Tuesday, June 19, 2018

සිටිසන් කේන් සිනමාපටයෙහි පෙළ

    
   

      සිනමාව යනු සජීවී කලා මාධ්‍යකි. එය සැබෑ ලෝකයේ ස්වභාවය ප‍්‍රශ්න කරමින් අර්ථ නිරූපණය කරමින් හා සංස්කරණය කරමින් විවිධ නිර්මාණශීලී හා පර්යේෂණාත්මක මං  ඔස්සේ ඉදිරිපත් වන්නකි. 

1946 සිංහල කතානාද චිත‍්‍රපට නිෂ්පාදන කිරීමට මිනර්වා නාට්‍ය කණ්ඩායමේ බී.ඒ.ඩබ් ජයමාන්න ඇතුළු පිරිස දර්ශන තිර පසුතල ආදී බඩු මුට්ටු කප්පරක් රැගෙන නැව් නගින විට ද ලොව ශ්‍රේෂ්ටතම චිත‍්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ බිහි වු බව  ඔහුවු  නොදැන සිටියහ. එනම් 1941 මැයි මස 01 දා මහජන ප‍්‍රදර්ශනයට ලක්කළ සිිටිසන් කේන්ය. එය චාර්ලිස් පෝස්ටර්  යන ධන කුවේරයාගේ ජීවන තතුව වටා කේන් නම් ධන කුවේරයාගේ ජීවන තතුව වටා විරචිත සිනමා කෘතියකි.

ඇමරිකා එක්සත් ජනපදයේ කුබ්ලායි කාන් ලෙස අපරනාම ලැබු මහා ධන කුවේර චාර්ල්ස් පෝස්ටර් කාන් ගේ මරණ මංචකයෙන් චිත‍්‍රපටය ඇරඹේ.

ජෙරී තොම්සන් මේ පිළිබදව ප‍්‍රවෘත්ති පටයක් නිපදවනු ලැබේ. ඔහු  මිය යන නිමේෂයේ Rose Bud නම් වදන  මුවින් ගිලිහේ. ඒ අනුව චාර්ලිස් පෝස්ටර් කේන් නම් ධන කුවේරයාගේ මරණාසන්න මොහොතේ තෙපලන ඍදිැ ඊමා යන වදන කුමක්දැයි සොයමින් දෘෂ්ටිකෝ්ණ පහක් ඔස්සේ චිත‍්‍රපට කතාව දිග හැරෙයි. 

x සුසන් ඇලෙක්සැන්ඩර් නම් කේන්ගේ දෙවන බිරිය
x ජෙඬේඩා ලේලන්ඞ් නම් සමීපතම මිතුරා
x වෝල්ටර් පාර්ක් කැචර් නම් කේන්ගේ දේපල වල නෛතික බාරකරු
x බර්න්ස්ටයින් නම් මිතුරු ව්‍යාපාරික සහායකයා
x බටරේරුවා නම් රේමන්ඞ්
නම් පංච පුද්ගලයෝ වෙති. කෝණ පහක් යොදා ගනිමින් මෙය ගොඩ නැගුවද රෝස කැකුලේ විත්තිය ඔවුන්ට අනාවරණය කර ගැනීමට නොහැකි වෙයි. අවසානයේ මාධ්‍ය නඩය සැනාඩු මැදුරෙන් පිටව යති. සේවකයෝ විසින් අබලි සුන් බුන් ගිනිමැලයට දමති. ඒ අතර පැරණි ඔරුවක්ද වෙයි. ඒ හිම ඔරුව මත ඍදිැ ඊමා යනුවෙන් ලියා තිබෙනු අපට පෙනේ. එය කේන්ගේ ළමා වියේ සුරතල් සෙල්ලම් බඩුවකි. සැනාඩු මැදුරේ දුර  රූපයකින් චිත‍්‍රපටය නිම වේ. රෝස කැකුළ නම් වු  හිම ඔරුව දවමින් නැගෙන දුම්රොටු චිමිනියෙන් අනන්ත අහසට නැගෙයි. මේ ආකාරයට සිනමා කෘතියේ සාරාංශය දැනක්විය හැකිය.

ඒ අනුව සිටිසන් කේන් යනු වාර්තා රංගයකි. සිනමා කෘතියේ සියල්ල හකුලා දක්වනුයේ Rose Bud  යනුවෙන් නම් කෙට ඇති හිම ඔරුවකි. මෙම සංස්කෘතික මූලයක් ඇති සංකේතයකි. හිම ඔරුව යන්න සිටිසන් කේන් තුළ නිශ්චිත අරුතක් ගෙන එන ලද්දකි. එය කේන්ගේ අහිමි වී ගිය ළමා කාලය සංකේතවත් කරන්නකි. නත්තල් සීයා එන්නේ හිම ඔරුවෙනි. හිම ඔරුව සදහා එක් එක් නාම තැබීම බටහිර ළමුන්ගේ සිරිතය. කේන්ගේ හිම ඔරුවේ නම Rose Bud  යන්න ප‍්‍රබල රූපකයක්ව චිත‍්‍රපටය පුරා දිවන්නකි. එය ගැහැණියක්ද, භාණ්ඩයක්ද, තනතුරක්ද ආදී වශයෙන් සමස්ථ වෘත්තාන්තයම ප‍්‍රබල සංකේතයක් බවට පත්වේ. 

දැවැන්ත මැදුරක විසල් ගේට්ටුවක අවසර ඇතුව ඇතුල් වීම තහනම් යන පුවරුවක් රැගත් වසන ලද යකඩ ගේට්ටුවක් දිගේ ඉහළට ඇදෙන දොඹකර  රුපයකින් සිනමාපටය ඇරඹේ. කෙනෙකුගේ ජීවිතයේ පෞද්ගලික පැත්තට අවසරයකින් තොරව ඇතුල්වීමට උත්සහ දරන බව සිනමාපටය ආරම්භයේදීම අධ්‍යක්ෂකවරයා සංඥාර්තවත් කරයි. මෙහි දැන්වෙන ප‍්‍රබල අංගයක් ලෙස කැමරා අධ්‍යක්ෂණය දැක්විය හැකිය. ගේ‍්‍රග් ටොලන්ඞ් විසින් මුතුකැට ලෙසින් අමුණා ඇති මෙම රූප කාව්‍ය  කැමරාකරණයේ සංහිදකි.

ඒ අනුව මෙහි කතා සාරාංශයට අනුව මෙහි ඇත්තේ මහා පුරුෂයකුගේ මරණයෙන් අනතුරුව ඔහුගේ සමීපතමයන් අතීතාවර්ජන දෘෂ්ඨිවලින් මිය ගිය මිනිසාගේ ජීවිතය කෙබන්දක්ද යනනට අර්ථ ව්‍යාඛ්‍යාන සැපයීමකි. ඊට ගැලපෙන රූප රිද්මය රූප ආඛ්‍යානය ඔහු පිහිටුවා ගෙන ඇත. රූපයෙන් රූපය කාව්‍යාත්මක ලෙස ගලපමින් මිනි්ස් මතකය කූරු ගාමින් මනුෂ්‍යත්වයට අදාළ මතක ස්මාරක එළියට ඇදෙන ලෙස කැමරාව මෙහෙයවා ඇති ආකාරය අති විශිෂ්ටය. කම්පිත  බවක් ඇති කිරීමට වේල්ස් බොහෝ විට ඍජු ෙඡ්දන භාවිත කරයි. ඇතැම් තැන්හි දීර්ඝ දර්ශනාවලී භාවිත කරන්නේ සංයමය මගින් ගැඹුරට එබී බැලීමටය.

චිත‍්‍රපටය ඇරඹෙන කේන් මැදුරේ ගේට්ටුවේ දර්ශනය දීර්ඝ එකකි. මදින් මද වු  වේගයකින් ඉහළට ගමන් ගන්නා කැමරාව ණ අක්ෂරය හසු  කර ගනී අදුරු මැදුරේ එකම කාමරයක කවුළුවකින් මද එළියක් ගලයි. මෙම රූපාවලිය අඛණ්ඩ දීර්ඝ වූ එකකි. 
මෙහි සාමාන්‍ය සේයා පට මෙන් සිව් ගුුණයක් වේගවත් මෙය අධි ආලෝකය සංවේදී බවක් ගම්‍ය කර ඇත. එසේම ගැඹුරු නාභිගත ක‍්‍රමය තුළ  එකිනෙකට වෙනස් වස්තු වෙනස් පරාසයන් තුළ එකම රාමුවකට සකස් කිරීම සහ ඒ සියල්ල සුපැහැදිලි ලෙස අනාවරණය කිරීම දැකිය හැකි කරුණු වේ. එකිනෙකට දුරින් පිහිටන වස්තු දෙකක් හොදින් නාභිගත කර ඒ දෙක අතර ඇති පරතරයේ තිබෙන වස්තුද එක ලෙස පැහැදිලි කිරීම තුළ අඩංගු විශ්මයෝ වෙති. කේන්ගේ ළමාවිය මීට නිදර්ශන සපයයි. කේන්ගේ මව ඔහු අධාපනය පිණිස කැචර් මහතා වෙත ගිවිසුමක් අත්සන් කර බාර දෙන අවස්ථාව සැලකිය හැකිය. 

පෙරබිම, මැදබිම, පසුබිම, යන කාලත‍්‍රයම ප‍්‍රයෝජනයට ගැනීම කාලය හා අවකාශය ලඝුකොට දැක්වීමයි. බෝඩිමක් ලෙස පවතත්වාගෙන ගිය නිවසේ ඉදිරි කාමරය ස්ථානයයි. රූපරාමුවේ පෙරබිමෙහි මව හා තැචර් ගිවිසුම් අත්සන්  කරති. මැදබිමෙහි කේන්ගේ අවාසනාවන්ත පියා සිටියි. කාමරයේ පසුබිමින් ඇති කවුුලූවෙන් පිටත දර්ශනය වේ. ඉන් දර්ශනය වන්නේ කුඩා චාලී කේන් හිම හා සිය හුරතල් හිම ඔරුව සමග ප‍්‍රීතියෙන් ක‍්‍රීඩා කිරීමයි. මේ සියලූ පරාසය ග‍්‍රහණය කර ගැනීමට (ටොලන්ට්ගේ ශිල්පය* කැමරාකරු සමත් වී ඇත.

මෙහි යෙදාගත් කාච සහ ආලෝක සිටිසන් කේන්හි සංඥාර්ථමය අරුත් සැපයීමෙහි වැදගත් වේ. කේන් කළකිරුණු සිතින් හා කෝපයෙන් සූසන්ගේ කාමරයට ඇතුළු කරන කලහය එබදු තැනකි. පෙරබිමෙහි හා පසුබිමෙහි එළිය හා අදුර මාරු කරමින් රූගත කර ක‍්‍රියාකාරීත්වය සහිතව නැවත එම දර්ශනයම රූගත කරමින් සූසන් සම්බන්ධව කේන්ගේ සිතෙහි වූ වික්ෂෝපය එළියට ගැනීමට ඔවුහු සමත් වෙති. පහළ කෝණය සහිතව ඇතැම් අවස්ථාවල කැමරාව පොළොවේ හෑරූ වළක තබා කේන්ගේ සිතුවිලිවල තවත් පාර්ශවයක ටොලන්ට් විසින් රූපමය ප‍්‍රතිනිර්මාණයකට පත්කරනු ලැබිණ.

එසේම මෙහි සංස්්කරණය නම් මෙවලම් සම්බන්ධ සිනමා ඉගැන්වීමට භාවිත කරන ප‍්‍රශස්ථ අවස්ථා සිටිසන් කේන් තුළ පිරී ඇත. වෘත්තාන්තය පුරාවට විටින් විට හිිම වැටෙන දර්ශනයක් තිබේ. එය ඉතා පාළු ස්වභාවයක් අප සිත් කාවද්දන්නකි. මීලගට පුළුල් කෝණයකට රූපරාමු පත්වන විට අප දකින්නේ මේ හිම තුහින පතනය කේන්ගේ අතින් ගිලිහෙයි. ක‍්‍රමයෙන් ගිලිහී යන එය කැබලි වලට බිදී යයි. ජීවිතය බිදී විසිරී යයි. මෙම වීදුරු බෝලය කේන් සිනමා පටයේ ප‍්‍රධාන සංකේතයකි. සිනමාපටය පුරාවට වීදුරු බෝලය කේන්ගේ අතීත දිවිය තුළ වරින් වර අඩංගු කරමින් ඒ අපුරු සංස්කරණය තුළ ගමන් කරයි. 

x යක්ෂාවේෂව සුසන්ගේ කාමරය සුන් කොට නොපිට පෙරලන කේන් මේසය මත තිබු මෙම වීදුරු බෝලය දැක සන්සුන් වීමත්
x දහසක් සුව පිරි සැනාඩු මැදුරෙන් හා ජීවිතයෙන් ඔහු තෝරා ගත්තේ වීදුරු බෝලය පමණක් වීමත් 
තුළ ඔහුගේ ජීිවන රහස් ගැබ් වූවක් ලෙස මේ හිම බෝලය සංකේතවත් කරයි. එම ඉරනම්කාරී හිම තුහිනය සහිත පාලූ දිනය නම් කුඩා චාලී කේන් සිය මවගෙන් හා සිය සතුට පිරි ළමා ලෝකයෙන් රෝස කැකුළ නම් ඔරුවෙන් කඩා ගලවා අධ්‍යාපනය පිණිස ගිවිසුම් ගත කර පිටත් කර යවනදා තිබුනේ්  එම හිම දවස බව අප දකිනුයේ බොහෝ පසුවය. මෙය ඉතාම ඉවසීම සහිතව සංකේතවත් කළ බව කිව යුතුයි. සිනමාත්මක කියවීමකදී අපගේ සිනමාපට පාඨකයාට විචාරකයන් විසින් සොයා පාදා දිය යුතු සිනමාපට භාෂාවේ රහස් අතර සිනමාත්මක සංකේත ඉතාම ව්‍යක්ත අවස්ථාවකි. ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ නිදානය චිත‍්‍රපටයේ් මොණර පිහාටුව, මොණර කූඩුව හා චර්යාව පිළිබද සංකේතය අඛණ්ඩව වර්ධනය කර ඵල නෙලාගත් අවස්ථාව මෙහිදී අපට සිහි වෙයි. 

චිත‍්‍රපටය ආරම්භයේදී කේන් මිය යන මොහොතේ ඔහු අත තිබී බිම වැටී කැඞී යන හිම බෝලයේ එක් කැබැල්ලකින් පිළිබිඹු වී පෙනෙන්නේ කාමරය තුළට පිවිසෙන සුදු හැදගත් හෙදියයි. ඒ තුළින් සංඥාකරණය කරනුයේ තමා කීමට සුදානම් වන කතන්දරය හුදු පිළිබිඹුවක් නොව මායාව හා යාථාර්තය අතර දෝලනය වීමක්ය යන්න විය හැකිය. 
එසේම කැචර් නමැති නීතිඥයා කේන්ව නගරයට රැගෙන යන්නේ දුම්රියෙනි. ඒ බව සවිස්තරාත්මකව නොකියන සිනමා කරු කේන් හිමේ අතහැර යන හිම ඔරුව ටිකෙන් ටික හිමෙන් වැසෙන විට කාලය ගත වන බවත් ඒ බව හඩ පටයේ ඈතින් ඇසෙන හූ හ`ඩ ඔවුන්ගේ ගමන ගැනත් පේ‍්‍රක්ෂකයාට සංඥාර්තවත් කරයි.

ඇමරිකාවේ ජනාධිපතිතුමන්ගේ ඥාතී දියණියක හා කේන් විවාහ වෙයි. ඔවුන්ගේ ආදරය සමීප බව ටිකෙන් ටික ඈත් වෙයි. මේ සියල්ල කීමට රූපරාමු වදන් රාශියක් භාවිත කරනු වෙනුවට ඔන්ස්වෙල්ස් භාවිතා කරන්නේ එක් අවස්ථාවකි. විවාහ සමයේ එක ලග අසුනේ ඉතා සතුටින් ආහාර ගත් ඔවුන් ටිකෙන් ටික මේසයේ දෙපසට ඇදෙයි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ දුරස්ත බව ඒ තුළින් සංකේතාත්මකව ගෙන එයි. 

චාල්ස් පෝස්ටර් කේන් නම් මහා ධන කුවේරයාගේ ඇතුල් හදට එබී බැලීමට උත්සහ දරන සිටිසන් කේන් සිනමා කෘතියේ සමස්ත වෘත්තාන්තය පුරාවටම අපට හමුවන්නේ ඔහුගේ ගෘඩ චෛතසිකයයි. මෙම ගෘඩ චෛතසිකය විස්තර කිරීමෙහිලා අධ්‍යක්ෂකවරයා භාවිතා කරනුයේ ජර්මන් ප‍්‍රකාශන වාදයේ අදුරු සිනමාවේ යම් යම් උපක‍්‍රමයි. කේන්ගේ මනසේ ක‍්‍රියකාරීත්වය හා  සමානුපාතිකව ඔහුව ආලෝකකරණය කර ඇත. 

කේන් හා සුසන් ඇලෙක්සැන්ඩර් අතර ඇති අයතා සම්බන්ධය පිළිබදව අවස්තාවන්හිදී කේන්ව ස්ථාන ගත කරන්නේ අදුර තුළය. උදාහරණයක් තුළ අංක 108 දරණ තට්ටු නිවාසයේ සූසාන් ඇලෙක්සැන්ඩර් හමුවීමට කේන් හා ඔහුගේ බිරිද ගිය මොහොතේ කේන්ව ස්ථානගත කර තිබුනේ අදුර තුළය. 

තවද සැනාඩු නම් සුවිසල් මැදුර හා කේන්ගේ ජීවිතය ගත්තද සිනමා කරු කේන්ගේ සිතේ පවත්නා තත්වය විග‍්‍රහ කරන්නට රූපරාමු පසුතලය හා අලෝකය භාවිතා කර ඇති ආකාරය අපුරුය.

සැනාඩු නම් සුවිසල් මැදුරක් තනා එහි ගෙවන ජීවිතයේ හිස් බව ගෘඩත්වය ඒකාකාරී බව පෙන්වන්නේ මැදුර ආලෝකමත් කර ඇති ආකාරය හා පසුතලය තුළ භාණ්ඩ අහුරා ඇති ආකාරය තුල ය. අදුර බහා හෙවනැලි මෙන්ම කේන් හා සූසන්ගේ ජීවිත ඈත්වීම ඉදිරිපත් කරනුයේ අල්ප දෙබස් භාවිතය හා සූසන් ඇලෙක්සැන්ඩර් බිම වාඩි වී සෑදීමට තනන සුවිසාල පින්තූරය ඇසුරු කරගෙනය. 

කේන්ගේ ළමා විය අදුරු නැත. හිම තුළ ළමා වියේ ආලෝකය සංකේතවත් කරයි. මෙම ආලෝකමත් ළමා විය ඉල්ලා සිටීම සමස්ථ වෘත්තාන්තයේ හරය කොට ඉදිරිපත් කරයි. බුදු දහමේ ඉගැන්වෙන සියළු දේ නැසෙන සුළුය යන අරුත සිටිසන් කේන් හි යටි පෙළෙහි දිවෙන්නාක් බදුය. 

කේන්ගේ මැදුරේ මහාර්ඝ වූ වස්තුන් අතර ඇති සුන් බුන් ඉවත් කරන අතර තුර Rose Bud නමින් ලියා ඇති හිම ඔරුවද ගින්දරට වැටෙයි. එය ක‍්‍රමයෙන් ගින්දරට හසු වී දිය වී යයි. එය දුම් තලය දිගේ අහස් ගැබට එකතු වන ආකාරය දුර රූපක් තුළින් ගෙන එයි. Rose Bud  පිළිබද රහස සදා කාලිකව සැගව යයි. මේ අනුව ජර්මන් ප‍්‍රකාශනවාදයේ එන, 

x කලූ සුදු මාධ්‍ය
x සෙවනැලි සහිත බව
x දැඩි අදුර සහිත ආලෝකකරණය
x අවකාශය සීමා කිරීම

ආදිය තුළින් ඇතුල් හදට නැඹුරු වූ ගුප්ත හදවතක කතාන්දරය සංඥාර්තවත් කරයි.



ගීතිකා කෝණාර 

Wednesday, June 13, 2018

අන්තර් සංස්කෘතිය ඇසුරෙන් ලියු කෙටිකතාවක්







මෙ
තරම් කෙටි කලක් තුළ මා කෙතරම් වෙනස් වී දැයි සිතා ගැනීමට නොහැක. එම වරද සම්පූර්ණ මා හට පවරා ගැනීමට ද මා අකමැතිය. එම වරද වෙන කෙනෙකු මතද පැටවිය නොහැක. ඊට හේතුව කුමක්දැයි මට හරි හැටි කිව නොහැක. එය එසේ වන්නේ මෙහිදී සිදු වූ ඇතැම් සිදුවීම් මගේ හිතට බෙහෙවින් කා වැදී ගිය නිසාද? නොඑසේ නම් ඒවා මට ගමින් දුර ඈත පළාතකට යනු පිණිස ඉඩ ලැබුණු අවස්ථාවක් නිසා දැයි නිශ්චය කොට කිව නොහැකිය. එය කාගේවත් වරදක් නිසා නොව මෙම සමාජ ක‍්‍රමය තුළ ඇති වෙනසක් යැයි විටෙක මට සිතේ.

මොනරාගල කුඩා ගමක හැදී වැඩුණු මා නමින් අංජලීය . ක‍්‍රමක‍්‍රමයෙන් උද්දාමයට ලක්වුණූ ආර්ථිකය ඉදිරියේ මාගේ පියාගේ හේනෙන් ගොවිතැනෙන් ලැබුන දෙය එදා වේල පිරිමසා ගැනීමට වත් ප‍්‍රමාණවත් නොවුණි. එහෙත් ඔවුන්ගේ එකම හීනය වූයේ මා රජයේ රස්සාවක් කරනු දැකීමය. කුඩා කළ සිට ඉගෙනීමට දක්ෂ වු මා ශිෂ්‍යත්ව විභාගයේ සිට පිළිවෙලින් අපොස සාමාන්‍යපෙළ හා අපොස උසස් පෙළ විභාගය ඉතා ඉහලින් සමත් වී සරසවි වරම් ලබා ගැනීමට  දස්කම් පෑවාය. එතැන් පටන් ආරම්භ වු සරසවි ජීවිතය මගේ  ජීවිත කතාවේ අලූත් පිටුවක් පෙරලීමට සමත් විය.  මහත් බලාපොරොත්තු කන්දක් සිත තුළ තබා ගෙන කැළණි සරසවියේ කැලණි  කන්ද නැන්ගේ මගේ දෙමව්පියන්ගේ සිතේ වු අහිංසක බලාපොරොත්තුව ඉටු කිරීමේ අදිටනෙනි.

සෑම අතින්ම නුහුරු නුපුරුදු මේ ජීවිතය මගේ හදවත පෙලන්නක් විය. මේ රටෙහි නොව අමුතු රටක නිවසන්නන් ලෙස සිතාගත් ගැහැණුන්ගෙන් හා පිරිමින්ගෙන් යුත් මෙහි ඉන්නවුන් මීහරකුන් වැනි ඝන සම් ඇත්තවුන් යැයි මට සිතේ. නොඑසේ නම් ඔවුන් කෙසේ මේ පීඩනය ඉවසන්නද? ඉන් ආස්වාදයක්  ලබන්නද? මෙහි ඇති ජීවිතය කුමක්ද?

නන් දෙසින් පැමිණි සොයුරු සොයුරියන් ය. ඔවුන්ගේ ඇදුම් පැලදුම්, කතා බහ, හැසිරීම් රටා විවිධය. මට මෙහි ජීවත් වීමට හුරු වීමට කොතෙක් කාලයක් ගත වේවිදැයි සිතට දැනුනේ මහත් බියකි. කාත් කවුරුත් නොදන්නා මෙවැනි පළාතක තනිව විසීම කෙතරම් අසීරු වේවිදැයි මගේ සිත ඇසු වාර අන්නතය. මා මෙහි ගෙනවිත් අතරමං කර යන්නේ යැයි දෙමාපියන් යන විට මගේ හිත හඩා වැලපුනි. දහම් පාසලේදී මා උගත් පරිදි ප‍්‍රිය විප්පයෝගෝ දුක්කෝ යන්න සිහි වූයේ එවිටය. පි‍්‍රයයන්ගෙන් වෙන් වීම තරම් දුකක් මෙලොව නැතැයි වැටහුන මා කෙසේ හෝ හිත හදා ගනිමින් මෙම පරිසරයට හුරු වීමට තීරණය කළෙ මි.

ඈත පිටිසර ගමක බැවින් මා හට සරසවිය තුළින්ම නේවාසික පහසුකම් ලබා දුනි. එක් කාමරයක පස් හය දෙනාය. මා සිටි කාමරයේ කුරුණෑගල, කෑගල්ල, ගාල්ල, අනුරාධපුරය, යන ප‍්‍රදේශවලින් පැමිණි හතර දෙනෙකු විය. ඒ අතර මට ඉතා සමීප වුයේ දිල් සහ අනුය. දන්නා කිසිවෙකු ලග පාතක නොමැති මෙහි සෑම දෙයකදීම පිහිටට සිටියේ ඔවුන්ය.

පාසල් කාලයට වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවකට මෙහිදී හුරු වීමට මා හට සිදු විය. පාසලේ සියල්ල මෙහෙය වනු ලැබුවේ ප‍්‍රින්සිපල් ඇතුළු ගුරු පිරිස වුවද මෙහිදී එම තත්වය වෙනස් විය. මෙහිදී පළමුව සිදු වූයේ  දෙවන වසර සහෝදරත්වය විසින් සරසවියේ උප සංස්කෘතිය නමින් හදුන්වා ගත් දෙයකට සියලූ පළමු වසර සිසුන් හුරු කිරීමය. එය බැම්ම නම් විය. එහිදී මට ඔවුන් පෙනුනේ යක්ෂයන් භූතයන් ලෙසය. එතරම්ම ඔවුන් බිය කරු විය. මා පළමුවම ලෙක්චස් යෑමට සුදානම් වූයේ බැදි බලාපොරොත්තු ගොන්නක් තුරුළු කර ගනිමිනි.......................

”ඒ ඒ ඔහොම නැවතියං”
”උඹ කොහෙද දුවන්නෙ”
”උඹ දන්නවද අද කැම්පස් එකේ මොකක් ද තියෙන්නෙ කියල.”
මගේ හුස්ම හිර වුවාක් වැනිය. මේ සිදු වන්නේ කුමක් දැයි සිතාගැනීමට නොහැකිව මා බිරාන්ත වී බලා සිටියෙමි. ඔහු ප‍්‍රශ්න වැලක් අසාගෙන ගියද  එය මට නෑසුනේය. මා ඒ කිසිවකට උත්තර දීමට නොගියාය.

”ඇයි උඹේ කන් ඇහෙන්නෙ නැද්ද ආ”
”උඹේ නම මොකක්ද”
මෙම ප‍්‍රශ්න සැර විය. මා එවිට ඔහුගේ මුහුන දෙස යන්තමට බැලූවේ ඔහු කොයි වගේ නෙනෙකු දැයි බලා ගැනීමටය. මට එවිට හිතට දැනුනේ මා ඔහුව ආත්ම ගනනක සිට දන්නා හදුනන කෙනෙකු ලෙසය. ඔහුගේ හඩ සැර වුවද ඔහුගේ පෙනුම අහිංසක විය. ඔහු කෙතරම් සැරෙන් කතා කළද ඔහු ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු මිමිනුවේ සිංහයෙකුට අසු වූ මුව පොවුවෙකු ලෙසය.

ම.......ම අංජ.....ලී
 මා පැවසුවේ එපමණකි. එය පවසත්ම මගේ ඇස් වලට කදුලූ ඉනුවේ ඔහුගේ සැර පරුස කම නිසාවෙනි. ඔහු ඉදිරිපිට ඇඞීමට මට හැකි වූයේ නැත . එම කදුලූ මා ගිල ගත්තේ ඉතාමත් අසීරුවෙනි. එතනින් පසු ඔහු ප‍්‍රශ්න  වැලක් අසා ගෙන ගියද මා ඒ කිසිවක් නෑසුන පරිදුදෙන් මුනිවත රැුක්කේ තව දුරටත් මට ඔහු සමග කතා කිරීමට තරම් දෛරියක් නොතිබු නිසාවෙනි. බැරිමතැන ඔහු යන්න ගියේ මගේ නිහැඩියාව  ඉවසාගත නොහැකි නිසා යැයි මට සිිතුනි. එහෙත් කවදාක වත් නොදැනුනු අමුතු හැගීමක් සිත තුළ එහා මෙහා ගමන් කරන්නාක් මෙන් දරුනෙන්නට විය. .................

උදේ අටේ කනිසමට ලෙක්චර් එකට දුවන මා හට විවේකයක් ලැබුනේ දහවල් කෑම වෙලාවේදීය. නැවතද දේශන පැවැත් විය. මෙය මහත් හිරකාරී ජීවිතයක්යැයි මට හැගී ගියේය. මෙය ජීවිතයක් නොව කිසිවකු විසින් පාලනය කරනු ලබන මහා යන්ත‍්‍රයක් වැනිය. උදේ සිට ? වන තුරු මේ යන්ත‍්‍රය එකම ආකාරයෙන් ක‍්‍රියාත්මක වේ . ඊට අසු වීමේ අභාග්‍යයට ලක් වූ මගේ හදවත දැන් දිරාපත් වීමට ආසන්නව ඇත.

ඇතැම් සවසක මෙවැනි හැගුමෙන් විඩාපත් සිත් ඇති මා කරන්නේ ඇදට වී හිස් කල්පනාවක යෙදී සිටීමය. එවැනි විටක මගේ සිත ඉබේම ඇදී ගියේ මේ සිරගෙයින් සැතපුම් ගණනක් ඈත රමණිය කදු ගැටයෙන් විහිදුන ඒ මගේ සොදුරු ගම වෙතය. නිල්ල ගැසුණු වෙල් කුඹුරු දිය කඩිති කෙතරම් ආස්වාදයක් ජීවිතයට ගෙන දුන්නේද? ගොයම් කපා ඉවර වන තෙක් මා බලා සිටින්නේ ගමේ අනෙත් කොලූ කෙල්ලන් සම`ග සෙල්ලම් කිරීමේ වාරය පැමිණෙන තුරුය.

කුඹුරු වැඩ කිරීමට පටන් ගත් දිනයේ සිට මඩ කෙළියේ යෙදීම මාගේ ප‍්‍රියතම විනෝදාස්වාදය විය. මඩෙහි නටා අම්මාගෙන් ගුටි කෑ වාර අනන්ත අප‍්‍රමානය. එම පරිසරය තුළ ඇති සුන්දරත්වය මේ කාශ්ඨක කොන්ක‍්‍රීට් වනාන්තර වලට වඩා කෙතරම් අගනේද

”අංජු ................”
මා පියවි සිහියට ආවේ දිල්ගේ ආමන්ත‍්‍රණයෙනි.
”යමුද කෑම කන්න . ..... දැන් ගොඩක් ? වෙලානෙ”
”හරි දිල් මන් එන්නම් ඔයාල යමුකෝ”
”මොනවද බන් අහස පොළොව ගැටගහන්න තරම් කල්පනා කරන්නෙ”
”අනේ මොනවත් නෑ බන් මට මේ ගෙදර අයව මතක් වුනා”
කියමින් එම කතාව මග හැර ඔවුන් සමග යෑමට පිටත් වූයේ තවත් මෙහි රුදී සිටියහොත් ඔවුන්ගෙන් හැමදාම ඇසීමට සිදුවන බන ඇසීමට කැමැත්තක් නොමැති නිසාවෙනි............................

අලූත් දිනක උදාවකි. එදින වෙසක් පුරු පසළොස්වක් දිනය විය. මා නැගිටීමට පෙරම යාළුවන් ඇවිදීමට යෑමට තීරණය කර හමාරය.

”අංජූ.......අද අපි කැලණි පන්සල් යමුද? අපි කොහෙවත් ගියෙත් නෑනෙ බන් මෙහෙ ආවට පස්සෙ. මේකටම වෙලා ඇති වෙලා දැන්නම්”
”හරි හරි බන් නාහෙන් අඩන්නැතුව ගිහින් ලෑස්ති වෙයන් යන්න”
”තව කව්ද යන්නෙ හලෝ”
”තව අපේ සෙට් එකම යනව ... උඹේ තීරනේ වෙනස් නොකර වරෙන්කො හොදද”
”හරි හරි බන් මන් එනව”
පන්සලට ගිය විට මට දැනුනේ මෙය පන්සල්ද වෙළද පොළක්ද යන්නය. ඇගිල්ලක් ගැසීමට වත් ඉඩක් නොමැති තරම්ය. මලක් පහනක් පූජා කර නිශ්කලංකව බුදුන් වදින්නේ වත් කෙසේ දැයි සිත විමසති. මෙහි හාමුදුරු නමක් පෙනෙන තෙක් මානයක නැත. පන්සලට ආ උවැස උවැසියන් තැන් තැන් වල වාඩි වී මහා හයියෙන් ගාථා පද කියවති. මගේ සිත නැවතද ගම  වෙත ඉගිල ගියේ ගමේ පන්සලේ ඇති සුන්දරත්වය සිහියට නැගුන නිසාවෙනි.

ගමේ පන්සල කෙතරම් නිශ්කලංකද?  එයට ගිය විට දැනෙන සුවය කෙතරම්ද? මල් පහන් පූජාකිරීමෙන්  පසු හාමුදුරුවන් විසින් පවත්වනු ලබන සුම්හිරි බෝධිපුජාවේ ඇති කන්කළු ස්වභාවය සිතේ සුවය ඇති කළේ කෙතරම් අපූරුවටද?
”ඒ අර බලපල්ලකො අරකි ඇදැන් ඉන්න ඇදුම දිහා”

මා ඇස් එක්වරම ඇදී ගියේ චෛත්‍ය අසල සිටගෙන සිටි කාන්තාව දෙසටය. එම ඇදුමේ සෑම තැනම සිදුරුය . ඒ මදිවට  කේස කලාපයද කඩා ගෙන විත් සිටියාය. එය  මෙවන් පින්වන්ත භූමියකට කෙතරම් අශෝභනද? තියෙන නැහැදිච්ච කම යැයි අපේ අම්මා සිටියේ නම් පවසනු ඇත. මෙහි සිටින ගැහැණුන් පන්සලද විලාසිතා මඩුවක් බවට පත් කරගෙන හමාර බව මට වැටහුණි.

හරිත වර්ණයෙන් නැහැවුණු උස් කදු වැටියෙන් පහළට සුදේ සුදු කොක්කු ?නක් සේ ඇදෙන උවස උවැසියන් හා ළමා ළපටින් කෙතරම් නම්  චමත්කාර ජනක දර්ශනයක්ද?  .........................?

බෝ වූ නිසාවෙන් නා ගැනීමට ගිය මට බොහෝ වෙලාවකට නැවත පැමිණිය නොහැකි විය. එතරම්ම පෝලිම දිගය. මෙහිදී හිතේ හැටියට නා ගැනීමටද නොහැකිය. පෝලිමේ සිටින අනෙත් කෙනාට ඉඩ දීමට සිදු වන බැවින් බාගෙට නාගෙන ඒමට සිුදු වේ.  මෙය තව කොතෙක් කාලයක් ඉවසිය යුතුද යන්න සිතනා විට ඇති වූයේ  මහත් වේදනාවකි. ගමේම සිටින කෙලි කොල්ලන් සමග ගං ඉවුරට පැන දියබුං ගැසීමට පෝලිමේ සිටීමට අවැසි නොවුනි. මා සිත නිතර ගමත් නගරයත් අතර අතරමංවන්නේ තවමත් මෙම පරිසරයට මා  ආගන්තුක වූ බැවින් දෝයි මට සිතුනි.

..................................................................................................................

        හැපී බර්ද්ඬේ ටූයු..... හැපී බර්ද්ඬේ ටූයු..... හැපී බර්ද්ඬේ අංජූ.... හැපී බර්ද්ඬේ ටූයු.....
යාළුවන්ගේ ඝෝෂාවෙන් අවදි වූ මා ඉතා  විශ්මයටත් සතුටටත් පත් විය. මුළු කාමරයම දිව්‍යලෝකයක් සේ සරසා තිබුණි. මා මේ දකින්නේ හීනයක්දැයි මම ඇස් දෙක පිහිදා නැවත බැලූවේ එහෙයිනි. දෙවියනේ මම මේ තරම් ලස්සනට සරසා උපන්දිනයක් කිසිදිනක සමරා නැත. කිරිබත් ගුලියකින් එහා උපන්දිනයක් සමරන පළමු අවස්ථාව මෙය විය. කේක්, බීම, බිස්කට්, නෙයෙකුත් ලට්ට ලොට්ට එහි විය. සියල්ල අවසානයේ මා අත ලොකු පාර්සලයක්ද තැබීය. මගේ සතුට දෙගුණ තෙගුණ විය. මා මීට පෙර මෙවැනි දෙයක් දැක තිබුනේ රූපවාහිනියෙන් පමණි. මෙහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිත ඇත්තේ ඉමහත් කුතුහලයකි. එහි වූයේ ට‍්‍රව්සර් එකක් සහ විවිධ වර්ණයන් ගල් ඇල්ලු ටී සර්ට් එකකි. මෙවැනි ඇදුමක් කිසිදා ඇද නොතිබු මා මෙය කෙසේ අදින්නේදැයි මොහොතක් කල්පනා කළේ එහෙයිනි.

”මොනවද බන් කල්පනා කරන්නෙ”
”අනේ මන් මේ කල්පනා කරන්නෙ ඔයාලට කොහොම ස්තුති කරන්නද කියල”
”ඒත් ...........”
”මොකද ඒත් කියන්නෙ ඇදුම  ලස්සන නැද්ද”
”අනේ එහෙම නෙමෙයි අනූ මන් මේව ඇදලම නෑනෙ. මන් මේක ඇන්දොත් ගමේ අය මොනව නොකියයිද”
”අනේ නටන්නැතුව  ඕක ඇදපන්.... තාමත් උඹ හදන්නෙ ගමේ තාලෙට ඉන්නද? ඔහොම ගියොත් උඹට ගොඞී කියල කාඞ් ගහයි. උඹ ආසද ඒකට.”
”ආ තව දෙයක් මේ හැම දේකටම තෑන්ස්ක් කරන්න  ඕන අපිට නෙමේ චතු අයියට”
අනුගේ එම වදනින් මා තිගැස්සී ගියේ මේ සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට වත් නොහැකිවය. චතූ...... මා මීට පෙර එහෙම නමකින් කිසිම කෙනෙකු  ගැන අසා නැත. මාගේ විශ්මය හදුනා ගත් දිල් මට ඔහුගේ ඡුායාරූපයක් ගෙනවිත් පෙන්නුවේ එවිටය. මගේ හද ගැස්ම එන්න එන්නම වැඩි විය. මා දැනුනේ දැන් මාව ඇදගෙන වැටේවි යැයි බියකි. දෙවියනේ මේ එදා මට බැනපු අයිය නේද......මට මෙය අදහා ගැනීමට නොහැකි විය. සිදුවූයේ කුමක්දැයි නැවතත් මා ඇස් පියන් කල්පනා කරන්නට වූයේ එය ඇදහිය නොහැකි නිසාවෙනි.

”හා හා දැන් මනෝ පාර ගහගෙන ඉන්නෙ නැතුව ලෑස්ති වෙයන් මැක්ඩොනල් යන්න”
”ඒ මොකටද ඒ......... මම ඇසුවේ විශ්මයෙනි”
”ඇයි උබට විතරද පාර්ටි   ඕන අපට  ඕනෙ නැද්ද ? අනික මේ වගේ චාන්ස් එකක් හැමදාම එන්නෙ නෑනෙ බන්.. මරු කොල්ල ඈ” .
”අර දීපු ඇදුම ඇදගනින් ඒක ඇදගෙන තමයි උඹට එන්න කිව්වෙ”
මේ සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව මා අතරමං විය. මම කෙදිනක වත් නොසිතූ දේවල් සිදු වීමට පටන් අරගෙනය. මේ සියල්ල සිදු වන්නේ හොදටද නරකටද යන්න මා නොදනී. මා ඔවුන් සමග යාමට පිටත් වූයේ ඔවුන්ගේ සිත් රිදවීමට මා අකමැති වූ නිසාවෙනි. එය දිව්‍ය ලෝ්කයක් සේ මට පෙනිනි. එහි නොයෙකුත් ජාතියේ ගැහැණු මිනිසුන් උසුළු විසුළු පාමින් කමින් බොමින් ප‍්‍රීති වෙති. චතු අයියාගේ රුව දිස් උයේ ඒත් සමගමය. මගේ හිත දියෙන් ගොඩ දැමු මාළුවෙකුගේ මෙන් ගැහෙන්නට විය. යාළුවන් ආගිය අතක් සොයා ගැනීමට නොහැක. සිදුවන්නේ කුමක්දැයි මා බලා සිටියේ කිසිවක් නොදැනෙන උමන්තිකාවක් ලෙසිනි.

අයියේ....................

මට කීමට හැකි වූයේ එපමණකි. මාව දෝතින් බදාගත්තේ සිගිති දරුවෙකු පරිද්දෙනි. 

..............................................

පැයක් පමන අලසව නිදා ගැනීමෙන් පසු මා සිදු වූයේ කුමක්දැයි නැවත ආවර්ජවය කරන්නට විය. මා තුළ ඇති වූයේ පරාජිතයෙකුගේ ශෝකයකි. එය කුමක් නිසා ඇති වූවක්දැයි මට කිව නොහැක. එය ජීවිතය පිළිබද දැඩි කළකිරීමක්ද? පැය කීපයක් ලතවෙමින් සිට නිදා ගැනීමෙන් පසු ඇතිවන සුළු ශෝකී පාළු ගතියක් එවිට මා හද තුළ ඇතැයි මම සිතමි.

ගීතිකා කෝණාර

Sunday, June 3, 2018

නිකිණිවැස්ස සිනමාපටයේ විචාරය



කිසිදාක පොලොව නොතමන වැස්ස   
                             (Rain That Never Krisses Earth)

අරුණ ජයවර්ධනයන්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වන නිකිණි වැස්ස ආරම්භ වන්නේ එමතේමා පාඨය  සමගිනි. වියලි කලාපයේ වාසය කරන්නන් මුහුණදෙන ප‍්‍රධාන අර්බුදයන්ගෙන් එකක් වන ඉඩෝරයේ කටුක බව ඹස්සේ අරුණ ජයවර්ධනයන් එම තේමා පාඨය යොදා ගත්තා විය හැකිය.

මා මෙම චිත‍්‍රපටය විචාරය කරීමට පටන් ගන්නේ අතිශය සුබවාදී සිතුවිල්ලක් හිතේ තබාගෙනය. හේතුව වුයේ මෙම චිත‍්‍රපටයේ නමේ සිට සෑම අංගයක් පුරාවටම පැතිරී තිබෙන අපූර්වත්වය හා සුන්දරත්වය නිසාවෙනි. නම නිකිණි වැස්ස  වූ එහි ප‍්‍රචාරක වැකිය වූයේ  ර්‍ණමහ පොළොවට අහිමි වැහි බිදු” යන්නයි. නිිකිණි යනු අපේ විදියට නම් අගෝස්තු මාසයයි . එහෙත් අගෝස්තුවේ වැටෙන වැස්ස මහපෙළොවට අහිමි වන්නේ කෙසේද? එනම් ජුනි සැප්තැම්බර් යනු නිරිත දිග මෝසම් අනෝරා වැහි වැටෙන කාලයයි. එහෙත් නිරිත දිග මොසමින් රටේ එක පැත්තක් මහ වැසි වලින් තෙමෙද්දි තවත් පැත්තක් ඉඩෝරයෙන් බැට කති. එනම් ශුෂ්ක කලාපයයි. එලෙස බැලූ විට ශුක්ෂ කලාපයට නම් මෙම කතාව කදිමෙට ගැලපෙති. අගෝසතු යනු ශුක්ෂ කලාපීය වැසියා ඉඩෝරයෙන් බැට කන කාලයයි. එහෙයින් එම කාලයට වැටෙන වැහි පොදක් යනු ඔවුන්ට කොතරම් බලාපොරොත්තු දනවනනක්ද යන වග අමුතුවෙන් කිව යුතු නොවේ . කෙසේ වෙතත් දුක වැඩි වනුයේ ඉඩෝරයෙන් බැට කෑවද ඇතැම් වෙලාවට අහස වලාකුළු වලින් බරව හෙන හඩ පුපුරුවමින් වැස්ස ගැන උපරිම බලාපොරොත්තු ඒ අහිංසක සිත් තුළ ඇති කර ඉහළ අහසේ හමන උඩු සුළග ඒ වැහිවළාකුළු ඈතට රැුගෙන යමින් එමින් නික්මෙන එකු වැහි බිදුවක් වත් ශුක්ෂ කලාපීය පොළොවට පතිත නොවීමයි. 

චිත‍්‍රපටයේ අන්තර්ගතය වන්නේද කවදාවත්ම ඉටු නොවන බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවත් වෙන සාපේක්ෂව වෙනස් වු සමාජීය භූමිකාවක් රග දක්වන ගැහැනියක් වටා ගෙතුණු කතාවකි.එම බලාපොරොත්තු ගොන්නද හරියට නිකිණි මාසයේ ශුක්ෂ කලාපයට වැටෙන (වැටෙනවා යැයි සිතෙන නමුත් කිසි දාක නොවැටෙන* වැහි බිදු සේය. එම වැහි බිදු මහ පොළොව සුසුම් ලද්දී කතාවේ කතා නායිකාව වන සෝමලතා තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්්් සුසුම්ලති. නමුත් ඒ දෙවර්ගයම කිසිදා ඉටු නොවෙති. සිනමා සිත්තමක තිබිය යුතු අර්ථපූර්ණ බවට වෙන උදාහරණ  කිව යුතු නොවේ . අරණ ජයවරධනයන්ගේ කුළුදුල් චිත‍්‍රපටය වන මෙහි මේ සිට රස බෙදා ඇත්තේ එලෙසය.

මව් අයිතිය පෙරලා දැමීම ස්ත‍්‍රි වර්ගයාගේ ජගත් ඓතිහාසික පරාජයකි. ගෘහ පාලනයනද පුරුෂයා අල්ලා ගත්තේය. ස්ත‍්‍රිය අවමානයටද වසගයටයද ලක් විය. අද පුරුෂයාගේ කාම තණ්හාවට යට වූ වහලියෙකි. දරුවන වැදීමේ යන්ත‍්‍රයක් පමණී. පෙඞ්රික් ඒංගල්ස් විසින් ඉහත ප‍්‍රකාශය කරන ලද්දේ මීට වසර 129 ඉහතදීය. අද අප පා තබා සිටින්නේ 21 වන සියවසයටය. එහෙත් ඔහුගේ ප‍්‍රකාශය අදටත් අඩු වැඩි වශයෙන් වලංගුය. 

කාන්තා පීඩනය පිළිබදව නිමවුණු කලා නිර්මාණ ඔබ අප රසිවිදි ඇතුවාට සැක නැත. එනම් සාහිත්‍ය , නාට්‍ය , සංගීතය , ටෙලි නාටක සහ සිනමා නිර්මාණ ආදියෙනි. ඒ  සියලූ නිර්මාණ තුළින්්ම අප අතවිදි සමපාත අත්දැකීමක් වන්නේ කාන්තාවට උරුම  වු වෘත්තීන් පමණක් නොව පුරුෂයන්ට පමණක් උරුම යැයි සම්මත රැුකියාවන්හි නියුතු කාන්තාවන්ද හමු වීමය. එහෙත් මෙතෙක් ඔබ අප අත් නොදුටු ඉසව්වක් කරා කාන්තාව ස්ථානගත කරන්නට උත්සහ කළ සිනමා පටයක් ලෙස අරුණ ජයවර්ධනයන්ගේ නිකිණි වැස්ස හැදින්විය හැකිය. 

විවිධ කලානිර්මාණ තුළින් මෙතෙක් අප හමුවට පැමිණි සියලූ කාන්තා චරිත අභිබවා යන්නට නිකිණි වස්ස නිර්මාණයේ සෝමලතාගේ චරිතය සමත් වන්නේ ඇය මිනී එම්බාම් කරන්නියක වන හෙයිනිි. එය පුරුෂයන්ට පමණක්ම සීමා වූ වෘත්තියක් ලෙස සම්මතයක් පවතී. අධ්‍යක්ෂවරයා තෝරා ගන්නා ප‍්‍රස්තුතය සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කරන්නට සමත් විය. මෙහි කතා නායිකාව සියලූ අභියෝග ජය ගන්නට ප‍්‍රයත්න දැරුවද පූරුෂ මූලික සමාජය ඉදරියේ ඇය අවලංගු කාසියක් බවට පවත්වන්නේ සමස්ත ස්ත‍්‍රි වර්ගයා කෙරෙහිම පවතින සමාජාකල්ප තවදුරටත් තහවුරු කරමිනි.

සෝමලතා වියැකී යන තාරුණ්‍යයේ පසුවන ධෛර්ය සම්පන්න ගැහැනියකි.  චිත‍්‍රපටය ඇගේ ධෛර්ය ප‍්‍රකට කරන්නේ ඇගේ පියාගේ අභාවයෙන් පසුව පියා විසින් ගොඩ නැගු ව්‍යාපාරය නොකඩවා කරගෙන යෑමට ඇයගත් තීරණයෙනි. චිත‍්‍රපටය ඇරඹෙනුයේ මල් ශාලාවක්  ඇතුලත දර්ශනයකනි. ඇගේ ධෛර්ය අසාමාන්‍ය වන්නේ ව්‍යාපාරය මල් ශාලාවක් පවත්වා ගෙන යෑම නිසාවෙනි. සාමාන්‍යයෙන් එය අප සමාජයේ කාන්තාවන් රග දක්වන භූමිකාවක් නොවේ. හිත හයිය යැයි කියන පිරිමින් මිනියක් එම්බාම් කරද්දී පදමට රත් වන්නට දෙකක් දා ගනිද්දී ඇය මීවිතයකින් තොරව එම කටයුත්ත කරනුයේ කිසිම පැකීලිමකින් තොරවය. ඇගේ චනරිතය අභියෝගාත්මක වන්නේ එහෙයිනි. ඇගේ ව්‍යාපාරය නිසාම ඇයගේ විවාහ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වන්නේද නැත. ඇයට බැලූම් හෙලන ඇයට ප‍්‍රිය කරන පිරිමින් බොහෝය. නමුත් ඔවුන් තුළ ඇය කෙරෙහි වන අකමැත්ත බොහෝ වැඩිය. නමුදු විය යුතු පරිද්දෙන් කවදා හෝ දවසක තමන්ව තේරුම්ගත් කෙනෙකු තමන්ට හිමි වේවිය කියන අහිංසක බලාපොරොත්තුව ඇයගේ හිත තුළ පැලපැදියම් වී තිබුණි. ඇගේ වියලි කතරට වැටෙන පිනි වැස්ස වුයේ බිමල් ජයකොඩිය. සෝමලතාගේ සිහිනය වුයේ කවදා හෝ දවසක තමන්ගේ ගමට ආදාහනාගාරයක්  පරත්‍යාග කිරීමය. එහි සැලසුම් කරු හෙවත් ගෘහනිර්මාණ ශිල්පයේ චරිතය බිමල් රග දක්වනු ලබයි. එහෙයින් කතාව පුරාවටම සෝමලතා තමාගේ හිතේ බිමල් කෙරෙහි වන කැමැත්ත පලකරන්නට දක්වන ඉගි බිගි බොහෝය. එහෙත් එම ඉලි බිගි බිමල් තේරුම් ගත්තේද යන වග කතාව ඉවරවන තුරුත් සෝමලතාට ප‍්‍රශ්නයකි.

කතාවේ කලූ චරිතය වන්නේ මැල් මුදලාලීය. ඔහු තවත් මල් ශාලා කරුවෙකි. තමන්ගෙ පැවැත්මට ව්‍යාපාරයට එල්ල වන අභියෝග හොදින් බැරි නම් නරකින් ඉටු කර ගැනීමට පසුබට නොවන්නෙකි. ග‍්‍රාම සේවකද එවැනිම චරිතයකි. සොමලතාගේ මසට ඉව අල්ලන තවත් එක් ගිජු ලිහිණියෙකි. කතාවේ එන තවත් චරිතයක් වන්නේ පියදාසය. එනම් සෝමලතාගේ රියදුරාය. පියදාස පියා මිය ගිය තරුණියක් සමග පලහිලව්වක් ඇතිකර ගනී. එම පලහිලව්වේ භාවාතිශය උච්චතම තැනදී පියදාස හර්ස් එක තුළ සිටම එම තරුණිය සමග රමණයේ යෙදේ. මෙය සෝමලතා දකී. ස්වාමි දුව ලෙස තමන්ගේ සේවකයාගේ විනය විරෝධී ක‍්‍රියාවට දඩුවම් දීමට තරම් බලයක් ඇය සතු වුවත් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ ඒ තරුණිය පියදාසට කරකාර බන්දා දීමෙනි. 

සොමලතාගේ විරුද්ධවාදියා ලෙස මල් මුදලාලිගෙන් ඇයට සේම පියදාස ඇතුලූ ඇගේ ගෝලබාලයන්ට එල්ල වූ තාඩන පීඩන බොහෝය. කතාව පුරාවටම දිස්වන්නේ ඇගේ අප‍්‍රතිහත ධෛර්යත් කිසිදාක ඉටු නොවන බලාපොරොත්තු ගොන්නත් සහ කෙළවරක් නැති බාධක සහ තාඩන පීඩන කීවොත් නිවරදිය. අන්තිමේදී තමාට අභියෝගයක් වූ මෙම යුවතිය සදහටම නිහඩ කරතැබීමට තරම් ඇයගේ විරුද්ද පාර්ශවය දරදඩු විය. එය අවසන් වන්නේ කූඨ ලෙස එම මරණයේ වගකීම බිමල්වෙත පවරමින්ය.

”මිනිස්සු කවදාවත් හිතන්නේ නෑ තමනුත් මැරෙනව කියල .හැමදාමත් හිතන්නේ මැරෙන්නේ අල්ලපු ගෙදර මිනිහ විතරයි කියල.” 

මෙහි ප‍්‍රධාන චරිතය ගතහොත් එනම් මෙහි කතා නායිකාව වන සෝමලතා යනු සමාජයෙන් දිගින් දිගට ප‍්‍රතික්ෂේප වන චරිතයකි. එලෙස සිදු වුයේ ඇය මිනී මරපු නිසාවත් මංකොල්ල කෑ නිසාවත් නොව ඇය මල් ශාලාවක අයිතිකාරියක් වු නිසාය. මිනී එම්බාම් කිරීම සමාජයේ කුමන පපුද්ගලයෙකු විසින් හෝ සිදු කළ යුතුය. නමුදු එය තමන් හෝ තමන් ඇසුරු කරන කෙනෙකු නොවිය යුතුය යන සමාජ කුහකත්වය ඇයට පෙරල පෙරලා පහර දෙනු ලබයි. ඒ කුහකත්වය කෙතෙක් දරුණුද යන වග ඇගේ දසුන පවා  ගම්මුන් අප‍්‍රිය කරති. එය හරි ලස්සනට ඉස්මතු කළ ඉස්මතු කළ අවස්තා කිහිපයකි.එනම් සෝමලතා බස් එකේ යන විට ඉදිරිපිට ආසනයේ ඉදගෙන ඈ වෙත බැලූම් හෙලමින් සිනා සෙන අත දරුවා , දරුවාගේ මව කිසිවක් නොතේරෙන අත දරුවා පවා අනිත් පැත්තට හරවා ගනු ලැබුයේ  එම හය හතර නොතේරෙන දරුවාට පවා ඇගේ දසුන දැකීම පවා මුසලකමක් වනවාය යන කියමන අගවමිනි.


සමාජයෙන් ඇයට එල්ල වන කඨෝර ප‍්‍රතිචාරයන් නිසා ඇතිවන කලකිරීම සේම සමාජය මරණය දෙස බලන ආකාරයත් ඒ තුළ වන ආත්මාර්ථයත් ඇගේ දෙබස් තුළ ගැබ් විය. සරලවම කිවහොත් අප් මැරෙනදාට අපි කැමති මොනම හරි පුද්ගලයෙක් අපිව එම්බාම් කර ගරුත්වයක් සහිතව අපිව මිහිදන් කරනවාට කැමතිය. එසේ සිතන විට එය කරන කෙනා ඉටු දෙවියෙකි. නමුත් මැරෙන්නේ අප නොවේ නම් ඒ කටයුත්ත කරන කෙනා අමුම අමු මූසලයෙකි. කොට්න්ම එම දසුන පවා අප‍්‍රිය ජනකය. සොමලතාගේ අභිප‍්‍රාය වනුයේ ආදාහනාගාරයක් ගමට හදා දීමටය. එම උත්සාහය මැල් මුදලාලි දකිනුයේ වෙනම ආකාරයටය.

”ගෑනි කපටියා .......ගෑනි හදන්නේ සිල් රෙද්දක් පොරවගෙනම මේ පළාතෙම මිනී ටික ගොඩ ගහගන්න”


එය ඇත්තය. සෝමලතා ව්‍යාපාරික කාන්තාවකි. එහෙත් ව්‍යාපාරයක් කිරීමට යන විට තිබිය යුතු සටකපටකම් ඇය තුළත් අඩංගු වුවා විය හැකිය. ඒ බව ඇය රෝහලේ මෝචරිය බාරව කටයුතු කරන නිලදාරියා හම්වෙන අවස්ථාවේ ඔහුට පවසනුයේ් 

”මම ඔක්කොම තුරුම්බු ටික ඉල්ලන්නෙ නෑ හැබැයි මට ටිකක් වැඩි පුර  ඕන...”


යන වචනය පවසමිනි . කොටින්ම ප‍්‍රානය නිරුද්ධ වු මලකදකට රුපියල්්් ශත වෙනුවෙන් මල් ශාලා කරුවන් කේවල් කර ගන්නා ආකාරය ඒ දෙබස තුළත් දර්ශනය තුළත් ඉතා හොදින් කියවේ.  තනි වුන ගැහැනියක් අවිවාහක ගැහැනියක් මොනයම් හෝ කාරනාවකට රාජ්‍ය නිලදාරියෙක් වෙත ගිය විට මුහුණ දෙන  අපහසුතාවය සෝමලතාද මුහුණ දුන්නේය. එනම් ආදාහනාගාරය තනන්න ග‍්‍රාම නිලදාරියාගෙන් ගත යුතු ලිපි ලේඛන ටික ගැනීමට ගිය විටය. එතනදී ඇතිවන දෙබසද හරිම අපූරුය. මෙම චිත‍්‍රපටයේ තිබු විශේෂත්වය වුයේ ව්‍යංගය කැටි වු උපමා රූපක සහිත වීමය. එනම් 

”ග‍්‍රා.නි -  මේ වැඩ ඉතින් වෙන විදිහක් තියෙනවා
සෝමලතා -  ඔහෙට කීයක්  ඕනෙද මේක කරල දෙන්න
ග‍්‍රා.නි   -     මට ඔය මොනරු වැඩක් නැහැ සොමලතෝ පිල් විහිදෙන මොණරුන්ට වඩා සෙබඩ ජෝඩුවක් අත් දෙකට ගන්න මම හරි කැමතියි. 
සෝමලතා -   අහල තියෙනවද මොනරු කෑ ගහන සද්දෙ 
ග‍්‍රා.නි  -  ඒ මුසල සද්දෙට මම හරි ආදරෙයි සෝමලතෝ ”

එම වචන හුවමාරුව තළ සෝමලතා පත්වන අපහසුතාවයක් එහි ව්‍යංගයක් අමුතුවෙන් කිව යුතු නොවේ. නමුදු එම යෝජනාව ඉදිරියේ දනින් නොවැටෙන්නට තරම් සෝමලතා ශක්ති සම්පන්න විය. එතනින් පසු ග‍්‍රාම නිලදාරීට සෝමලතා වහ කදුරු වැනිය. එම අප‍්‍රසාදය ඉස්මතු වන තවත් තැනක් වන්නේ සෝමලතා වැවේ දිය නාන අවස්ථාවයි. එම අප‍්‍රසාදය ඉස්මතු වන තවත් තැනක් වනනේ සෝමලතා වැවේ දිය නාන අවස්ථාවයි. මේ අවස්ථාවේ ග‍්‍රාම නිලදාරීද එතනට එන්නේ දිය නා ගන්නටය. ඈතින් මාලූ බාන ඔරුවකි. ග‍්‍රාමනිලදාරී එනවත් සමගම සෝමලතා රෙදි බාල්දියත් අරගෙන ලෑස්ති වෙමින් සිටී. එවිට ග‍්‍රාමනිලදාරී කෑගහල අර ඈත තබෙන ඔරුවට කියනුයේ 

"අද මේ ගොඬේ මාලූ බාල වැඩක් නැහැ බොල පුලූටු ගදට උන් ඔක්කොම එහා ඉවුරට ගිහිල්ල.එහෙට ගිහිල්ල බාපිය.”

ඇනුම් පදය වටහා ගත් සෝමලතා ඉක්මන් ගමනින් එතනින් පිටතට යති. ඒ අතර ග‍්‍රාමනිලදාරී අසන්නේ  ර්‍ණආහ් සෝමලතෝ නාගෙන වගෙයි  ර්‍ණ. යනුවෙනි. ග‍්‍රාමනිලදාරින්ගෙන් එල්ල වනුයේ උපහාසය කැටි වු ඇමතුමකි. නැහැ එම්බාම් එකක් කරා ඔහෙටත්  ඕනද යනුවෙනි. සෝමලතාගේ ප‍්‍රතිප‍්‍රහාරය එල්ල  වුයේ එලෙසය. 

එලෙස දිය නාගෙන එන අතරමගදී තමාගේ හර්ස් එක අයිනක තියෙන වන ලැහැබක නවතා තිබෙනු සෝමලතා දුටුවේය. එයට කිට්ටු කර බලන විට හර්ස් එකේ පිටුපස කොටසෙහි පියදාසයි එයාගෙ පෙම්වතියයි හරි හරියට වැඩය. මෙම දර්ශනය සෝමලතාව කැළඹුවේය. තාරුණ්‍යයේ හැගීම් කාලය විසින් යටපත් කොට තැබුවද අවස්ථාවක් ලද විට ඒ සියල්ල ඇවිස්සී එන්නේ අළු යට සැගවුණු ගිණි පුපුරක් සේය. ඒ හැගීම් තුළ ඒ දර්ශනය තුළ තිබෙන ප‍්‍රබල බව කතාවේ ඉස්මතු කෙරෙනුයේ එරි අපූරු දර්ශනයකිනි. රාගයේ සිතුවිලි පහස තනිව විදගැනීමට සෝමලතාට ඉඩ ලැබෙනුයේ කොතනද එතැන සුදුසු නුසුදුසු බව තකන්නට ඇය පෙළබෙන්නේ නැත. දහසක් මිනී එම්බාම් කරන්න කලින් අවයව ඡේදනය සිදුකරද්දී වැතිරී සිටි සිමෙන්ති බැම්ම මත වැතිරී ඇය තම සිතුවිලි පහසේ තනිවනුයේ ඒ අනුවය.

මෙහි පියදාස හෙවත් සෝමලතාගේ රියදුරු චරිතය කතාවේ එන ප‍්‍රබල චරිතයකි. ජීවිතයම මලගෙවල්වල සහ මිනී එක්ක ගෙවන චරිතයකි. මරණය මිනිය පෙට්ටිය ඔහුට කොතරම් නම් සාමාන්‍ය දෙයක්ද කිවහොත් ඔහු නි්දහස් වෙලාවටද සැහැල්ලූවෙන් උරුවම් බානුයේ පවා පෙට්ටියක් මත වැතිරී දෙපැත්තෙන් තියෙන පෙට්ටිවලට  කප්පුලමිනි . තවද විටින් විට එකතු කර ගත් සොච්චමක් ඔහුගේ අනෙක් අඩුම කුඩුම ටිකත් ඔහු දා තිබුයේ මිනී පෙට්ටයක් හැඩයට හදාගත් හුරුබුහුටි ලීපෙට්ටි පොඞ්ඩකය. 

සියගණන් මිනී වලවල් කපපු  සිය ගණන් මිනී එම්බාම් කළ පියදාසට මරණයේ කටුකත්වය දැනෙන්නේ තමන් අලූත විවාහ කරගත් තරුණිය තම ආදරණිය බිරිද ගැබිනියක්ව සිටියදී අලියකුගේ ප‍්‍රහාරයකින් අකාලයේ මිය යද්දීය. අනිත් මිනිසුන්ගේ දුක හා අපි බලන විදිහත් ඒ ව්‍යසනයටම අපි බදුන් වෙද්දී අපිට දැනෙන විදිහත් ඒ අවස්ථාව මනාව අපට කියාපාති. තමන්ගෙ කිට්ටුවන්තයෙක්ගෙ චිනිය තමන්ට එම්බාම් කරන්න වීම කෙතරම් නම් කටුකද ? ඒ කටුකත්වය පළමුවතාවට සෝමලතාද මුහුණ දෙනුයේ පිදාසගේ බිරිදගේ මරණයත් සමගය. මරණයෙන්පසු පියදාසට ඇයව සිහි වීමට පාදක කරගත් දේවල් හරිම සුන්දරය. උලූ අස්හෙි ගසා තිබු බීඩි එතිමට ගත් පන් පැදුරත්, හවසට එන තුරු  මග බලා සිටි පාන් බනිස් රැුගත් රථයත් පිදාසට ඇයගේ නිරුවත නැවත සිහිකැදෙව්වේය. තරුණියක් බීඩි ඔතනවා යන කාරනයම ඈ මුහුණපාන ආර්තික දුෂ්කරතාවය පෙන්නුම් කරන සාධකයක් විය. ඒ ආකාරයෙන් දිවි සරි කරගත් ඇය තමන් බීඩි එතුපන් පැදුරේ එකම එක බීඩියක් තම ස්වාමියාට  ඉතිරි කර නික්ම ගිහින් තියෙන ආකාරය හරිම සංවේදනියය.

මිනිස් සමාජයේ තිබෙන වත් පිිළිතේ සේම විශ්වාසයන්ටත් ඇතැම් අවස්ථාවලදී සියුම් ලෙස පහර දීමට අරුණ ජයවර්ධනයන් නොපසු බට වී ඇත්තේ ඒ ඒ කාරණා හරහා අපුරු උපහාසයක් උපත්පාදනය කරමිනි. එක්තරා අවස්ථාවකදී බාගෙට හදාගෙන යන ආදාහනාගාරයට මැල් මුදලාලීගෙ පිරිස කඩා වැදී ඉදිවෙමින් පැවති ගොඩනැගිල්ල බිමට සමතලා කරති. මෙම අවස්ථාවේ අන්ත අසරණ වන සෝමලතා පියදාස සමග දේවාලයට යන්නේ මෙය කරපු උදවියට දොස් ඉල්ලා පොල් ගැසීමටය.

චිත‍්‍රපටය අවසානයේ සෝමලතා මරණයට පත්වද්දී පියදාස ඒ පිළිබදව තම හැගීම් සමුදාය මුදාහරින ආකාරය ඉතාම සංවේදනීය. අවස්ථා ගණනකදී ඇය මංගල දැන්වීම් යැවූ ලිපි වලට ලැබුණු සාර්ථක ලිපි සියල්ල ඇයට නොදී අසාර්ථක ලිපි පමණක්ම ඇයට ලැබෙන්නට සලස්වන්නේ ඇය කෙරෙහි බැදුනු පේ‍්‍රමණිය සිතුවිල්ල නිසාය . නමුදු තම ස්වාමි දුව කෙරෙහි ඇති්වන පේ‍්‍රමය අප‍්‍රකාශිත පේ‍්‍රමයකි. එහෙයින් ඇයගේ මරණයෙන් පසුවද තවත් එම ලියුම් සගවාගෙන සිටීමෙන් ඇති පලක් නැති නිසාම පියදාස තමන්ගෙ දුක කෝපය පිට කරනුයේ එම ලියුම් ගොන්න කෑලි කෑලි වලට ඉරා දමමිනි. සමහර විට ඒ දුක තුළම ඇයට විවාහ ගිවිස ගැනීමට ඉඩ දුන්නේ නම් ඇයට මෙම ඉරණම ඇති් නොවෙන්නට ඉඩ තිබුනා යන වරදකාරී හැගීමත් ඔහු තුළ ගැබ්වී තිබෙන්නට ඇත. 

චිත‍්‍රපටයේ රූප මාරු වීමට සමහර තැන්වල වර්ණවත් සැදැ අහසක්  සමග එක්ව යොදා තිබු උපක‍්‍රම ප‍්‍රශ්නකාරී වුවත් සමස්තයක් ලෙස ගත් කළ අධ්‍යක්ෂවරයාගේ රූප රාමු තෝරා බේරා ගැනීම ප‍්‍රශස්ථ මට්ටමක තිබුණා යැයි කිව හැකිය. චිත‍්‍රපටය පුරාම ගලා යන වියලි කලාපයට ආවේණික දුඹුරට හුරු බවෙන් ආතුර අදුර වර්ණ සහිත රූප රාමුවල සිට අතිශය වර්ණවත් රූප රාමුවකට  ඡේදනය වන්නේ එකම වතාවකදී පමණි. ඒ ඇසට නුහුරු  තරමේ දිදුලන එළියෙන් හෙබි පියසිරි හා මේනකාගේ හදිසි විවාහය වෙනුවෙනි. නුදුරෙහිම ඛේදනීය ඉරණමකට මුහුණපාන නව යුවතිපතීන්ගේ වඩා මගුල සදහා වන ඒ අලෝකය භාවිතය පේ‍්‍රක්ෂකයා ඇසට මෙන්ම බුද්දියටද කරණ ආමන්ත‍්‍රණයකි . මෙම  විවාහය මෙන්්ම චිත‍්‍රපටයේ ඇරඹුමෙහි පටන් කැමරාකරණය චිත‍්‍රපටයේ රමණියත්වයට මනා මෙහෙයක් ඉටු කර ඇතැයි පිළිගැනීමට තුඩු දෙන සාදක රැසක් වේ . සංගීතය චිත‍්‍රපටයත තුළ ලොකු දෙයක් කර තිබුනේ නැත.

සිනමාත්මක පාර්ශවයන් ගත් කළ අධ්‍යක්ෂවරයා අදාල සන්දර්භ මතු කරලීම සදහා අපූරු සංකේත භාවිතයක යෙදී ඇත. නිවාස සැලසුම් ශිල්පියා සහ සෝමලතා හමුවන එක් මොහොතකදී දුම් වැටිය පාගා නිවා දැමීම එවැනි එක් අවස්ථාවකි. එය ප‍්‍රබල අරුත් දනවන්නකි. රාග ගින්නෙන්් දැවෙන සෝමලතා ගත නිවා ගන්නට සැදී පැහැදෙන ආකාරය එකී සංකේත රූප හමුවේ දැනවේ.

මේ ආකාරයට මිනිස් සිත තුළ හටගන්නා අනේකවිද සිතුවිලිවලට අර්ථ සපයමින් අතිශය සංවේදී භාවප‍්‍රකාශනයන් තුළින් මිනිස් ජීවිත වල ඇතුලාන්තය ගවේශනයක යෙදෙමින් නිකිණි වැස්ස නිම විය.



ගීතිකා කෝණාර 
                                                                                   
















                                                                               












ආවර්ජනා