන්වීම අවබෝධ කර දීම වෙනුවට රැුවටීම ව්‍යාකූලත්වයට පත් කිරීම කේන්ද්‍ර කර ගනී. සිදුවීමක් හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් මිනිසුන් සිතන ආකාරය වෙනස් කිරීම තුලින් ප‍්‍රචාරකයා ඔවුන්ගේ ක‍්‍රියාවන් සහ සිතුම් පැතුම් තමන්ගේ පාර්ශවයට ආකර්ෂණීය ලෙස වෙනස් වීමකට භාජනය කරනුු ලබයි.
හැරල්ඞ් ඞී ලැස්වෙල් 1927 ප‍්‍රචාරය අර්ථදක්වා ඇත්තේ සැලකිය යුතු සංකේත මගින් පාලනය කිරීම කෙරෙහි දැවැන්ත ප‍්‍රචාරය යොමු කෙරේ. එනම් කතාන්දර වාර්තා පින්තූර සහ වෙනත් සමාජයීය සන්නිවේදන ක‍්‍රම මගින් මත පාලනය කිරීමයි.
එසේම ප‍්‍රචාරයට ප‍්‍රචාරණයට අයත් බොහෝ අංග ඇතුළත් විය හැකිය. එහි අරමුණු කිහිපයකින් යුක්ත වේ.
- ප‍්‍රචාරකයාට හොඳ අලෙවියක් ඇති කිරීම
- අපේක්ෂකයා තෝරා පත්කර ගැනීම
- ආයතනයකට ඉතාම වාසිසහගත ප‍්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම
බ‍්‍රැඞී ජොන්ස්ටන් සහ සයිඞ්ස් යන අය එයැ ිකමාහ දෙ චදකසඑසජ්ක ජ්පච්සටබ නම් පර්යේෂණ කෘතියේ පෙන්වා දෙන පරිදි මැතිවරණය ප‍්‍රචාරණය කාලය යනු ඡුන්දදායකයාගේ සෘජු දේශපාලන තීරණයක් ගැනීමට පෙර සම්පූර්ණ කාලයයි. මෙම කාලය තුළ ඡුන්ද දායකයාගේ තීරණය වෙනස් වෙන සුළු එකක් විය හැකි අතර ඡුන්ද දායකයා තමන්ට වාසි සහගත ලෙස වෙනස් වන ලෙස උත්තේජනය කිරීමට දේශපාලනඥයින් සිය දේශපාලන ප‍්‍රචාරණ වැඩසටහන් භාවිත කළ යුතුය.
මේ අනුව මැතිවරණ ප‍්‍රචාරණය මූලිකව වශයෙන්ම සිදු වනුයේ දේශපාලන බලය ඉලක්ක කර ගැනීම මතය.ඒ යටතේ නිශ්චිත පක්ෂයකට හෝ අපේකෂකයෙකුට ඡුන්දය දීම සඳහා ඡුන්ද දායකයන් පොළඹවා ගැනම මැතිවරණ ප‍්‍රචාරණයක ප‍්‍රධානම අරමුණ බවට පත් වේ. මේ සඳහා විවිධ මැතිවරණ උපක‍්‍රම අපේක්ෂකයින් විසින් භාවිතා කරනු ලබන අතර ඒවා එක් අතකින් අපේක්ෂකයාගේ පක්ෂයේ ප‍්‍රතිරූප බිදි දමන ආකාරයේ ඒවා විය හැකිය.
දේශපාලන ප‍්‍රචාරණයේදී මූලික සිද්ධාන්ත වශයෙන් ගැනෙන කරුණු හතරක් පිළිබඳව හැරල්ඞ් ඞී ලැස්වෙල් විසින් සඳහන් කර ඇත.
- සතුරාට එරෙහිව වෛරය මෙහෙයවීම
- මිත‍්‍ර පාර්ශවයේ මිත‍්‍රත්වය ආරක්ෂාව කිරීම
- මධ්‍යස්ථ පුද්ගලයන්ගේ මිත‍්‍රත්වය වැඩිදියුණු කරගැනීම
- හැකිනම් මධ්‍යස්ථ පුද්ගලයන්ගේ සහයෝගය දිනාගැනීම
මෙම අරමුණු හතර ඉටුකර ගැනීමට විශේෂ වදන් භාවිතය සමහර වදන් භාවිතයෙන් වැළකීම හෝ සතුරා කිසිදු විටක නොකළ දේ සම්බන්ධයෙන් වගකීම ඔවුන් මත පැටවීම වැනි උපක‍්‍රම යොදා ගැනේ.
එසේම දේශ දේශපාලන ප‍්‍රචාරණයේ දී ප‍්‍රධාන වශයෙන් ඉලක්ක කණ්ඩායම් හතරක් හඳුනාගැනීමට හැකිවේ.
- ඡුන්දදායකයා
- පක්ෂ සාමාජිකයන්
- මැතිවරණ ව්‍යාපාරයේ සම්පත්දායකයන්
- අපේක්ෂකයන්
බොහෝ දේශපාලනඥයන් තම දේශපාලන මතවාදය නිවරදි ලෙසත් තිබු ලෙසත් ඉදිරිපත් කිරීමෙහිලා ප‍්‍රචාරණ ව්‍යාපාරය භාවිතයට ගනු ලැබේ. එහිදී තම ජයග‍්‍රහණ සඳහා විවිධ උපක‍්‍රමයන් යෙදීමටත් කටයුතු කරනු ලැබේ. එසේ භාවිත කරන උපක‍්‍රමය වශයෙන්
- බියට ආමන්ත‍්‍රණය කිරීම
- නම් පටබැඳීම
- විශේෂ වදන් භාවිතය
- පැවරුම්
- චරිත සහ සහතික
- භාෂා භාවිතය
- චිත‍්‍රපට පෙන්වීම වේදිකා නාට්‍ය
- දේශපාලන පක්ෂ ගීත
- දේශපාලන පුවත්පත්
- දේශපාලන පක්ෂ හා වර්ණ ලාංඡුන
- ජනතා ව්‍යාපාරය
- වාද විවාද සංවාද
- කටකතා
- කැලෑ පත්තර
- දේශපාලන නවකතා
- වාර්තා චිත‍්‍රපට
- දේශපාලන පෝස්ටර්
- ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන
- සටන් පාඨ
- පා ගමන්
- පෙළපාලි සන්දර්ශන සැනකෙලි
- නම් පටබැඳීම
ප‍්‍රචාරණයේ සුලභව නොවූව ද දේශපාලනයේ සුලබ භාවිතයකි. කිසියම් පුද්ගලයකුට නරක ලේබලයක් දීම මින් අදහස් කෙරේ. ඉතිහාසය තුළ විවිධ දේශපාලන නායකයින් විවිධ නම්වලින් හැඳින් වීම සිදු කරනු ලදිි.
උදාහරණය
- 2015 ජනාධිපතිවරණයේදී නම් පටබැබැඳීමේ උපක‍්‍රමය ප‍්‍රබල ලෙස භාවිත විය.
- රනිල් චම්පික-රතන හිමි මෛත‍්‍රීපාල සිරිසේන හා චන්ද්‍රිකා අශුද්ධ පවුල නමින් හඳුන්වා ඇත
- රනිල් චම්පික රතන හිමි චන්ද්‍රිකා මෛත‍්‍රීපාල සිරිසේන යහපාලන සහකරු ලෙස හඳුන්වා ඇත
- චන්ද්‍රිකා මැතිනිය චෞර පාලිකාව
- අතුරලියේ උන්වහන්සේ යහපාලන උන්වහන්සේ
- සිරිසේන මහතා අනුරාධපුර පාලකයා
මෙහිදී අශුද්ධ හවුල යන්නෙන් පදනමක් මත ගොඩනැගී නැති යන බවත් ජනතා ප‍්‍රසාදය දුරස් කිරීමටත් උත්සාහ කර ඇත. යහපාලන හවුල ලෙස දැක්වීම තුළින් ඔවුන් සමාජය ඉදිරියේ උපහාසයට ලක් කිරීමට උත්සාහ කර ඇත. යහපාලනය වචනය භාවිත කර ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මූලික තේමාව මෙන්ම ප‍්‍රතිපත්තිය වු නිසාය.
උදාහරණ
එ්කාධිපති රෙජීමය පවුල සහ හෙන්චයියන් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අය සහ ඔවුන්ට දායකත්වය දුන් හඳුන්වා ඇත.
මෙහිදී රාජපක්ෂ පවුලේ එ්කාධිපති බව හා ඔවුන් වටා එ්කරාශී වී ඇති පිරිස් ජනතාව ඉදිරියේ උපහාසයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ප‍්‍රසාදය අහිමි කිරීමට බලාපොරොත්තු වේ.
- ටී බී ඉලංගරත්න කරවල කුමාරයා
- ජනාධිපති පේ‍්‍රමදාස කෙහෙල්වත්තේ ලැවරියා
- එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක සෙවල බණ්ඩා
- ඩඞ්ලි සේනානායක පචබාහු
- මෛත‍්‍රීපාල සිරිසේන හිටං ආප්පයා මෛත‍්‍රීලෝ
- මහිනමහින්ද රාජපක්ෂ අප්පච්චි මහරජාණෙනි
- රනිල්් වික‍්‍රමසිංහ සමනලයා
- බියට ආමන්ත‍්‍රණය කිරීම
හදිසි වෙනස්වීම තුළින් තමන්ගේ ජීවිතයට තත්ත්වයට ධනයට පවුලට සැප පහසුවට ආරක්ෂාවට හානියක් සිදු වේ යැයි සෑම ජන කොටසක්ම අනිසි බියක් දක්වයි. මිනිසුන්ගේ මෙම මානසික තත්වය ඉතා හොඳින් ඡුන්ද ව්‍යාපාරය සඳහා භාවිත කළ හැක. මේ සඳහා බියට ආමන්ත‍්‍රණය කිරීමේ උපක‍්‍රමය භාවිතා කළ හැක. මෙම උපක‍්‍රමය ජාත්‍යන්තර වශයෙන් වූ ඓතිහාසිකමය පදනම පිළිබඳව අවධාරණය කළ හොත් සැබැවින්ම දෙවන ලෝක යුධ සමයේ මෙම උපක‍්‍රමය ප‍්‍රබල ව භාවිත කරන්නට විය. එසේම ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ ද මෙය ප‍්‍රබල ව සිදු වී ඇත.
උදාහරණ
- 1948 එක්සත් ජාතික පක්ෂය විසින් සමසමාජ පක්ෂයට එරෙහිව සමසමාජ ගින්නෙන් බුද්ධ ශාසනය බේරා ගනිව්.
- 1999 නාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පොදුජන එක්සත් පෙරමුණ මගින් වන්නි කොටි සටන පිටුපස රනිල් ගේ සෙවනැල්ල යනුවෙන් පත‍්‍රිකාවක් බෙදීම
- 2015 ජනාධිපතිවරණයේ දී රට නිිවෙස් බෙදන්න ද සූදානම යනුවෙන් වගන්තියක් යටතේ ඡුායාරූපයක් පළකර ඇති අතර එමගින් නැවත ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් රට බෙදීමක් පිළිබඳව ජනතාව අතර බියක් ඇති කරයි.
- එදා ප‍්‍රාදේශීය කණ්ඩායම් හදලා වධධකාගාරවල තරුණයන් එල්ලා ජනතා විමුක්ති පෙර පෙරමුණේ කියලා මැරෙනකම් පහර දුන්නා
- යනුවෙන් 2015 මහින්ද රාජපක්ෂ විසින් හංවැල්ලේ රැුළලියකට ඉදිරිපත් කරන අදහසකි එමගින් රනිල් වික‍්‍රමසිංහ බලයට පැමිණියහොත් තරුණ ජීවිත අනතුරට ලක්වන බව ඉඟි කරයි.
- දෙදහස් පහළොවේ ලංකාදීප පුවත්පතේ ඡුායාරූපයක් සමඟ නැවත මෙවන් යුගයක් ඕනෙද යනුවෙන් පාඨයක් යටතේ ඡුායාරූපයක් පළකර ත‍්‍රස්ත බිය පිළිබඳ ජනතාව තුළ බියක් ඇති කිරීම
- 2004 දෙසැම්බර් ලංකාදීප පුවත්පතේ පැවැති පාලන ක‍්‍රමයේ නැවත බලයට පැමිණියහොත් මතුවිය හැකි කාන්තා හිංසනය පිළිබඳ ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. එ තුළින් භීතියක් ගෙන එ්මට උත්සාහ දරා ඇත.
- මිනිත්තු 90 කට කාන්තා ෂණය වන රටක් ආදරණීය සොයුරියනි මේ වැනසෙන්නේ ඔබේ හෙට දවස ඉතින්.....
- 2015 ලංකාදීප ළමා අපචාර සම්බන්ධව පහත සඳහන් පැදි පෙළෙන් උත්සාහ දරා ඇත්තේ පවතින පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් භීතියක් මවාප පෑමයි.
- දිනකට ළමා අපචාර හතරක් සිදුවන රටක්
මෙම උපක‍්‍රමය තුළින් ජනතාව අපේක්ෂකයින්ගෙන් ඉවත්වීමට හේතු සාධක වේ. මෙම උපක‍්‍රමය භාවිතා කිරීමේ ප‍්‍රමාණාත්මකභාවය දැක්වීමේ දී බොහෝ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් වැඩි වශයෙන් ලක්බිම පුවත්පත් උපක‍්‍රමය සඳහා භාවිතයට ගෙන ඇත. එසේම අනිකුත් අපේක්ෂකයන්ට වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා පාඨවලට පමණක් සීමා නොවී ජන සිත් බියෙන් තැති ගැන්වෙන ඡුායාරූප ප‍්‍රබල ව යොදා ගැනුණි.
විශේෂ වදන් භාවිතය
කෙනෙකුගේ චරිත ලක්ෂණයක් ගුණාංගයක් භාවිතා කරමින් විශේෂ වදන් භාවිතා කිරීම මෙයින් අදහස් වේ. මෙය නිරතුරුවම සත්‍යය විය නො වේ. මෙයට දේශීයව වශයෙන් උදාහරණ රාශියකි.
උදාහරණ
- ජේ. ආර් ජයවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරය ධර්මිෂ්ට සමාජයක් සදහා මැතිවරණ ව්‍යාපාරය
- 1990 චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය මැතිවරණ වූ ව්‍යාපාරය තුළ නව සහශ‍්‍රකයේ රැුජින
- පාර්ලිමේන්තුවේ නියෝජිත පක්ෂ මාරු කිරීම් සඳහා ඉදිරිපත් කළ පනත හෘද සාක්ෂියේ පනත
- සුරක්ෂිත රටක් සුභ අනාගතයක් යන වදන මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්තියක්
- මනුසත් මිනිසුන් බලයයි රට සුරකින මහා පවුරයි යන වදන් පෙළ තුළින් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා චන්ද්‍රිකා මැතිනිය සරත් ෆොන්සේකා මහතා ඇතුළු නායකයන් ගෙන් සමන්විත එකමුතුකම දැක්වීම
- මෛත‍්‍රී පාලනයක් යන්න තුළින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති
- නිදහස් පිරිස්ිදු මෛත‍්‍රී යුගයක් එන වචන තුළින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කිරීමට යන නව ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ අවබෝධයක්ක් ලබා දෙයි
ඒ අනුව අනෙකුත් අපේක්ෂකයින් අදාළ කාල පරාසය තුළ මෙම උපක‍්‍රමය භාවිතා නොකළද මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම උපක‍්‍රමය වඩාත් ප‍්‍රබල ව භාවිත කර තිබේ. එයිනුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටී. 2015 මැතිවරණයේදී අනෙකුත් උපක‍්‍රමවලට වඩා සාපේක්ෂව ඉහළින් භාවිතා කර ඇති බව පෙනේ.
චරිත සහතික දීම
විශිශේෂඥයකු ගරු කටයුතු හා ආකර්ෂණීය හෝ පුද්ගලයකු යම් ප‍්‍රතිපත්තියක් වැඩසටහනක් වේලාවක් ගත කරන බව හොඳ හෝ නරක ප‍්‍රකාශ කිරීම් මෙයට ඇතුලත්ය. එසේම මැතිවරණ ව්‍යාපාරය තුළ පක්ෂ නායකයන් තම පවුලේ සාමාජිකයන් සමග පවුලේ එකමුතුව පිලිබඳ වටිනාකම් දක්වමින් ඉදිරිපත් කරන ඡුායාරූප මෙම උපක‍්‍රමයේ තවත් විශේෂ ලක්ෂණයකි.
උදාහරණ
- 1999 පැවති ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් එක්සත් ජාතික පක්ෂයට හා පොදුජන එක්සත් පෙරමුණට සහයෝගය පළ කරමින් සිය අත්සන් සහිත පුවත්පත් දැන්වීම් යෙදවීම්
- දිනු දේශය රකිමින් නෙබෙදුණු රටක් සුරක්ෂිත හෙටක් සුභ අනාගතයක් වෙනුවෙන් අපගේ නොමද සහයෝගය දෙමු යනුවෙන් මහින්ද රාජපක්ෂ සහාය පළ කරමින් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම අස්සන සහිත පුවත්පත් දැන්වීම් යෙදවීම
- ස්වාධීන අධිකරණයක් නැවත ලබා ගැනීම අපගේ කාලීන අවශ්‍යතාවයයි. එ් සඳහා වෙන්සකට දායක වෙමු. යනුවෙන් ප‍්‍රකාශයක් මෛත‍්‍රීපාලසිරිසේන මහතාට සහාය දක්වමින් නීතිඥ එකමුතුව
මෙම උපක‍්‍රම තුලින් තුළින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉදිරියෙන් බව ය. මෙම උපක‍්‍රමය මෙම අපේක්ෂකයන් දෙදෙනා ප‍්‍රබලබල ව භාවිත කර ඇත.
ප‍්‍රදර්ශන සංදර්ශන සහ සැනකෙලි
ප‍්‍රදර්ශන සංදර්ශන පැවැත්වීම ආණ්ඩු බලයේ සිටින කොටස් රජයේ වියදමින් සිය ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා යොදාගනු ලබන කදිම උපක‍්‍රමයකි.
උදාහරණ
- 1964 සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය මහමැතිවරණය අත ළඟ තිබියදී කර්මාන්ත ප‍්‍රදර්ශනය පැවැත්වීම
- 1980 පේ‍්‍රමදාස ගම් උදාව සිදු කිරීම
- ලලිත් ඇතුලත් ඇතුලත්මුදලි මහපොළ ව්‍යාපෘතිය සිදුකිරීම
- ජේ.ආර් යුගයේ මහවැලි ව්‍යාපෘතිය සිදුකිරීම
- පොත් සල්පිල් ප‍්‍රදර්ශනය
- රනිල් වික‍්‍රමසිංහයන්ගේ සංකල්පයක් වූ ගම්පෙරළිය
මෙහිදී ජනමාධ්‍ය මඟින් පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමේ පමණක් නොව දහ දහස් ගණන් ජනතාව රැුස්කර ගැනීම සහ ඔවුනට අවශ්‍ය මූ මූලික දේ පමණක් නොව විනෝදය දැනුම සැපයුීම එහි ප‍්‍රමුඛ ලක්ෂණයකි. එම ප‍්‍රදර්ශනවලදී එනම් ගම්මුදාව තුළදී නිවාස දහස් ගණන් ඉදිකිරීමත් ජාතික මට්ටමේ නාට්‍ය පෙන්වීම සිදුවිය. මහවැලි ගොවිතැනට ජලය රටට විදුලිය පමණක් නොව නවීන මහා මාර්ග පද්ධතියක් රටට දායාද කළේය.
පා ගමන්
දේශපාලන ගමන් මග වෙනස් කිරීමට තරම් බලවත් වූ විරෝධතා පා ගමන් කිහිපයක් ලංකා ඉතිහාසයේ හමුවේ.
උදාහරණ
- 1957 ජේ.ආර් විසින් සංවිධානය කළ ප‍්‍රකට මහනුවර පා ගමන
- ඩඞ්ලි විසින් චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව 1966 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක් විහාරමහාදේවි උද්‍යානයේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා පා ගමන
- 1979 වසරේ සර්වෝදය නායක ඒ. ටී ආරියරත්න විසින් කතරගම සිට කොළඹ හරහා යාපනයට ගිය පා ගමන
- 1992 රාජපක්ෂ විසින් කොළඹ සිට කතරගමට සංවිධානය කල පා ගමන
වේදිකා නාට්‍ය හා චිත‍්‍රපට නවකතා වාර්තා චිත‍්‍රපට
ඇරිස්ටෝටල්ට අනුව මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්‍යයකි. කලාව හා දේශපාලනය දෙකක් නොව එකක් බව ලියොන් ට්‍රොස්කි දක්වයි. එසේනම් දේශපාලන කලා කෘති ලේබලය යටතේ වර්ගීකරණයට හසු කර සුවිශේෂීව හඳුන්වාදෙන නවකතා කෙටිකතා ගීත චිත‍්‍රපට විශේෂයෙන් ලොව පවතී
උදාහරණ
- සයිමන් නවගත්තේගම සුභ යස
- ආර් ආර් සමරකෝන් කැලණි පාලම
- පරාක‍්‍රම කිරිඇල්ලගේ සෙක්කුව වේදිකා නාට් ය
- සුගත්පාල සෙනරත් යාපාගේ පියා සහ දරුවා කෙටි චිත‍්‍රපටය
- රජය චිත‍්‍රපට ඒකකය විසින් නිෂ්පාදනය කළ රන් වන් කරල්
- සිරි ගුණසිංහගේ ගමනක අවසානය
- 1963 ටෙනිසන් පෙරේරා විසින් රචිත විප්ලවය පළමු නවකතාව
- 1964 කේ ජයතිලකග ගේ දෙව්ලොවට නැති අය නවකතාව
- ගුණසේන විතානගේ විප්ලවයේ කලිකාල කැරලිකාරයෝ
- දිරිවීර සරච්චන්ද්‍ර ගේ හෙට එච්චර කළුවර නෑ
- එ් වී සුරවීර හෙයියන් මාරුව
- සාදුකින් පෙලෙනවුන් ගීතය
ගීතිකා කෝණාර
This article helped me a lot
ReplyDeletethank you my dear
Thank you
ReplyDelete