Sunday, June 9, 2019

පැන්සලේ කථාව


images (2).jpg


පැන්සල් නිපදවන්නෙක් තමාගේ පැන්සලට කථා කරයි. මම නුඹව අලූත් ලොවකට යැවීමට පෙර නුඹට දීමට ඔවදන් 5ක් ත්බේ. ඒවා පිළිපැදීම තුළින් නුඹට ලොව උසස්ම පැන්සල විය හැකි බව මතක තබා ගන්න.
එක

නුඹට ඉතා විශිෂ්ඨ දේ කළ හැකිය. නමුත් ඒ නුඹ අතැති පුද්ගලයාට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩ ලබා දෙන්නේ නම් පමණි.
දෙක

නුඹට විටින් විට ඉතා වේදනාකාරී උල් කිරීමකට ලක් වීමට සිදු වේ. නමුත් මතක තබා ගන්න. ලොව හොදම පැන්සල වන්නට නම් නුඹ එයට මුහුණ දිය යුතුමය
තුන
නුඹට නුඹගෙන් සිදුවන සෑම වරදක්ම නිවරදි කර ගැනීමට හැකියාව තිබිය යුතුය.
හතර

නුඹගේ වටිනාම කොටස අභ්‍යන්තරය බව මතක තබා ගන්න.
පහ

තත්වය කුමක් වුවද නුඹ දිගටම ලිවිය යුතුයි. ඉතාම අමාරු අවස්ථාවක වුවද  නුඹ ඉතා පැහැදිලිව මෙන්ම පිරිසිදුව ලිවිය යුතුය.

පැන්සල සතු කාර්යභාර්ය හොදින් තේරුම් ගත් පසු අනෙකුත් පැන්සල් මෙන්ම එයද වෙළද පොළට යැවීය.

පැන්සල වෙනුවට ඔබව ආදේශ කරන්න. එම ඔවදන් නිරන්තරව සිහි කරන්න. පිළිපදින්න. ඔබත් සාර්ථක පුද්ගලයෙකු වීම නොඅනුමානය.

එක
නුඹට ඉතා විශිෂ්ට දේ කළ හැකිය. නමුත් ඒ නුඹ ස්වභාවධර්මයට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩ ලබා දුනහොත් පමණි.
දෙක

ඹබට ඉතා වේදනාකාරී අවස්ථාවන්ට ගැටලූවලට මුහුණ දීමට සිදු වනු ඇත. නමුත් නුඹට ලොව විශිෂ්ටයෙක් අතරට යාමට නම් ඹබට ලැබෙන සියලූ ප‍්‍රශ්න හා අභියෝග ශමුවේ සාර්ථකව මුහුණ දිය යුතුය.
තුන

නුධට නුඹ අතින් සිදු වන සියලූ අත්වැරදීම් නිවරදි කරගත යුතුය. නුඹට එම සෑම අවස්ථාවක දීම ජීවත් වීමට අවශ්‍යකරන පන්නරය ලැබිය හැකිය.
හතර

අන් සියලූ දේට වඩා වැදගත් වන්නේ නුඹගේ අභ්‍යන්තරය කෙසේද යන්නයි.
පහ

නුඹ වැඩ කරන තත්වය කුමක් වුවද සිටින තත්වය කුමක් වුවද නුඹ ගැන කථා කිරීමට යමක් ඉතිරිකර
ඹබව නිර්මාණය කොට ඇත්තේ විශිෂ්ඨයෙකු වීමටය.

අප සියලූ දෙනා පැන්සල් වැනිය. ස්වභාවධර්මයා විසින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කර ඇත.ඒ පිළිබඳ අප අපගේ ජීවිතය කෘතඥ වෙමින් අප අපගේ ජීවිතය මනාව සකසාගත යුතුය.


උපුටා ගැනීමකි

දේශපාලන ප‍්‍රචාරණය

මිනිසාට තම සමාජය පවත්වාගෙන යාමේදී එ සඳහා අවශ්‍යය කරන සාධක අතර තවත් එක් සාධකයක් වශයෙන් සන්නිවේදනය හඳුනාගත හැකිය. මේ අනුව සන්නිෙවේදනයකින් තොරව කිසිදු කාර්යයක් සාර්ථකව ඉටුකළ නොහැකි අතර නූතනයේදී දේශපාලන ක‍්‍රියාවලියේ දී දැවැන්ත වශයෙන් නව සන්නිවේදන ක‍්‍රම යොදාගත හැකිය.

ඇරිස්ටෝටල් ප‍්‍රකාශ කරන පරිදි මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙකි. මේ අනුව මිනිසා සමාජයේ විවිධ පුද්ගලයින් සමඟ මෙන්ම විවිධ ආයතන සම්බන්ධව සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය වන අතර එය ඉටුකරනු ලබන්නේ සන්නිවේදනය මගිනි.

සන්නිවේදනය පිළිබඳ සාකච්ඡුා කිරීමේදී දේශපාලන සන්නිවේදනය යන්න වැදගත් වේ. රාජ්‍ය බලය ලබා ගැනීමේ මූලික අරමුණ සහිතව කෙටිකාලීන හෝ දිගුකාලීන ව කරනු ලබන අරගලය දේශපාලනය යනුවෙන් සරලව දැක්විය හැකිය.

වර්තමානය වන විට දේශපාලන සන්නිවේදනය රාජ්‍ය ආයතන හා ඡුන්ද දායකයා අතර හැසිරීමේ ක‍්‍රියාවලිය තුල මැදිහත් වන්නා වූ කාරකයක් වශයෙන් පමණක් නොව දේශපාලන භාෂාව දේශපාලන ප‍්‍රචාරණය දේශපාලන අලෙවිකරණය මැතිවරණ ව්‍යාපාරය රාජ්‍ය ප‍්‍රතිපත්ති ජනමතය දේශපාලන සංකේත ආදී විෂය පරාසයක් තුළ වර්ධනය වූවකි.

එ් අනුව මිනිසා සහ සන්නිවේදනය අතරත් සන්නිවේදනය සහ දේශපාලනය අතරත් දීර්ඝ සහ අවියෝජනීය සබඳතාවකි.

දේශපාලන සන්නිවේදනය පිලිබද ඉදිරිපත් වූ නිර්වචන අතරින් බෙන්ජමින් ස්ටොක්මාන්ගේ නිර්වචනය වන්නේ

දේශපාලන පක්ෂ ලෙස දේශපාලඥයන් ආණ්ඩු පක්ෂ, ඇමතිවරුන් හෝ ඔවුන් අයත් වන කැබිනට් මණ්ඩලය, භාවිතා කරන සියලූම සන්නි සන්නිවේදන විධි දේශපාලන සන්නිවේදනය ලෙස නම් කළ හැකි බවයි.
සන්නිවේදන ක‍්‍රියාවලියක් ස්වභාවයෙන්ම තොරතුරු නිෂ්පාදනය, බෙදාහැරීම, අදාළ පාර්ශවය වෙත තොරතුරු සම්බන්ධ කිරීම මෙන්ම එ් හා කිසියම් බලපෑමක් පැන නගින දෙන ආකාරයට එ්වා කළමනනාකරණය කිරීම යන ක‍්‍රියාකාරකම් සමග සම්බන්ධ වේ.

අනෙක් අතට දේශපාලනය යනු කිසියම් තීරණයකින් බලපෑමට ලක් වන්නා වූ සියලූම පාර්ශ්වයන්ගේ අදහස් හා අවශ්‍යතා උපයෝගී වන පරිදි තීන්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියකි.

 උදාහරණ
කිසිියම් ඡුන්ද කොට්ඨාසයක මහජනතාව නියෝජනය වන පරිදි නියෝජිතයෙකු ව්‍යවස්ථාදායකයට පත්කරගැනීම එකී ඡුන්ද කොට්ඨාසයේ ජනතාවගේ අදහස් හා අවශ්‍යතා සැලකිල්ලට ගත යුතු දේශපාලන කාර්යයකි.


එ්අනුව එකී දේශපාලන කාර්යය ඉටුකර ගැනීම සඳහා ජනතාව ඉදිරිපත් කරන අපේක්ෂකයා අතර සම්බන්ධතාවක් දැමිය යුතුයි. අපේක්ෂකයෙකු තෝරා ගැනීම සහ නිසි පරිදි පත් කර ගැනීමේ වැදගත්කම ජනතාවට එ්ත්තු ගැන්විය යුතුයි. එසේම අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇති අවස්ථාවක නම් එක් අපේක්ෂකයෙකු තවත් අපේක්ෂකයෙකුට වඩා හොඳ හෝ නරක වන්නේ කුමක් හෙයින් ද යන්න ජනතාවට දැනගැනිමට සැලැස්විය යුතුය.

දේශපාලනය යනු බලය ලබා ගැනිමත් බලය ක‍්‍රියාත්මක කිරීම සහ ඒ බලය පවත්වාගෙන යාමත් පිළිබඳ ක‍්‍රියාවලියයි. දේශපාලන බලතල ලබා ගැනීමට නම් තම ඡුන්ද දායකයාගේ ආකර්ෂණය දිනා ගැනීම ඉතාම වැදගත් කාරණයකි. තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනයන් යෝජනා චෝදනාවන් සහ අදහස් ජනතාවට වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීම මෙහිදී ඉතාම වැදගත් වේ.

දේශපාලන සන්නිවේදන ක‍්‍රියාවලිය තුළ මැතිවරණ ප‍්‍රචාරණය සිදු කරන කාලය වඩාත් තීරණාත්මක කාල පරාසයක් ලෙස හඳුනාගත හැක. එම කාල පරාසය තුළ යම් පක්ෂයකට හෝ නිශ්චිත අපේක්ෂකයකුට ඡුන්දය දීම සඳහා ඡුන්දදායකයින් පොළඹවාගැනීම මැතිවරණ ව්‍යාපාරයක ප‍්‍රධාන අරමුණ වනු ඇත. එ් අනුව මැතිවරණය අවසන් තීරණාත්මක සාධකය වන ඡුන්ද දායකයා මැතිවරණ ප‍්‍රචාරණ ක‍්‍රියාවලියක කේන්ද්‍ර බවට නිරායාසයෙන්ම පත්වේ.

ඡුරදච්ට්බා් යන වචනය ඡුරදච්ට්සදබ යන වදනින්  බිහිවී ඇති අතර 1622 දී පමණ රෝමානු කතෝලික සභාවේ භක්තිය ප‍්‍රචාරණය කිරීමේ සභාව ඇසුරින් ජන ව්‍යවහාරයට පත් වී ඇත. ආරම්භයේ දී මුලා කිරීම මෙම යෙදුමේ අර්ථ නොවුනද ප්‍රොපගැන්ඩා ලෙස වර්තමානයේ ක‍්‍රියාවට නංවන ක‍්‍රියාදාමය පලමු ලෝක යුද්ධයත් සමඟ ව්‍යවහාරයට එක් වූවකි. මෑත ඉතිහාසයේ දී ප‍්‍රචාරණ උපක‍්‍රම විද්‍යාත්මකව ක‍්‍රියාවට නැංවු පළමුවැන්නා ලෙස සැලකෙන්නේ මාධ්‍යවේදී වෝල්ටර් ලිප්මන් සහ එඞ්වඞ් බර්නාස්ය.

ප‍්‍රචාරය යන්නෙහි සරල සුගම භාවිතය දේශපාලන අපේක්ෂාවෙන් හෝ බලයයේ සිටින්නන්ගේ වාසිය සඳහා වැලරදි හෝ නොමඟ යවන සුළු තොරතුරු හිතාමතා ඉදිරිපත් කිරීමයි. ප‍්‍රචාරක කාර්යය තුළ බොහෝවිට එ්ත්තු ගැන්වීම අවබෝධ කර දීම වෙනුවට රැුවටීම ව්‍යාකූලත්වයට පත් කිරීම කේන්ද්‍ර කර  ගනී. සිදුවීමක් හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් මිනිසුන් සිතන ආකාරය වෙනස් කිරීම තුලින් ප‍්‍රචාරකයා ඔවුන්ගේ ක‍්‍රියාවන් සහ සිතුම් පැතුම් තමන්ගේ පාර්ශවයට ආකර්ෂණීය ලෙස වෙනස් වීමකට භාජනය කරනුු ලබයි.

හැරල්ඞ් ඞී ලැස්වෙල් 1927 ප‍්‍රචාරය අර්ථදක්වා ඇත්තේ සැලකිය යුතු සංකේත මගින්  පාලනය කිරීම කෙරෙහි දැවැන්ත ප‍්‍රචාරය යොමු කෙරේ. එනම් කතාන්දර   වාර්තා පින්තූර සහ වෙනත් සමාජයීය සන්නිවේදන ක‍්‍රම මගින් මත පාලනය කිරීමයි.

එසේම ප‍්‍රචාරයට ප‍්‍රචාරණයට අයත් බොහෝ අංග ඇතුළත් විය හැකිය. එහි අරමුණු කිහිපයකින් යුක්ත වේ.

  •  ප‍්‍රචාරකයාට හොඳ අලෙවියක් ඇති කිරීම
  •  අපේක්ෂකයා තෝරා පත්කර ගැනීම
  •  ආයතනයකට ඉතාම වාසිසහගත ප‍්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම

බ‍්‍රැඞී ජොන්ස්ටන් සහ සයිඞ්ස් යන  අය එයැ ිකමාහ දෙ  චදකසඑසජ්ක ජ්පච්සටබ නම් පර්යේෂණ කෘතියේ පෙන්වා දෙන පරිදි මැතිවරණය ප‍්‍රචාරණය කාලය යනු ඡුන්දදායකයාගේ සෘජු දේශපාලන තීරණයක් ගැනීමට පෙර සම්පූර්ණ කාලයයි. මෙම කාලය තුළ ඡුන්ද දායකයාගේ තීරණය වෙනස් වෙන සුළු එකක් විය හැකි අතර ඡුන්ද දායකයා තමන්ට වාසි සහගත ලෙස වෙනස් වන ලෙස උත්තේජනය කිරීමට දේශපාලනඥයින් සිය දේශපාලන ප‍්‍රචාරණ වැඩසටහන් භාවිත කළ යුතුය.

මේ අනුව මැතිවරණ ප‍්‍රචාරණය මූලිකව වශයෙන්ම සිදු වනුයේ දේශපාලන බලය ඉලක්ක කර ගැනීම මතය.ඒ  යටතේ නිශ්චිත පක්ෂයකට හෝ අපේකෂකයෙකුට ඡුන්දය දීම සඳහා ඡුන්ද දායකයන් පොළඹවා ගැනම මැතිවරණ ප‍්‍රචාරණයක ප‍්‍රධානම අරමුණ බවට පත් වේ. මේ සඳහා විවිධ මැතිවරණ උපක‍්‍රම අපේක්ෂකයින් විසින් භාවිතා කරනු ලබන අතර ඒවා එක් අතකින් අපේක්ෂකයාගේ පක්ෂයේ ප‍්‍රතිරූප බිදි දමන ආකාරයේ ඒවා විය හැකිය.

දේශපාලන ප‍්‍රචාරණයේදී මූලික සිද්ධාන්ත වශයෙන් ගැනෙන කරුණු හතරක් පිළිබඳව හැරල්ඞ් ඞී ලැස්වෙල් විසින් සඳහන් කර ඇත.


  1.  සතුරාට එරෙහිව වෛරය මෙහෙයවීම
  2.  මිත‍්‍ර පාර්ශවයේ මිත‍්‍රත්වය ආරක්ෂාව කිරීම
  3.  මධ්‍යස්ථ පුද්ගලයන්ගේ මිත‍්‍රත්වය වැඩිදියුණු කරගැනීම
  4.  හැකිනම් මධ්‍යස්ථ පුද්ගලයන්ගේ සහයෝගය දිනාගැනීම

මෙම අරමුණු හතර ඉටුකර ගැනීමට විශේෂ වදන් භාවිතය සමහර වදන් භාවිතයෙන් වැළකීම හෝ සතුරා කිසිදු විටක නොකළ දේ සම්බන්ධයෙන් වගකීම ඔවුන් මත පැටවීම වැනි උපක‍්‍රම යොදා ගැනේ.

එසේම දේශ දේශපාලන ප‍්‍රචාරණයේ දී ප‍්‍රධාන වශයෙන් ඉලක්ක කණ්ඩායම් හතරක් හඳුනාගැනීමට හැකිවේ.

  1. ඡුන්දදායකයා
  2. පක්ෂ සාමාජිකයන්
  3. මැතිවරණ ව්‍යාපාරයේ සම්පත්දායකයන්
  4. අපේක්ෂකයන්

බොහෝ දේශපාලනඥයන් තම දේශපාලන මතවාදය නිවරදි ලෙසත් තිබු ලෙසත් ඉදිරිපත් කිරීමෙහිලා ප‍්‍රචාරණ ව්‍යාපාරය භාවිතයට ගනු ලැබේ. එහිදී තම ජයග‍්‍රහණ සඳහා විවිධ උපක‍්‍රමයන් යෙදීමටත් කටයුතු කරනු ලැබේ. එසේ භාවිත කරන උපක‍්‍රමය වශයෙන්


  • බියට ආමන්ත‍්‍රණය කිරීම
  • නම් පටබැඳීම
  • විශේෂ වදන් භාවිතය
  • පැවරුම්
  • චරිත සහ සහතික
  • භාෂා භාවිතය
  • චිත‍්‍රපට පෙන්වීම වේදිකා නාට්‍ය
  • දේශපාලන පක්ෂ ගීත
  • දේශපාලන පුවත්පත්
  • දේශපාලන පක්ෂ හා වර්ණ ලාංඡුන
  • ජනතා ව්‍යාපාරය
  • වාද විවාද සංවාද
  • කටකතා
  • කැලෑ පත්තර
  • දේශපාලන නවකතා
  • වාර්තා චිත‍්‍රපට
  • දේශපාලන පෝස්ටර්
  • ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන
  • සටන් පාඨ
  • පා ගමන්
  • පෙළපාලි සන්දර්ශන සැනකෙලි
  • නම් පටබැඳීම

ප‍්‍රචාරණයේ සුලභව නොවූව ද දේශපාලනයේ සුලබ භාවිතයකි. කිසියම් පුද්ගලයකුට නරක ලේබලයක් දීම මින් අදහස් කෙරේ. ඉතිහාසය තුළ විවිධ දේශපාලන නායකයින් විවිධ නම්වලින් හැඳින් වීම සිදු කරනු ලදිි.

උදාහරණය

  •  2015  ජනාධිපතිවරණයේදී නම් පටබැබැඳීමේ උපක‍්‍රමය ප‍්‍රබල ලෙස භාවිත විය. 
  •  රනිල් චම්පික-රතන හිමි මෛත‍්‍රීපාල සිරිසේන හා චන්ද්‍රිකා අශුද්ධ පවුල නමින් හඳුන්වා ඇත
  •  රනිල් චම්පික රතන හිමි චන්ද්‍රිකා මෛත‍්‍රීපාල සිරිසේන යහපාලන සහකරු ලෙස හඳුන්වා ඇත
  •  චන්ද්‍රිකා මැතිනිය චෞර පාලිකාව
  •  අතුරලියේ උන්වහන්සේ යහපාලන උන්වහන්සේ
  •  සිරිසේන මහතා අනුරාධපුර පාලකයා 

මෙහිදී අශුද්ධ හවුල යන්නෙන් පදනමක් මත ගොඩනැගී නැති යන බවත් ජනතා ප‍්‍රසාදය දුරස් කිරීමටත් උත්සාහ කර ඇත. යහපාලන හවුල ලෙස දැක්වීම තුළින් ඔවුන් සමාජය ඉදිරියේ උපහාසයට ලක් කිරීමට උත්සාහ කර ඇත. යහපාලනය වචනය භාවිත කර ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මූලික තේමාව මෙන්ම ප‍්‍රතිපත්තිය  වු නිසාය.

උදාහරණ
 එ්කාධිපති රෙජීමය පවුල සහ හෙන්චයියන් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අය සහ ඔවුන්ට දායකත්වය දුන් හඳුන්වා ඇත.

මෙහිදී රාජපක්ෂ පවුලේ එ්කාධිපති බව හා ඔවුන් වටා එ්කරාශී වී ඇති පිරිස් ජනතාව ඉදිරියේ උපහාසයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ප‍්‍රසාදය අහිමි කිරීමට බලාපොරොත්තු වේ. 


  • ටී බී ඉලංගරත්න   කරවල කුමාරයා
  • ජනාධිපති පේ‍්‍රමදාස කෙහෙල්වත්තේ ලැවරියා
  • එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක සෙවල බණ්ඩා
  • ඩඞ්ලි සේනානායක පචබාහු
  • මෛත‍්‍රීපාල සිරිසේන හිටං ආප්පයා මෛත‍්‍රීලෝ
  • මහිනමහින්ද රාජපක්ෂ අප්පච්චි මහරජාණෙනි
  • රනිල්් වික‍්‍රමසිංහ සමනලයා
  • බියට ආමන්ත‍්‍රණය කිරීම 

හදිසි වෙනස්වීම තුළින් තමන්ගේ ජීවිතයට තත්ත්වයට ධනයට පවුලට සැප පහසුවට ආරක්ෂාවට හානියක් සිදු වේ යැයි සෑම ජන කොටසක්ම අනිසි බියක් දක්වයි. මිනිසුන්ගේ මෙම මානසික තත්වය ඉතා හොඳින් ඡුන්ද ව්‍යාපාරය සඳහා භාවිත කළ හැක. මේ සඳහා බියට ආමන්ත‍්‍රණය කිරීමේ උපක‍්‍රමය භාවිතා කළ හැක. මෙම උපක‍්‍රමය ජාත්‍යන්තර වශයෙන් වූ  ඓතිහාසිකමය පදනම පිළිබඳව අවධාරණය කළ හොත් සැබැවින්ම දෙවන ලෝක යුධ සමයේ මෙම උපක‍්‍රමය ප‍්‍රබල ව භාවිත කරන්නට විය. එසේම ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ ද මෙය ප‍්‍රබල ව සිදු වී ඇත.

 උදාහරණ


  •  1948 එක්සත් ජාතික පක්ෂය විසින් සමසමාජ පක්ෂයට එරෙහිව සමසමාජ ගින්නෙන් බුද්ධ ශාසනය බේරා ගනිව්.

  • 1999 නාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පොදුජන එක්සත් පෙරමුණ මගින් වන්නි කොටි සටන පිටුපස රනිල් ගේ සෙවනැල්ල යනුවෙන් පත‍්‍රිකාවක් බෙදීම

  • 2015 ජනාධිපතිවරණයේ දී  රට නිිවෙස් බෙදන්න ද සූදානම යනුවෙන් වගන්තියක් යටතේ ඡුායාරූපයක් පළකර ඇති අතර එමගින් නැවත ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් රට බෙදීමක් පිළිබඳව ජනතාව අතර බියක් ඇති කරයි.
  • එදා ප‍්‍රාදේශීය කණ්ඩායම් හදලා වධධකාගාරවල තරුණයන් එල්ලා ජනතා විමුක්ති පෙර පෙරමුණේ කියලා මැරෙනකම් පහර දුන්නා
  • යනුවෙන් 2015 මහින්ද රාජපක්ෂ විසින් හංවැල්ලේ රැුළලියකට ඉදිරිපත් කරන අදහසකි එමගින් රනිල් වික‍්‍රමසිංහ බලයට පැමිණියහොත් තරුණ ජීවිත අනතුරට ලක්වන බව ඉඟි කරයි.
  • දෙදහස් පහළොවේ ලංකාදීප පුවත්පතේ ඡුායාරූපයක් සමඟ නැවත මෙවන් යුගයක්  ඕනෙද යනුවෙන් පාඨයක් යටතේ ඡුායාරූපයක් පළකර ත‍්‍රස්ත බිය පිළිබඳ ජනතාව තුළ බියක් ඇති කිරීම
  • 2004 දෙසැම්බර් ලංකාදීප පුවත්පතේ පැවැති පාලන ක‍්‍රමයේ නැවත බලයට පැමිණියහොත් මතුවිය හැකි කාන්තා හිංසනය පිළිබඳ ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. එ තුළින් භීතියක් ගෙන එ්මට උත්සාහ දරා ඇත.
  • මිනිත්තු 90 කට කාන්තා ෂණය වන රටක් ආදරණීය සොයුරියනි මේ වැනසෙන්නේ ඔබේ හෙට දවස ඉතින්.....
  • 2015 ලංකාදීප ළමා අපචාර සම්බන්ධව පහත සඳහන් පැදි පෙළෙන් උත්සාහ දරා ඇත්තේ පවතින පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් භීතියක් මවාප පෑමයි.
  • දිනකට ළමා අපචාර හතරක් සිදුවන රටක් 


මෙම උපක‍්‍රමය තුළින් ජනතාව අපේක්ෂකයින්ගෙන් ඉවත්වීමට හේතු  සාධක වේ. මෙම උපක‍්‍රමය භාවිතා කිරීමේ ප‍්‍රමාණාත්මකභාවය දැක්වීමේ දී බොහෝ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් වැඩි වශයෙන් ලක්බිම පුවත්පත්  උපක‍්‍රමය සඳහා භාවිතයට ගෙන ඇත. එසේම අනිකුත් අපේක්ෂකයන්ට වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා පාඨවලට පමණක් සීමා නොවී ජන සිත් බියෙන් තැති ගැන්වෙන ඡුායාරූප ප‍්‍රබල ව යොදා ගැනුණි.

විශේෂ වදන් භාවිතය

කෙනෙකුගේ චරිත ලක්ෂණයක් ගුණාංගයක් භාවිතා කරමින් විශේෂ වදන්  භාවිතා කිරීම මෙයින් අදහස් වේ. මෙය නිරතුරුවම සත්‍යය විය නො වේ. මෙයට දේශීයව වශයෙන් උදාහරණ රාශියකි.

උදාහරණ

  • ජේ. ආර් ජයවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරය ධර්මිෂ්ට සමාජයක් සදහා මැතිවරණ  ව්‍යාපාරය
  • 1990 චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය මැතිවරණ වූ ව්‍යාපාරය තුළ නව සහශ‍්‍රකයේ රැුජින
  • පාර්ලිමේන්තුවේ නියෝජිත පක්ෂ මාරු කිරීම් සඳහා ඉදිරිපත් කළ පනත හෘද සාක්ෂියේ පනත
  • සුරක්ෂිත රටක් සුභ අනාගතයක් යන වදන මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්තියක්
  • මනුසත් මිනිසුන් බලයයි රට සුරකින මහා පවුරයි යන වදන් පෙළ  තුළින් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා චන්ද්‍රිකා මැතිනිය සරත් ෆොන්සේකා මහතා ඇතුළු නායකයන් ගෙන් සමන්විත එකමුතුකම දැක්වීම
  • මෛත‍්‍රී පාලනයක් යන්න තුළින්  මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති
  • නිදහස් පිරිස්ිදු මෛත‍්‍රී යුගයක් එන වචන තුළින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කිරීමට යන නව ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ අවබෝධයක්ක් ලබා දෙයි

ඒ අනුව අනෙකුත් අපේක්ෂකයින් අදාළ කාල පරාසය තුළ මෙම උපක‍්‍රමය භාවිතා නොකළද මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම උපක‍්‍රමය වඩාත් ප‍්‍රබල ව භාවිත කර තිබේ. එයිනුත්  මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටී. 2015  මැතිවරණයේදී අනෙකුත් උපක‍්‍රමවලට වඩා සාපේක්ෂව ඉහළින් භාවිතා කර ඇති බව පෙනේ.

 චරිත සහතික දීම

විශිශේෂඥයකු  ගරු කටයුතු හා ආකර්ෂණීය හෝ පුද්ගලයකු යම් ප‍්‍රතිපත්තියක් වැඩසටහනක් වේලාවක් ගත කරන බව හොඳ හෝ නරක ප‍්‍රකාශ කිරීම් මෙයට ඇතුලත්ය. එසේම මැතිවරණ ව්‍යාපාරය තුළ පක්ෂ නායකයන් තම පවුලේ සාමාජිකයන් සමග පවුලේ එකමුතුව පිලිබඳ වටිනාකම් දක්වමින් ඉදිරිපත් කරන ඡුායාරූප මෙම උපක‍්‍රමයේ තවත් විශේෂ ලක්ෂණයකි.

උදාහරණ


  • 1999 පැවති ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් එක්සත් ජාතික පක්ෂයට හා පොදුජන එක්සත් පෙරමුණට සහයෝගය පළ කරමින් සිය අත්සන් සහිත පුවත්පත් දැන්වීම් යෙදවීම්
  • දිනු දේශය රකිමින් නෙබෙදුණු රටක් සුරක්ෂිත හෙටක් සුභ අනාගතයක් වෙනුවෙන් අපගේ නොමද සහයෝගය දෙමු යනුවෙන් මහින්ද රාජපක්ෂ සහාය පළ කරමින් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම අස්සන සහිත පුවත්පත් දැන්වීම් යෙදවීම
  • ස්වාධීන අධිකරණයක් නැවත ලබා ගැනීම අපගේ කාලීන අවශ්‍යතාවයයි. එ් සඳහා වෙන්සකට දායක වෙමු. යනුවෙන් ප‍්‍රකාශයක් මෛත‍්‍රීපාලසිරිසේන මහතාට සහාය දක්වමින් නීතිඥ එකමුතුව


මෙම උපක‍්‍රම තුලින් තුළින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉදිරියෙන් බව ය. මෙම උපක‍්‍රමය මෙම අපේක්ෂකයන් දෙදෙනා ප‍්‍රබලබල ව භාවිත කර ඇත. 

ප‍්‍රදර්ශන සංදර්ශන සහ සැනකෙලි

ප‍්‍රදර්ශන සංදර්ශන පැවැත්වීම ආණ්ඩු බලයේ සිටින කොටස් රජයේ වියදමින් සිය  ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා යොදාගනු ලබන කදිම උපක‍්‍රමයකි.

උදාහරණ


  •  1964 සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය මහමැතිවරණය අත ළඟ තිබියදී කර්මාන්ත ප‍්‍රදර්ශනය පැවැත්වීම
  •  1980 පේ‍්‍රමදාස ගම් උදාව සිදු කිරීම
  •  ලලිත් ඇතුලත් ඇතුලත්මුදලි මහපොළ ව්‍යාපෘතිය සිදුකිරීම 
  •  ජේ.ආර් යුගයේ  මහවැලි ව්‍යාපෘතිය සිදුකිරීම
  •  පොත් සල්පිල් ප‍්‍රදර්ශනය 
  •  රනිල් වික‍්‍රමසිංහයන්ගේ සංකල්පයක් වූ ගම්පෙරළිය

මෙහිදී ජනමාධ්‍ය මඟින් පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමේ  පමණක් නොව දහ දහස් ගණන් ජනතාව රැුස්කර ගැනීම සහ ඔවුනට අවශ්‍ය මූ මූලික දේ පමණක් නොව විනෝදය දැනුම සැපයුීම එහි  ප‍්‍රමුඛ ලක්ෂණයකි. එම ප‍්‍රදර්ශනවලදී එනම් ගම්මුදාව තුළදී නිවාස දහස් ගණන් ඉදිකිරීමත් ජාතික මට්ටමේ නාට්‍ය පෙන්වීම සිදුවිය. මහවැලි ගොවිතැනට ජලය රටට විදුලිය පමණක් නොව නවීන මහා මාර්ග පද්ධතියක් රටට දායාද කළේය.

පා ගමන්

දේශපාලන ගමන් මග වෙනස් කිරීමට තරම් බලවත් වූ විරෝධතා  පා ගමන් කිහිපයක් ලංකා ඉතිහාසයේ හමුවේ.

උදාහරණ


  • 1957 ජේ.ආර් විසින් සංවිධානය කළ ප‍්‍රකට මහනුවර පා ගමන
  • ඩඞ්ලි විසින් චෙල්වනායගම්  ගිවිසුමට විරුද්ධව  1966 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක් විහාරමහාදේවි උද්‍යානයේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා පා ගමන
  • 1979 වසරේ සර්වෝදය නායක ඒ. ටී ආරියරත්න විසින් කතරගම සිට කොළඹ හරහා යාපනයට ගිය පා ගමන 
  • 1992 රාජපක්ෂ විසින් කොළඹ සිට කතරගමට සංවිධානය කල පා ගමන


වේදිකා නාට්‍ය හා චිත‍්‍රපට නවකතා වාර්තා චිත‍්‍රපට

ඇරිස්ටෝටල්ට අනුව මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්‍යයකි. කලාව හා දේශපාලනය දෙකක් නොව එකක් බව ලියොන් ට්‍රොස්කි දක්වයි. එසේනම්  දේශපාලන කලා කෘති ලේබලය යටතේ වර්ගීකරණයට හසු කර සුවිශේෂීව හඳුන්වාදෙන නවකතා කෙටිකතා ගීත චිත‍්‍රපට විශේෂයෙන් ලොව පවතී

උදාහරණ


  •  සයිමන් නවගත්තේගම සුභ යස 
  •  ආර් ආර් සමරකෝන් කැලණි පාලම
  •  පරාක‍්‍රම කිරිඇල්ලගේ සෙක්කුව වේදිකා නාට් ය
  •  සුගත්පාල සෙනරත් යාපාගේ පියා සහ දරුවා කෙටි චිත‍්‍රපටය
  •  රජය චිත‍්‍රපට ඒකකය විසින් නිෂ්පාදනය කළ රන් වන් කරල්
  •  සිරි ගුණසිංහගේ ගමනක අවසානය
  •  1963 ටෙනිසන් පෙරේරා විසින් රචිත විප්ලවය පළමු නවකතාව
  •  1964 කේ ජයතිලකග ගේ  දෙව්ලොවට නැති අය නවකතාව
  •  ගුණසේන විතානගේ විප්ලවයේ කලිකාල කැරලිකාරයෝ
  •  දිරිවීර සරච්චන්ද්‍ර ගේ හෙට එච්චර කළුවර නෑ
  •  එ් වී සුරවීර හෙයියන් මාරුව
  •  සාදුකින් පෙලෙනවුන් ගීතය

ගීතිකා කෝණාර


දේශපාලන මහජන සම්බන්ධතාවය



ම්කිසි සංවිධානයක් සහ එහි ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනඟනු පිණිසත් එය පවත්වාගෙන යෑම සඳහා සියුම් ලෙස සැලසුම් කළ අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතාවය නම් වේ.

ලන්ඩන් මහජන සම්බන්ධතා ආයතනය විසින් ඉදිරිපත් කරන මෙම නිර්වචනය තුළින් බලවේග කණ්ඩායම් දෙකක් පිළිබඳව දක්වා තිබේ. එනම් සංවිධානය සහ ජනතාවයි. මේ තුළින් පැහැදිලි වන්නේ මහජන සම්බන්ධතාවය තුළ දක්නට ලැබෙන්නේ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයක් බවයි.

මහජන සම්බන්ධතාවය වර්තමානය වන විට මුළු ලෝකය පුරා පැතිර පවතින, මානව සමාජය කෙරෙහි අතිශය ප‍්‍රායෝගික වූත්, ප‍්‍රබල වූත් සමාජ සාධකයක් බව පෙන්වාදිය හැක. නවීන යුගයේ සෑම විෂය ක්ෂේත‍්‍රයකම  නියාමක විෂය බවට පත්ව ඇත්තේ මහජන සම්බන්දතාවයයි. එහිදී දේශපාලනය හා මහජන සම්බන්දතාවය අතර පවතින්නේ දැඩි සබඳතාවකි. දේශපාලනය සඳහා මහජන සම්බන්දතාවය අත්‍යවශ්‍යම සාධකයක් බව පෙන්වාදිය හැක. දේශපාලන පසුබිම උදෙසා සෑම අවස්ථාවකදීම ක‍්‍රියාවට නැංවිය යුතු අංගයක් බව මහජන සම්බන්දතාවය පෙන්වාදිය හැකිය. මහජනතාවගෙන් තොර දේශපාලනයක් ගැන සිතීමට නොහැකි වීම එයට හේතුව ලෙස දැක්විය හැකිය.

ලෝකයේ දේශපාලන මහජන සම්බන්ධතාවයේ ආරම්භක පසුබිම ඇති ඔහුගේ 1904 තුළදීය. මහජන සම්බන්ධතාවයේ පියා ලෙස දැක්වෙන්නේ වී. අවි. ලී ය. ඔහු දේශපාලන මහජන සම්බන්ධතාව සඳහා ප‍්‍රථමයෙන් සිදුකර ඇත්තේ පුවත්පත්වලට ලිපි ලිවීම ය. විශේෂයෙන් පළමුවරට දේශපාලන මහජන සම්බන්ධතාව අවශ්‍ය වූයේ පළමු ලෝක යුද්ධ කාලසීමාවලදී යුද්ධය සඳහා සටන් කිරීමට තරණයන් පොළඹවා ගැනීම සඳහාය. 

මෙම හේතුව නිසා වෙන් 1917 පළමු ලෝක යුධ සමයේ ඇමරිකානු ජනාධිපති වුඞ්රෝ විල්සන්federal committe of public information පිහිටුවා පළමු ලෝක යුද්ධය වෙනුවෙන් ජනමත සැකසීමට කටයුතු කිරීමත්,

1928 ඇමෙරිකානු ඩිමොක්‍රොටීස් පක්ෂය පළමු  මහජන සම්බන්ධතා කාර්යාලය ලෙස බිහි වීමත්
1932 රී පබ්ලික් පක්ෂය මහජන සම්බන්ධතා කාර්යාලයක් ඉදි කිරීමත්
1993 පෞද්ගලික දේශපාලන මහජන උපදේශන සේවා ආරම්භ කිරීමත් සිදු විය. 

දේශපාලන මහජන සම්බන්ධතාව 1970 වන විට ලෝකයේ පැතිරෙන ලදි.  එය පසු පසුකාලීනව පූර්ණකාලීන දේශපාලන මහජන සම්බන්ධතා උපදේශකත්වයක් බවට පත් විය. ප‍්‍රධාන වශයෙන් ඇමරිකාව බි‍්‍රතාන්‍ය යනාදී යුරෝපීය රටවල්ය. 1980 වන විට 

පීටර් මැන්ඩර්න්
ටිම් බෙල්ස් 
සාව් බ‍්‍රදර්ස් 
බෙල් පොටින්ජර්
රොලන්සි
යනාදී පුද්ගලයන් 

යනාදී පුද්ගලආයතන කේන්්ද්‍රීයව මහජන සම්බන්ධතාය ගොඩ නැගීමට සැලසුම් ක‍්‍රියාත්මක කරන ලදි.
මහජන සම්බන්ධතාව ඇති කිරීමට ප‍්‍රමුඛ වන නූතන සමාගම් ලෙස 
Aill knowlton
Bell pottiíger prioot

Rowland
දේශපාලන මහජන සම්බන්ධතාවයේදී අවධානයට යොමුව ප‍්‍රධාන අංග හතරකි.
මාධ්‍ය කළමනාකරණය 
ප‍්‍රතිරූප කළමනාකරණය
අභ්‍යන්තරික සන්නිවේදනය
තොරතුරු  කළමනාකරණය

මාධ්‍ය කළමනාකරණය

දේශපශපාලඥයන්ට මාධ්‍යයෙන් තොර පැවැත්මක් නොමැත. ඔහු දේශපාලනයේ නියැලෙන බව ප‍්‍රදර්ශනය වන්නේ මාධ්‍ය තුළින් ඔහු ඉදිරිපත් කරන ස්වභාවය අනුවය. විශේෂ හේතු මත දේශපාලනඥයින් මාධ්‍ය තුළ වෙනමම ප‍්‍රතිරූපයක් සකස්කර ගනී. එ් නිසාම දේශපාලනඥයින් තම සන්දේශ නිර්මාණය කරනුයේ මාධ්‍යයට උචිත වන පරිදිය. එ් අනුව දේශපාලනඥයින් මාධ්‍යයට උචිත වන ලෙස සංදේශ සකස් කිරීම දේශපාලන මහජන සම්බන්ධතාවය තුළ මාධ්‍ය කළමනාකරණය ලෙස දක්වයි.

උදාහරණ
 නුතන මාධ්‍ය ප‍්‍රවණතාවක් වන Voice Journalism සංකල්පය

මෙහිදී දේශපාලනඥයකුගෙන් වොයිස් කට් එකක් ලබා ගනිමින් එය වෙනත් අයෙකුට දි එයට  ඔහු දරන මතය Recode කර එම වොයිස් කට් දෙකම එකවර ඉදිරිපත් කරයි. එහිදී මාධ්‍යට උචිත හා මාධ්‍ය අපේක්ෂිත පරිදි වොයිස් කට් එක ලබාදීම බහුලව දැකගත හැකි කරුණක් වේ. එය දේශපාලන මහජන සම්බන්ධතා තුළ මාධ්‍ය කළමනාකරණය සිදු කරන අවස්ථාවකි. 
උදාහරණ
 හිරු රූපවාහිනි නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශය වැට නැති කට

ඉඩ ප‍්‍රමාණය අනුව සන්දේශ නිර්මාණය කිරීම 
මෙහිදී ප‍්‍රවෘත්ති කෙතරම් දීර්ඝ වුවත් එය සංක්ෂිප්ත කොට News bar එකට දැමීමට හැකි වන පරිදි සංදේශය නිර්මාණය කරයි

උදාහරණ 
ආණ්ඩුව විසුරුවා හැරීම වැරදියි

තමන්ට මාධ්‍ය තුළින් ලබාදෙන ඉඩ ප‍්‍රමාණයට උචිත වන පරිදි සන්දේශ නිර්මාණය කළ යුතුය. රූපවාහිනියක මන්ත‍්‍රීවරයෙකුගේ ඡුායාරූපයක් තත්පර 3  ප‍්‍රචාරය වුවද එය ග‍්‍රාහක මනස තුළ රැුඳී පවතී. එ්  .අනුව තමන්ට ලැබෙන තත්පර 10, 15, 30  ඇතුළත තම සංදේශය නිර්මාණය කළ යුතු අතර වඩාත් වැදගත්ම කරුණ වන්නේ එම කාලය තුළ ඉදිරිපත් කළ යුතු සන්දේශයේ තම කාලය කළමනාකරණය කර ගැනීමත් ඉදිරිපත් කරන කරුණු වල පෙළ ගැසීම හා වැදගත්කම තීරණය කිරීමත් දේශපාලනඥයා විසින් සිදු කළ යුතුය. එය මාධ්‍යයට උචිත වන ලෙස සැලසුම් කර ගැනීම මාධ්‍ය කළමනාකරණය වේ.

Media friendly event

ලංකාව තුළ උණුසුම් වූ ප‍්‍රවෘත්තියක් විකාශනය කරන්නේ රාත‍්‍රී 6, 7  කාලය තුළදීය. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට ප‍්‍රවෘත්තියක් අන්තර් ගත කිරීමේ දී එ් මොහොතේදීම එ් ආසන්නයේ දීම සිදු වූ යම් සිදුවීම් සිදුවීමක් දෙයක් සම්බන්ධ ප‍්‍රවෘත්තියක් ස්ථානගත කිරීම මඟින් එ් සඳහා වැඩි වටිනාකමක් හෝ ප‍්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. කාලසීමාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා ප‍්‍රවෘත්ති ස්ථානගත කළ යුතුය. සැලසුම් කිරීමේ සිට මාධ්‍ය හිතකර ස්වභාවයක් සහිත ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරයි.

උදාහරණ 
සමකාලීන ජනාධිපතිතුමාගේ ආමන්ත‍්‍රණයක් ඉවර වන විට මුද්‍රිත  මාධ්‍ය තුළ පළ වීම.
මහින්ද රාජපක්ෂ අගමැති සඳහා පත්කිරීමට රූපවාහිනි peek time එක යොදා ගැනීම

Attendence of gate keepers

මාධ්‍ය .කතෘවරුන්ගේ සංස්කාරකවරුන්ගේ දොරටුපාලකයන්ගේ අවධානයට ලක්වන පරිදි නිරන්තරයෙන් ප‍්‍රවෘත්තිය සැලසුම් කළ යුතුය. එවිට එම ප‍්‍රවෘත්ති අදාළ මාධ්‍යයේ විකාශනයට පළ කිරීමට තීරණය කරයි. අතීතයේ සිටි දේශපාලකයින් තම දේශපාලනය සිදු කරනුයේ මාධ්‍යයකින් එය  ඉදිරිපත් කිරීමට තීරණය කරන පරිදිය. මාධ්‍යයේ ස්වරූපය හා න්‍යාය පත‍්‍රය අනුව එකම කරුණ දෙයාකාරව වේ ඉදිරිපත් කරන අවස්ථා ද ඇත. එ් දොරටුපාලකයන්ගේ අවධානය යොමුකරවා ගැනීමට ය.

 උදාහරණ
රාජ්‍ය නාලිකාවකට උචිත පරිදි රාජ්‍යට පක්ෂ පමණින් අදහස් දැක්වීම, පෞද්ගලික නාලිකා වල දේශපාලන පක්ෂපාතිත්වය හඳුනාගෙන ඊට පක්ෂව අදහස් දැක්වීම
විමල් වීරවංශ ජේ.ඞී.පී  ප‍්‍රවෘත්ති ලේකම් ව සිටිය දී චන්ද්‍රිකා බලයට පත්ව සිටින අවධියේ රනිල්ට බැන වැදීමට පෙර මෙය රාජ්‍ය මාධ්‍ය සඳහා යැයි දක්වමින් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම.
දේශපාලඥයා විසින් තමන්ගේ ප‍්‍රකාශ  ස්ථානගත විය යුතු මාධ්‍ය නිවැරැුදිව හඳුනාගෙන ඊට ගැළපෙන පරිදි තම ප‍්‍රකාශන කළමනාකරණය කර ගනි. පාලකයින්ගේ අවධානය දිනාගත හැකි අවස්ථා තම  දේශපාලන හැසිරීම් තුළ සකස් කර ගැනීමට පෙළඹේ. එවිට මාධ්‍ය කළමනාකරණය කර ගැනීමට හැකි වේ.

  Issues management


යම් යම් අවස්ථාවලදී ඇතිවන හදිසි තත්ත්වයක් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න දේශපාලන මහජන සම්බන්ධතාවයේදී අවධානය යොමුකළ යුතුය. ගැටලූවකට මුහුණ දුන් විට එය නිවැරදි කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ගැටලූව විසඳීමට ගතයුතු මහජන සම්බන්ධතා උපායමාර්ග පිළිබඳව මෙහිදී කළමනාකරණය කරගත යුතුය.

මාධ්‍ය මගින් කිසිදු විටෙක තමාට අවස්ථාව නොලැබෙන විට එම අවස්ථාව හෝ අවධානය ලබා ගැනීම කටයුතු කිරීම ද මහජන සම්බන්ධතාවයේ එක්තරා ස්වභාවයකි.

උදාහරණ
  චතුර සේනා සේනාරත්න සම්බන්ධ සිදුවීම්

අවධානය යොමු කරවා ගැනීම සඳහෙ මාධ්‍ය යොදා ගත් අවස්ථා (එක්සත් ජාතික පක්ෂය අමුඩ පෙළපාලියක් සං විධානය කිරීම

මෙම අවධියේ එක්සත් ජාතික පක්ෂය සඳහා මාධ්‍ය මඟින් අවධානයක් ලබා නොදුනි.  මහජන සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා සාව් බ‍්‍රදර්ස් සමාගමේ උපදෙස් පරිදි මාධ්‍ය අවධානය හා මහජන අවධානය ලබා ගැනීමට කටයුතු කරන ලදි. සාමාන්‍ය පෙළපාලිය සංවිධානය කිරීම සඳහා මාධ්‍ය අවධානය ලබා නොදුන්නද අමුඩ පෙළපාළියක් සංවිධානය කිරීම සඳහා මාධ්‍ය අවධානය ලබා දෙන ලදි. මෙම සිදුවීමෙන් පසු ගොවියන් ඔහුට අමුඩ ඇද කොළඹට පෙළපාලි පැමිණීමේ ක‍්‍රමය ඇතිවිය. 

Gota s war  ග‍්‍රන්ථය

ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමේ ගරුත්වය හිමි වන පරිදි වන පරිදි ජාත්‍යන්තර අවධානයට ලක්වන ලෙස රචනා කර තිබේ.  මුද්‍රණ වාර කීපයක් ම සිදුවිය. සිංහල ප‍්‍රකාශනය පසුකාලීනව සිදු විය.
ප‍්‍රභාකරන් විසින් සිදු සිදුකළ මාධ්‍ය හමුව සහිත  ඡුායාරූප ඔහු ජීවතුන් අතර සිටියදී ඔහු ප‍්‍රජා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන යන බව හා  ප‍්‍රජාතන්ත‍්‍රවාදය රාජ්‍යයක් උතුරේ පවතින බව මාධ්‍ය හා සමාජය හමුවේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සැලසුම්කරණ  ලදී.

එළිමහන් ප‍්‍රදේශයක ඡුායාරූප ගැනීමට පහසුවන පරිදි මාධ්‍යවේදීන් පෙළ ගස්වා සිටින ආකාරය දැක්වෙන ඡුායාරූපය (ඔවුන් අසලම පුටුවල වාඩි කරවා ඇත්තේ ප‍්‍රභාකරන්ට සම්බන්ධ සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන්ය.*

ප‍්‍රභාකරන් මාධ්‍ය හමුවේ සඳහා පැමිණෙන අවස්ථා
රාජ්‍ය නායකයෙක් පැමිණෙන ස්වභාවය නිරූපණය වන පරිදි සැලසුම් කර තිබුණි. ජනාධිපති ආරක්ෂක අංශයේ මෙන් ඔහුගේ ආරක්ෂකයින්ද නිල ඇඳුමින් සරසවා එම අවස්ථාවේ සැලසුම් කර තිබුණි. ඔවුන්ට අවශ්‍ය  වූයේ තවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙනයන බව තමන්ට මාධ්‍ය ඉඩ කඩ ලැබුණු අවස්ථාවේ ප‍්‍රචාරණයක් සිදු කර ගැනීම සඳහාය.

 ප‍්‍රභාකරන් මාධ්‍ය හමුව නිම වී පිටවී යාම දැක්වෙන ඡුායාරූපය.( මාධ්‍ය හමුවට පැමිණීම සාමාන්‍ය ආකාරයක දක්වා පිටවන අවස්ථාව රාජ්‍ය නායකයන් පිටව යන ස්වභාවයෙන් නිරූපණය කිරීමට සැලසුම් කර තිබුණි.ගුප්තව සැඟවී සිටි සංවිධාන දේශීය හා විදේශීය අවධානය යොමුවන පරිදි ප‍්‍රදර්ශනාත්මකව සැලසුම් කරන ලදි. ඡුායාරූප මාධ්‍ය වාර්තාකරණය උපරිම අන්දමින් එම අවස්ථාවේ ලබා ගැනීම්ට කටයුතු කර තිබේ.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා හමු වු උතුරු කොරියානු ජනාධිපතිවරයා ආකාරය දැක්වෙන ආකාරය දැක්වෙන vedio clip එක

සිංගප්පූරුවේදී මෙය සිදුවිය. එම රටවල් දෙකටම අයිති නොමැති තැනක හමු වී  එ් අවස්ථාව සඳහා පුළුල් මාධ්‍ය ප‍්‍රචාරණයක් ලබා දිය හැකි ආකාරයට සැලසුම් කර තිබුණි. තමන්ට ලබා ගැනීමට අවශ්‍ය උපරිම මාධ්‍ය ප‍්‍රචාරණය ලබා ගැනීම්ට ඔවුන් කටයුතු කර තිබුණි.

 ප‍්‍රතිරූප කරනා කළමනාකරණය

දේශපාලන ක‍්‍රියාදාමය තුළ ප‍්‍රතිරූප යන්න දේශපාලන පක්ෂයකට මෙන්ම දේශපාලනඥයාට අතිශය වැදගත් වන්නකි. පුද්ගල ප‍්‍රතිරූප කෙරෙහි ජනතා අවධානය නිරන්තරව යොමු වේ. ප‍්‍රතිරූප නිර්මාණය කිරීමට බෙහෙවින් බලපානු ලබන්නේ මාධ්‍යයි. මාධ්‍ය බලපෑම දේශපාලන ප‍්‍රතිරූප නිර්මාණය කරන අතරම තිබෙන ප‍්‍රතිරූප වර්ධනය කිරීමද සිදු කරයි. දේශපාලන පක්ෂයක ප‍්‍රතිරූප නිර්මාණය වන්නේ එකී පක්ෂය විසින් සිදු කරනු ලබන කාර්යයන් අනුවය. බොහෝ විට මාධ්‍ය මූලික කොටගෙන දේශපාලනඥයින් ප‍්‍රතිරූප ගොඩනගා ගැනීමේ ක‍්‍රියාදාමයෙහි  නිරතව සිටී. ඇතැම් විට දේශපාලකයන් හා දේශපාලන පක්ෂ ප‍්‍රතිරූප ගොඩ නැගීමට ගොස් ප‍්‍රතිරූප බිඳ වැටෙන අවස්ථා ද දැකගත හැකිය. එ් අනුව ප‍්‍රතිරූපයක් ගොඩ නැගෙන්නේ  අදාළ පුද්ගලයාගේ ගුණයක් හෝ ස්වභාවයක් පදනම් කර ගනිමිනි. එවැනි ගුණයක් නොමැති නම් නව ගුණයක් සකස් කරයි. නැතහොත් එම පුද්ගලයාගේ ආසන්නයේ සිටින කෙනෙකුගේ ගුණයක් හෝ ප‍්‍රචාරය කර ප‍්‍රතිරූප ගොඩ නංවයි.

උදාහරණ

  •  මව පියා පිළිබඳ දැක්වීම්
  • එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක චන්ද්‍රිකා අනුර
  • සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 
  • ආර් පේමදාස  - සජිත් පේ‍්‍රමදාස
  • පරම්පරා දැකීම දැක්වීම 
  • දේශපාලනඥයෙකු ලෙස රනිල් වික‍්‍රමසිංහයන්ගේ ප‍්‍රතිරූපය යළි ගොඩ නොනැඟිය  ලෙස බිඳවැටී පවතින බැවින් ඔහුගේ බිරිඳ වන මෛත‍්‍රී වික‍්‍රමසිංහ සතු ගුණාංග ප‍්‍රචාරය කළ ප‍්‍රතිරූපය ගොඩ නෑැංවීම්


මහජන සම්බන්ධතා ආයතන වලට ආයතන වලට ආයතන වල ඇති ප‍්‍රතිරූප ගොඩ නංවා ගැනීම 

උදාහරණ
නරේන්ද්‍ර මෝදි  අගමැති ලෙස පත් වීමට පෙර ප‍්‍රතිරූපය ගොඩනැංවීමට මහජන සම්බන්ධතා ආයතනයක සහය ලබා ගැනීම.

ලංකාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි කාලයේ ඇයගේ ප‍්‍රතිරූපය ගොඩනැංවීමට මහජන සම්බන්ධතා ආයතනයකට භාර දීම.


  • ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දළදා මාළිගය ඉදිරිපිට දැණ ගසා සිටින ඡුායාරූපය
  • දුර්ගා නගරයේ සිංහල මුස්ලිම් ගැටුමෙන්  අනතුරුව මහින්ද රාජපක්ෂ එම ගෙවල් නැරඹීමට ගමන් කිරීම
  • මෛත‍්‍රීපාල සිරිසේන මහතා උදෑසන නිදහස් චතුරස‍්‍රය ව්‍යායාම් කටයුතුවල නිරතවීම
  • මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෙසෙල් කොළයක බත් කමින් නෙත් මාධ්‍ය ආයතන සමඟ පැවැත්වූ සාකච්ඡුාවකට සම්බන්ධ වීම
  • ඇමරිකානු හිටපු ජනාධිපති බැරැුක් ඔබාමා මහජනයා තමා වෙත එවන ලද ලිපි වලට පිළිතුරු ලිපි ලිවීම එහිදී දිනකට ලිපි දහයකට වඩා පිළිතුරු ලිපි ලිවීම
  • පිරිසිදු කිරීමේ දිනයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම නවදිල්ලි අගමැතිවරයා පිරිසිදු කිරීම් වල නිරත වීම
  • නෝර්වේ අගමැති වරයා සවස ටැක්සි රියදුරෙකු වශයෙන් ක‍්‍රියා කිරීම


 ප‍්‍රතිරූප බිඳවැටීම්

1995 චන්ද්‍රිකා කුමාරතුංග පිළිබඳ එ්ෂියා වීක් සඟරාව කතාව ඉදිරිපත් කිරීමමේ දී ඇය පවසා ඇත්තේ තම හොදම යහළුවන් තම දේශපාලන දිවියේ සහයකයන් බවයි. නමුත් වාර්තාකරු සමග ඇයගේ යහළුවෙකුගේ සාදයට අවස්ථාවේ වාර්තාකරුට එම යාළුවන් පවසා තිබුණේ ඇය  අයහපත් නායිකාවක් බවයි.
බි‍්‍රතාන්‍ය දේශපාලන වැඩසටහනක් වූ ය්රා ඒකන වැඩසටහන අතරතුර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත යොමු කළ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට අසමත් වීම.

අභ්‍යන්තර සන්නිවේදනය
දේශපාශපාලන මහජන සම්බන්ධතාව අභ්‍යන්තරව

  • පක්ෂ තුළ ඉහළ සිට පහළට අදහස් විමසා බැලිය යුතුය.
  • පක්ෂ ඇමති රුන්ගේ අදහස් විමසිය යුතු අතර ප‍්‍රාදේශීය ආයතන විසින් කමිටු සාකච්ඡුා මගින් මහජන මතය ඉහලට ගෙන එ්මට කටයුතු කිරීම.
  • මහජන සම්බන්ධතා ක‍්‍රමය විධිමත්  ආකාරයකට පවතින විට යහපත් මහජන සම්බන්ධතා ක‍්‍රමයක් ගොඩනැගීම

මන්ත‍්‍රීවරු මහජන සම්බන්ධතා නිලධාරි පක්ෂ ක‍්‍රියාකාරිකයින් මෙහිදී වැදගත්ය.

 තොරතුරු කළමනා කළමනාකරණය

රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක සියලූ තොරතුරු බාහිර සමාජයට ලබා දීම සිදුකළ නොහැකිය. ආරක්ෂක ඡුන්ද මත වැදගත් තොරතුරු මත  සංවේදී තොරතුරු මත පදනම් අවස්ථාවලදී තොරතුරු සීමා කිරීමට සිදු කරනු ලබයි.

  •  1993 මැයි පළමු වන දින පේ‍්‍රම්දාස මහතා ඝාතනය වූ අතර එම තොරතුරු එසැණින් වාර්තා නොකිරීම
  •  ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය  මිය යෑම වාර්තා කරන ලද්දේ පැය 6කට පසුවය.

ගීතිකා කෝණාර



දේශපාලන සන්නිවේදනය හා නව මාධ්‍ය


ඇරිස්ටෝටල් ප‍්‍රකාශ කරන පරිදි මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්ත්වයෙකි. මේ අනුව මිනිසා සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ මෙන්ම විවිධ ආයතන හා කරුණු සම්බන්ධව සබඳතා ගොඩනඟා ගැනීමට අත්‍යවශ්‍ය වන අතර එය ඉටුකරනු ලබන්නේ සන්නිවේදනය මගිනි. එ් අනුව මිනිසාට තම සමාජ ජීවිතය පවත්වාගෙන යෑමේ දී අත්‍යවශ්‍ය සාධක අතර එක් සාධකයක් බවට සන්නිවේදනය පත්ව තිබේ.

භාෂාවක් පිළිබඳ නොදන්නා ඓතිහාසික මානවයා අංග චලන ආදී මගින් නිර්වාචික සන්නිවේදනයේ යෙදී ඇති අතර  මානව පරිණාමයත් සමග සිදුවූ ශිෂ්ටාචාරගත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස සන්නිවේදනය ද තවදුරටත් පුළුල් වපසරියක් කරා දිව යන්නට විය . එහි ප‍්‍රතිඵලයක් ලෙස අති නවීන විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යන්ගේ  ආගමනය සිදුවිය. වර්තමාන වත්ම සෑම සමාජයකම දෛනික ජීවිතය බොහෝ අවස්ථාවන්හිදී මෙම නව සන්නිවේදන මාධ්‍ය මත රඳා පවතී.

සන්න්නිවේදනයකින් තොරව කිසිදු කාර්යයක් සාර්ථකව සිදු කළ නොහැකි අතර දේශපාලන ක‍්‍රියාවලිය තුලදී ද දැවැන්ත වශයෙන් නව සන්නිවේදන ක‍්‍රම යොදා ගනු ලබයි. වර්තමානය වන විට   විට සමාජය අතික‍්‍රමණය කරනු ලබන මෙම නව මාධ්‍ය දේශපාලන සන්නිවේදනය තුළ දී තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.
විසි එක්වන සියවසේ මෑත යුගය දක්වා නව මාධ්‍ය තුළින් සුවිශේෂී මෙන්ම ප‍්‍රබල බලපෑමක් සිදු වූ කේෂ්ත‍්‍රය ලෙස දේශපාලන ක්ෂේත‍්‍රය දැක්විය හැකිය. මේ ආකාරයට එදා මෙදා තුර දේශපාලන ක්ෂේත‍්‍රය තුල තීරණාත්මක සාධක බවට පත්වූ මාධ්‍ය පහත පරිදි දැක්විය හැකිය
  • කටකතා / ඕපාප
  • Tv
  • Facebook
මේ අනුව මෑත යුගයේ පටන් වර්තමානය දක්වාම සෑම සමාජයකම සන්නිවේදනයේ පදනම මාධය විය.   එ් අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ප‍්‍රධානම බලවේගය ලෙස මාධ්‍ය හැඳින්විය හැකි අතර  එම නිසාවෙන්ම වර්තමානයේ දී මෙම මාධ්‍ය සිව්වන ආණ්ඩුව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. එනම් පුද්ගලයෙක් හෝ දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම හෝ බලයෙන් ඇද දැමීමටත් ඇතැම් අවස්ථාවන්හි දී රටක දේශපාලන බලය පෙරලා දැමීමටත් මාධ්‍යයට හැකිව තිබේ. මෙහිදී නව මාධ්‍යට දේශපාලනය තුළ විශාල බලපෑමක් කිරීමට හැකිව තිබෙන්නේ ඉතාම සුළු කාලයක් තුල  ඕනෑම තොරතුරක් ලොව  ඕනෑම ප‍්‍රදේශයක් වෙත යැවීමට හැකි වීම මගිඟිනි.

රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණ සහිතව කෙටිකාලීන හෝ දිගුකාලීන ව කරනු ලබන අරගලය  දේශපාලනය වෂයෙන් සරලව හැඳින්විය හැකිය. 1965 මාෂල් මැක්ලූහන් මබාැරිඒබසබට පැාස් කෘතිය තුළ දක්වන ආකාරයට ජනමාධ්‍ය හේතු කොටගෙන ලෝකය තුළ පවතින ගෝලීය ගම්මානය පිළිබඳ සංකල්පය දේශපාලන මාධ්‍ය ඇසුරු කර ගනිමින් ජාතික සීමාවන් ඉක්මවමින් ජාත්‍යන්තරය දක්වා වර්ධනය වන්නට විය.
දේශපාලන සන්නිවේදනය තුළ දී වඩාත් කැපීපෙනෙන සිද්ධාන්තය ලෙසින් ජනමත හැසිරවීම දැක්විය හැකිය. එය දහනවවන සියවසේ මුල් භාගය වන විට දී ජනමත හැදීමේ වෙනස් කිරීමේ සන්නිවේදන කාර්යය මාධ්‍ය මගින් සිදුවිය. වර්තමානය වන විට රාජ්‍ය ආයතන හා ඡුන්ද දායකයා අතර හැසිරීමේ ක‍්‍රියාවලිය තුල මැදිහත් වන්නා වූ කාරකයක් වශයෙන් පමණක් නොව දේශපාලන භාෂාව, දේශපාලන ප‍්‍රචාරණය, දේශපාලන  අලෙවිකරණය, මැතිවරණ ව්‍යාපාරය, රාජ්‍ය ප‍්‍රතිපත්ති, ජනමතය, දේශපාලන සංකේත විෂය කොටස් ගණනාවක් අන්තර්ගත කොට වර්ධනය වූවක් ලෙස දැක්විය හැකිය.

මෑත කාලීනව දේශපාලන සන්නිවේදනය පිළිබඳ  අදහස් දැක්වූවෙකු ලෙස බ‍්‍රයන මැකනයර් දැක්විය හැකි අතර ඔහු විසින් දේශපාලන සන්නිවේදනය තුළ තිබෙණ ඓන්ද්‍රය ලක්ෂණ තුනක්  පිළිබඳව දක්වා ඇත. එනම් 
  • දේශපාලන සං සංවිධාන 
  • මාධ්‍ය
  • පුරවැසියන්

වශයයෙනි. මේ කෙරෙහි අවධානය යොමු කිරීමේදී ද්ශපාලන කටයුතුවලදී සංවධාන සහ මාධ්‍ය අතරත් මාධ්‍ය සහ පුරවැසියන් අතරත්  ද්විපාර්ශ්වීය  සන්නිවේදන තත්ත්වයක් හඳුනා ගත හැකි බව දැක්විය හැකිය
.
මේ අනුව තාක්ෂණය හරහා මිනිසාගේ සන්නිවේදනය ක‍්‍රමෝපායන්ද වෙනස් වී අතීතයේ සීමිත කාලයක් තුළ සුළු පිරිසකට සන්නිවේදනය කිරීමට මිනිසාට හැකිව තිබූ සීමාවන් විද්‍යාව හා තාක්ෂණයේ සොයා ගැනීමත් සමඟ බිඳ වැටුණ අතර එකවර විශාල පිරිසකට ඇමතීමේ හැකියාව සන්නිවේදන ලැබූ ජයක්ග‍්‍රහනයක් විය.  වසර දහස් ගණනකට පෙර ප‍්‍රභවය ලද මානවය සන්නිවේදනය ඒ සඳහා විවිධ සන්නිවේදනන මාධ්‍ය ඇසුරු කරගනිමින් අතිශය සංකීර්ණ මංපෙත් ඔස්සේ අදියරෙ ගණනාවක් පසු කරමින් වර්තමානය වනවිට තෙවන පරම්පරාව වන ඩිජිටල් යුගයත් පසු කරමින් තවදුරටත් පියවර තබන්නට විය. අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ වර්තමානය වන විට

  • ෆේස්බුක්                   ට්විටර්
  • බ්ලොග් සර්වීස්             යූටියුබ් 
  • විකිපීඩියා
  • ගූගල් ප්ලස්

ආදී නව මාධ්‍යයන්ගේ  සංක‍්‍රමණය සිදු වී ඇති අතර දේශපාලන සංනිවේදනය තුළදී පෙර යුගයන්හි දී භාවිත කළ ප‍්‍රාථමික මාධ්‍යයන්ගෙන් පරිබාහිරව නව මාධ්‍ය උපයෝගී කරගැනීමට ලොව බොහෝ දේශපාලන නායකයින් උත්සුක වූ අතර එමගින් තම ජයග‍්‍රහණය පුළුල් වපසරියක් කරාගෙන යෑමට ඔවුන්ට හැකි විය. මෙම මාධ්‍ය ප‍්‍රචලිත වීමත් සමඟ එය තව තවත් යාවත්කාලීන කර ගනිමින්තමන්ට අවශ්‍ය  ඕනෑම තොරතුරක් සංදේශයක් ඡුායාරූපයක් එකවර පක්ෂපාතී විශාල පිරිසකට ඉදිරිපත් කළ හැකිවීම
.
  • තමන් ඉදිරිපත් කරනු ලැබූවට මිනිසුන් දක්වන ප‍්‍රතිචාර ක්ෂණිකව බලාගත හැකි වීම
  • ආකර්ෂණීය සන්දේශ ලබා දීමටත් ග‍්‍රහකයන් වැඩි වශයෙන් පොළඹවා ගැනීමටත් හැකිවීම
  • ලොව නන්දෙසින් විසිරී සිටින මිනිසුන්ගේ ආකල්ප අදහස් හඳුනාගැනීමට හැකි වීම
මේ අනුව නව මාධ්‍ය භාවිත කරමින් වර්තමානය වනවිට ව්‍යාප්තව පවතින නව සන්නිවේදන මාධ්‍යන් වර්තමාන දේශපාලන පර්යාය ගොඩ නැගීමේදී කරනු ලබන කාර්යය සුළුපටු නොවේ.

මහාචාර්ය විල්බර් ශ‍්‍රාම් පවසන පරිදි සංවිධානාත්මක පිරිසක් විසින් තවත් පිරිසක් වෙත යැවෙන සන්දේශ ලඟාකර ගැනීම මාධ්‍ය තුළින් සිදු කරයි. යන උත්ත නිර්වචන මගින් මාධ්‍යයන්හි වැදගත්භාවය අවධාරණය කෙරෙන අතර මිනිසා සතුව ඇති නිර්මාණාත්මක තාක්ෂණයේ අපූර්වතම ඉසව්වක් ලෙස කව මාධ්‍ය දැක්විය හැක. දේශපාලන ක‍්‍රියාවලිය තුළ සන්නිවේදනය කිරීමේ දී බොහෝ විට නව මාධ්‍යන්හි භාවිතය වර්තමානය වන විට ඉහළ මට්ටමක පවතී. දේශපාලන කරළිය තුළ  නව මාධ්‍යයන්ගේ  ඔවුන්ගේ භූමිකාව විමසා බැලීමේදී 
  • තොරතුරු නිර්මාණය 
  • ප‍්‍රසිද්ධ කිරීම 
  • බෙදාහැරීම 
  • පරිශීලනය කිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීම
හැකිව පවතී. එ අනුව නව මාධ්‍ය භාවිතය තුළින් දේශපාලන වෙනස්කම් සිදු වූ ආකාරයය ලෝක  දේශපාලන ක‍්‍රමය පිළිබඳ  අවධානය යොමු කිරීමේ දී වටහා ගත හැකිය.

උදාහරණ
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ කාල පරාසය තුළ සන්නිවේදනය බවට පත්කර ගනු ලැබුවේ  twitter  හා  facebook ය.

ඉන්දියාවේ තුළ පුවත්පත් ප‍්‍රවෘත්ති නාලිකා විශාල ගණනාවක් සක‍්‍රීයව පැවතිය ද ඔහු බොහෝ අවස්ථාවන්හිදී එම මාධ්‍ය පසෙකලා   twitter  හා  facebook සමාජ ජාල මගින් තම ඡුන්දදායකයන් හා සන්නිවේදනයේ යෙදී ඇත. වයස අවුරුදු 25 ට අඩු තරුණ පිරිස් මිලියන 600ක් වන ඉන්දියාවේ එ අතරින් මිලියන 100ක් ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරයි. උක්ත දැක්වෙන පරිදි විශාල ෆේස්බුක් ජාලයක් පවතින රටක් වන ඉන්දියාව තුළ දේශපාලන සන්නිවේදනය නව මාධ්‍ය ඔස්සේ සිදු කිරීම ඔහුගේ ජයග‍්‍රහණයට  කරන ලද අනුබලය අතිමහත්ය. දේශපාලන ප‍්‍රචාරණ කාල සීමාව තුළ පමණක් නොව ඉන් පසුවත් නව මාධ්‍ය සමඟ සක‍්‍රීයව කටයුතු කිරීම ඔහුගේ ජනතා ප‍්‍රසාදය වර්ධනය වීමට ප‍්‍රබල වශයෙන් හේතුවී තිබේ. අන්තර්ජාලයේ ආගමනයත් සමඟ වර්ධනය වූ නව මාධ්‍ය මගින් දේශපාලන සන්නිවේදනයට කරන ලද බලපෑම් සුළු පටු නොවන අතර මෙමගින් සරල චර්යාත්මක වෙනස්කම් පමණක් නොව රටක පාලන බලය පෙරළා දැමීමට මෙම නව මාධ්‍යයන් හේතු විය.

උදාහරණ
 දශක තුනකට අධික කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් සති කිහිපයක් තුළදී රටින් පලවා හැරීමට හැකි වූයේ අන්තර්ජාලය මගින් බව දේශපාලන විචාරක අදහසයි.

මරණ තුන්සිය අසූ හතරකට සීමා කරමින් මෙම විප්ලවය ජයගත හැකි වූයේ අන්තර්ජාලය හේතු කොටගෙන බව බටහිර විචාරකයන් මෙන්ම ඊජිප්තු ජාතිකයන් ද පිළිගනී. ෆේස්බුක් විප්ලවීය  මෙහෙය වු නිර්නාමික නායකයෙකු මාර්්‍යයට ප‍්‍රකාශ කර සිටියේ අප උද්ඝෝෂණය සැලසුම් කළේ ෆේස්බුක් මගින් සම්බන්ධීකරණ කටයුතු කළේ   twitter මගින් ලෝකයාට මේ පණිවිඩය කියවූයේ  you tube හරහාය යන්නයි. 

මෙම විප්ලවයේදී මුබාරක් ඉවතට ගැනීමට පෙළ ගැසෙන ලෙස ෆේස්බුක් හරහා ඉල්ලා සිටි අතර එහිදී ලක්ෂ ගණනාවකගෙ සහාය ලබා ගැනීමට හැකිවූ අතර උද්ඝෝෂණය පැවැත්වෙන දිනය ස්ථානය හා කළ යුතු දේ ෆේස්බුක් මගින් දැනුම් දුනි. එ් අතර මුබාරක්ගේ රජය ඊජිප්තුව තුල අන්තර්ජාලය තහනම් කර ද ෆේස්බුක් සටන්කාමීන් වාරණ නීති නොතකමින් නව මාධ්‍ය ඔස්සේ සන්නිවේදන කටයුතු අඛණ්ඩව ගෙන ගියහ. පුරුෂ පාර්ශවය මෙන්ම ස්ත‍්‍රීන් ද බ්ලොග් අඩවි නිර්මාණය කරමින් විප්ලවයට එක්විය. බ්ලොග් අඩවි නිර්මාණය කරමින් සක‍්‍රීයව කටයුතු කළ ක‍්‍රියාකාරීනියක්වු ලෙයිල් සහිලා නම් වූ කාන්තාව මුබාරක් හමුදාව ඝාතනයට ලක් කළ ද අවසානයේ මෙම විප්ලවයෙන්  ෆේස්බුක් සටන්කාමීන් ජයගත් අතර පරාජයට පත් මුබාරක් ඊජිප්තුව හැර පලා ගියේය. දේශපාලන ක්ෂේත‍්‍රයේ විප්ලවීය බලපෑමක් කිරීමට නව මාධ්‍ය සමත්ව ඇති බව මින් ගම්‍ය වේ.

 උදාහරණ
  2009 වසර තුළ අපේ‍්‍රල් මස 7 වන දින මෝලඩෝව ජනරජයෙහි පැවති මහමැතිවරනය දැක්විය හැකිය.

මෙම මැතිවරණයේදී එවකට පාලන බලය දැරූ මෝල්ඩෝව ජනපදයේ කොමියුනිස්ට් වාදීනගේ පක්ෂය බහුතර ආසන ගණනක් දිනාගත් නමුත් මෙම මැතිවරණය වංචාකාරී බව ප‍්‍රකාශ කරමින් විරෝධතා කරුවන් ඡුන්දය නැවත ගණන් කරන ලෙස බල කරන්නට විය. විරෝධතා මර්ධනයට පොලිසිය දැඩි පියපියවරක් අනුගමනය කළ ද නව මාධ්‍ය තුල විරෝධතා නව මුහුණුවරක් ගනු ලැබීය. විරෝධතා ව්‍යාපාරයන්හි ප‍්‍රචාරණ කටයුතු මුළුමනින්ම එඅසඑඑැර සමාජ ජාලය මඟින් සිදුකළ අතර ජනතාව දැනුවත් කිරීම සඳහා බ්ලොග් පිටු ආරම්භ කරනු ලැබීය. මෙම ශක්තිමත් විරෝධතා හමුවේ නව  රජයක් පිහිටු වීමට මෝල්ඬේව රජය අසමත් විය. නව මාධ්‍යන් මගින් මෙම විාරෝධාවයන් කෙරෙහි දක්වන ලද අප‍්‍රමාන සහයෝගය හේතු කොට ගෙන මෙය   twitter විප්ලවය හා දම් විප්ලවය යන නම්්වලින් හැඳින්විය.

උදාහරණ
  2008 වසරේ පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් බැරැුක් ඔබාමා ගෙන ගිය සන්නිවේදන ක‍්‍රියාවලිය තුළ නව මාධ්‍ය විශාල කාර්යයක් කරන ලදී.

ෆේස්බුක්   twitter යූටියුබ් ආදී සමාජ ජාලා මෙන්ම බ්ලොග් හා වෙබ් අඩවි වැනි මාධ්‍ය හරහා සිදු වූ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය මගින් ඇමරිකානුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටීමට ඔබාමා සමත් විය.

උදාහරණ
කොලොම්බියාවේ වාසය කළ ඇමණ්ඩා නම් තරුණිය ෆේස්බුක් මගින් සිදුවූ පේ‍්‍රම සම්බන්ධතාවය බිඳී වැටීම නිසා සියදිවි නසාගෙන ගත් අතර එයට බි‍්‍රටිස් කොළොම්බියාවේ රාජ්‍ය නායකයා වූ ක‍්‍රිස්ටි ක්ලාක් අන්තර්ජාලය ඔස්සේ කනගාටුව ප‍්‍රකාශ කළ අතර සයිබර් අපරාධ හා තර්ජන පිළිබඳ නව නීති සම්පාදනයය සිදු විය.

අනතුුරුව මේ සඳහා පනතක් නිර්මාණය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මේ අනුව දේශපාලන තන්ත‍්‍රය විසින් නව මාධ්‍යයේ යහපත් භාවිතය උදෙසා යම් යම් ක‍්‍රියාමාර්ග ගන්නා අයුරු දක්නට ලැබේ.

උදාහරණ
ස්පාඤපාඤ්ඤයේ දියත් වූ 15-ඵ ව්‍යාපාරය ද ලෝක දේශපාලනය තුළ නව මාධ්‍ය බලපෑම මනාව ප‍්‍රකට වූ අවස්ථාවකි.

නව දේශපාලන වෙනසක් ඉල්ලා සිටිමින් දියත් වූ මෙහි සංවිධාන කටයුතු හා ජනතාව උනන්දු කරවීමේ කටයුතු ෆේස්බුක් මගින් සිදුවිය.

උදාහරණ 
2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මහින්ද රාජපක්ෂ මහතා හා මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වල දී නව මාධ්‍යයන් බොහෝ සෙයින් උපයෝගී කරගත්්අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය කෙරෙහි නව මාධ්‍ය බොහෝ සෙයින් බලපා ඇත.

මේ අනුව සමාජය දේශපාලන ආර්ථික සමාජයීය වශයෙන් සබඳතා පැවැත්වීමේදී මාධ්‍ය  උච්ච ස්වරූපයෙන් දායකත්වයක් ලබාදෙන අතර සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම සබඳතා නැති කිරීමටද මාධ්‍යයට හැකිවනවා මෙන්ම දේශපාලන වශයෙන් ජයග‍්‍රහණයක් ලබාගැනීමට හෝ පරාජයට පත් කිරීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරයි. නව මාධ්‍යන් හරහා දේශපාලඥයන් සහ ජනතාව අතර පවතින සබඳතාව නිරන්තරයෙන් අළුත්වැඩියා වන ඩිජිටල් තාක්ෂණයක් බවට පත්ව ඇති අතර මෙම සබඳතාව හුදෙක් මැතිවරණ කාල සීමාවන් ට පමණක් සීමා නොවෙමින් කාලීන සිදුවීම් ඔස්සේ තමන්ට පක්ෂපාත දායකයන් තවදුරටත් තමන් වෙත රඳවා තබා ගැනීමේ අරමුණින් ජනතාව සමග කටයුතු කරන ආකාරයේ ස්වරූපය  ඡුායාරූප  තම පවුලේ සාමාජිකයන් දැක්වෙන ඡුායාරූප තම  පේස්බුක් ගිණුමට ඇතුලත් කිරීමත්  ජනතා ප‍්‍රසාදය ප‍්‍රතිචාර වර්ධනය කර ගැනීමටත් ෆේස්බුක් ගිණුම එදිනෙදා තොරතුරු මගින් යාවත්කාලීන කර තමන් කෙරෙහි ප‍්‍රසාදයක් ඇති වන අයුරින් නිර්මාණය කරන ලද විවිධ ලිපි අන්තර්ජාලය වෙත මුදා හැරීමත් දේශපාලන නායකයන් විසින් බොහෝ අවස්ථාවන්හි සිදුකරනු ලබයි.  මීට අමතරව දේශපාලන සන්නිවේදනයේදී  චරිත ඝාතනය අපහාස කිරීම ආදීය  විශාල වශයෙන්  නව මාධ්‍ය භාවිතය තුළ සිදුවේ.

ඈත අතීතයේ සිට සිදුවූ සිදුවූ මානව පරිණාමයත් සමග සන්නිවේදනය දීර්ඝකාලීන විපර්යාසයකට ලක්වූ අතර අතීතයේ පැවති ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම ක‍්‍රමානුකූලව විකාශනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙෂ නව  මාධ්‍යයන් බිහිවීම හඳුනාගත හැක. දේශපාලන සන්නිවේදනයේ දී බොහෝ අවස්ථාවන්හි නව මාධ්‍ය උපයෝගී කරගන්නා අතර මෙහිදී මැතිවරණ කාල සීමා වලදී පමණක් නොව එම කාල සීමාවෙන් පරිබාහිරවත් ජනතාවට අදහස් හා තොරතුරු ගෙන යා හැකි ප‍්‍රබල සන්නිවේදන මාදිලියක් ලෙස නව මාධ්‍ය  වැදගත්ය .

මෙමගින් නිරන්තරව නව අදහස් වෙත යාවත්කාලීන වීම්ට ජනතාවට හැකියාව ලැබෙන අතර නව මාධ්‍ය භාවිතය මඟින් විශාල බලපෑමක් සිදු වූ ක්ෂේත‍්‍රය ලෙසින් දේශපාලනය හැඳින්වීම ඉතා සාධනීය වේ. පිය මේ අනුව දේශපාලන සංනිවේදනය තුලදී නව මාධ්‍යයන්ගේ සිදුවන භූමිකාව සුවිශේෂී වේ .මෙහි ඇතුළත් සියලූ තොරතුරු විග‍්‍රහ කර බැලීමේදී දේශපාලන සංනිවේදන ක‍්‍රියාවලිය තුලදී නව මාධ්‍යයෙන් ඉටුවන භූමිකාව පිළිබඳ නිගමන කිහිපයකට එළඹිය හැකිය.

  • දේශපාලන සන්නිවේදනයේ දී නව මාධ්‍ය මගින් ග‍්‍රාහක ප‍්‍රතිචාරපෝෂණය හා අන්තර් ක‍්‍රියාකාරීත්වය ක්ෂණිකව  වටහා ගත හැකි වීම.
  • රූප සටහන් වගු හා වීඩියෝ ආදී ආකර්ෂණීය  ක‍්‍රම යොදා ගැනීම වේගවත්ව තොරතුරු මඟින් තොරතුරු ගලනය වීම.
  • ග‍්‍රාහකයාට තමා ප‍්‍රතිචාරය  ඕනෑම ක‍්‍රමයක් ඇසුරුකර ගනිමින් ඉදිරිපත් කිරීමට හැකිවීම.
  • ග‍්‍රාහක ප‍්‍රතිපෝෂණය හා අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම
  • යම් යම් කරුණු සම්බන්ධව වෙනස් වන්නාවූ ජනමතය හඳුනාගත හැකිවිය.

ගීතිකා කෝණාර

ආවර්ජනා